Friday, December 03, 2010

[126] නිකනුත් රිදිච්ච හිතක් ....


ගල් ක‍ටුවක් සොයා
ගැඹුරෙහිම
කිමිදෙමින්
නිදන් නැති පතුලක්
කැණ බලමි...

එහි ඇත්තේ
කඳුලු දැයි
අසන්නට හේතුවක්
කුමට දැන්,
නොකිවමනාය
කඳුලු නම් තමාය !

අහේතුකවම
එහි පිරී ගත්
කඳුලු දැක
යලි නොගැඹුරට
කිමිදෙමි

හාත්පස එලිය
පුපුරු ගසන සඳ
සන්තානය තුල..
ඇස් දෙකම
පියාගෙන
ගැඹුරේ අඳුරට
පෙම් බඳිමි....

නිකනුත් රිදිච්ච
මගෙ හිත
විහින්ම
පාරවා ගෙන
අඳුරේ
හැඩයක් අඳිමි..


13 comments:

  1. ගල් කටුවෙන් කැණ බලන විට
    ලොවෙන් ඈත් වූ බවක් දැනෙනා විට
    කදුලු උනා එත්දී
    තාවකාලිකව සතුටක් මුසු දුකක් නොදැනේද?
    නමුත්
    මොහොතක් ගතවු විට
    තමන් සිටිනුයේ
    පටන් ගත් තැනටත් වඩා පහළින් බව
    නොදැනේද?
    නමුදු
    එයින්
    ලෝකයට මුහුණ දිමට
    සවිය ලැබෙන වග
    සිතිය නොහැකිද?

    ReplyDelete
  2. මේවට කියන්නෙ නංගියෝ සිංහ නාද බලු කෙදිරිලි කියලා

    තමන්ගෙ හිත කොච්චර හයියයි කියලා හිතාගෙන ටෝක් දෙන මිනිස්සු නිකනුත් අඩන සයිස්.... මේ ටෝක් දෙන මමත් එහෙමයි වෙලාවකට....

    ReplyDelete
  3. හෑ... මේ අර කවිය නේද? තව කෑලි එකතු ක‍රලා තියෙනවා අලුතෙන්....

    ReplyDelete
  4. ***නිකනුත් රිදිච්ච
    මගෙ හිත
    විහින්ම
    පාරවා ගෙන***
    ඒ කොටස හරි අගෙයි.... :)

    ReplyDelete
  5. අනේ... මටම ලියපු එකක් වගේ.. මං වගේම මෑන්ටල් පොරක් ගෑන වෙන්ටෑ ලියන්න ඈත්තේ..

    ලස්සනයි දිල්ශරා..

    -සරසි ජයසේකර-

    ReplyDelete
  6. නිධන් කරගත් මතක
    කනින්නට යළි එකින් එක
    පෙර මං බලන දෑතට
    ගල් කටුවක්ව මා යළි ඉපිද එමි...

    කඳුලු බිදු එහි රැදුනු
    රිදවයිද නුඹ සිතක්
    විදිනු දැක ඒ තවත්
    සැනෙසෙයිද මා යළිත්..

    ලස්සනයි දිල් අක්කා නිර්මාණය...

    ReplyDelete
  7. අතරුතක් මුසු වෙච්ච ලස්සන පද පෙළක්

    ReplyDelete
  8. රිදෙන හිත් යලි යලිත් හේතු ඇතුව හෝ නැතුව රිදවා වේදනාවේ සුන්දරත්වය විඳීමේ කලාව.

    ReplyDelete
  9. රොශාන්
    ලෝකයට මුහුණ දෙන
    අයුරු දකිමින්
    දුකත් , සැපත්
    සමබරව
    සිටින්නට හැකි නම්
    එයමයි
    අප
    ලබන දිනුමත්......

    ReplyDelete
  10. අභීත අන්කල්
    සිංහ නාද බලු කෙඳිරිලි !!!! :)

    ReplyDelete
  11. අනුරාධ මල්ලියේ
    යා යා :)

    වන්නි
    ස්තූති..... :)

    අහස් විල(සරසි)
    ස්තූතියි... මටත් ටිකක් මැන්ටල්නේ...:)

    පසන් මල්ලි
    ගල් ක‍ටුවක්ව
    නුඹ ඉපිද
    නුඹත් රිදවගෙන
    මටත් රිදවන විට
    දෙතැනක් පලුදුව
    සිදුරුව
    දැදුරු නොවෙද ?
    කඳුලු මත
    රුහිරු පිරෙන විට
    ජීවිතයම
    අඳුරක්ම නොවෙද ?

    තරු අහස
    ස්තූතියි

    දුකා අයියා
    වේදනාව යම් විටෙක නිරුත්තරව හිරි වැටී ඉන්න හිතට ජීවත් වීමේ සංඥාවක් සපයන අවස්ථා නැතුවා නොවේ....

    ReplyDelete
  12. අනේ මොකට නිකම් හිත රිදවගන්නවද?. හිනාවෙන්න.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  13. Sihina EkathukarannekDecember 4, 2010 at 12:45 PM

    වේදනාව : අසුන්දර බොහොමයක් දෙනා ජීවිතයෙන් ඈත් කරගන්න හදන දෙයක් . කඳුළු , අඳුර වේදනාවේ අතිජාත මිතුරෝ . නමුත් වේදනාවෙන් තොර ජීවිත තියෙනවද කියල මොහොතක් කල්පනා කරලා බලන්න . මේ මුළු ජීවන චාරිකාවම එකක් පසුපස එකක් එන දුක් ගොන්නක් . සතුට වේදනා නාටකයේ එක නිමේෂයක ලැබෙන සුළු විවේකයක් විතරයි . සිත පතුලෙන් නැගෙන අතීත කඳුළු වල විළාපයන්ට අපි එකක් පසුපස එකක් අමාරුවෙන් ඉදිරියට තියෙන අඩි නතර කරන්න දෙන්නේ නැතුව මේ ගමන යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ . නමුත් මොහොතකට හරි සතුටේ මන්දස්මිතය විඳින්න හම්බවෙන්නේ දුක් කරදර මැඩගෙන පෙරට යන මිනිස්සුන්ටම තමයි .

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->