Tuesday, August 03, 2010

[95] මගෙ ආදර වරුසාවට, යටිකුරු කල කලසකි ඔබ..




~'~
මගෙ ආදර පවසට ඔබ
නියං කලට  හඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ

මගෙ ආදර සිලිලාරට
නෙලුම් පතකි ලඳුනේ ඔබ
ආදර උල්පත වියලන
ගිම්හානේ සැඩ හිරු ඔබ

ගිම්හානය වෙනුවට මම
වස්සානය වී මම එන්නද
ඒ වැස්සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම ඉන්නද ?
~'~

අනේ ඇයි මම කියන දේ තෙරුම් ගන්නෙ නැත්තේ?
මොකක්ද ?

ඇයි මගෙ ආදරේ ඔයාට තේරෙන්නෙ නැත්තෙ?
මට තේරෙනව ඔයා මට ආදරෙයි කියල..ගොඩක්.. ඒත්

ඇයි මට මෙහෙම උනේ.. මම කවදාවත් ඔයාව හමු නොවුන නම්, අපි කවදාවත් ආදරෙන් නොබැඳුනනම් , මෙහෙම දුකක් නෑ...
හ්ම්ම්....

මම මෙච්චර නහින්නෙ ඔයාගේ මොනව බලාගෙනද? මුකුත් නෙමෙයි නේද ? ආදරේ නෙද මම හොයන්නේ? මම වෙන මුකුත් ඔයාගෙන් ඉල්ලල තියනවද?
මට තේරෙනව... ඒත් .. මම හරි අසරණයි... ඔයා දන්නව නේද ඒක..
 
මම තව දුරටත් මෙහෙම කියනන් ගියොත් මම පස්සෙන් එනව වගේ වෙනව.. ඒ කියන්නෙ මම තීරණයක් ගන්න ඕනෙ.. එහෙමද?
මම දන්නෙ නෑ.. මගෙන් අහන්න එපා.

ඇයි මේ ?
ඔයයි මමයි ගොඩක් ආදරෙයි... ඒත් අපි දකින විදි වෙනස්... ඔයාට දැනෙනව නේද ඒක? ඔයා පිලිගන්නවද ඒක?

අනේ එහෙම කියන්න එපා... මට බෑ ඔයාව නැති කර ගන්න...
අපිට යථාර්ථයට මූණ දෙන්න වෙනව... මොනව කරන්නද ?

~'''''~
ගිම්හානය වෙනුවට වස්සානය වී එන විට , ඒ වැස්සෙන් පෙම්වත් වන්නට මිහිලිය සිටීවිද... මිහිලිය ඉන් පෙර මියැදේවිද? කාස්ටක අවුවට මොරෝම වුනු මිහිකතට වැහි වැටෙන විට, උහුලන්නට බැරි වේවී....

එතෙක් නෙලුම් පතක නො‍රැඳි දිය බිඳක් සේ, මා ඉන්නා විට ගලන්නට ඉඩ ලද ඉන් නොනැවත මා දෙස නොබලා යන නුඹ.. අහෝ.... ! කුමක් කියමිද? අප අහස පොලව නොවුනේ ආලය ඉදිරියෙහි පමණි.. එහෙනම්, කුමක් ඉදිරියේ අප වෙනස් වීමුද? ආලය ඉදිරියෙහිමය... 

18 comments:

  1. Reader කෙනෙක් විදියට මට හිතෙනවා මේ dialogue එකට මෙන්න මේ වගේ වෙනසක් උනා නම් මේ article එක තවත් ලස්සනයි කියලා.

    - ඇයි මගෙ ආදරේ ඔයාට තේරෙන්නෙ නැත්තෙ?
    - මට තේරෙනව ඔයා මට ආදරෙයි කියල..ගොඩක්.. ඒත්... ඔයාට කවදාවත් තේරුනේ නෑ මම ඔයාට මොන තරම් ආදරේද කියලා. එහෙම නැතිනම් ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කලේ නෑ. ඔයා හැමදාම අදරේ කලේ මට විතරයි, මගේ ආදරේට ආදරේ කලේ නෑ.මගේ ආදරේ විශ්වාස කලේ නෑ.

    ReplyDelete
  2. ස්තූතියි... ඔව් ඒ දෙබසත් ලස්සනයි. අර්ථපූර්ණයි... හැඟීම්බරයි....

    ReplyDelete
  3. හැබැයි ඉතින් දුකක් නොවෙන දෙයක් නම් නෑ...අන්තිමේදි හැම දේම කෙලවර වෙන්නේ ඒකෙන් තමයි.....

    ReplyDelete
  4. ගීතය බා ගන්න දෙන්නකෝ?
    :)

    ReplyDelete
  5. http://lktunes.com/catalog/krishantha_erandaka/Mage%20Adara%20Pawasata.mp3

    ReplyDelete
  6. මම මේකට මොකුත්ම කියන්නෙ නෑ අක්කේ. ඒත් මම දන්නවා මම හිතන දේ ඔයාට දැනෙනවා කියලා.

    ReplyDelete
  7. @ රොෂාන්
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්... ජීවිතේ ... මල් (ද මන්දා) හෙ හෙ ...:-) මල් මල්...

    හේමලයෝ
    ඔව් ඔව්... හැමදේකම යටින් යන්නෙ දුක.. ඒක වැටහෙනවනම් ..ගොඩක් හොඳයි නේද ?

    ANSH
    ඔන්න ලැබුන නේද ලින්ක් එක... ? :-)

    Gvithaya
    ස්තූතියි...

    අනුරාධ මල්ලි
    මම දන්නව.... ජීවිතේ හැටි ඔහොමයි මල්ලි... ගනන් ගන්න එපා....

    ReplyDelete
  8. මල් මල් තුරුණු විය පසු වී ඇත බාලේ
    සිහි වෙයි මටත් දැවටී උන් හැටි ආලේ
    සෙනෙහස ලඟදි අසරණ වුන ඒ වේලේ
    මතකෙකි සිහිනයෙකි රසයෙකි හැම කාලේ

    ReplyDelete
  9. සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවේ, මග හැරුනු ඔක්කොම කියෙව්වා එක හුස්මට. අලුත් වැඩකුත් පටන් අරන්නේ... :)

    අමල් පෙරේරාගේ ගීයත් සුරේන්ද්‍ර පෙරේරාගේ ගීතයත් හැරෙන්නට අනෙක් සියල්ලම මගේ ප්‍රියතම ගී. අලුත් ගීතයක් අහන්න ලැබෙන අවස්ථා හරිම අඩු නිසාම ඒ ගීත දෙක මම අහලා නෑ. ඒ වගේ ගී අහන්න පුලුවන් ක්‍රමයකුත් හැදුවනම් හොඳයි නේද? තිස්ස අයියා තරහ වෙන එකක් නෑ එහෙම කලා කියලා.

    මාළිණී බුලත්සිංහල සමග ක්‍රිශාන්ත එරන්දක ගායනා කල මේ ගීතය කාලෙකින් අහන්න නොලැබුනු තවත් ප්‍රියතම ගීතයක්. ඔයාගේ රසවින්දනය අගය කරන අතරම ඔයාට ස්තූතියි මේ ගී මතකයට නැගුවාට.

    @ අනුරාධ,
    මම උඹට Friend request එකක් දැම්මා, දැන් ගොඩක් කල්. මට ඒක කියන්න අමතක උනා නොවැ. සොරි වෙන්න ඕනෙ...

    ReplyDelete
  10. SRI MANJULA ....

    මල් මල් වියේ කල කී දෑ බොලඳ නමුත්
    සොඳුරු මතක බොහොමය, දෙන මුවට හසක්..
    හිත් රිදවෙමින කඳුලැල් දෙන විටද ඇතත්
    මතකය ගෙනෙයි මේ වන් විට සිතට දුකක්

    ReplyDelete
  11. නිසාචරයෝ...
    ගොඩම ගොඩ කාලෙකින්ය! ප්‍රීති....!
    ගීත ගැන ලියනන් හිතුන එක පාරම.. ඒත් ඒකෙන් කවි ලියන එක ටිකක් අතෑරුනා.
    හරි ඔයා කිව් දේ වටිනව. මම ලින්ක් දාන්නම් මීට පස්සෙ.
    ස්තූතියි !

    ReplyDelete
  12. මල්වර වියේ රඟනා ආදර තාල
    වලටත් වඩා වටිනවා රන් මුතු මාල
    පටු ලෙස හිතන මිනිසුන් මනසින් බාල
    හින්දයි බාදා මෙපමණ කෙරුමට ආල

    ReplyDelete
  13. @නිශාචරයා
    අපොයි.... කියන්න එපැයි බන්... මට FB මැසේජ් 1ක් එවපන්. නැත්නම් මම උඹේ ඇත්ත නම දන්නෙ නෑනේ. ඇක්සෙප්ට් නොක‍රපුව 30ක් විත‍ර තියෙනව. එතනින් උඹව හොයාගන්න මට අංජනමක් බලන්න වෙනව නැත්නම්.

    ReplyDelete
  14. අනුරාධ මල්ලෝ


    ප‍ටු අදහස් පිරුන දනන් සිත පැහෙන
    කෝ මන් වෙරද මිස නොදනියි සෙනෙහ හිත
    එක් මොහොතකදි හද පුද දෙන පිලිණ මත
    ගැඹුරක් නොදත් ලොව වසනුය කිම සිතින !

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ජීවිතේ ... මල් (ද මන්දා)
    අනේ මන්දා මිස්...

    ReplyDelete
  17. මටත් හිතා ගන්න බෑ රොෂාන්... ජීවිතේ.... ලිහා ගන්නට බැරි ගෙත්තමකි (මගේ වචන නෙමෙයි.. කවියක දැකපු පේලියක්...)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->