Tuesday, May 04, 2010

මට පිස්සු...(ද කොහෙද..!)


මම මේ screen saver එකේ එන සබන් බුබුලු දිහා බලං ඉන්නව.. දාහක් වැඩ තියෙද්දි... තුන්දාහක් අශනය පෙරෙද්දි, සින්ග්‍රිසිය ඇරිය මොනා හරි විකාර ටිකක් ලියන්න.. ඔලුව කෙලින් තියා ගන්න අමාරු මුත්, හිත හදා ගෙන දැන් හෙට වැඩේට ලෑස්ති වෙනව.. වෙන මක් කොරන්නද? ජීවිතේ මල්... ලෝකෙටම බණ කියන ජීවිතේ මල්..උඹේ හිත හරි දුර්වලයි.... කොහේ ඉඳන්දෝ මේ  වචන ආයෙ ආයෙත් දෝංකාර දෙනව.. හිත ශක්තිමත් යැයි මා පවා හිතන් උන්නු ජීවිතේ මල්... නින්ද හොරා ගෙන... සිනහව මිහිදන් කරගෙන ....  මොකෝ නුඹට උනේ ජීවිතේ මල්?? මා පවා එය අහනව! මාත් එය හොයනව... ජීවිතේ මල්... කවුද මොකද කලේ.... ??

මුකුත් නොවිච්ච..කවුරුත් මුකුත් නොකී, නොකරපු.... අනේ මෙහෙම නිකම්මද උනේ?? ඔව්..නිකම්මයි උනේ!

වියවුල් ලිපි ලියන දෙවනි වතාව... තුන් වතාව ඒවිද ලඟදීම? දන්නෙ නැහැ...
සමාවෙන්න...සංසාරේ අපි හි ජීවිතේට වැඩක් ඇති දේ ලියන ජීවිතේ මල් ට ජීවිතේ ලිහා ගන්න බැරිව ලත වෙනව... අවුල් වියවුල් වෙලා නිසාම බලි කුරු‍ටුත් ලියවෙනව..කවුරු හෝ මේවා නොකියවා මගේ පොත් පි‍ටු අස්සේ හැඟවුනා නම්, මේවා හූල්ල හූල්ල කියවන්නේ මා විතරයි නොවැ...

බිලි‍ඳෙකු හඬයි
දණ නොගා
අත් පොඩි දිගු කොට
තරු ඇස් දල්වමින්
ජීවිතය යදියි...

11 comments:

  1. na..na..na..oyawa ehema awul wenna denna baha...heta loku vadak..!! anidda ara mama kiwwa kenawa hamu wenawa sure..!! ohoma awul wela komada ewata muuna denne????? comooonnnnnn..!! wake up..!! get up!!!!

    ReplyDelete
  2. අපොයි මේ අපිට උදව් ඕන වෙලාවට උදව් කරපු , ජීවිතය ඇත්ත ඇති සැටියෙන් දැකපු , ජීවිතය ගැන ලියපු අපේ මිස් ට මොකද වෙලා තියෙන්නෙ..?
    get well soon....

    ReplyDelete
  3. අපි හැමෝම ඔය වගේ තමයි. වෙන අයගෙ ප්‍රශ්ණ වලදි කොච්චර සාර්ථක පිලියම් ලබා දුන්නත්, අපේ පුංචි ප්‍රශ්ණෙකදි පවා හුඟාක් අසරණ වෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි අක්කෙ ඔයා බය වෙන්න එපා. ඔයාගේ ඔය කැලබෙන සිත තියෙන්නෙ පොඩි වෙලාවකට විතරයි. මොකද ඔයා හුඟාක් ශක්තිමත්. බොහොම පුලුල් විදියට ලෝකය දකින කෙනෙක්. ඔයාගැන මම තෙරුම් ගත්ත දේවල් තමයි ඒ. ඔයාට තියෙන ප්‍රශ්ණෙ මොකද්ද කියනන් මම දන්නෙ නෑ. නමුත් මන් එකක් දන්නවා ඒක මොකක් උනත් ඒකට මුහුණ දේන්න ඕනවටත් වඩා ශක්තිය ඔයා ලඟ තියෙනවා. අපිට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නෙ අපේ හදවතේ තියෙන ශක්තිය අපිට තෙරෙන්නෙ නෑ. පේන්නෙ නෑ. මන් හිතන්නෙ ඔයාටත් වෙලා තියෙන්නෙ ඒක. හදවතට එබිලා බලන්න අක්කෙ. ඔයා ශක්තිමත්. මේ මුලු ලෝකෙම ජයගන්න තරම් ඔයා ශක්තිමත්. ඒ ශක්තියට එලියට එන්න ඉඩ දෙන්න. ඔයාගේ හැම ප්‍රශ්ණයක්ම මොහොතකින් විසඳිලා යාවි.

    ReplyDelete
  4. ඕක හරිම සාමාන්‍ය දෙයක් . .

    සමහර වෙලාවට මමත් ඔය වගේ ම හිතනවා . . අනෙක් අයට උපදෙස් දෙනවා වුනත් මම කඩා වැටෙන වෙලාවට හැමෝටම වඩා වැටෙනවා නේද කියලා . . .

    ඒත් කල්පනාවෙන් ඒ ගැන ම හිතුවාම කඩා වැටුනු ඉක්මනට නැගිටින්නත් මට පුලුවන් වෙනවා. ..

    ඔයාත් එහෙම වෙන්න ඕන . . මම හිතන විදිහට

    ReplyDelete
  5. අක්කේ ජිවිතේ මල් බලන්න මං හැමදාමත් ආවා.ඒත් comment එකක් නොදාම ගීයා.තරහකට එහෙම නෙවෙයි අක්කේ ඒ හැම වේලෙම මට හිතාගන්න බැරි උනා අක්කාට මොනද කියන්නේ කියලා.අද එක් හම්බ උනා ඔන්න.
    අක්කා කඩාන් වැටෙන්න එපා අක්කේ.ඔයා ජිවිත සිය දහස් ගානක් අලෝකමත් කරන ජිවිතයක්. ඔයාට ඒ පිනම ඇති නේ ඔයාගේ ජිවිතය එලිය කරගන්න.මං කියවපු ඔයාගේ ලිපිවලින් මන් ඔයාව මවාගත්තේ ජිවිතේ දහසක් දුක් කරදර වලට ශක්තිමත්ව මූණ දුන්නූ , මූණ දෙන ,කාරුණික හදවතක් ඇති සියු මැලි ගැහැණියක් කියලා.
    එහෙව් ඔයාට කඩාවැටෙන්න දීලා බලාඉන්න පුලුවන්ද අක්කේ

    ReplyDelete
  6. ජීවිතය මල් තමයි.......
    මල් පිපෙනවා....මල් පරවෙනවා........
    නැවත උදෙන්ම අලුත් මලක් සුවද දෙනවා..........
    ජීවිත යත් ඒ වගේ.....

    වෙලාවකට පරවෙන හිත.....
    අලුත් බලාපොරොත්තුවකින් පීදෙන්න
    වැඩි වෙලාවක් යන්නෙ නෑ.......

    පීදුනත් නැතත් හෙට ගැන සොදුරු හීනයක් දකින්න.

    ReplyDelete
  7. ඉස් ඉස්සෙල්ලාම මගේ පිස්සු විකාරය කියෙවුවට හැමෝටම ස්තූතියි....

    නෙතාර නගා... ඔයා හරීම හැඟීමෙන් ලියල තියෙන්නේ....ස්තූතියි... මම පොඩ්ඩක් සසල වෙලා දුර්වල උනා...වැ‍ටුනේ නැහැ පැටියා,,,,...:-) ස්තූතියි දහිරිය කරපු වචන වලට...:-)

    අනේ රොෂාන් ඒක නොවැ... මටත් ඉතින් පිස්සු වැහුනනේ.... වැඩ ගොඩ උනා... යකා නගිනවා වැඩි උනා.. අපෝ.... මගෙ යකාගේ සැර ඔයාලා දැකල නැහැනෙ...දැන් ටිකක් හරි වගේ... මොකෝ ppt එක නියමෙටම කොර ගත්තා.. msc proposal එකත් approved. ඒ නිසා ඔන්න පොඩ්ඩක් හුස්මක් ගන්නවා...ස්තූතියි රොෂාන්

    අනුරාධ මල්ලි.,.. මගේ ශක්තිය වටහලා දුන්නට ස්තූතියි මල්ලියා,,... ඇත්ත මේ ජීවිතෙන් එහෙමට ලේසියෙන් පරදින කෙල්ලෙක් නෙමෙයි ජීවිතෙ මල්... හයියට ඔරොත්තු දෙමින් මූන දෙන ප්‍රසිද්දියේ කඳුලක් නොහෙලන කෙල්ලක් මේ... ඒත් හැගිලා ගොඩාක් අඬන.... ස්තූතියි මල්ලි

    දුකා අයියා..ඔබ හරි.. මමත් ගොඩාක් වෙලාවට ඒ වගේ... වැටෙනවා.. ආයෙමත් හනික නැගිටිනව ලොකු ජවයකින්.. ඒ ජවය බිඳුනා පහු ගිය ටිකේ... එතකොටයි මට තේරුම් ගියේ මගේ හයිය තව අත් වාරුවක ගැට ගසනවා වෙනුවට මා විහින්ම ගොඩ නගන තාක් මා අසරණ බව....දුකා අයියා ස්තූතියි වචන ටිකට :-)

    @මම
    මම කඩා වැ‍ටුනා තමා නන්ගී... ඒත් මම දැන් ආයෙමත් හෙමිහිට ගොඩ නැගෙනවා... ජීවිතේ මල් කියන්නේ ඒකනේ... ඔයාගේ වචන වලට පින්.. මගේ මෙහෙය පොඩි හෝ දෙයක් ලෝකයට කොට තිබේ යැයි මට සැන සෙන්න පුලුවන් ඒ වචනයෙන් .. ස්තූතියි...

    තනුජී..ඔව් ඔව්... මම අලුත් හීන දකිනවා.... හීන බලනවා.... හීනයක්ම නොවෙන්න කල හැකි හැම දේම කරනවා... ස්තූතියි වචන වලට සහෝදරිය...

    ReplyDelete
  8. ජිවිතෙ මල්.. ජිවිතෙ මල්.. ඇයි එක එහෙම නෙමෙ කියන්නෙ.. ඔයා කියනවා ඔයාට ටිකක් පිස්සුද කොහෙද කියලා එකම ඇති දැන් ඔයා හරි පාරෙ ඉන්නෙ කියන්න.. ගොඩාක් මිනිස්සු මුලු ජිවිත කාලෙම පිස්සු වැඩ කරලා අන්තම මොහොතෙ තමයි වටහා ගන්නෙ තමුන් කරෙ මෙච්චර කල් පිස්සු වැඩ කියලා.. ජිවිතෙමල් .. මම හිතනවා කවදාවත් මිනිස්සු පරාද වෙන්නෙ නැහැ කියලා මොකද... මෙ පරාදය අනගතෙ දවසකදි විශාල ජයග්‍රහණයකට මුදුන් මුල වෙනවා..එහෙම නෙද.. අක්කා අවුලක් නම් එතන අනිවා අනිත් තැන් වලට වඩා ජිවයක් රදා පවතිනවා..එ ජිවය වෙනුවෙන් තමයි..

    ReplyDelete
  9. සංසාරෙ අපි ..වෙහෙසෙන්නෙ..

    ReplyDelete
  10. මමත් රවා ඔයා කියන්නා වගේම ගොඩාක් කල් සිට මේ පිස්සුව දැකපු , විඳපු, ආදීනව වටහ ගත් මුත් පිස්සුවෙන් නොමිදුන කෙනෙක්.. මේ නොමිදීම මා වෙහෙසට පත් කරවනවා... මා ගිලන් කරනවා මේ දුක... ජීවිතය සිනහසෙන්නේ මතු පිටින් වනවාට මා අකැමතියි.. මා හදවතින්ම සිනහ සෙන්නියක්. හදවත සිනහ නොසෙන විට කිසි විටෙක මගෙ ඩත් සිනහ වෙන්නේ නැහැ.. එය මා ලෝකයෙන් හැංගුවා කාලයක්... ඒත් දැන් හිත වැටිලා,,,, මට මා ගැන කලකිරීමක් තරහක් දුකක් දැනෙනවා

    ReplyDelete
  11. මමත් මගෙ ජිවිතෙ සිදුවුන යම් යම් සිද්ධින් හින්දා ගොඩාක් හිතින් වෙහෙසිලා ඉන්න කෙනෙක්. කොතන බැලුවත් ආත්මාර්ථය, කුහක කම. ඔයා වගෙම මම මා ගැන ලොකු කලකිරිමකින් , දුකකින් ඉන්න කෙනෙක්. නමුත් යම් යම් සිදුවීම් සිහි කරද්දි මම ඇතුලතින් ගොඩාක් සතුටු වෙනවා. ඔයාටත් එවගෙ සිදුවීම් තියනවා කියලා මම දන්නවා. මම මෙ පිස්සුවෙන් අත්මිදෙන්න උත්සාහා කරන්නෙ නැහැ. හැබැයි මෙහෙම ජිවත් වෙන්නත් අමාරුයි. මම ඔයාට මම පුද්ගලිකව අත්විදපු , මනොවිද්‍යාවෙ සදහන් කරුනක් ගැන කියන්නම්.. මෙ දුක , අසහනය වෙස්වලා ගත් ආශිර්වාදයක්. අපි දුක් වෙන වෙලාවට දුක් වෙමු. ප්‍රශ්නයක් නැහැ. මෙ කලකිරිම , තරහා එහෙම්මම තිබිච්චි දෙන්. එකත් හදවතෙ තියාගෙන සරල සුන්දර අව්‍යාජ ඇසකින් ලොකෙ දිහැ බලමු. අපිත් එක්ක හැමොම හැමදාම ඉන්නෙ නැහැ. එ අය එනවා . ගන්න ඔනා දෙ ගන්නවා යනවා. අපිට දෙන්න පුළුවන් දෙ දිලා එ අයට යන්න දෙන්න ඔනා
    බලන්න මෙ ලිපියෙ තියන විඩියොව දිහැ
    ඔයා පුංචි ලමයින්ට උගන්වන කෙනෙක්.. ඔයගෙ ජිවිතෙ වාසනාවන්තයි. ඔයා ගොඩාක් වාසනාවන්තයි එ මනුස්ස පැටවු එක්ක දවසෙ පැය 6, 7 ගෙවන්න. එ අවස්ථාවම ඇති ඔයාට ඔය දුක , කලකීරිම අඩු කරගන්න. ඔයාට එතනින් ගෙවන වැටුපට වඩා තෘප්තියක් ක්‍රියාවෙන් ගත්ත හැකි.අපිට ලොකෙන් ලැබෙන දෙට වඩා අපි ලොකෙට දෙන දෙ ගැන හිතමු.. ඔයා විදපු දෙවල්, සිද්ද වුන සිදුවිම් එවා ඔයාව තවත් ලස්සන කරපු දෙවල්. අමතක කරන්න එපා.. එ දුක තරහාව තියාගෙන ජිවත් වෙන්න.. එවා අමතක කරන්න උත්සහා ගන්න එපා..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->