විභාග ප්‍රතිපල කොහොමද??
කුතුහලයෙන් කිලි පෙලෙන මේ ප්‍රශ්නේ ඔන්න දැනටමත් OL ලියපු අහිංසකයින්ගෙන් ඇහෙනව ඇති. අනේ පවු....
විභාගය කියන්නේ ජීවිතයේ කඩ ඉමක් කරපු මේ සංස්කෘතිය ගැන නාහෙට අහන්නේ නැති වදනක් ලියන්නයි යන්නේ.. ඉතින් ඔය සදාචාරාත්මක ඇස් වැරදිලාවත් මේ ඔස්සේ යනවනම්, අනේ ඉතින් මේ window එක close කරලා දාන්න..
ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තම ඉතින් පශ්චාත් උපාධිය දක්වාම අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවනෙ. රටට හෙණ ගැහිල තියෙන්නෙත් මේ නිසාම තමයි. ජීවිතයේ සාර්තකත්වය තීරණය කරන එකම මිනුම් දණ්ඩ තමා අධ්‍යාපනික සුදුසුකම්. හැකියාවට රැකියාව දුන්නෙ ගල් යුගේ..දැන් තියෙන්නෙ සහතිකේට රැකියාව දෙන ගෝලීය විශ්ව ගම්මාන සංකල්පය නොවැ!... නැද්ද හොඳයි.. ඉතින් මේ යථාර්තෙ තේරුම් ගත්ත රත්තරන් අම්මල තාත්තල ලමයින්ව පංති දක්කල හරි විබාග පාස් කරවන්නෙ නැතුව පුලුවනැයි....
ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු..නැත්නම් ජාතික පාසැල් සිහිනය බොඳ වෙයි..ඊට පස්සෙ පන්දම්,නැත්නම් දොල පිදේණි වලට සල්ලි එපැයි...... O ලෙවෙල් 'A' කීයද මන්ද(10ක් ද කොහෙද) all As... නැත්නම් AL බයෝ මැත්ස් හීනෙ බොඳ වෙනව. AL- යාලුවන් ටිකගෙ ඇස් වහල - ටියුෂන් සර්ලගෙ බොටුව මිරිකල,පසුගිය විභාග ප්‍රශ්න කොරල කොරල A තුනම ගන්න ඔනා.. ඒ විතරක් මදි... දිස්ත්‍රික්ක රෑන්ක් එක උඩට යන්න ඔනා.. නැත්නම් කැම්පස් හීනෙ බොඳ වෙනව.. අප්පච්චියෙ ඊට පස්සෙ මාත් හිතුවෙ මේ කරුමෙ ඉවරයි කියල..මොන.. එතනයි පටන් ගැන්ම...
subject සිලෙක්ට් කිරීම, 1st class, second upper-lower, ටෙම්පරි ලෙක්චරර්, ඊට පස්සෙ පමනන්සි...මල මගුලයි... ඉවරයක් නැහැ.. ඊට පස්සෙ ශිෂ්‍යත්ව (ආපහු 5හෙ පන්තියට යනවද මන්ද) පිටරට පශ්චාත් උපාධි... කියල වැඩක් නෑ... මොනා පස්සෙද අපි මේ දුවන්නෙ? මුකුත් නැහැ ? නැද්ද හොඳයි... මේක තනිකර පිස්සුවක්ම නෙමෙයිද?
මේ පිස්සුවට දුවපු එකියක් තමයි මාත්.. නවතින්න ඔන උනා මටත්..ඒත් තවත් අයගේ හීන සපුරන්න ගිහින් බැරි උනා. මාත් තාමත් දුවනවා... මේ සිරි ලංකාදීපේ බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ හෝල් පංති ගිහින් මේ දිවිල්ලේ තමා ජය කණුවක් හොයන්නේ... කාටද කොතනද වැරදුනේ?
හැම කෙනෙක්ම හැමදෙයක්ම කරන්නේ තමන්ගේ පැවැත්ම රැක ගන්න.. කොටින්ම කියනවනම් ජීවත් වෙන්න.. හරි හම්බ කරගෙන තත්වයක් හදාගෙන ජීවත් වෙන්න..මොකක්ද මේ තත්වේ? සුරක්ෂිත ජීවිතය..අවදානම් අඩු.. එහෙම නේද? ඉතින් මේ රට තුල අඩුම අවදානම් රහිත අනාගතයකට short cut පෙන්නුම් කරන එකම ක්‍රමය තමා මම අර ඉහත කී දිවිල්ල..බලු පොරය.. අනිත් හැම මගක්ම අවදානම් සහිත අවිනිශ්චිත, වාසනාව මත තීරණය විය හැකි අවස්ථා... ඒකයි හේතුව කවියන් , කලාකාරයින්, සංගීතවේදින් වෙන්න සිහින මවන දරු දැරියන් නොදකින්න.
ආකල්පමය සීමාවනුත් මෙතැන්ට බල පානව. සමාජ තත්වය මනින මිණුම මත අධ්‍යාපනික සුදුසුකම, ගරු කට යුතු රස්සාවල් වැදගත්..පරස්සාවක්වත් කොර ගන්න බැහැ නොවැ නැත්නම්..
මේ ලංකාව තුල මෙවන් තත්වයක් යටතේ OL රිසල්ට්ස් පන්න පන්න අහන එක පුදුමයක්ද?
විභාග පාස් වුන අය පමණක්ද අද රටේ ගරු කටයුතු, බුහුමන් ලබන තැන් වල ඉන්නේ ? එහෙම නැත්නම් ඔවුන්ගේ සහතිකයට ඔබ්බෙන් ගිය නිවැරදි දැක්ම , කැපවීම නෙමෙයිද ඔවුන් ද ඉන්න තත්ත්වෙට ගෙනත් තියෙන්නෙ?
අම්මලා තාත්තලා මේ ගැනත් හිතන්න... ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරිම නමැති දේ උමතු වේගයෙන් දකින්න ඔබට තියන ආසාව නිසා,ඔබ කිසී වගකීමක් නැතුව ඔවුන්ගේ අනාගතය ඔබට ඔනා දිහාවට දක්කනවා වෙන්න පුලුවන්. ඒත් අවුරුදු දෙක තුනකින් නැත්නම් දශකයකින් ඔවුන් කොහොම හරි පොලවෙ කකුල් දෙකෙන් හිටගන්නවා දැකල ඔබ සැනසුම් සුසුම් හෙලයි. අපි අපේ උන්ගේ ඇස් පැදුවා කියල උදම් අනයි. ඒත් ඔබම විහින් ඔවුන්ගේ අනාගතය කාබාසීනියා කල වග දකින්න ඔබ ජීවතුන් අතර නැති වෙයි..මොකද ඔවුන්ගේ නොසැනසුන ජීවිත, දශක ගානකට පස්සෙ නමුත් පසුතැවෙන, අසාර්ථක ජීවිත , පෞරුෂය හීන , කඩා වැටුන ජීවිත ප්‍රතිපල අහන්නේ දකින්නේ උන් උන්ම හෝ උන්ගේ දරුවන් මිසක් ඔබලා නෙමෙයි..
දරුවන්ට නිදහසේ හැදෙන්න දෙන්න.. මේ සම්බන්ධව "ඕෂෝ" ලියූ ලිපි ගොඩාක් වටින මූලාශ්‍ර. සූක්ෂම ලෙස ඔවුන්ට පාර පෙන්වන්න. ඒත් ඔබට උවමනා පාරේ උන්ව බලෙන් කෝටුවෙන් තල තල අතින් ඇදගෙන දක්කන්න එපා. උන් යන පාර කටුක බව, තමන්ම ගොඩ නගා ගතයුතු බව උන්ටම පසක් වෙන්න ඉඩ දෙන්න. ඊට අවැසි ශක්තිය වෙන්න. අනුශාසනය මිස විනිශ්චයාසනයට ගොඩ වෙන්න එපා..
OL ප්‍රතිපල එන වග ඇහුන ගමන්ම මගෙ හිත දුවගෙන ගියේ මගේ දෛවය ඉන් අනතුරුව විසඳුනු දුක්බර ආකාරය පිලිබඳ මතකයට.(http://sansaare.blogspot.com/2010/01/blog-post_3756.html) ඔබට මොලය කලඳක් හෝ තිබේ නම් එයම ඔබේ දරුවන්ට කරන්න එපා.
මේ කටුක වචනයෙන් , ඒත් ගොඩාක් සංවේදී හැඟීමෙන් ලියුව ආදරනීය ආයාචනයක්...
ප.ලි.
මේ ප්‍රතිපල සිද්ධිය අලලා කතාවක් ලියන්නැයි මගෙන් ඉල්ලා සිටි රොෂාන් හේරත්ට මගේ ස්තූතිය.ඔබ අදහස් කල පණිවිඩය මෙහි ගැබ් වී ඇතැයි මම විස්වාස කරනවා. ස්තූතියි රොෂාන්.
i was born intelligent but this education ruined me...ha..ha..haa..
ReplyDeleteall things point on to the marks, GPA, Z score
skill is far way from A's...
මිස් දැන් විෂයන් 9 ලු කරන්න තියෙන්නෙ. ඒ වුනාට මට අද දවසේ බලන්න වුනු ප්‍රතිපල 11 අතර එක මල්ලි කෙනෙක් හිටියා සිංහල S, ඉංග්‍රිසි W තිබුණු. අනික්වා ලියලා නෑ. ඒ වගේම සමහරු හිටියා ගණිතය විතරක් අසමත් අය. ඒ අය තවත් වතාවක් විභාගය කරන්න එපැයි.
ReplyDeleteමෙතන නෙවෙයි හොඳම සිදුවීම තියෙන්නෙ. විභාග ප්‍රතිපල අහගන්න මට කෝල් දුන්න සමහරු වෙනත් අය වෙනුවෙනුයි ප්‍රතිපල ඇහුවෙ.
දන්නවා ඇතිනෙ අපේ අයට තමන්ගෙ ඇහේ පොල්පරාලෙට වඩා අනික් අයගේ ඇහේ තියෙන පොල්කෙන්ද ලොකුබව (මේක ලියුවා හරිද මන්දා)
සමහරු අනිත් අයගෙ ප්‍රතිපල අහන්නෙ ඇත්තටම ඔවුන් ගැන තියෙන බැඳීම නිසායි. ඒත් සමහරු අඩු ප්‍රතිපල ගත්තු අයට හිනා වෙන්නයි මේ ප්‍රතිපල හොයන්නෙ. තමන්ගේ ප්‍රතිපල නරක් වුනාම ඒ නංගිලා/මල්ලිලාට තමන් ගැන දැනෙන දුකට වඩා වැඩි දුකක් ඒ නංගිලා/මල්ලිලා අනික් අයට තමන්ගෙ ප්‍රතිපල කියද්දි ඒ නංගිලා/මල්ලිලා ගේ හිතට දැනෙනවා ඇති.
එතනින් ඇතිවන පසුබෑම ඔවුන් සමාජයට වෛර කරන අය බවටත් පත් කළ හැකියි. (ප්‍රතිපල අහන්න දඟලන කීයෙන් කී දෙනාද තමන්ට අහුනු ප්‍රතිපලයට වඩා වැඩි ප්‍රතිපලයක් ගත්තු කෙනෙක් ගැන නොකියා ඉන්නෙ)
"OL ප්‍රතිපල එන වග ඇහුන ගමන්ම මගෙ හිත දුවගෙන ගියේ මගේ දෛවය ඉන් අනතුරුව විසඳුනු දුක්බර ආකාරය පිලිබඳ මතකයට"
එදා එහෙම නොවුනානම් මිස් දැන් මේ විදියට තේරුමක් තියෙන, කාට හරි වැඩක් වෙන බ්ලොග් ලියන්නෙ නැතිව "මල් පත්තර" වලට "මල් කතා" ලියන කෙනෙක් වෙන්න ඉඩ තිබුනා.
අනේ අපොයි විභාගය.
ReplyDeleteඅපිත් කාලයක් ලීවා නෙව..
තවත් ලියන්න එපැයි ඒ වගේම..
දැන් ඉතින් O/L ලියපු දරුවොටික A/L විෂයන් තෝරාගන්න මහදැනමුත්තන් ගේ අවවාද/අනුශාසනා ගන්න එපැයි.
අප්පේ අවුලක් නෑ.
ReplyDeleteෆේල් වෙයිම කියල හිතමු සංගීත පාස්.
නැතිනම් සර්ගෙ ගේ ගාවින් යද්දි ගල් පාරවල් තමයි කන්න වෙන්නෙ.
මම ප්‍රාර්ථනා කරන්නෙ හතුරෙකුටවත් ගමේ මිනිහෙක් උගන්නන ඉස්කෝලයක් නොලැබේවා කියල.
In Sri Lankan education system there are less opportunities for the innovative thinkers. As you correctly pointed out, the main culprit for this phenomenon is exam based education system.I do accept that there should be exams, but it is should be emphasized that day to day class room activities, own assignment writing, thinking ( which most lagging in Sl) and extra curricular activities should play a part when it comes to the assessment.
ReplyDeleteAnd other than the exams, we have to pay concern to improve our discipline as well. I think we are the best nation when it come to deceive others.
අපොයි කතා කරල වැඩක් නෑ.
ReplyDeleteබහුතරයක් ගුරුවරු උනත් හදන්න හොයන්නෙ තමන්ගෙ අච්චු මිසක ළමයෙක්ගෙ දැනුමට පැතිරිලා යන්න ඉඩක් නෑ. ඒ වෙනුවට නොනවත්වා දිවීමක නිරත වෙන්න වෙලා තියෙන්නෙ.
පාසැල් අවධියෙදි මම පාට කරන චිත්‍රයේ පාටෙ ඉඳන් මම ලියන්න පාචිච්චි කරන අත වෙනස් කිරීම දක්වා බලපෑම් වලට මම ලක්උනා.
හොඳ කලා හැකියාවන් තිබ්බ මිතුරො කීදෙනනෙක් නම් හිටියද විවිධ බලපෑම් නිසා වෙනත් විෂයධාරා තෝරගෙන අතරමං උනු.
හරිම ශෝචනීය තත්ත්වයක්.
මා ඉදිරියේදීම රජයේ "පාසල"ක "උගන්වන්නෙක්" ගේ කටින් පිටවුනු වචන ටිකක් මම සඳහන් කරන්නම්.
ReplyDelete"ළමයි කියන්නෙ කිසි දෙයක් තේරෙන්නෙ නැති හිස් භාජන වගේ ජාතියක්. ඒ අයගෙ මොලේ මැටි ගොඩක් වගේ. මැටි වලින් අපිට ඕන රූපයක් අඹලා අපිට ඕනෑ දේවල් භාජනේට පිරවීම තමයි ගුරුවරුන්ගේ වගකීම."
ළමයින්ගේ හැකියාවන්? බුද්ධිය? සහජ හැකියා? සුභ අනාගත්-යක්!
විභාග ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
ReplyDelete:(
පට්ටම කතාව,
ReplyDeleteමේ ඔක්කොටම හේතුව අපි අපේ ප්‍රතිඵල වෙන අය එක්ක සංසන්දනය කරන්න යන එක. මාත් මේ හෙඩිමම තියෙන පෝස්ට් එකක් පහුගිය විබාගෙ පටන් ගන්න දවස්වල ලිව්වා: http://thameeragetheeraya.blogspot.com/2010/01/blog-post.html
ReplyDeleteරවා
ReplyDeleteඇත්ත ඇත්ත... හැකියාව කැලේ.. රැකියාව සඳහායි මේ හැම දෙයක්ම අප්පා.... මේක මන් සහගහන බොරුවක්... අධ්‍යාපනේ..
රොෂාන්
ස්තූතියි ඔයාගේ අදහසට ඉස්සෙල්ලම...
ඔව් මේ ලංකාවේ ලොකු පුරුද්දක් නේ අනුන්ගේ දෙවල් ආදරෙන් හොයල බලන එක.. ගන්න දෙයක් නෑ..ශී..අන්තිම ලැජ්ජයි... අනුන්ට හිනා වෙන කෙනා දන්නෙ නැහැ හිනා වෙන්නෙ තමුන්ගෙම කැත හිතට කියල... ප්‍රතිපල කියන්නේ ජීවිතේ කියල හිතන්න පුරුදු කරපු මේ සමාජ ක්‍රමයටයි අපි ඇඟිල්ල දික් කල යුත්තේ...
ඔයා ලිව්ව මල් කතාව ඇත්ත වෙන්නත් තිබ්බා.. එහෙම උනා නම් මම මීට වඩා ආත්ම තෘප්තියෙන් කවදහරි බ්ලොග් ලියන්නත් තිබ්බ ආත්මය තෘප්තිමත් මනුස්සයෙක් හැටියට...
මිත්‍රයා
අනේ අපොයි... ඔව් නේන්නම්... දැනටමත් උන්ගේ අසරන අනාගතේ තීරණය වෙලා ඇති... හැබැයි අවුරුදු 16 කියන්නේ තමුන්ට අවශ්‍ය දේ වෙනුවෙන් ටිකක් පන ඇතුව කෑ මොර දෙන්න පුලුවන් වයස නිසා ලමයින්ටත් පොඩි වගකීමක් තියනව තමුන්ට අවශ්‍ය දේ සාධාරණීකරනය කරන්න.. නැද්ද?
චානක
අප්පා... සංගීතේ ෆේල් වෙන්නෙ කවුද අප්පා...ඔය මූසිල වගේ මොකක් හරි වාදනය කරල උඩු බිරුවත් ඇති කියලයි මම හිතා උන්නේ ...
යසෙල සහ රවෙන්
ඔබේ කතාව හරියටම හරි. ලමෙක්ගේ නිර්මාණශීලීත්වය මරල දාලා, විභාගෙට හිත හුරු කරල මිනිස්සුන්ගේ මොල වලට පුදුම අපරාදයක් මේ ක්‍රමය කරන්නේ... ජීවිතයට අවශ්‍ය නිපුනතා කිසිවක් මුවහත් නොකර රොබෝ යන්ත්‍ර වගේ මොල ටිකක් එලියට දාන මැසිමක් විතරයි අධයාපනය!
රවෙන්, මෙවන් බලපෑම් කරන අය ගුරුවරු යැයි හැඳින්වීමත් වැරදියි.. කලා හැකියාවන් තියෙද්දි ගනන් කරන්න ගිහින් ඇනුනෙ නැතත් ජීවිතෙන් පැරදිච්ච අවසනවන්ත ආත්මයක් තමයි මාත්.. ඒ දුකට අවුරුදු 7ක් විතර මම කවියක් වත් ලියුවේ නැහැ...
බුධාජීව
ReplyDeleteහරිම අමන කතාවක්නේ මේ ගුරුවරයගේ කතාව.. ලමයින් හිස් නම් බොලේ උන්ට හිස් හැටියටම ඉන්න දුන්න නම් හොඳ නැද්ද මනස්ගාත පුරවනවට වැඩිය?
ලමයින් කියන්නේ බුද්ධිමත් , හුඟක් නිර්මාණශීලී කොටසක්.. එය නසන්නේ මේ වගෙ මොට්ට ගුරුවරු තමා...
ansh lucky sri jay
ඔව් අප්පා...විභාගේ තමයි අපේ අභාගේ...
මම
ස්තූතියි ප්‍රතිචාරෙට!
තමීර
ඇත්ත .... සසඳලා මොනවද අපට අන්තිමේට ලැබෙන්නේ?? මුකුත් නැහැ... කුරිරු තෘප්තියක් විතරයි.. නැද්ද?
මල පයින්නෙ අවුරුද්දට ගෙදරට එන අයට ප්‍රතිපල කියද්දි!අපේ කරුමේට මේක අවුරුද්දට කලින් ආවනෙ......ඇත්තටම විභාගෙ තමා අපේ අභාගේ
ReplyDeleteහසිත මලේ.. ගනන් ගන්න එපා. cool එකේ ගිහින් මුකුත් උනේ නෑ වගේ ප්‍රතිපල කියල දාන්න... මොකො අනිත් අයට අපි පෙන්නන්න ඔනා විබාග ප්‍රතිපල වලට අපි වැටිලා නැහැ කියලා...
ReplyDeleteහත් ඉලව්වේ හෙට මට විබාගේ! ඒත් මේක දැක්කම නොකියවා බැරි උනා අෆ්ෆා!! :D By the way ma'am ජීවිතේ මල්, මම නම් හිතන විදිහට මෙතන තියෙන ප්‍රශ්නේ පොදුවේ අපේ රටේ ඉන්න එවුන් වැඩි හරියකගේ ඔළු ගෙඩි අස්සේ මොළ ගෙඩි වෙනුවට මැටි ගුලි තියෙන එක. "Follow the rhythm of your own heart, your passion and your happiness. Not the damn competition!!!" ඔය ටික අර කියපු විදිහට මේකේ ඉන්න එවුන්ගේ ඔළුගෙඩි ඇතුලේ අඹන්න පුළුවන් වෙනකම් මේ පුරස්නේ කෙළවරක් දකින්න නම් වෙන්නේ නෑ...
ReplyDelete