Tuesday, January 25, 2011

[149] DNA සහ ආදරය !


ආදරය දැනෙන්න ගත වෙන්නෙ එක මොහොතයිලු. එක මොහොතෙන් දැනෙන ආදරේ ආයුස අඩුයිලු. ආදරේට සීමාවක් නෑලු. ආදරේ බෑඳීමක්ලු. ආදරේට ආදරේ කරන්නලු. ආදරය වෙනුවෙන් අපිට ඕනෙම දෙයක් කල හැකිලු. ආදරේ කියන්නේ අපිව ජීවත් කරන සාධකයලු. 

මේ මොන විශ්ලේෂණේ කලත් මට නම් හිතෙන්නෙ ආදරේ කියන්නෙ හරියට අපෙ ඩී එන් ඒ (DNA) සැකැස්ම වගෙ දෙයක් කියලයි. ලෝකෙ මිනිස්සුන් 1000ක් ඉන්නව නම් දාස් දෙනෙකුට දැනෙන්නෙ 1000 විදියකට. සිතුවිලි බද්ධ ආදරයක්. එකිනෙකාගෙ සිතුවිලි වල කොච්චර සමාන දෙන්නෙක්ගෙ වුනත් පොඩි පොඩි variations තියනව නේද ?


ලස්සන විඳින දකින හැටි , තෘප්තිය හොයන විඳින හැටි , ආදරය වෙනුවෙන් ජීවත් වෙන හැටි, ආදරෙන් බලාපොරොත්තු වෙන දේවල් , ආදරේ අගය කරන්න කරන දේවල් , මේ හැම එකක්ම එකිනෙකාට වෙනස්. එකිනෙකාගෙ හිතේ තියන ආදර චිත්‍රය එක එක වගේ. 

ආදරය පරිත්‍යාගයක්ලු. ඒක නම් ටිකක් ඇත්ත වගේ. 'මම' නැමැත්තාට 'මම' නොවී ආදරයේදි 'අනෙකා' වෙන්නට සිද්ද වෙනවා.  'අනෙකා' වන්නට දක්වන ලැදිකම 'අනෙකා' වන්නට තිබෙන නිහතමානිකම තීරණය වෙන්නෙ නම් අපි එකිනෙකා සමග කොතරම් විස්වාසයකින් ජීවත් වෙනවද යන්න මතයි.

ආදරය සමග අවිස්වාසයට ජීවත් වෙන්න බෑ. වෙනත් බෑඳීම් නිසාවෙන් අවිස්වාස කරන්නා සමග වුවත් එකට ජීවත් වෙන්න හැකියි. හැබැයි ආදරේ සිනිඳු වීදුරුවක් වගේ බිඳුනොත් හදන්න බැරි දෙයක් හැටියට සලකන්න පුලුවන් තරම් 'මම' සහ 'අනෙකා' පරිස්සම් නම්.... ගොඩාක් දුර යා හැකියි.  


මේ කියි යම් බණ කිව්වත් , ආදරේ කියන්නෙ 'ආදරේ'.... 'මගේ ආදරේ' කියන්නේ 'ඔබේ ආදරේ' නෙමෙයි.

හැබැයි.... 'මගේ ආදරෙයි', 'ඔබේ ආදරෙයි' ටිකක් ලාවට හරි එක වගේ නොවුනොත් , අනෙ එතකොට නම් , ඔය කොයි නිර්වචනෙන් වුනත් කියන ආදරේට එකම එක නිර්වචනයයි දෙන්න වෙන්නෙ.  
එහෙම ආදරේකදි නම්...............
ආදරේ කියන්නෙ 'දුකක්'....

5 comments:

  1. ඒකනම් ඇත්ත....
    ආදරේ දුකක්...

    ReplyDelete
  2. ආදරේ කියන්නෙ දෙන දෙයක් ආපහු ලැබෙයි ද දන්නෙ නෑ.
    දෙයක් දිය යුත්තෙ නැවත කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ.

    ReplyDelete
  3. මගේ ආදරේ හා අනෙකාගේ ආදරේ නොවී දෙකම මගේ ආදරේ කරගන්න පුළුවන්නම්.......

    ReplyDelete
  4. මිස් මඟුලක් කතා කරනවා...
    ආදරේ කියන්නෙ දුකක් නෙවි මිස් දුක් ගොඩක්..
    ඒ වුනාට ඒ දුක අතරින්ම අමුතු සතුටකුත් තිබුනම ආදරය හරිම සුන්දරයි කියලා දැනේවි (මේ පේලිය අන්ක් පැත්ත හැරවුවත් තේරුම එතරම් වෙනස් වෙන් නෑ කියලායි හිතෙන්නෙ)
    කරන්න පටන්ගත් කාලෙක විස්තර කරන්නම්කෝ........

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->