Monday, January 17, 2011

[140] හිතන්න එපා ඔච්චර !


~'~
ලොවම එපා වී ලොවම කලකීරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැල්හින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වු හද සිහිලැල් වේ

ලබා නොමිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියකසේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුලුගැන්වුනු සිත උණුසුම් වේ
~'~

"ඇයි මට මෙහෙම වුනේ?, මම මොන වරදක් කාට කලාටද?" 
"ඔහොම හිතන්න එපා. ඔයාට හරි යාවි"
"මගෙ කොතනද වැරදෙන්නේ. ඇයි මටම වෙන්නේ?" 
"හ්ම්ම්... හිතන්න එපා ඔච්චර. ඔයාට හරි යාවි"
"හ්ම්ම්... මන් බලා හිටියා ... කාලයක්... ඒත්.... මන් දැන් එහෙම හිතන්නෙ නෑ"
"හිතන්න එපා ඔච්චර"
~~

ලෝකය කුරිරුයි කිව්වට පොඩ්ඩක් නම් නෙමෙයි. හැමදේම වපරැහින්. වැරදි හඬින්. එවන් ලෝකෙක නුඹ කොහෙන් පහළ වූවාද ? මට හිතා ගන්නවත් බෑ. එක් වදනකින් මා සුවපත් කරන්නට නුඹ ඉගෙන ගත්තේ කොහෙන්ද?

ලොවට නොපෙනෙන්නට වැලපෙන හදවතේ කොනෙක විනිවිදෙන වේදනාව දුටු නුඹ අසල සිටින මගේ හදවත සිහිල සොයන්නේ නුඹ ඇසුරෙන්. මා කෙසේ මේ ණය ගෙවන්නද ?  


ජීවත් වෙන්නට බිය වූ, ලෝකයෙන් නින්දා විඳි මා සුවපත් කල නුඹ ගැන කොතරම් කවි ලීවත් මට මදි වේවි ! 
~~
අතීතයත් ,කෘතගුණයත්, මතකයත් ... අද මා අත ඉතිරිව ඇත... පලා ගියේ මා රඳවා තබා හුන් 'මා' ය. 

ගීය අහන්න මෙතනින්

ප. ලි... අහෝ දෙවියනේ ... වැරදී වැටහීම් විසික්කා කල මැන.. මේ අතීතය වේ... 

6 comments:

  1. මගේ ප්‍රියතම ගීතයක්....ඒ වගේමයි අත්දැකීමෙන්ම මේ දවස් කීපෙට ඒදේ වින්දා....හේතුවනම් දන්නේ නෑ...

    කියන්න වචන නෑ....නියමයි....ඕනි වෙලාවට ඕනිම දේ දුන්නට බොහොම පිං....

    ReplyDelete
  2. "ලොවම එපා වී ලොවම කලකීරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ"

    මේ කතාවට අනුව එහෙම කෙනෙක් ඔයාට ඉන්නවා.
    තව ඉතිං වෙන මොනවද අප්පේ.
    ඔය මදෑ!!

    ReplyDelete
  3. කාලයක් පට්ට ගහපු ගීතයක්. ලොවම එපා වී ලොවම කලකිරී... එහෙම කලක් තිබ්බ නොවැ පිස්සටත්. හ්ම්ම් ඒත් දැන්... ඒ වදන් හිතට මහ වදයක් වෙලා... අනේ මන්ද

    ReplyDelete
  4. මේ ලොකේ පය තියන තියන තැන ගල් කැට පෑගෙනවා. ඒත් මැණික් හොයන්න පොලව හාරන්න ඕනෙ.

    ReplyDelete
  5. හසියෝ.... අහ් නිසි වෙලාවට අපි ෆාමසියක් වගෙ නිසි බේත් දෙමු :)

    අනෙ දුකා අයියන්ඩියේ... පිස්සුද අප්පච්චියේ.... මේ අතීතට නොවැ... :)

    පිස්සෝ... අනෙ පතනවා ආයෙ මේ වගෙ බූට් සින්දු අහන්න නොවේවා කියා... ජය!

    අනුරාධ මල්ලියෝ.. ඇත්ත. ඒත් හාරගෙන යන්න නම් හිතෙන්නෙම නෑ. වෑස්සක් දෙකක් වෑටෙද්දි මැණික් ඉබේම මතු වේවිනෙ :)

    ReplyDelete
  6. සදා අමරණිය ගීයක්. ..ස්තුතියි මතක් කලාට.

    Chamila

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->