Wednesday, August 25, 2010

[103] ගැඹුරම සොයමි...

 

රල බි‍ඳෙන
සැර පරුෂ
දුහුවිල්ලෙන් වැසුන
වෙරල ලඟ..

හැදෙන්නේ විමනකි
එ'විමනෙහි
එක් දොර‍ටුවකි...
අන් කවුලු වසා ඇති
අන් දොර‍ටු
දොරගුලු ලා ඇති...

එහි වයස
නොදනිමි....
එහි දිග පලල
නොසොයමි...
එනමුත්
එහි ගැඹුරම
සොයමි...
තවම
එහි
සොඳුරු බව මිස
අඳුරකුදු
නොදකිමි.....

මේ මා වෙරළේ හැදූ තුන්වෙනි මාලිගාවයි.. මෙවර මා එය හැදුවේ වෙනදා මෙන් දිග පළල ජ්‍යාමිතිය පෙර මිනුම් දඬු වලින් සටහන් කොට, කපා කොටා තනමින් මනිමින් නොවෙයි... එය ඔහේ නිදැල්ලේ වැඩෙන පැලෑටියක් මෙන් විය. මගේ සිතුවිලි වෙරල තීරයේ පියාඹන අතර , අතැඟිලි තුලින් එය උත්පාදනය විය. පෙර දාක හැදූ සොඳුරු වැලි මාලිගාව අද තිබූ තැනවත් මට සොයනු නොහැකි විය. කිසිදු හැඩතලයක් නැති කලලයක් තුලින් ජීවියෙකු බිහි වන්නා සේ , මේ මාලිගයට කාලය විසින් හැඩයක්,ආයු කාලයක් සහ පැහැයක් දෙනු ඇත...

6 comments:

  1. දිය වර බිඳුනත් වෙරළත රුදුරු.........
    සොයාඑයි යළි යළිත් දියරළ සොඳුරු....

    ReplyDelete
  2. හදලා තියන විමන හරිම සොඳුරුයි....!!!

    ReplyDelete
  3. හේමලයෝ...
    දිය බිඳි වෙරළ ඈති වැලි කැට කියනව කවි
    එන රළ නවතමේ වෙරළෙ හදන දෙවෙනි වැලි මාලිගාවෙ පින්තූරයක් නෑ මා ගාව. එදා ෆෝන් එකවත් නොගෙන ගිය නිසා. සොඳුරු දිය රළ කොතෙක් කල් මේ විමනට ජීවත් වෙන්නට ඉඩ දේවිද.. මූද සැඩ නැතිනම්, කලක් ඉනු හැකි වේවි...
    චමිල
    ගොඩක් ස්තූතියි.. මේ මම ආසම දෙයක්...

    ReplyDelete
  4. කලින් හදපු මාළිඟාව බම්බලපිටියෙ වෙරලෙ හදලා අද ගිහින් ගාලුමුවදොර වෙරළෙදි ඒ මාළිඟාව හෙව්වට හම්බවෙන්නෙ නෑ නෙ මිස්..........

    ReplyDelete
  5. වැලි මාලිගාව පරිස්සම් කරන්න මොන තරම් ට්‍රයි කලත් මුහුදු රලක් ආව ගමන් මාලිගාව හේදිලා යනවා....
    ඒත් වැලි මාලිගාවේ photo එක.... ඒක අපිට එපා වෙලා අපිම මකනකම් අපි ගාව තියෙනවා.

    අපේ ජීවිතේ අපෙන් අත හැරිලා කුඩු පට්ටම් වෙලා ගියත් අපිට තිබුන ඒ ජීවිතේ සැමරුම් හැමදාමත් අපි ලඟින්ම ඉන්නවා.

    ReplyDelete
  6. දැන දැන වැල්ලේම මාලිගාවෙ හැදුවෙ ඇයි . . .?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->