Monday, May 10, 2010

මලෙහි නිදා ,මලක් වූ කින්නරී..






මලක් ඉඳියි නිදැල්ලේ
හාත්පස නැලැවෙන ඇසිල්ලෙක
සවන් පිරෙන බමර ගුමු ගීයක
අරුත් පසිඳින කින්නරී... ඈ තැවිල්ලේ....

න‍ටුවෙන් ගිලිහෙනු දුකක් නැතී
ගිලිහී ‍රැ‍ඳෙනුයෙ පුදසුනක නම්
න‍ටු අගින් දුක් කඳුලු වෑහේවි
විරහවෙන් මිස පසුතැවීමෙන් නොව....සත්තමයි....

නිදි බි‍ඳෙන ඇස් වෙහෙස මුත්
ඇහැරී හෙමි හෙමින් ඇස් දෙමි තවත්
ඉවසිල්ලේ මග බලමි අරුණ කොයිබදැයි
කින්නරී - අසරණී නිදයි මලෙහි තවමත්......

න‍ටු අගින් නොනෙලන හැඩ බලන
බමර ගුමුවෙන මත් නොවෙන
කින්නරී මල් සුව‍ඳෙම ගැලෙන , ලොබ බඳින
ඈ මලක් වී සිතේ.... මල් ගොමුවම උරුම....

සීරුවෙන් න‍ටු අගින් නෙලන
පුදසුනක අබිසෙස්  සිහින දකින
කින්නරියක් නොව ඈ මලක සැටි කියන
මලකි ඈ .. මල් ගොමුවම උරුම ...!


                                                                            `````ජීවිතේ මල් `````   2010-5-10   දින 7.40 ට....

7 comments:

  1. ඉතින් පිබිදෙන්න
    කාලයයි මේ....
    දැන් ඇති නෙව
    මලට වී
    සිහින දුටුවා....
    ලතැවුල් පසෙක ලා
    හිනැහෙන්න යලිත්...
    ඔබට උරුම වූ
    ලෝකය
    සොයා යන්න..

    ReplyDelete
  2. සිතුවිලි බෝහෝ නමුත්
    ලියන්නට නොතෙරෙයි..
    කවියට කවියක්
    ලිවීමට නොදත් නිසා...

    ReplyDelete
  3. ගොඩාක් දෙවල් තියනවා.. අනිත් මිනිස්සු අපිට කියලා දෙන්න උත්සහා කරනවා. නමුත් අපි එක ඉගෙනගන්න කැමති නැහැ. ඇයි කියලා මම දන්නෙ නැහැ...
    කොහොම උනත් සිහින දකින්න පුරුදු වෙන්න මොකද සිහිනෙකින් මෙහෙ සතුටක් ගන්න අමාරුයි.. සංකිර්න පරිසරයක් ඉද්දි..

    හොයාගෙන යන තරමට වෙදනා ප්‍රමාණයත් වැඩි වෙනවා.ඉතින් ලැබිලා තියන දෙවල් දිහැ, හොදට බලන්න.. කැඩිච්චි බිදිච්ච දෙවල් ටික හිමීට එකතු කරන්න. වෙදනාවත් එක්ක ජිවත් වෙන්න පුරුදු වෙන්න ඔනා.. එක නැති වුනොත් සතුට විතරයි ඉන්නෙ.. එක ඉට වඩා ගොඩක් බයානක දෙයක්...

    ReplyDelete
  4. @ රොෂාන්................
    පිබිදෙන්නට නොසිතේ
    මුකුලිතව මුත් මල තුල ඇති සුවය නිසා....
    ලතැවුල් පලා යන්නේ
    හිනැහෙන්න හැකි වන්නේ
    මල් ගුලාවේ මිහිර මිස
    අනෙකකින් නොවෙයි....
    දුකමත් එයයි.....
    මට උරුම මල් ගොමුව
    හෙට දිනෙක
    අහිමි වේ දැයි
    බයයි...
    එයම දුකම වෙයි....

    @ යසෙල
    කවියට කවියක් නැතත්
    සිතුවිල්ලක් ලියුවොත්
    නැතේ කිසි තරහක්.....

    @ රවා
    සිහිනයක් තුල සතුට මෙන්ම දුකද තියෙනවා නේද රවා? මොකද සිහිනය මිහිරි උනත් , එය සිහිනයක්ම පමණකැයි හැ‍ඟෙන විට එය දුකක්... නැද්ද? ඔව් රවා මා ලද දේ ගැන අප්‍රමාණ ලෙස තෘප්තිමත්. අහිමි වූ දෑ අතීතයයි.. එයට තැවී පලක් නෑ... වර්තමානය සිහිනයක් නොවී අනාගතය පිලිබඳ සුබ සිහින දකින මා දියට හිමි කිඳුරියක් නොව , මල් ගොමුව උරුම මලක්ම වීදෝ සැකයි...:-)

    ReplyDelete
  5. ලොකෙන් ලැබෙන දෙ ගැන නොවිමසන්න
    ඔබෙන් ලොකෙට දුන් දැ ගැන තුටු වෙන්න

    ReplyDelete
  6. මේ කවිය මට කලින් කියවන්න ලැබුනේ නෑ නේ නඟේ . ..

    ReplyDelete
  7. රවා මලයෝ
    හරියට හරිය,,,, මා ලෝකය දෙස බලා හිනැහෙන්නේ ලෝකය මාගෙන් ලද දෙය ගැන තෘප්තිය පල කරන විටයි... එහි තිබෙන තෘප්තිය මා මට ලැබෙන දෙයක දකින්නේ නැහැ...

    දුකා අයියා
    ඒකනේ.... .... කමක් නෑ සහෝ... දැන් කියෙවුවනේ.... :-)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->