Wednesday, January 19, 2011

[143] තිත !

මගේ හිත
තිතක් කොට
ගුලි කලා එහි
ආලය මම !
ම'සිත් තිත
රවුමකින්
වට කොට
සිර කලා මාව
නුඹ ඒත්
රවුමෙන් එපිට!

4 comments:

  1. ආදරේ කම්ප්‍රෙස් කරාද ? වෙලාවකට ඒක එහෙම හිර කරල ගුලි කරල තියෙන එක හොඳයි කියල හිතෙනවා

    ReplyDelete
  2. නුඹේ සිත
    රවුමකට කැටි කොට
    ලස්සන කළා මම
    ආලයෙන් වට කොට

    සියළු වැඩ නිමකොට
    හැඩ බැලිමි ඈත්ව හිද
    දැන ගතිමි පසුව මම
    මගේ හිත රවුමෙන් එපිට බව........

    ReplyDelete
  3. රවුමෙන් එපිට වූ ලෝකය
    රවුම තුල වූ ලෝකයට වඩා
    විශාල නොවෙද?

    රවුමෙන් එපිට සිර කළේ
    රවුම තුල සිරකාරියක බවට
    පත් කිරීමට අකැමති නිසා
    විය නොහැකිද?

    ReplyDelete
  4. තිතක් විශ්වය්ක් වෙන්නට ඒතරම් කාලයක් යන්නේ නැ ලු. බිග් බැන් තියරිය කියන්නේ ඒකටලු. බලාගෙන නගෝ , කොයිවෙලාවේ පිපිරෙයිද දන්නේ නැ

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->