Saturday, May 22, 2010

"විදූ" .. බලාපොරොත්තු තැබිය හැකි හඳගමගේ නිර්මාණයක්...!



ලාංකීය චිත්‍රපටි හෝදා පාලු වූ මේ සමයෙහි ....බලාපොරොත්තු තැබිය හැකි , මග බලා සිටිය හැකි අපූරු නිර්මාණයක් විය හැකි යයි මේ සිතේ..."විදූ" - අශෝක හඳගම නවතම සිනමා නිර්මාණය... ඔබත් මෙය නරඹා බලන්න......

ගීතය නම් අපූරුයි... ඒත් පසුගිය සමයේ මුලින්ම ගීත ප්‍රචාරණය කල ඇතැම් චිත්‍රපට ගීතයේ ඇති අපූර්වත්වය නිර්මානයේ පල නොකල නිසා, ගීතය මතම නිර්ණය කිරීමත් අපහසුයි... ඒත් අශෝක හඳගම බලාපොරොත්තු කඩ කිරීම් වලට අපව අවම වශයෙන් ලක් කල නිර්මාණශීලී කලාකරුවෙකු නිසා, ඔව්, බලාපොරොත්තු තැබිය හැකියයි සිතේ...

මා කලින් පෝස්ට් කිහිපයක ලියුව,දරුවෙකුගේ හැකියාව හඳුනා ගැනීම ගැන අපූර්ව පණිවිඩයක් මේ සොඳුරු ගීය තුල අන්තර්ගත වී තිබේ යැයි සිතේ.. අපූරුයි....
මා ආසාවෙන් බලා සිටිනවා මේ නිර්මාණය එලියට එන තුරු.... 

මෙයට සම්බන්ධ පෝස්ට්
විභාගේ තමයි අපේ අභාගේ
මැරුනේ හීනය විතරක් නෙමෙයි.. මැරුනේ මමයි

කාන්තා අයිතිවාසිකම්?? යුතුකම්???


 

3 comments:

  1. මේ වෙනුවෙන්ම තමයි මම වීරයා හොයන පෝස්ට් එක දැම්මෙ!!...ඊළඟ පෝස්ට් එකට මේ ගීය දාන්න කලින් අපේම යාළුවෙක් (ඔයා) ඒක දාලා.හොඳවැඩක් ඇත්තටම මේක අගය කළ යුතු නිර්මාණයක්....මේ චිත්‍රපටය වෙනුවෙන් වෙබ් අඩවියක් තියෙනවා.ඒකත් ප්‍රසිද්ධ කරමු නේද??මේ තමාගෙ වීරයා තමා තුළින් ගොඩ නැගීමට දරුවන්ට කියාදෙන උත්සාහයක්......ගීයට කොම්මෙන්ටුවකුත් දාන්න ගිහින් http//:www.vidhu.lk/

    ReplyDelete
  2. චිත්‍රපටිය බැලුවේ නැ නේද? බලලාම ගුණ දොස් කීවනම් තමා හොද...මොකද නOගි පෙන්නලා අක්කා දෙන වැඩ ඕන තරම් වෙන නිසා.....

    ReplyDelete
  3. නෙරංජි අක්කා....
    ඔයාගේ පෝස්ට් එක දැක්කේ නැහැ තවම... ඒකත් බලන්නම්.... ඇත්ත යසෙල කිව්වා වගේ මේක ගැන ලොකූ බලාපොරොත්තු තියාගෙන කඩ උනහම තරහ ගන්නවට වඩා හොඳයි neutral එකේ බලන් ඉන්න එක.... නේද?

    යසෙල
    ඔව් ඔව්.... මට ඔය වැඩේම 'සංඛාරා' එකට උනා... ප්‍රසන්න ජයකොඩිගේ සාර්ථක ටෙලිය බලලා ( අරලිය මල් ආරාමය- නිසල විල නාට්‍යය) රොත්ත පිටින් මමම sponsor කරලා එක්ක ගියා මේ චිත්‍රපටිය බලන්න... අනේ සංඛාරා.. හොයපු ගැඹුර බාගෙටවත් නැහැ.. (මගේ මතයේ හැටියට... ) ඒ නිසා මේ නිර්මාණය ගැන උනත් වැඩි බලාපොරොත්තු නෑ....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->