ජීවිතේ කවියක්... ආදරේ එහි සොඳුරුතම වදනක් ! කඳුලැලි ගොඩක්, හසරැලි පොදක්, එකට එක් වූ විට දැනේ.. පෙර නොවිඳි රසයක්....(නන්දා මාලිනි)
ඒ රසයට අද මගේ හෙල බසම අතකොලු වුවත්, එදා... කිසිම බහක් අවනත උනේ නැහැ... :-)ඒ නිසාමද කොහෙද පිස්සියෙක් වගේ බැරි කඩුව වනන්න ගියේ ඒ කාලේ... :-)
අවදානම් පරිසරයක, මුහුදු වැල්ලක රල ලඟම හැදු තවත් පුංචි වැලි මාලිගාවක්... අන්තිමට එ සොඳුරුතම වදනෙන් මතක වශයෙන් ශේෂ උනේ, මේ කවි පිංච විතරයි ....
සංසාරේ.... කාලය ගතවෙන ඉක්මන.... එහා පැත්ත බලලා මෙහා පැත්ත බලන ඇසිල්ලෙන් ජීවන සිදුවීම් කෝටි ගානක් පහු වෙලා... අපිව වෙනස් මිනිසුන් , ගැහැනුන් බවට පත් කරලා...
හිතාගන්නවත් බෑ...
එත් මීට අවුරුදු 7 කට කලින් උන්න මේ මගේ බොලඳ කම අද වෙනකොට මුහුකුරා ගිහින්ද කොහෙද.. ජීවිතයෙන් මුහුකුරා නොගිහින්, මහමෙර හිසින් දරා නොගෙන, බොලඳ බවින් මුහුකුරා යන්න හැකි වීම ගැන මම නම් පෞද්ගලිකව සතුටු වෙනව.. ජීවිතයට හිනහව , සැහැල්ලුව ආරෝපණය කර ගන්න මම ආයුධයක් කර ගන්නෙ මගේ හිතේ හැංගිලා ඉන්න අවුරුදු 12 පුංචි ගැහැණු දැරිවියයි....
අවුරුදු ගානකට ( ම්ම්... 7 කට- 2003 ) කලින් ලියුව බොලඳ පුංචි සිතුවිල්ලක්...
"
when you looked at my eyes
and whispered my name
it was only , i was
a little bit surprised ..
when you lift a sweet word
and an innocent smile at all
it was only , i was
with a tender feeling beside
when you called me 'my dear'
when u asked 'why mood?'
i saw your ceaseless care
it brought me joy and smile
but
when you said 'you are mine'
'i love you' at last while
did you know how i got attacked
with a beautiful heart missile?
ආදරේ කොච්චර බොලඳද අනේ...... ෆෝන් පෙට්ටි ගානේ ඇවිද ඇවිද,කෝල් කර කර, කල් බල බල, ලෝකයටම හොරෙන්, ලෝකයටම බයෙන්.... අනේ... සංසාරේ... කොච්චර බොලඳ උනත් මොන තරම් සුන්දරද? :-)