Friday, December 10, 2010

[129] නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා


මේ දවස් වල කොලඹ උහුලන්න අමාරු හීතලක් අල්ලලා තිබුනේ හරියට කොලඹ නෙමෙයි වගේ. උදේ පාන්දර ගෑහි ගෑහී සීතලේ ඈඟ පත හෝදගෙන ඉස්කෝලෙ යනවා හරියට මීට අවුරුදු ගානකට කලින් කම්මෑලිකමේ නුවර හීතලේ කට කට ගාමින් ගෑහි ගෑහි අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියා වගේ.... මේ ගීය මගෙ මතකේ පතුලෙම වගේ හැංගිල තිබුන, ගීයක් තිබෙනව බව මතක තිබුනත් එහි අරුමය නොවෑටහී නිරපරාදේ මතකේ පාවි පාවි උන්න, හරිම ලස්සන ගීයක්. පද වැල මතක් කලේ මගෙ යාලුවෙක්. ඈ මන් හිතන්නෙ මෙහි ඈගෙ නම කියනවට කෑමති වේවිද මන්දා... (සඳුදට අහන්න ඕනේ :) ) හෙ හෙ.. ඔන්න අහන්නකෝ...

~'~
පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...

වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
~'~


සෑවුලන් හඬලන සීතල හිමිදිරි උදේ හිරිගෑට නොකඩා පොරෝනෙටම ගුලිවෙලා නිදන කොලුවෙක්. යාබද කුස්සියේ හනි හනික පුතුට අම්මා පාසල් ගෙනියන්න බත සරි කරනවා කඩිමුඩියේ. රේල්ලුවෙ වෙලා කණිසම හිතේ රඳවගෙන ලා දම් පාට හිමිදිරිය දවස උදා වෙන අයුරු බලන් ඉන්න තාත්තා තව තව සෑපට ගුලිවෙන පුතු දිහා බලන් මෙහෙම හිතනවා මට මෑවිල පෙනෙනවා.
අකුරට පමා උනොත් , වේවැල් කසායෙන් රිදෙන්නේ පුතුටමයි. පුතු වෙනුවෙන් දුක් ගන්නා අම්මත් හඬාවි පුතු අඳුරට වෑටුනොතින්. දුක දිනා ජීවිතය ජය ගන්නට විරිය කල යුතුමයි. අද කලුවර උනත්, සිල්ප සොඳින් උගන්නා පුතුනේ නුඹේ හෙට එච්චර කලුවර නෑ. ඔය කඩමලු, හීතල , බඩගින්න පිරුනු අතීතය දිහා ආපහු හැරිල බලාගෙන එදාට නුඹ සතුටින් හිනහ වේවි වර්තමානයත් එක්ක.
එදාට පුතු සක්විති කිරුළු පලඳිද්දී වැඩියෙන්ම සතුටු වෙන්නෙත් ඔය දුක් ගන්නා අම්මාමයි.  මානව දයාව , දරුවන්ගේ අනාගතය , බලාපොරොත්තු , හීන සහ දාරක සෙනෙහස නැලවිල්ලේ කැලැත්තෙන අපූරු ගීයක් ... ගීතය සිහිපත් කල මගේ යාලුවාට ස්තූතියි :)
ගීය අහමුද මෙතනින්....
ප.ලි.
හැමදාමත් වගේ මට අදත් අහන්න හිතෙනවා .. 'ඇයි දෙවියනේ මේ වගේ සොඳුරු පද වැල් දැන් නොලියවෙන්නේ ???? '

13 comments:

  1. මෙයා මාර ගීත විචාරකයෙක් වෙලානෙ.. ඉස්සර ඔය සිංදුව යද්දි තව සිංදුවක් යනවා සුනිල් එදිරිසිංහයන්ගෙ.... මතකද?

    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ...
    කෝච්චියේ හිර ගෙයි ලැග ඉන්නේ.....

    ඒකත් මේ වගේම ලස්සනයි නේද?

    ReplyDelete
  2. ම්... මාත් ආසම සිංදුවක්...

    ReplyDelete
  3. කවදාවත් අමතක නොවන ගීතයක්. බොහොම ස්තුතිය් නැවත එලියට අරගෙන කතාබහක් නිර්මාණය කිරීමට.
    අළුතින් මේවගේ ගීත ලියැවෙන්නෙ නැත්තෙ ඇයි කියලත් ඇහුවනෙ.....
    ලියල මොකටද, අර FM චැනල් වලින් ප්‍රචාරය කරනව කියලයැ. තව හේතුවක්, අපේ අයට දැන් මේව වගේ ඒව ලියන්න ලැජ්ජ ඇති, ඇයි ඉතින් බටහිර පන්නෙට නැහැනෙ..... :)

    ReplyDelete
  4. "එදාට පුතු සක්විති කිරුළු පලඳිද්දී"

    බුදු හම්මියෝ.... බයෙත් බැ අෆ්ෆා.... කොලුවාට අබසරනන් තමා ඕක මේ කාලෙ ලියවුනානම් හික් හික් හික් ( සූටී වීලුවක් ;)

    ඇත්තටම ලස්සන ගීතයක් අක්කා හරි ලස්සනට විස්තර කොරල තියෙනවා :) මරු ඇ.. බ්ලොග් එකක දැම්මෙ නැත්තම් අපි තේරුම් එක්ක සිංදු අහයිමයි හි හී.. :)

    තැන්කූ..............

    ReplyDelete
  5. Sihina EkathukarannekDecember 10, 2010 at 8:52 PM

    බොහොම අපුරු ගීතයක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  6. අන්තිමට අහලා තියෙන ප්‍රශ්නෙ මටත් කාලෙක ඉදලා තියෙන ප්‍රශ්නයක්.... ඒත් තාමත් උත්ත‍රයක් හම්බ උනේ නෑ....

    ReplyDelete
  7. ලස්සන බ්ලොග් එකක් සහ ලස්සන ගීතයක් :)

    ReplyDelete
  8. මටත් කියන්න තියෙන්නේ ඇයි දැන් මේ වගේ සිංදු ලියවෙන්නේ නැත්තේ කියල..
    අපේ අවාසනාව..

    ReplyDelete
  9. දවසෙම පරිගණකයත් එක්ක හිර වෙලා ඉන්න මට හිතට දැනෙන්න කියවන්න පුළුවන් වෙච්ච ලිපියක්. සුබ පැතුම් මගෙන්.

    ReplyDelete
  10. හදිස්සියෙන් ආවෙ ගොඩක් කැමති සිංදුවක් දැනුයි එන්න හම්බ උනෙ.. කියෙව්වා. මෙක මම ගොඩක් අහන සිංදුවක්.. හැමදාම උදෙ පාන්දර නැගිටිද්දි මගෙ මැශින් එකෙ ප්ලෙ වන සිංදු කිපයක් තියනවා

    පිණිබර යාමෙ..
    අන්දරයායෙ..
    ගමට කලින් හිරු..
    පැණමඩි කඩිති වැව්තාවුල්ල..

    හරිම ලස්සන සින්දු.
    ඇයි දැන් ලිය නොවෙන්නෙ කියලා අහන්න එපා. ඇයි මෙවා ලියවුණෙ කියලා කල්පනා කරමු.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. අදයි ඔබගේ ගෙදරට ගොඩ වුනේ ....ඉතාම ලස්සනයි. අගනා ගීයක් ..මේ ගිය අසනා හැම විටම මට මගේ මව සිහිවෙනවා...අද මේ වැනි ගී නොලියවෙන්නේ ඇයි...
    ලෝකය දුවන වේගයට කලාවත් හයියෙන් දුවනවා ...සමහර විට අද ලියවෙන ගී අද පරපුරට ලස්සන ඇති...අපි මේ ගී අදත් රස විඳින්නේ මේවා අපේ අත්දැකීම් නිසා...අලුත් දඩි බිඩි වර්ගයේ ගීත රස විඳින්න තරමට පරිණාමය වෙන්න බැරි වුන අසරණයෙක් මම...තවමත් ලංකාවට ගියහම උස්සන් එන්නේ පරණ තැටිම තමයි. ඔය යුගයේ කලාකරුවෝ හුඟක් තාම ඉන්නවා .. එත් ඒ අය අතින් වත් හොඳ නිර්මාණ බිහිවෙනවද ?
    සුනිල් අරියරත්නත් නන්දා මාලිනිත් කාලෙකදී ආවේගශීලි ගීත විශාල ගණනක් බිහිකළා. ඒ කාලේදී හරිම උද්යෝගයෙන් අහන හිටියට ඒ එකක් වත් මට නම් අද කිසිම ලස්සනක් නෑ. එත් ඔවුන් අතීතයේදී බිහිකල ගීතයන් සදා අමරණීයයි නේද?
    සුනිල් එදිරිසින්හයනුත් මැතදී මතක හිටින ගීයක් ගැයූ බවක් මට මතක නෑ...මේ f m සංස්කෘතියත් එක්ක හරඹ කරන්න කාටද පුළුවන් ..
    අපි ඔය පරණ සින්දු ටික වත් අහමු....

    ..චමිලා..

    ReplyDelete
  13. මේ පෝස්ටුවට කමෙන්ටු ලියා ලස්සන අදහස් බෙදා හදා ගත් ඔයාල හෑමෝටම ස්තූතියි,,,,

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->