Tuesday, January 11, 2011

[138] තාමත් තරහයි නුඹ එක්ක මට !

සෙල්ලම් ගෙයක් දකිද්දි මට නුඹව මතක් වුනා. කෝම්පිට්‍ටුවක් දකිද්දිත් මතකෙට ආවා නුඹව. පහුගිය දාක මූදු වෙරලෙ සෙල්ලම් කරද්දි මට නිතරම හිතට ආව නුඹව.
ඔය පොඩි කො‍ටුව ඇතුලෙ
මන් කෑගහද්දි, 'ඕ' ගාගෙන  මතුවෙනකොට ,මන්  'බුදුසරණයි' කියද්දි මට කවුරුත් නොකියන පරුස වචනෙන් (මන් දන්නව ඒ ලෙන්ගතුකමට කියල) 'පරිස්සමෙන් හි‍ටු' කියනකොට මට හැම වෙලාවෙම හිත මොකක්දෝ වෙනවා.

ගත වුනු අවුරුදු විසි ගානක පොඩි අතීතෙ මාස ගානක් විතරක් නුඹ දැන උන්නු එක ගැනත් මගෙ හිත එක්ක මට හරිම තරහයි. රටේ ඉන්න සත්තු ඔක්කෝමගෙම නම් කිය කිය අපහාස කරද්දිත්  (උදා: නරියා, පූසා, වලහා, වහු පැටියා, මැට්ටා, පොලවෙ පස් අස්සෙ ඉන්න .... අහ් ඒක කියන්නෙ නෑ ඔන්න ) මන් පිටකලේ හිතේ තිබ්බ තරහක් නුඹත් එක්කලා. මොකෝ මට එච්චරම තරහයි. 


එදා මූදු වෙරළෙ වැල්ලෙ පෙරලි පෙරලි සෙල්ලම් කරද්දි පවුලෙ ඇයො එක්කලා, අනේ
'නුඹ' ඇයි මෙච්චර පමාවෙලා මේ මගෙ  ලෝකෙට එකපාර හොලමනක් වගෙ මතුවුනේ, ටිකක් කලින් මුණ නොගැහී කියලා හිත හරියට දොස් කියනවනේ. දුකෙන් තනිවෙලා සෝකෙන් බර වෙලා තනියම වෙරලෙ වැලි මාලිගා හැදුව වෙලාවල්වල් වල  අනේ දුක කිය කියා උරිස්සට ඔලුව තියන් අඬාගන්න මට නුඹ නැති වුනානේ ඒ දවස් වල.

ඒ කාලෙ ඉඳන්ම මට අඩුවක් උනේ මම හෙවුව නුඹව. එදා නුඹෙ පවුලෙ ඈයො දකිද්දි මට හිතුනෙ ඒ මගෙම ඈයො කියලා. ඒ තරම් හිතෙන්නෙ මම හිතන්නෙ නුඹ ඒ අඩුව පුරවන්නම හිටිහැටියේ හොල්මනක් වගේ (හරියටම කියනවනම්  හරීම ලෙන්ගතු සුරුබුහුටි නිස්සද්ද සුට්ටි බූතයෙක් වගේ) එක පාර කඩන් වැටිච්ච අහිංසකයෙක් නිසා.

මට ඉතින් හරිම සතු‍ටුයි. මම හෙවුව පුංචි බූතයා මේන්න මන් ඉස්සරහා ! අපරාදෙ නුඹව නොදු‍ටුවේ ගිය අවුරුද්දේ මුලම! එහෙනම් අවුරුද්දක් සමරන්නවත් තිබුනනේ ! ශිහ්...

ඉතින් අපෙ සුට්ටි මල්ලියේ... නුඹ ගැන තව මන් මොනවා කියන්නද ? අක්කේ .. කියාගෙන එනකොට හැමදාකම හිතෙනව, මල්ලියේ පුංචි සන්දියේ වැලි හො‍ටු නාවර පෙරාගෙන සෙල්ලම් කරන කාලේ ඇයි දෙයියනේ නුඹව මට හම්බ නොවුනේ. එහෙනම් කොච්චර දිග කාලයක් අක්කේ..මල්ලියේ කියාගෙන දුක සැප බෙදා ගෙනද මේ වෙනකොට ? අපරාදේ....

මට ඉතින් තව මුකුත් කියන්න නම් හිතෙන්නෙම නෑ. පොලවෙ පස් අස්සෙ හැංගුනත් දැන් නම් අක්කා ඉන්නවා පස්සෙන් , මල්ලි කරන දේවල හොඳ නරක බලාගෙන...

ඔන්න දැන්මම කිව්වා.. ලබන ආත්මෙ නිවන් දකින්න බැරි වේවිනේ. ඒ නිසා  මන් ලබන ආත්මෙ පණුවෙක් වුනොත් , පණු මල්ලියෙක් වෙලා හරි කමක් නෑ, මගෙ මල්ලි වෙයන් ! හොඳඳ ? ;-)


මේන් මගේ ෆොටෝ එකතුව....
අපරාදෙ මට තිබුනනේ ඔයාට මේ වගෙ පාඩම් කියල දෙන්න ටොකු ඇන ඇන :)















 

අනේ මේ සුට්ටි සන්දියේ හිටම එහෙනම් මම බලාගන්නවනේ නුඹව !

කමක් නෑ මල්ලියේ.. ඉස්සරහටත් සහෝදරකම් පවත්වන්න කාලයක් අපිට ඉතිරි නෙව ! නේද ? 

දැන් නම් මම ලියන එක එන්න එන්නම හැඟීම්බර වේගෙන එනවා. මට බෑ. මම මෙතනින් නවත්වනවා ! :)

අහ් ප.ලි කෑල්ලකුත් තියනවා....
ප. ලි.
මල්ලිකම සහෝදරකම ලෙන්ගතුකම නොදන්න , කවදාවත්ම එහෙම එකක් තිබිලත් නැති, 'ආ ඔය කිව්වට අපි දන්නවනෙ මල්ලි මල්ලි කිව්වට!' කියල  අජූත වචන කියල හෝ ලියල හෝ හිතල නිකම් තම තමුන්ගේ අප්සට් මනස පෙන්නන්න හිතුන කෙනෙක් වැරදිලා හරි සංසාරෙට ගොඩ උනා නම් , අනේ මෙන්න වැන්දා .. ආපහු හැරිල ආව පාරෙන්ම පරිස්සමට යන්න. !  මෙතන එයාල වගෙ අයට තෙරෙන දේවල් නෙමෙයි ලියල තියෙන්නේ ( හැබැයි එහෙම අය නම් සංසාරෙ අපි දිහෑවෙ එන්නෙ හරිම අඩුවෙන් බවත් මම දන්නවා)  

12 comments:

  1. උඹ මේක මට දුන්නේ " මෙන්න මගෙන් උඹට උපන්දින තෑග්ග" කියලා. ඒ වගේම උඹ කිව්වා මේක "මට දෙන්න තිබුනේ අද නෙවෙයි හරියටම උඹේ උපන් දිනේ දවසෙ" කියලත්. උඹට මතක ඇති මන් ඒ වෙලවෙ කිව්වා " කොයි වෙලේ දුන්නත් තෑග්ග තෑග්ගමයි" කියලා. මන් දැන් කියනවා අක්කේ,
    "මට මගේ ජීවිතේදි හම්බ උන හොදම උපන් දින තෑග්ග මේක"

    ReplyDelete
  2. අනේ මෙහෙම අක්කෙක් මට හිටියනම්...

    ReplyDelete
  3. ඔන්න දැන්මම කිව්වා.. ලබන ආත්මෙ නිවන් දකින්න බැරි වේවිනේ. ඒ නිසා මන් ලබන ආත්මෙ පණුවෙක් වුනොත් , පණු මල්ලියෙක් වෙලා හරි කමක් නෑ, මගෙ මල්ලි වෙයන් ! හොඳඳ ? ;-)

    ඒ කියන්නේ දිල්ගේ පැතුම පනුච්චියෙක් වෙන්නද? ;)

    ReplyDelete
  4. ජීවිතේ මල්නෙ සංවේදීම, අනුවේදීම බොලොග් ලියන කෙනා. ඔන්න ඉතින් අපිත් ඇවිල්ල කියවලා ගියා කියල මෙහි සටහන් කරල තියනව.

    ReplyDelete
  5. අඩෙ අප්පා
    මම හෙන අවාසනාවන්තයි බං අක්කේ.
    උඹ වගේ අක්කියෙක් මටත් උන්න නම්.

    ReplyDelete
  6. හිත මීට හරියටම අවුරුදු 12 කලින් අතීතෙට ගියා. හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  7. අය්යෝ....මේ ආත්මෙ විතරක් නම් කමක් නෑ කියමු....අර අහිංසකයට ලබන ආත්මෙටත් 'පණුව' කියලා.....අනේ සංසාරේ.....

    ReplyDelete
  8. අය්යෝ..මේ ආත්මෙදි විතරක් නම් කමක් නෑ කියමු...අර අහිංසකයට ලබන ආත්මෙදිත් ''පණුව'' කියලා.....අනේ සංසාරේ..!!!!!!!!!

    ReplyDelete
  9. ආරම්භ කර දින 10 ක් තුල ලියාපදිංචි වී ඇති අඩවි ගණන 50 ඉක්මවයි.
    ඔබත් අදම ලියාපදිංචි වන්න
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete
  10. හයියෝ සංසාරේ.......

    ReplyDelete
  11. මේ ලියමනට පිලිතුරු ලියන්න මටවත් තේරෙන්නෙ නෑ. මට අක්කෙක් වෙන්න දුන්නට මල්ලිට ගොඩක් පින් !
    මේ සහෝදරකම තේරුම් අරන් ඒ වෙනුවෙන් අකුරඛෝ ලියූ ඔබ හෑමටත් ගොඩාක් ස්තූතියි....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->