Saturday, June 26, 2010

පිරියම් කරනු බැරී ...?? (අතීතයෙන් ආ කවි 3)


බොඳවූ කුරු‍ටු ගෑ අතීතය
ආලයෙන් පිරියම් කොට
මම අලුත් සිතුවමක් අඳිමි
දුරින් නොව ලඟින් ඉඳ
පසුපසට ඉදිරියට නැවතද
යමි මම....
නොනැවතී හැඩ බලමි...
තව තව
හැඩ කරමි...
පිරියමේ පලුදු දැක
මොහොතකට නොසැනසෙමි...
හෙමි හෙමින්
පිලිසකර කලෙමි
ඒත්..
කාලය
අහෝ කාලය..!
නුඹ එය මෙසේ
වෙනස් කලෙහිය...
පිරියම දියව ගොස්
බලන් අතීතයේ කඩතොලු
යලි යලිත්
මතුවන හැටි......!

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

9 comments:

  1. පිරියම් කරන විට මැකෙන කඩතොලු නැවත නැවතත් මතු වුවද
    පසු කලෙක
    කඩතොලු නොනැගෙන පිරියම් කිරීමක් සඳහා
    පදනම වන්නේ ද එයයි..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මමත් බලාගෙන හිටියා කාලය පිරියම් කරයි කියලා සමහර දෙවල් , එහෙම නැහැ... කාවවත් විස්වාශ කරන්න එපා.. අපි හැමදාම රැවටෙනවා. කවුරුත් අපිව රැවැට්ටුවෙ නැහැ නෙද...?

    ReplyDelete
  4. ස්වභාධර්මය හා මනුස්ස ආත්මදහිරිය...විඩාපත් නොවෙන උත්සහයකට ජය ගන්න බැරි දේයක් ත්යෙනවද?
    මයිය්යට හිතෙන විදිහට ප්‍රශ්නේ තියෙන්නේ සිතිවමේ නෙමෙයි..සිතුවම දිහා බලන ඇස් දෙකෙයි.නැත්නම් සිතුවම තෙරුම් ගන්න හිතෙයි..

    ReplyDelete
  5. මිත්‍රයා.
    ඒත් මම දකින එක දෙයක් තියනවා. history repeats! ඒත් ඇයි?? ඒ අප අතීතය විසින් නිර්මාණය කරන ලද අත්දැකීම් වල ඡායා මාත්‍ර තුල යටි හිත බලපවත්වන නිසා. එය බිඳ දැමීම අපහසුයි. ඒත් අප ශක්තිමත් නම් කල හැකියි...

    මුතුපබා
    දැනගත් හැටි සිතා ගත හැකියි. ස්තූතියි.

    රවා
    මල්ලියා... ඔව් මල්ලියෝ අපි හැමදාම මේ මිරිඟුවට ‍රැවටෙනවා..මල්ලි අපි ‍රැව‍ටුනා කීම වැරදි තමා. ඒත් අපි ජීවත් වෙන්නේ විසම සමාජයක. සරල සිතුම් පැතුම් එහි බහුතරය තුල නෑ. සරල අරමුණු වලට වඩා යටි අරමුණු වැඩියි මල්ලි.

    මයියා.
    මගේ බ්ලොගේට එන ඔබවා ආදරයෙන් සාදරයෙන් පිලි ගන්නවා. අප ජීවත් විය යුත්තේ ඇස් වලට සරිලන්නට නොවේ කියා මට හිතෙයි. ඒත් අපේ විඥානය නිර්මානය විය යුතුයි සමාජානුයෝගිත්වයට සරිලන අයූරින්.. එහෙමයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  6. සිතිවිලි ඉපිද යලි මොහොතින් නැති වෙන වා
    කිසිවක් ඉතිරි නැත; එය අමතක වෙන වා
    ආපසු සිහි කලොත් හදවත කකියන වා
    සිතිවිලි අතර ඔබ ආයෙත් තනිවෙන වා

    ReplyDelete
  7. සමහර සිතුවම් අඳින කොටම බොඳ වෙලා..

    ReplyDelete
  8. දයාබර සරත් මාමේ

    සිතිවිලි තුලම කිමිදී
    උන්නු හීනය එලිවුනි
    ඇස් දෙක වසා හුන්
    තිමිර පටලය සමු දුනි

    කඳුලු පොදි එක් කල
    අතීතය සිහි නොකරමි
    එයින් ලද මා දැනගත්
    පාඩම් නිතර මුමුණමි...

    ස්තූතියි මාමේ

    ReplyDelete
  9. මාරයා

    අඳිනකොටම බොඳ උන නිසාම ඒ සිතුවම කවදාවත්ම ලස්සන වෙන්නෙ නැති බව බුද්ධියෙන්ම හිතුවොත් නියපොත්තෙන් කපන්න හැකි දේ නියපොත්තෙන්ම කඩා දානු හැකිය.

    ඇරඹුමම කඳුලක් වෙලා....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->