Friday, June 04, 2010

යලි උපන් අප්සරාවී..... !



වැහි බිඳුවක් වගේ
සීතලම සීතලව නිදා උන්
කඳුලක් පතිත වෙයි
මල් න‍ටුවෙන් ගිලිහී
අප්සරාවක් වූ
කිඳුරු වරලස මතට...

පෙති පොරෝගෙන
නිදන්නා සේ උන්
අහංකාර මල....
මල් ගුලාවෙන් විදෙන
මල් ඇස්
හොර හොරෙන් දෙයි
හිස බා ඉඳින
අප්සරාවිය වෙත.....

පිනි බිඳක් සේ
සීතලව නොගිය
උණුසුම්ම කඳුලක්
දුක කියන
අප්සරාවිට
අඬ ගසයි...

මදහසක් පෙරී එන
පෙති හෙමින් විදී එන
දිගු න‍ටුව සෙනේබර
අප්සරාවිට
මග කියයි...

හෙමි හෙමින් හිස ඔසවන
අප්සරාවිය
පිසින්නී රතු ඇස්
සෙනේ දෑතට වාරුව
මල් ගුලාවටම
නැගෙන්නී....

ඈ අප්සරාවියකි
කින්නරී සිතෙන්
ගිය සෙයකි
මල් ගුලාවට පමණකි
අයිති...
අප්සරාවී....
ඈ අංගනාවී
මලටම හිමි......

පෙති විදා ලූ
මල මත ඉඳින්නී
මලම
සිඹින්නී........
ගී ගයන්නී
සිනහ සෙන්නී
යලි උපන්
අප්සරාවී.....



~~~~සිනහසෙන අප්සරාවී .. ලිවුවේ 2010-6-3 රෑ 11.20 ට

4 comments:

  1. මේ මොකෑ පින්තූරෙ කෑලි දෙකක් විදියට දමලා...?

    ReplyDelete
  2. අනිවාර්යෙන් නගේ . . කින්නරාවියන්ගේ ශෝකී ගී අහලා උනුවෙන පඳුපුල් අසුන් තිබුනේ ඈත අතීතයේ නැති නම් කම්පා වෙන සක් දෙවිවරු හිටියේ බන පොත් වල . . අද දවසේ කින්නරාවිය ශෝකී ගී ගයනු වෙනුවට අප්සරාවක් වී පැමින සමාජය යහමඟට ගන්න ඈට කල හැකි දේ කිරීම තමයි හොඳම කාරිය . ..

    අගෙයි නගේ බොහෝම අගෙයි . ..

    ReplyDelete
  3. මිත්‍රයා
    ඒකෙත් පොඩි ගතියක් නැද්ද?

    දුකා අයියන්ඩී
    ඔව් අයියේ.... ශෝකය මායාවක්. it is a state of mind...ජීවිතය ඊට වඩා සංකීරණ ගැඹුරු හැඟුම් වලින් ගහනයි. ඒනිසා ජීවිතය මේ බිත්තර ක‍ටුවෙන් පිටට පැමිණ විඳිය යුතුයි.අපට තව එකෙකුට හෝ පිහිටක් සරණක් විය හැක්කේ එවිටයි....

    ReplyDelete
  4. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->