Thursday, June 24, 2010

අත් හැරී ගිය...? (අතීතයෙන් ආ කවි 1)


ජීවිතය මලක් වී
රේණු පෙති සැලූ මුත්
ජීවිතය ගඟක් වී
දිය කඳක් වෙලූ මුත්
ජීවිතය තිතක් වී
නොපෙනි ගොස් පෙලූ මුත්
අත් හැරුනු අතීතය
නොදැනීම යලි ඇවිත්....!

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ.... 

12 comments:

  1. පාලුවෙන් අපේ හිත්
    සැග උනහම
    වෙගෙන් ඇවිත්
    අපේ හිතට ගොඩවදින
    ගෙවුනු අතිතය...

    ReplyDelete
  2. ඒ ගොඩ වදින අතීතය බර වැඩියි.. ගොඩ වදින්නේ කඳුලුත් එක්කමයි... දුකයි...

    ReplyDelete
  3. අතීතයේ කඳුලු කියන්නේ අනාගතයේදී සතුට වපුරගන්න හොඳ අත්තිවාරමක්.

    ReplyDelete
  4. මැක්සා කවිය අක්කේ

    ReplyDelete
  5. අතීතයෙන් ගොඩ විය යුතුද? අතීතයේම ජීවත් විය යුතුද? මේ දෙකම ඔබට කිරීමට පුලුවන. කඳුලු සලමින්, ඒ මඩ ගොඩේම ජීවත් වන්නට අවශ්‍ය නම් හැම දාම මේ අන්දමට අඳෝනා නගමින් ජීවත් විය හැක. ඒ දුක් බර අතීතය ඔබ පිටිපසට දමා නවජීවනයක් ලද්දා සේ නැගී සිටීමටද ඔබට පිලිවන. එසේ කිරීමට නම් මණැසේ මුරකාරයා (මීට කලින් මේ ගැන මා ඔබට පැහැදිලි කොට ඇත.) (Knowing mind and noting mind)යොදවා අතීතයට සිත ගිලෙන විට noting mind යොදවා එය හඳුනා ගෙන වෙන අතකට යොමු කිරීමෙන් මේ ඝට්ටනයෙන් ගැලවිය හැක.

    ReplyDelete
  6. අනුරාධ මල්ලි
    ඔව් අතීතයේ කඳුලු අනාගතය තීරණය කරාවි. ඒත් අතීතය නැවත නැවත ගෙන එන්න එපා. කතාවකට කියනවා- history repeats !

    ReplyDelete
  7. හසිත මලේ
    තැන්කූ තැන්කූ...:-)

    ReplyDelete
  8. සරත් මාමේ
    අතීතයෙන් මා එපිටට පැමිණ සිටිමි. අද ඊට තවත් ජවයක් ලැබුනි මාමේ. මම විස්තර ලියමින් සිටිමි. ඔබ කියා දුන් බොහෝ දෑ අතර වැදගත්ම දේ අද අත් වින්දෙමි. විස්තර එවමි. බොහෝ පින් මාමේ.... මේ හැම වදනකටම...

    ReplyDelete
  9. අල්ල ගන්න දෝතින්ම අත්හැරීගිය අතීතයේ සුන්දර මතක සිතුවම් . .
    දෑඟිලි දිගහර යන්නට දෙන්න අතීතයේ වූ අත්හැරීනොගිය අසුන්දර මතක සටහන් . . .
    විඳවන්න නොව විඳින්න ලද දිවිය විඳින්න එන්න . ..
    අද හරි සුන්දර දවසක් . . .. එන්න බලන්න . .. .

    ReplyDelete
  10. කෙතරම් අමිහිරි අතීතයක් අපට තිබුනත් සමහර මතකයන් සුන්දරයි කියලායි මට නම් හිතෙන්නෙ..

    ReplyDelete
  11. දුකා අයියන්ඩී

    අතීතයට යන්නට දුනිමි
    ඉන්නත් එපා කීමි මා ලඟ
    කඳුලු පෙවු දුක් බඳුන
    අල්ලා පසෙක විසි කලෙමි මම

    විඳවමින
    අහෝ කඳුලැලි බොමින
    උන් මේ දුක් දිවිය
    තනිකමෙන් අවසන් කලෙමි...

    තනි වීමි
    එයින් මා
    තවත් සොඳුරු ලොව දුටිමි..
    ක‍ටුකත්වය හලෙමි...

    ReplyDelete
  12. මිත්‍රයා

    මෙන්න මෙහෙම දෙයක් තියනවා. අතීතයේ ක‍ටුකතම තැන් වල තිබ්බ සුන්දර මතක කිහිපයකට ලොල් වෙලා අපි අතීතය අත් නොහැර හිටියොත් අපි හැමදාම වලේමයි....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->