Tuesday, August 17, 2010

[101] මැරෙන්න එපා!


මියෙන්නට
මොහොතකට පෙර..
මියෙන්නට නොරිසි
සිත

මියෙම්දෑයි
නොමියෙම් දෑයි
අසන විට.

එක් කොනෙක
රැව් නගයි
නිහඬතාවය..

අනෙක් පස
දොඩමලු හිත
කියයි

'නොමියෙන්!'
බලන් ඈස් ඈර
සොඳුරු ලොව
අරුම!

පිලිතුරක් නෑති
පේලි පෙලක
කුහුඹුවෙකු
නිදයි

උඩු සුලඟ
සොයයි
යන අත !

පසුවදන:
ජීවිතය බොහෝ ඔච්චම් කල මුත් , නොහඬා උන් මට... මැරෙන්නට හිතෙන්නේ ගීතයක් තරමට .. සොඳුරු දේ කාලය පෙන්වන විට !
අමනාප මම 'කාලය' නුඹ සමග නොවේ.. නුඹ ට ලස්සන පෙන්නන්නට .. කාල වේලාවක් නෑති කල ... මා සමගයි..අද.... :)
මේ ලස්සන අදහස දුන් සොඳුරු සිතට ස්තූතියි...

5 comments:

  1. මියෙම්දෝ රැකෙමදෝ.......හිතින් හිතුවට....කලහැකිවක් වෙද අපිට....පැමිණි විට කාලය.....අවනත වනු හැර අතැර......

    ReplyDelete
  2. මෙවන් වටිනා කවියක් පද බැදීමට වස්තු බීජය සැපයූ ඒ සොදුරු සිතට මමද කෘතඤ වෙමි.

    ReplyDelete
  3. @අභීත
    ගොඩක් ස්තූතියි.......

    @හේමලයෝ
    ඔව් ඔබ හරි...
    එහෙත් මියෙන්නට
    පෙර
    'මැරෙන්න එපා..
    දේවල් තියනව විඳ ගන්න'

    අනුරාධ මල්ලි
    ඔබ හරිම සට කපට කමෙන්‍ටුවක් දා ඇත...
    කෙසේ වෙතත්
    ගොඩාක් ස්තූතියි

    වැප්
    ස්තූති... ගොඩාරියක්....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->