Sunday, August 01, 2010

[94] කුසුම ඔබය ඔබමය මා පැතුමද, උඩවැඩියා මල නොව නෙත පිනවන........


~'~
හිරු හිනැහෙන ගණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන

උඩවැඩියා සුපිපෙන වද උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවෙන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන
~'~ 


"මට කියන්න ඇයි මාව හොයා ගත්තේ..? එයා ගොඩක් ලස්සනයිනේ?"
"ඉතින්... ලස්සන කියන්නේ ආදරේ ද? "

"අරය මම වගේ නිකම්ම කෙනෙක්ද? නෑනේ.. එයා ගොඩක් දක්ශයි.. මිනිස්සු එයාව අගය කරනව"
"ඉතින් ඒකත් ගොඩක් හොඳයි තමයි... "

"එයාගේ මට වඩා පාට හොඳයි... ආකර්ෂණීයයි...  හැමෝම ලස්සනයි කියන්නේ එයාටනේ?"
" දැන් මම කිව්වෙ... මට ඕනේ රටටම ලස්සන පෙනෙනවට ආදරේ කරන්න නෙමෙයි... මම ආදරේ විදිය මම කැමති විදිය තියෙන්නෙ ඔයාගේ"

" විදිය කිව්වෙ ? මොකක්ද ? පැහැදිලි මදි"
" මම දන්නෙ නෑ.. මම උඹට ආදරෙයි.. අහන්න එපා ඇයි කියලා... ඒක එහෙම තමයි... "

"උඹ..?? අපොයි රාක්සයෙක් වගේ කතා කරපු හැටි!"
"එහෙම තමයි !! ගොන් කතා කියනකොට එහෙම තමයි"

"හ්ම්ම් ගාන්නේ?
"හ්ම්ම්"

"මීට වඩා හොඳයි හුලඟට කිව්ව නම්... උත්තරත් නෑ.. "
" මම කිව්වෙ ... "

අම්මප තේරෙන්නෙ නැති හැටි... ! හොයන්නෙ රටම බබලන සඳක් නෙමෙයි වග.. ඒ පුංචි තරුවෙ දිස්නෙ අඩුයි තමයි... ඒත් ඒ තරුවෙ හුරුබුහුටිකම කොහෙන් හොයන්නද ‍රැස් විහිදන සඳ ගාව? හැමෝටම නෙතඳුන් දෙන උඩවැඩියා මලකට වැඩියෙ චාම් පිවිතුරු කැලෑ මලක් ගාව තියන සුන්දරත්වය කැලෑ මලට වැටහෙන්නෙ නැති හැටි...  ඒත් ඒත්... පැතුම නම් එයයි... පැතුම ඉ‍ටු නොවෙන එකයි දුක...!

"මොනවද හිතන්නෙ?"
"මුකුත් නෑ.."

"හ්ම්ම්... දැන් මාත් හ්ම්ම් කියන්න පුරුදු වෙනව..! "
"හ්ම්ම්...  හරිද දැන් ප්‍රශ්නෙට උත්තරේ ? "  :-)


15 comments:

  1. ගායනය : බණ්ඩාර අතාවුද

    ReplyDelete
  2. හ්ම්ම් කියන එකෙත් තේරුමක්/වටිනාකමක් තියෙනවා මිස්...

    ReplyDelete
  3. හ්ම්ම්..හ්ම්ම්..හ්ම්ම්.....

    ReplyDelete
  4. අනුරාධ මල්ලි
    අහ් හරිද?

    ආදර කතාව
    ගොඩක් ඉස්තූතියි විස්තර හොයා දෙනවට මල්ලි

    මාරයගේ හෝරාව
    හ්ම්ම් හ්ම්ම්....

    රොශාන්...
    ඒකනම් ඇත්ත... මග අරින්න කියාපු වචනේ 'හ්ම්ම්'

    හේමලයෝ.
    හ්ම්ම් හ්ම්ම්

    අපොයි මේ කමෙන්ට් ටික බකමූනු කමෙන්ට් ටිකක්නේ... සංසාරේ!

    ReplyDelete
  5. සුසන්තගේ මරණයට සැක පිට හොයන බස්ස මෙහේද ඉන්නේ.... හ්ම් හ්ම් හ්ම්ම්ම්ම්ම්ම
    අල්ලල දෙනව පොලිසියේ මාමාලට හරිද

    ReplyDelete
  6. මේකනම් පරදේසක්කාරයින්ගේ කුමන්ත්‍රනයක්. මේ බකුසු කතා කොහොමද මෙතනට ආවේ

    ReplyDelete
  7. වත් අක්කේ... ඔන්න ඔයාට තේරුනා.. ඔය ඉඩහින් ඉන්නෙ ආදරකතන්දර කියල කෙනෙක්.. අන්න එයා තමයි....අල්ලපියෝ.... හිකිස්

    ReplyDelete
  8. ඔන්න පෙනේද... පාවෙන තොප්පිය ආදර කතාව උඩ පැන දා ගත්තෙහිය.. හූ හූ

    ReplyDelete
  9. මමනම් අහලා තියෙන්නෙ පාවෙන පීරිසි ගැන විත‍රයි. දැන් පාවෙන තොප්පිත් තියෙනවද?

    ReplyDelete
  10. ෂේප් වෙන්න හොඳම උත්තරේ " හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... "
    ඇයි ? නිකම්....

    ReplyDelete
  11. ප්‍රියතම ගීතයක්..!

    ReplyDelete
  12. හෙලයා
    කියල වැඩක් නෑ... ඕක තමයි මට නම් තර යනම උත්තරේ...'හ්ම්ම්'

    Ansh
    ඔව් මේ මාත් ආසම ගීයක්...

    ReplyDelete
  13. අනුරාධ මලයා...
    ඔය ඉන්නෙ එක්කෙනෙක් පාවෙන තොප්පියක් දාගෙන

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->