Monday, June 14, 2010

මෙන්න අරගන්න හීතල...



සිහිල සොයන ඇස්
දකින්නේ දුක
කලකිරීමයි
හිත ප්‍රශ්න කරන්නේ
"ඇයි?" කියායි...

ඊට පිලිතුරත්
මා ලඟයි..
එය මගෙයි...
දුකින් බර
පිලිවදන
මටයි..
මගෙයි...

මමම අසන නඩුවට
ඔහු
සාක්කියට
එයි...

මා නඩුව අසමින්
විත්තියට
උත්තරත්
සපයමි..

හඬක් බි‍ඳෙයි
ඉකියක්
නැග එයි
විහිලුවක් වාගේ

නඩුව අහවර වෙයි

මුකුත් නැති
හිස් හිස
බමන්නට පෙර
වැස්සක් යදියි

එකින් එක
වැහි බිඳු
හෙමි හෙමින්
එයි.

ඇවිත්
හෙවුවේ
සිහිල නේ...

මෙන්න
අරගන්න
හීතල...

හිරිකඩක සිහිල
දැන් ඉතින්
නාඬන්
නොසොයන්
උණුහුම...

7 comments:

  1. අක්කි..මට හිතාගන්න පුලුවන් ඔයා ..ඔය කියන්නෙ මොකක් ගැනද කියලා..හ්ම්ම්ම්...බ්ලොග් එක අලුත් කරලා..ලස්සනයි.

    ReplyDelete
  2. හීතල අරං
    උණුහුම දෙන්න
    විත්තිකාරියට
    නැද්ද තවත්
    සාක්කිකරුවෙක්..?

    ReplyDelete
  3. ලස්සනයි...........පද ටික

    ReplyDelete
  4. ඉතින් නඩුවක් නාහා හිටියානම් ඉවරයි නේ මිස්..

    ReplyDelete
  5. කාලෙකට පස්සෙ ආවෙ අක්කෙ. මෙන්න මෙයා අලුත් වෙලානෙ සෑහෙන්න.

    ReplyDelete
  6. නෙතාරා නගා
    අහ් හොඳයි හොඳයි.... බලමුකෝ නේද ? ඔයා හොඳින් නේද? ඉක්මනට ලියන්නම් නංගි... හොඳයි නේද බ්ලොග් එක?

    ජංජාල චාමර
    හීතලක් එපා කියද්දි
    සිහිලක්ම යදිද්දී
    අනේ ඉතින් මේ
    අසරණී
    හොයන්නී....
    විත්තියේම ඉඳින්නී...

    ඉලන්දාරියා
    ස්තූතියි යාලුවේ

    මිත්‍රයා
    නඩු නාහා ඒත් ඇහෙන්නේ දුකම තමා.... කියන්නේ දුකම තමා... සංසාරෙක හැටි...

    අනුරාධ
    අහ් මලේ.... ගොඩ කාලෙකින්නේ... කොහොමද අලුත් template එක....?

    ReplyDelete
  7. මරේ මරු.... කාලෙත් එක්ක හැමදේම අලුත් වෙන්න එපායැ. මගේ එකටත් අලුත් ඇඳුමක් ඇන්දුවනම් හොඳයි කියලා කාලෙක ඉඳන් හිතන් ඉන්නවා. කොහේද මේ කම්මැලිකම එක්ක ඒක කොරන්න බෑනෙ.
    අලුත් වෙනස ලස්සනයි අක්කේ.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->