Tuesday, January 11, 2011

[137] හිතේ අමාරුවට ලියපු කතාවක්!

සංසාරෙට ගොඩ වෙන්න ඉතුරු වෙන වෙලාව එන්න එන්නම අඩු වෙනවා. ඒත් සංසාරේ, කොහොමද නොලියා ඉන්නේ. 

සංසාරේට ගොඩ වෙවී ලියන්න ටිකක් වෙලාව හිඟ වුනාට ජීවිතේ මල්ගෙ ජීවිතේ මල් විසිරි විසිරී දෙල් වේගෙන යනහැටි නම් පේනකොට ඉතින් මොකුත් නොලියත් බෑ වගේ හිතෙනවා.  


ඉස්කෝලෙන් ආව ඇත්ත කතා ලියන්න හිතෙන්නෙ නැති තරම ඉස්කෝලෙ ඇත්ත තිත්ත වේගෙන එනවා. ඒ තමයි මිනිහෙක් දෙයක් පටන් ගත්තම , මිනිහෙක් අලුතෙන් දෙයක් කලාම එන බාහිර බලවේග. ඒ බලවේග වලට මී පැටියෙක් බුල්ඩෝසරයක් ඉස්සරහ හිටගෙන 'හෝව් හෝව්!' කියනවා වගේ ජීවිතේ මල් , මල් නොපිපුන ඒත් ගඳ නොගහන ජීවිතේ සුවඳ රැකගන්න වලිකනවා. 

ලස්සන ඇඳුම් ඇඳලා ලස්සන පෙනුමට එන පොශ් පුංචි එවුන් නම් අනේ වාසනාවන් මටකයි කතන්දර කියන්නෙ නෑ,උන්ගෙ ලෝකෙ හරිම ලස්සනයි සහ අහිංසකයි. ඒත් ලෝකෙ ඉතුරු හරිය නම් එච්චර ලස්සන සහ සුන්දර නෑ. කොටින්ම මේ පොඩි ඈමරිකාවට ගොඩ බහින්හෙවත් අහසින් වැටුන, ලංකාවෙ කොස් දෙල් දැකල නැති, ලංකාවෙ පස් උඩ කවදාවත් අඩිය තියල නෑ වගෙ හෑදුන වෑඩුන සහ හෑසිරෙන වැඩිහිටි ප්‍රජාව නම් ජීවිතේ මල් දිහා දැන් බලන්නෙම ඈස් දෙකම වපර කරගෙන.  


මේක සිරි ලංකාවනෙ. ලංකාවෙ ගොඩ දෙනෙක්ට ගොඩාක් දුක හිතෙන කාරණාවක් තමයි අනිකා මට වඩා අඩියක් හෝ උඩට නගීවි කියන භීතිකාව. අනිකා මට සමාන මට්ටමේ කෙනෙක්නම් අනිකා ඊට වඩා එක සෙන්ටිමීටරයක්වතුඩින් ඉන්නවට කැමැත්තක් නෑ. ඈයි බෙල්ල රිදෙනවනෙ උඩ බලනකොට ! 

ලෝකෙ හරිම කුරිරුයි , දරුණුයි , තුච්ඡයි කියල කියන්න මට බෑ. මිනිස්සු අතරෙ නොමිනිස්සු එකෙක් දෙකෙක් ඉන්නවා. පෙනුමෙන් හරීම සුවිනීත සුන්දර සහ ස්වීට්. ඒත් ඇතුලාන්තයේ තියෙන්නෙ අසූචි තරම් ගඳ ගසන දේවල්.

හැබැයි මන් පොඩි දෙයක් ඔයාලගෙන් අහන්න කැමතියි. මේ මම මගෙ ආගමටම අභියෝග කරනව නෙමෙයි. ඒත් අපි හරි නම් අපිට කවුරු මොන හතුරු කමක් කලාම මොකද කියන තියරිය හරිද? කවද හරි වරද කල අයට ඒක ලෑබේවි , අපි නිවැරදි නම් අපිට කවදාවත් වරදින්නෙ නෑ කියන තියරිය හරිද? අපිට කවද හරි ගොඩ යන්න පුලුවනි කියන එක හරිද? ඒ වෙන කොට අපේ හොඳ කාලේ, හයි හත්තිය තියන ජීවිතේ හෙම්බත් වෙලා දිය වෙලා ගිහින් නොතියේවිද? එහෙම නොවේවිද? ලෝකයේ සියලු වැරදි කරන මිනිසුන් ලස්සනට හොඳට වැජඹෙද්දි , අවංක සහ නිවැරදි මිනිහා හැමදාම තමුන්ගේ අහිංසකකම සහ නීතිගරුක බව දුර්වල කමක් හැටියට සලකන ලෝකයෙන් පීඩා විඳිමින් ජීවිතයෙන් හෙම්බත් වෙලා මැරිලා යාවි.

කුඩු මුදලාලිලාගේ මැසිම්වලින් මහන ඇඟලුම් නිරායාසයෙන් ගිනි ගණන් දිදී තලු මර මර අඳින අපිටම මේව හොඳ පාඩම්! 


අපි වැරදි කලේ නැ කියල ලෝකෙ අපිට කාරුණික වෙන්නෙ නෑ. අපෙ නීතිගරුකබව , නිවැරදිකම හැමෝගෙම අවස්ථාවදීබවට යටයි. ඒක නම් එහෙමම තමයි. පාත තැනින් තමයි වතුර ගලන්නේ.

හැමදාම දිනන්නේ කපටියා. ඒත් ඒ හැම අවස්ථාවකම අහින්සක නිවරද මිනිහා පරදින්නේ නෑ. පරදින්නේ කපටි බහට රූකඩයක් වෙන අවස්ථාවාදියා විතරයි. 

6 comments:

  1. මට දැං මේ "සංසාරේ.." කියන වචනේ කියවෙනකොටම නගාව සිහියට එනවා... වාක්‍යයක මුලට "සංසාරේ ..." කියලා යොදන්නේ එහෙමත් කෙනෙක්නේ... :-)

    මක් කරන්නද නගේ... අපි කාටත් ඉතින් ඔහොම තත්ව වලට මුහුණ දෙන්න වෙනවා, මූණ දීලා තියනවා කියන කියමනෙන් ඔයාගේ හිත හැදෙන එකක් නෑ තමා... නමුත් කාලෙත් එක්ක ටිකක් පදම් වෙනවා ඕවාගේ දේවලට දිගින් දිගටම මූණ දීලා ගියහම... ඒ වාගේම ඒ වෙලාවට තමන්ගේ හිත හදන්න, ධෛර්‍යය දෙන්න,යාලුවෝ ඉන්නවානම් නගා තවත් වාසනාවන්තයි...

    මඝ මානවකයාගේ කථාව දන්නවානේද...? කොච්චර කරලත්, අන්තිමට ඇත්තු දාලා පාගවන්නත් ගියානෙව... හිත හයිය කරගමු මූණ දීලාම...! පාර හදාගෙන ගමන යනවට වඩා හොඳ ෂොක්-ඇබ්සෝබර් දෙකක් දාගැනීම තමා පුද්ගලිකව කරන්න තියෙන්නේ...

    ReplyDelete
  2. හැම දේම ඉන්නකන්නෙ.අපිත් ඔන්න ඔහෙ අනිත් අය වාගෙ ඉමු.ඕනැවට වැඩිය සංවේදී වෙන්නෙ නැතුව.

    ReplyDelete
  3. මට කියන්න තියෙන්නෙ මන් ඔයාට අර වෙලාවෙ කිව්ව දේමයි.... වැදෙන්නම ලියලා තියෙනවා. නමුත් අන්තර්ගතය නිසා දුක හිතෙනවා...

    ReplyDelete
  4. ඔබ පූලාන් දේවිගේ ජීවිත කතාව කියවා ඇතිදරැු

    ReplyDelete
  5. අනේ සංසාරේ..
    මිස්..
    තිත්තයාටත් වාරයක් එනවා නියතයි ලු නෙ..
    ඒ වාරෙ එන්නෙ ඉක්මනටද පරක්කු වෙලාද කියන එක නම් දන්නෙ නෑ..
    ඒත් ඒ හැම / ඕනෑම මොහොතක අපි මිස් එක්කයි.....

    මිස් කරන කියන දේ හරි බව මිස්ට විශ්වාස නම් ඒ ඇති..
    අනික් අය මොනවා කීවත් / කරත් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියනවානෙ නේද මිස්..

    ReplyDelete
  6. තිස්ස අයියා...
    ඔව් අයියේ .. ජීවිතේ ටිකක් ක‍ටුකයි මේ දවස් වල නම්.... නැ අයියෙ මගෙ හිත හයියයි. මට ඉන්න හයියත් ඔයාල ඔක්කොලාම තමයි. ගොඩාක් පින් !

    දිනේශ්
    ඔව් ඔව්... ඉවසන් ඉන්නවා ජීවිතේ...

    අනුරාධ මල්ලි
    හ්ම්ම්.... දන්නවනෙ ඉතින්...

    දයාල් බතී
    නෑ. ඒත් කියවන්න හිතෙනවා...

    රොශාන්
    ඔව් ඔව්.. මන් ඉවසන් ඉන්නවා....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->