Friday, January 21, 2011

[146] ගඟ අද්දර !


ගඟ අද්දර මා 
සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය 
අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා 
මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් 
කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි 
ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා 
ගිනිසිළු සේමා

මල්සර දුනුවර 
ළමැද හොවාලා 
ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද 
ලේ බැඳි රන්දම්
 
ඔබ හා ආයේ ආයේ පෑහී 
තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා 
අප සැළෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පවන් අතරේ
මන පුෂ්පිත මුදු 
සුපුල් සිනා විසිරේ
මාහද රහසේ 
බෑඳුනා පහසේ

ගඟ දිය රෑලි ඔබ 
නාඬන් කිසි දවසේ
ගඟ දිය රෑලි මෑද 
උණුසුම් සුවගෑවසේ
ඔබ රුව ඡායා
සැඟවේ පායා

මල්සර දුනුවර 
ළමැද හොවාලා 
ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද 
ලේ බැඳි රන්දම්
 
ඔබ හා ආයේ ආයේ පෑහී 
තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා 
අප සැළෙන හදින් දුටුවා

ඔබ රුව ඡායා
සැඟවේ පායා//


~'~

ආදරෙත් මහම මහ පුදුමාකාර දෙයක්නේ. කොච්චර ලිව්වත් ඇති වෙන්නෙ නැහැනෙ කාටවත්ම. ඇයි ඒ ? අනේ මන්දා .
ගඟ අද්දර චිත්‍රපටය මන් මුලින්ම බලද්දි ඒ දැනුන ආදරනීය හැඟීම මට මේ ලයාන්විත ගීය අහන හැමවිටකම මතක් වෙනවා. මේ ගීයට දෙබසක් ලියන්නත් බැරි තරම් මේ ගීයේම සම්පූර්න දෙබසම ලියා තිබෙනවා. 


ආදරය , සෙනෙහස කෙතරම් ලයාන්විත හැඟීමක්දැයි මොනවට පල කෙරෙන මේ ගීය දවස පුරා නොකඩවා අහන්න හෑකියි. එතරම් ලස්සන තාලයක් හිමියි.


අනේ මන්දා. ජීවිතේ මල් ටිකක් හරයක් නෑති ලිපි ලියාගෙන යනව වගේද මන්දා.... 


ටික කාලෙයක් ඔහෙ ගියාවෙකො මේ පිස්සු කාලේ. නේද? ඉතින් මගෙ දයාබර යාලුවනේ ... ඔයාල ඒකට මට සමාව දෙනව නේද ?

ගීය අහමුද?

8 comments:

  1. මේ වගේ ගීත දැන් අසන්නට නොලැබීම දුකක්.. හිරේ යාම සැපක්..

    ReplyDelete
  2. මම ආස සිංදුවක්...... :D

    ReplyDelete
  3. දැනුම් තේරැම් තියෙන කාලෙ ඉඳලම අහන ඒ වගෙම කොතරම් ඇහුවත් එපා නොවෙන හරිම ලස්සන සින්දුවක්. :)

    ReplyDelete
  4. හැබැයි මමනම් මේ ලිපියෙන් ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා අක්කේ... මොකද මන් ආවේ සිංදුව කියවලා යන්න නෙවෙයි. ඔයාගෙ විචාරය කියවන්න.... :D

    ReplyDelete
  5. මේ මං අලුත් ඈ.....
    ගීතය මාරයි...ඒක බොහෝ අය දන්න දෙයක්. සිරිස මේ ලගදි ඔය සින්දුව ආයෙ පණ ගහල ගත්ත. ඒ නිසාම වගේ මේ දින වල සමාජ ගන වෙලා ගජරාමෙට. රිදිරැයක් වගේ සිනමා සැනකෙලි වල නැතුවම බැරි වෙච්ච ගීතයක්.
    මේක ඇහෙනකොටම මේකට ලග නෑකම් කියන තව එකක් මතකෙට එනව.ඒ තමයි..
    නීලා ආන්ටිගෙ රන්ටිකිරි සිනා... ගීතය. මේ ගිත යුගල අපේ සිත්වල ඇති කරන්නෙ අමුතුම සාන්ත සුනදරත්වයක්...
    මොන‍නා වුනත් සිර‍ස ඉදහ හිටල මාර අත්හදා බැලීම් කරනව සමාජයම හීනියට ආවිලෙන විදිහට....

    ReplyDelete
  6. film eka hoyaganna nadda muchn..........mama oya film eka balala na.....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->