වසන්තයේ අවසන් මල් කිනිති
අහුලමින් ඇවිදි සීරුවෙන...
වට පිට නොබලන දෙ ඇස
හොරගල් ගනින අරුම...
පිණි විසුල තණ පත්
මදහසින් ඉවසයි රලු දෙපය..
මිණි නොරැඳි හිස් දෙ අත
මිටින් ගුලි කොට සඳුන් හර ..
නැණ රුවන් නිදන බිම
වැතිර හති ලන ප්‍රාණය...
වසන්තය දිය කල
කඳුලු බොර වූ ඇස් මත...
බොහෝ දුර ඇවිදි පා
අඳියි වෙහෙසක සලකුණ...
මිණි නැණ කිරුල මත
කටු ඔටුනු අබිසෙස් විය...
ඔටුනු අහිමිය
නැණ මිණි කුමට මට?
නිවන අහිමිය
වසන්තය කුමට මට?
දෙපා අහිමිය
වෙහෙස සෙස් වී කුමට මට?
මටම මා අහිමිව
වසන්තය කුමට මට ?
අහුලමින් ඇවිදි සීරුවෙන...
වට පිට නොබලන දෙ ඇස
හොරගල් ගනින අරුම...
පිණි විසුල තණ පත්
මදහසින් ඉවසයි රලු දෙපය..
මිණි නොරැඳි හිස් දෙ අත
මිටින් ගුලි කොට සඳුන් හර ..
නැණ රුවන් නිදන බිම
වැතිර හති ලන ප්‍රාණය...
වසන්තය දිය කල
කඳුලු බොර වූ ඇස් මත...
බොහෝ දුර ඇවිදි පා
අඳියි වෙහෙසක සලකුණ...
මිණි නැණ කිරුල මත
කටු ඔටුනු අබිසෙස් විය...
ඔටුනු අහිමිය
නැණ මිණි කුමට මට?
නිවන අහිමිය
වසන්තය කුමට මට?
දෙපා අහිමිය
වෙහෙස සෙස් වී කුමට මට?
මටම මා අහිමිව
වසන්තය කුමට මට ?
::::පසුවදන::::
මේ නොලීවොතින් එය අඩුවකි.... ජීවිතයේ මුහුණ දෙන සමහර සිදුවීම් විසින් තුරුණු විය වෙත ගෙන ආවේ වෙහෙස , පසුතැවීම පමණි... එහෙත් නැණ මිණ , ඔප නොලූ විලස රලු බොරලු පිරි මහ පොලව මත වැතිර හිඳින විට, ආත්මය ගලක් මිස ගසක් වී මල් නොපූදියි... වසන්තය ගෙවෙයි... ඒ තුල වෙහෙස මිස අනෙකක්, මතක තැබිය යුතු අතීතයක් නොවෙයි.... වේ නම් ඒ එක් කල නැණ මිණි පමනකි... එපමණි...එපමණකි......
මේ නොලීවොතින් එය අඩුවකි.... ජීවිතයේ මුහුණ දෙන සමහර සිදුවීම් විසින් තුරුණු විය වෙත ගෙන ආවේ වෙහෙස , පසුතැවීම පමණි... එහෙත් නැණ මිණ , ඔප නොලූ විලස රලු බොරලු පිරි මහ පොලව මත වැතිර හිඳින විට, ආත්මය ගලක් මිස ගසක් වී මල් නොපූදියි... වසන්තය ගෙවෙයි... ඒ තුල වෙහෙස මිස අනෙකක්, මතක තැබිය යුතු අතීතයක් නොවෙයි.... වේ නම් ඒ එක් කල නැණ මිණි පමනකි... එපමණි...එපමණකි......
ඔටුනු අහිමි වුවද
ReplyDeleteනැණ මිණි අගෙයි මට
නිවන අහිමි වුවද
වසන්තය අගෙයි මට
මටම මා අහිමිවූ බව සිතුවද
මටම මා අහිමි නොම වන බව
දනිමි මම
ඉතින්
වසන්තය අගෙයි මට
මෙහෙම ලියන්න එපැයි මිස්
මිස් පසුවදන දාන්න කලින් නෙව මම කමෙන්ට් කොරලා තියෙන්නෙ... O_o
ReplyDeleteසංසාරේ හැටි තමයි ..
ReplyDeleteමොනවා උනත් මිස්ගේ ජිවිතේට ගොඩාක් ඉක්මනින් වසන්තය උදාවෙලා දෑන් මිස් ඉන්නවටත් වඩා සතුටින් ජිවිතේ ඉදිරියට ගෙනියන්න ලෑබේවා කියලා මම ශුභ පතනවා
ReplyDeleteජිව්තෙ මල් හරිම සුන්දර ජිවිතයක් තමයි දුකට උරුමකම් කියන කිපදෙනාට හිමිවන්නෙ.. ජිව්තෙමල් ඔයා ගොඩක් සතුටුවෙන්න ඔනා.. ඔයා ට තියනවා ගොඩක් දැ අඩුම වශයෙන් දුක් වෙන්නවත්... හරිම ලස්සනයි..
ReplyDeleteමටම මා අහිමිව
වසන්තය කුමට මට ?
ජිවිතෙ මල් වසන්තයට යන්න කියන්න එපා..
Take every thing positive..ඕකට තමයි වයස යනවා... පරිණත වෙනවා... අත්දැකීම් එකතු වෙනවා... මෝරනවා... වැඩිහිටියෙක් වෙනවා.. වගේ වචන සාමන්‍ය ව්‍යවහාරයේ තියෙන්නෙ..
ReplyDeleteනොලැබුණ දේ ගැන නෙවෙයි.. ලැබුණ දේ ගැන හිතන්න... ඒ මත ගොඩ නගන්න...
කාටවත් නොකියා.. ඇස් වහගෙන හිතන්න... එකක් නැති වෙද්දි දහයක් දේවල් ලැබිලා ඇති.... එහෙම නේද?
රොෂාන් ජීවිතය මේ යැයි දකිද්දීත් , මේ පුහුදුන් හිත සැලෙනවා.. තැවෙනවා.... විටෙක අන් අයට පාරම්බා කියා පාන අවබෝධය අප තුලම තිබේදැයි මම මම ගැනම ප්‍රශ්න කරනවා.... වසන්තය අගේ යැයි කියන්නට වත් නොහැකි, වසන්තය එපා යැයි කියන්නටවත් දිරි නැති කුහුඹුවෙක් මම..... DJ Slash කියන්නා වගේ සංසාරේ හැටි තමා... ස්තූතියි දේවා මේ ප්‍රාර්ථනාවන්ට.. එය එසේ වේ යයි මා හිතනවා...හිතුවා වසර ගණනාවක්.. 8ක් 10ක්,... තවම ඒ ඇස් වල බලා පොරොත්තු දැල්විලා....රවා දුක මට උරුමයි... සතුට විඳිද්දිත් මම මෙනෙහි කරන්නේ දුකමයි... වසන්තය අයිති කාලයට රවා.. එය හෙමි හෙමිහිට යන්න යනවා.. අඬලා පලක් නැහැ... අතීතයට හඬාවත් අනාගතයට බියවී වත් පලක් නැතත් අපි පුහුදුන් හැමෝම කරන්නේත් ඒ දෙකම නොවේද? ලැබුනු දේත් නොලද දේත් තරාදියක තබා මනින්නට මා උත්සුක උනා නම් මා ජීවිතය එපා වී අත් හැර බොහෝ කල් පුර සඳ.... ලද දේ ගැන සතුටුයි.. ඒ හැම ලැබීමක්ම පිටුපස දිග කතාවක් තිබෙන බව දන්නවා ඔබ පුරසඳ.... ඒත් මේ ජීවිතේ මල් කවම කවදාවත් නොලද දේට අඬනවා දැක තිබේද ඔබ ? නැහැ නේද? නොලද දේ යනු හිමි නැති දේයි... ඒ දහම හිතනා මා සැලි සැලී මුත් නොහඬා ජීවිතය ගෙවනවා.....
ReplyDeleteඅකුරු අමුණා මට අදහස් කී ඔබ හැමෝටම නොවක් තුති......
මම බස් එකක යන කොට දැක්ක වදනක් මතක් උනා..
ReplyDelete'ගමනක සුන්දරත්වය තිබෙනුයේ, එහි අවසාන්යේ නොව...ගමනේ අත්‍රර මැදය..'
ගල් මත වැටි වැටි ගලන ගග වඩා සුන්දරයි නේද?
@පුරසද...මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි..දෙපා නොමැති ඔබ දකින තුරා
ReplyDeleteඔන්න අපි එනවා මිස් කවි කියනව බලලා යන්න. මේකෙත් අර මැරතන් එකේ වගේ වතුර ගහන්න පුලුවන්ද දන්නේ නෑ.
ReplyDeleteආ....මිස්ගේ විභාගේ ඉවරද?
ජීවිතයට හෙම්බත් වූ විට යසෙල, ඉතාම වේදනාකාරීයි..ගලක් ඇනෙන විට පිහියකින් කපන්නා වගේ.. ඒකයි දුක වැඩි...
ReplyDeleteආදර කතාව ... ඔන්න එන්ට ඔනා.... :-)