Thursday, June 10, 2010

රේඛාවක් ....අත්ල මත....මම...



විලක්
හැර නොයන
පිණි බිඳුවක්
වෙන්නට ආසයි...

ඔබේ
අත්ල මතින්
සේදී නොයන
රේඛාවක්
වෙන්නට ආසයි...

එසැනින්
පැහැයත්
හැඩයත්
වෙනස් වන මුත්...
අහස හැර
නොයන
වලාකුලක්
වෙන්නට ආසයි..

11 comments:

  1. රේඛාවන් ජීවිතේ හැමදාම එකම විදියට අතේ පිහිටන්නේ නැහැ..
    ලස්සනයි!!

    ReplyDelete
  2. නිර්මාණය අත්ල මත කරලා ජංජාලෙට ගන්න , මිස් ගොඩක් මහන්සි වෙලා වගෙයි..

    ReplyDelete
  3. ගිලිහුණු බිඳුනු සමනල තටු හාවේ ද
    නිල මැස්සා මල්පැණි රස හඳුනයි ද
    සිහිනය සිහිනයකි, එය අමතක වී ද
    සැනසුම අත ලඟම, ඒ බව නොදැනෙයි ද

    ReplyDelete
  4. සොබාදහමෙ නියම වලට පිටුපාන්න අපිට බැහැ.. අපි එවා අවබොද කරගන්න ඔන්නා අක්කා. එක නෙමෙයි වමත් කාරියෙක් වගෙ.. ඉලක්කය හොදයි.පොහොසත් පවුලක කෙනෙක් වුනාට තවටික දවසකින් සල්ලි වල ලොකු හිඟයකට මුහුන පාන බව කිව්ව හැකි. ( මෙ අක්කගෙ අත නම්)

    ReplyDelete
  5. පබලු
    ඔව් ...ඇත්ත රේඛාවන් වෙනස් වෙනවා... ඒත් ඇහැට නොදැනෙන තරම් නොරිදෙන තරම් හිමීට නේද?? සුනාමියක් වගේ නෙමෙයි නේද? මට රේඛාවක් වෙන්න හිතුනේ එනිසයි... ස්තූතියි ප්‍රතිචාරෙට....මගේ සංසාර අඩවියට ඇවිත් ගියාට....

    මිත්‍රයා
    ලිවුවේ නම් මමයි....:-) කියල එවන්නම්..... වැඩි විස්තර :-)

    දයාබර සරත් මාමා

    බිඳුනු සමනල පිහා‍ටුව ගෙන අත්ල වෙත දී ඇඬුම් මුමුනමි
    සමන් මල මත පිපෙන කඳුලැලි රසය ඉවසා සිනහ මුදනෙමි
    සැබෑවක් කොට දොහොත් මුදුනෙන් ‍රැගෙන පුදසුන ලතැයි හිතුවෙමි
    වරද පසිඳිමි, හෙයින් ඉවසමි, කොහිද සැනසුම , කොහිද සොයනෙමි....

    දයාබර මාමා... ස්තූතියි... අමිල වූ හෑම වදනකටම.... බොහෝ පින් සිදු වේවා!

    රවා මල්ලි
    මල්ලියා.. උත්තරේ ලැබුනා නේද?
    ඔව් සොබාදහම හරිම පුදුමයි.... මට තවම අදහන්න බෑ මේ ජීවිතය...ඒත් මුහුණ දෙනවා එන ඕනේම දේකට.....

    ReplyDelete
  6. මෙන්න රවා මිස්ගේ අත බලල සාස්තරයකුත් කියල. රවා මොකද කියන්නේ කරමුද online බිස්නස් එකක්. "අන්තර්ජාලය ඔස්සේ අත බලා සාස්තර කියනු ලැබේ"

    ReplyDelete
  7. hooooo :-) ok ok business eka patan gaththama apitath kiyannako.... hoooo

    ReplyDelete
  8. miss ahala thiyanawada 'BAKAMUUNU SASTHARA' ?

    ReplyDelete
  9. ලස්සන පද ටික.. අපි කාගේ ත් ආසාව, බලාපොරොත්තුව අපි ආදරයකරන කෙනාගේ හඳවතේ ගැඹුරු ම තැන ඉන්න..එයාගෙ හිතේ නොමැකෙන තැනක ඉන්න.
    ජයවේවා!!

    ReplyDelete
  10. සමාවෙන්න ඔනා..විබාගයක් නිසා ටිකක් බ්ලොගේ අත්හැරුනා...

    නෙතාරා නගා.... මොනාද ඔය බකමූනු කතන්දරේ???

    සම්පත්
    ස්තූතියි ප්‍රතිචාරෙට.... ඔව් හැමෝගෙම බලාපොරොත්තුව නම් ඒක තමයි.... ඒකට බලාපොරොත්තු වෙන කෙනාගේ හදවත ගැඹුරු වෙනන් ඔනේ. අනෙකාට ගැඹුරෙහිම ඉන්න අවශ්‍ය වෙන්න ඔනේ. ඊට ඉඩක් තියෙන්න ඔනේ. පතුලටම කිඳා බැස්සාට සැනසීමක් මිස කිඳා බැස්ස පසු ගනදුරකින් තැති ගැන්මක් නොතිබෙන්න ඔනේ. තමා ගිලා බසින්නේ අඳුරු ආගාධයකට නොව සුරක්ෂිත ‍රැකවරණයකට වග දැනෙන්න ඔනේ..... නේද?

    ReplyDelete
  11. වළාකුලක
    ජල බිදක් වෙලා
    සිත් අහසට
    පිණි
    ඉසින්න ආසයි
    @රවා
    හනේ මන්දා සල්ලිවල හිඟේ ගැන නෙවේ රවා අක්කට දැන් සාස්තර ඕනෙ වෙලා තියන්නේ....
    ඇත්තට පටන් ගන්නකෝ සාස්තර කියන්න

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->