Tuesday, May 18, 2010

සොඳුරු අහස ලඟ....

 ....



නිහඬ ඇස් කතා කල විට
පිලිතුරක් නැතිව මම
නිදැල්ලේ පිබිදෙන හැඟුමකට
ඇසිල්ලක් පාව යන්නට ඉඩ දෙමි....

පාව ආ සිතුවිල්ල
සොඳුරු ඇස් ලඟ නතරව
මොහොතක් හති ලමින්
වැතිරෙයි ඉසුඹුවක් සොයමින්....

ඉසුඹු ලන මොහොතක
ලතෙත් වී ගිලිහෙන දයා දිය දැක
නිවෙන්නෙමි යලි යලිදු
සැනහෙමින් සෙනෙහසට බැ‍ඳෙමි තව තවද

කියන්නෙමි හැමදාමත් ලෙස
මේ සෙනෙහස සීනයක්  මිස
සැබවක් නොවන වග සිතා උන්
මියෙන්නට සිටි සඳ  මම......

ගිරි කුලක් මත පායා උන්නෙමි කලෙක
මන්දාකිණියක මංමුලාව උන්නෙමි කලෙක
විඩාවෙන් නතරව උනිමි තව කලෙක
ඉමක් නැති අභ්‍යවකාශයක.......

නිරන්තර සිහින මැවු සිහිල
නිරන්තර හීන දු‍ටු උණුසුම
දෙකම එක සේ පිරි සොඳුරු අහස ලඟ
අද මම හිඳිමි නතරව.....

සඳට උරුම කියන අහස
අහසෙන් හෙවන වන සඳ මඩල
සඳත් අහසත් තරම
සොඳුරු නැත  ලොව ඇති දෙයද සොඳුරුතම ...!

7 comments:

  1. "සොඳුරු නැත ලොව ඇති දෙයද සොඳුරුතම..."

    සොඳුරු යැයි සිතා සිටි කිසවක් සිතූ තරම් සොඳුරු නොවූ කල...

    ReplyDelete
  2. you really like to write about sky ..
    u use it go express your feelings towards something or someone or anything.. most of the time u use it to write something close to your heart.. so this is your favourit stage...
    This is Anonymous

    ReplyDelete
  3. දැන් තමයි මිස් මම ජංජාලෙ පැත්තෙ ආවෙ. හවස වෙලාවක් ලැබුණොත් කමෙන්ට් එකක් දාන්නම්. දැන් යන්න වෙලාව හරි..

    ReplyDelete
  4. මරු මරු...ලස්සනයි අක්කෙ

    ReplyDelete
  5. CD Athuraliya

    සොඳුරු බව හෝ අසුන්දර බව කියන්නේ අපේ මනසේ එක් අවස්ථාවක් කියා මට සිතෙනවා.... යමෙක සුන්දරත්වය දකින් මොහොතේම ඒ පි‍ටුපස ‍රැ‍ඳෙන දුක අහිමි කම පසිඳීම යෙහෙකැයි කියා සිතේ

    @ anonymous user

    yah sky is always the symbol of my dream love.. the love i dream of. the love i'd feel love to have. yes i too have observed in my writes that my writes always contain things close to heart but less contacted to other outside world. i too questioned about it so many times? but later i concluded that this is my style which i can not think of intentionally changing by force. im always closely connected the feelings within me, and have an ability to axpress it in a literal mode.
    thanks for the comment
    wonder why you some anonymous ???

    මිත්‍රයා
    ආ ඒකට කමක් නෑ... බිසි බව සහ හේතුව දන්නවා... ජය වේවා.. හොඳට විභාගේ කරගන්න ....සුබ පතනවා!

    හසිත මලේ
    ස්තූතියි මලේ....

    ReplyDelete
  6. ෂාහ් . . . ජීවිතේ මල් . . මල් හතයි ආ . . ඔයාට නියමෙට කතා ලියන්න පුලුවන් වගේම කවි ලියනන්ත් පුලුවන්නේ අප්පා . . . නියමයි . . සිරාවටම බන් නගේ

    ReplyDelete
  7. දුකා අයියා
    කලකට පස්සේ මගෙ බ්ලොගෙ පැත්තේ නේදෝ... හි හි හී.....

    අනේ මන්දා ...ඔය පද ටිකක් අමුණගන්න ඇහැකි මට.... :-) ඒත් කවි කියන්නේ මගේ ආත්මය... (එහෙමයි මට හිතෙන්නේ) 'කවි හෙවත් මගේ ආත්මය' ප්‍රවර්ගය අස්සේ නිවාඩු පාඩු වෙලාවක කරක් ගසා ඉතින් ගුණ දොස් දන්වන්නකෝ...

    තැන්කූ වේවා ප්‍රතිචාරෙට....
    ජය වේවා අයියණ්ඩිය.... හෙ හෙ හී....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->