Sunday, August 08, 2010

[97] අන් සතු හදකට පෙම් කල වරදට, ලොව මට එරෙහි වෙලා...


~'~
හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොලඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...

කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනි වී
හමු වන්නට බෑ උකුසු වෙසින් ඇත
ඇස් දහසක් අපවෙත යොමු වී...

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්ත‍ටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමු වන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී...
~'~



අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? ඒත් ඒක එහෙම නොවෙන බව අපිට කියල දෙන්නෙ ජීවිතය... අපි පහු වෙනව... බලා ඉන්නව... පරක්කු වෙනව... දුක් වෙනව.... හිනහ වෙනව.. ආයෙත් අඬනව.... ඒත්කවම කවදාවත් වෙනස් කරනන් බැරි ඇත්ත ... අපිට අපි හිමි නැති බව..! 

මුලු ලෝකයම කියාවි මම මහ පවු කාරියක් කියල... ලෝකයටම පෙනෙන්නෙ මේක 'අසම්මත'දෙයක් හැටියට... මම කවදාවත් ඔබ වෙන කෙනෙකුට හිමිය කියන ඇත්තට එරෙහි උනේ නෑ... ඒත් මේ ආදරය , මගෙ හදවත ඇතුලෙ ඇති වෙන සිතුවිල්ලට වැට බඳින්න පුලුවනිද... එහෙනම් මම පවු කාරියක් තමයි...ඔව්..

ඇස් දිහා බලං ඉන්නවත් මේ රුදුරු ලෝකය අපිට ඉඩ දෙන්නෙ නෑ. ඒ ඇස් අපි දිහාවෙ ‍රැඳිලමයි තිබෙන්නෙ. ඒ නිසා මේ හිතේ උපදින දහසක් සිතිවිලි හිතේම මියැදුනාවෙ... මම ඉවසන් ඉන්නම් සදහටම.. සමහර විට මියෙන තුරුම... 

මට අත්ත‍ටු ලැබුනත්, ඔබට අත්ත‍ටු ලැබුනත්, අපිට හැකි වේවිද මේ විසල් නිල් අහසෙ හැගෙන්න තැනක් හොයා ගන්න.? බැහැ නේද? ඒ නිසාවෙන් අපි හැම දාම මේ වගේ ඈතින් ඉඳ අඩුම ගානෙ හිනහ වත් වෙමු.. එයින් සැනසෙන්න මිස එටින් එහා දෙයක් අපිට හිමිද? නැහැ නේද ? 

ගීතය අහන්න... 

17 comments:

  1. කැමතිම ගීතයක් සහ අපූරු විචාරයක්.

    ReplyDelete
  2. මම ආසාම සිංදුවක්....සම්මතය අසම්මතය අපි අපිම නෙව තීරණය කොරන්නේ.........

    ReplyDelete
  3. ස්තූතියි ansh... මාත් ආසම ගීයක්...
    ඔව් හේමලයෝ.. මේ ගීය හරිම සරල, ඒත් ලස්සන පද ටිකක්....

    ReplyDelete
  4. ලස්සන සින්දුවක් සමඟ හොඳ විචාරයක් ............


    [ ආ ඔන්න මම අදයි මේ පැත්තේ අවේ ....]

    ReplyDelete
  5. ස්තූතියි වැප්. :-) ස්තූති සහ සාදරයෙන් පිලිගමි මගේ 'සංසාරේ අපි' වෙත....

    ReplyDelete
  6. සමහර සින්දු මං තේරුම් ගත්තේ ඔයා මේ විස්තර කරන කතා කියවලා.. ලස්සන වැඩක් අක්කා!

    ReplyDelete
  7. අපි ආස දේ අපිට ලැබෙන්නෙ නැහ.... ලස්සන ගීතයක් වගේම ඔයාගේ විස්තරයත් ලස්සනයි.

    ReplyDelete
  8. malanie bulathsinghela ge...'sithak kelesada me taram' ekath lassanai godaak....

    ReplyDelete
  9. ෆා නංගියා
    ස්තූතියි... මේ ගීත හරි ලස්සන කියල මගේ හිතේ ‍රැඳිලා තියන එවුවා නංගී.. ඔයාල ආස ගී තියේ නම් කියල එවන්න.ඒ ගැනත් ලියන්නම්... :-) ස්තූතියි නංගි :-)

    පිස්සා පලාමල්ල
    ඔව් .. අපි හඬන්නේත් අපිට නොලැබෙන දේටමනෙ,,, ඒකනෙ වැඩේ...
    ස්තූතියි දිරිමත් කරන සුලු ඔය වටින වචන වලට :-) කැමති ගී තියේ නම් කියන්න.ලියමි...:-)

    ReplyDelete
  10. ah nethara nangiyaa. ok mama e sindhuva hoyagena liyannemi.. :-)

    ReplyDelete
  11. ලෝකයාට වෙන වැඩක් නැද්ද මිස්ට එරෙහි වෙවී ඉන්නේ? මට හමුවෙත්දෙන්කෝ ඔය ලෝකයා...
    ලෝකයා මොනවා කීවත් ගනන්ගන්න එපා මිස්...
    ලොල්,ලොල්,ලොල්

    ReplyDelete
  12. ලෝකයා තමයි දවසකටවත් ලෝකයා.. අපි සැලෙයි ඕවට ! හහ් :p

    ReplyDelete
  13. හෙලෝ අක්කී.....
    මට දෙන්න පුලුවන්ද වත්තට යන්නම් මලක් කඩන්නම් ගීතය...
    මේ ගීතයට මම එකතු ක‍රගන්නවා අම්මා, තාත්තා, නංගී, අක්කා, නැන්දා, මාමා. බාප්පා, ලොකු අම්මා, පුංචි අම්මා, සුදු අම්මා, කලු අම්මා, ලොකු තාත්තා, මහප්පා, ආච්චී, සීයා, අල්ලපු ගෙද‍ර කුමාරි නගා, රෙදි නැන්දා, කිරි මාමා, ලියුම් මාමා, ලයිට් බිල් ගේන මාමා, වෙලේ ගෙදර සියාතු ආතා, පොලිස් අන්කල්ලා, හමුදාවේ මාමලා.......
    ඒ වගේම මේ වෙලාවේ සංසාරේ අපි කියවන හැමෝමවත් එකතු ක‍රගන්නවා.

    ReplyDelete
  14. මේ කොල්ල නම්.... අනේ අනේ...
    පැනඩෝල් වෙලාව එක පසු වී විනාඩි විසිතුනයි...
    එහෙනම් අනු මල්ලි, මේ මයික්‍රපෝනය බාර අක්කියවත් , මේ වෙලාවෙ සංසාරේ අපි කරක් ගසන හැමෝමවත් එකතු කරන්...
    අපි අහමු ගීතය...
    LOL

    ReplyDelete
  15. කොයි ඉතින් ඇහෙන්නෙ නෑ නෙව...

    ReplyDelete
  16. අර නම් ලිස්ට් එකේ අක්කා කියලා කිව්වේ මයික්‍රපෝනය බාර අක්කියටම තමා....

    @RoshanHerath
    දවල් 1.23ට දාපු සින්දුව රෑ 9.35 වෙනකම් ඇහෙන්න...උඹ මේ සින්දුව මොකක් කියලා හිතුවද? හික්ස්.....

    ReplyDelete
  17. මම හිතුවා repeat තියෙනවා කියලා.. ලොල්ස්

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->