Monday, January 24, 2011

[148] Eමෝටිකන් සිනහවක පිලිසි‍ඳෙන, DiජිටL සිහින ?

එන්න  මදකට
නවතිමුද 
මේ පොළව මත?
ගෙන්දගම් සුවඳට
නැවුම් සුවඳින්  අනුපාන ගෙන,
වහින අලුත් වැස්සට
තෙමී බලමුද මොහොතකට?

බලන්න
මේ හාත්පස,
සංගීතයක් හෝ
මල් හීනයක් නැති
කොන්ක්‍රීට් පොලව මත,
පිපෙන සපත්තු මල් උඩ,
සින්තටික් පින්සලක් ගෙන
සිත්තම් කරමුද
ජීවිතය ?


විඳින්න
නවතිමුද මොහොතක්?
ඉන්ද්‍රජාලික තිරයක,
කො‍ටු අකුරු
සිත්තම් කරන
රවුම් මුහුණ ?
හැඩ බලමුද
මොහොතකට,
Eමෝටිකන් සිනහවක
පිලිසි‍ඳෙන 
Diජිටල් සිහින ?

7 comments:

  1. උඹ දනන්වනේ මන් මොක උනත් ඇත්තම කියලා දානවා කියලා. සිරාවටම මටනම් මේ කවියේ මෙලෝ මගුලක් තේරුනේ නෑ බන් අක්කෙ..... :(

    ReplyDelete
  2. පොඩ්ඩකට එන්නෙ කොමයි දැන් මේ ඔෆිස් එකේ
    ඒත් ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  3. දැන් වැඩි හරියක් ඩිජිටල් සිහිනයි ඉමෝටික් සිනා කඳුළුයි තමා නේද අක්කියා.........

    ReplyDelete
  4. අකුරු ටික නම් නත්තල් ගහක් වගේ හැඩයක්ට ලස්සනට පේනවා...:D

    ReplyDelete
  5. ඉමෝටික් සිනා :)

    ReplyDelete
  6. අනුරාධ අය්යේ........මටත් මෙලෝ හසරක් තේරුනේ නෑ අනේ...පොඩ්ඩක් ඉන්න බලන්න අපේ ගෙදර උන්දැගෙන් අහල බලන්නම්......

    ReplyDelete
  7. ප්‍රතිචාර ලිව හැමෝටම ඉස්තූතියි :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->