මතකයි නේද අපෙ සමන්මලී ටීචර්ගෙ චුට්ටි දෝණි බබා අම්මගෙන් අහපු ප්‍රශ්නේ?? ඔන්න අමතක නම් මේක බලන්නකෝ....
සමන්මලී අක්කා ඊට ටික දොහකට පස්සෙ ලියුව ඉතුරු කොටස තමයි මම අද මේ ලියන්නේ..
"
ඔන්න මම ආයෙම පෑන අතට ගත්තා.- මගේ සාම්ප්‍රදායික මෙවලම- යතුරු පුවරුවෙන් ලියන ඔබට කතා කරන්න- මම පෑන අතට ගත්තා.ඔබත් මමත් යා කරන පාලම- ඒ කිවුවේ මගේ දිල් නගා- අදත් උදේ කිව්වා ලියන්න කියලා... ඔන්න මම ලියනවා...
එක දවසක් නතර කරපු තැනින් අපි අද පටන් ගනිමුද? තවත් කතා කරමු ආදරේ ගැන..- අර වණ්ඩු ආප්ප ආදරේට පස්සේ...
එදා මම කිවුවනේ මම ආයෙමත් දවසක කියන්නම් කියලා.. මම දෝණිට දුන්නු උත්තරේ..
වණ්ඩු ආප්ප ආදරේ කියවා රස වින්දා නම් ඒ පෙරවදන ඔබටයි.නැතිනම් මෙන්න පෙරවදන.
මගේ දෝණිට අපූරු ප්‍රශ්නෙයක් මතු වුනා."අප්පච්චි අම්මාගේ කවුද?" (මගේ දෝණිට යන්තම් වයස අවුරුදු 3යි)
ඉතින් ඔන්න මම උත්තරයක් දුන්නා මෙහෙම.
"දුවේ ඔයා දැකලා තියනවද අප්පච්චි අම්මාට සැරෙන් බනිනවා- ඔයාටයි අයියලාටයි වගේම?"
"ඔව්, ඇයි එතකොට අම්මා අඬන්නේ... "
"ආ..ඒකනේ...- ඒ වෙලාවට අප්පච්චි අම්මාගේ අප්පච්චි"
"එතකොට ඔයා දැකල තියනවද අම්මා ඉස්කෝලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳලා කැම කාල ඉවර වෙනකල්ම අප්පච්චි එක්ක දේවල් ගොඩක් කියනවා..අප්පච්චි ඒවා අහගෙන ඉන්නවා. ඒවාට හිනා වෙනවා"
"ඔව්, අම්මයි අප්පච්චියි එතකොට අපිට එහාට ගිහින් සෙල්ලම් කරන්න කියන්නේ"
"මගේ දූ දන්නවද අම්මයි අප්පච්චියි පාරේ ඇවිදිනකොට අම්මා පාර අයිනට දාලා අප්පච්චි පාර පැත්තෙන්මයි යන්නේ.. ඒ වෙලාවට අප්පච්චි අම්මගෙ ලොකු අයියා"
"ලොකු අයියා...? මේ අපේ ලොක්කා වගේ නේ.."
"කොහේ හරි යන්න ලැහැස්ති වෙද්දි අප්පච්චි පරක්කු වෙනකොට අම්මට අප්පච්චිත් එක්ක කේන්තිත් යනවා නේද? එහෙම කේන්ති ගිහින් මූණ නපුරු කරගෙන අම්මා කැ ගහනවා නේද?"
"හි...හි...හී"
"අන්න එතකොට නම් අප්පච්චි අම්මගේ මල්ලිම තමයි"
"එතකොට අප්පච්චි අම්මගේ ඇත්තටම කවුද?"
"අප්පච්චි අම්මට අප්පච්චියෙක්, අයියෙක්,යාලුවෙක් ඒ වගේම සමහර වෙලාවට පුංචි මල්ලියෙක්.. මේ ඔක්කොම තමයි පැටියෝ...ඒ අප්පච්චි අම්මට ගොඩක් ආදරේ නිසයි..."
"ඒ කියන්නේ අප්පච්චි හරිම හොඳයි...අම්මට ගොඩක් ආදරෙයි...- අනන්තයක් තරම් නේද අම්මා පැටියෝ???"
මගේ චූටි දූ තාම අනන්තය කියන වචනේ තේරුම දන්නේ නෑ.නමුත් එයා දන්නවා අනන්තය කියන්නේ අනිත් හැම සංඛ්‍යාවකටම වැඩි සංඛ්‍යාවක් කියන එක. ඒ නිසයි ඒ පුංචි හිතට හිතුනේ අප්පච්චි අම්මට අනන්තයක් ආදරෙයි කියලා... "
පසුවදන:
සමන්මලී අක්කා.... නුඹ නම් සමන් මලක්. නුඹෙ දරු තුන් දෙනා දුටුවම අනේ තුණුරුවන් සරණයි, ඇස් වලට කඳුලු ආවා ... අහින්සක ඇස්, අහිංසක හිනාවල්, අත වනලා බුදු සරණයි කියල කතා කරනකොට, අනේ 'නැන්දේ මාමේ' කියලා කියනකොට.... නුඹ වගෙ අම්ම කෙනෙක් නුඹෙ පෙම්බරා වගෙ අප්පච්චියෙක් ලබන්න ඒ පැටවු තුන් දෙනා වාසනාවන්තයි. මේ වගෙ ලස්සන ආදරයක් දකින්න අපෙ ඇසුත් වාසනාවන්තයි අක්කා...
බුදු හාමුදුරුවො කිව්වා... මල් වලට මලුත් කුණු වලට කුණුත් එකතු වෙනවා කියලා. නුඹ සමන්මලක්... සමන් වැලේ පිපෙන්නෙත් ඒ තරම්ම සුවඳ හමන සමන් පොහොට්‍ටු....
අර උඩහින් තියෙන්නෙ අපෙ බෙනර පුතා, (සමන්මලී අක්කගේ ලොකු පුතා) එයාලගෙ ලස්සන පවුල ඇඳපු නිර්මාණයක්...
හරි රසවත්. මම ආසාවෙන් කියෙවුවා..:) බෙනෙර පුතාගේ පින්තුරය හ්‍රිම ලස්සනයි
ReplyDeleteඅපූරු ලියවිල්ලක්, ආදරේ කියන්නෙ මොකක්ද කියල ලස්සනට විග්‍රහ කරල තියෙනවා,
ReplyDeleteහරිම අපූරුයි අක්කේ! කියන්න වචන නෑ :)
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්........
ReplyDeleteමට මතක් උනේ මේ මම නැ ඒක ඕනා නැ......
මරු !!
ReplyDeleteකියවද්දි හිතට ආවා අපූරු හැඟීමක්. එක එක වෙලාවට රඟපාන චරිත ගැන ලස්සනට ලියවිලා.
ReplyDeleteහප්පේ!!! අනන්තය ගැන නොදන්න අය කවුද ඉන්නෙ.... ඔන්න නොදන්න අය ඉන්නවනම් අනන්තයට යන පාර
ReplyDelete(යාන්තම් පොඩි ඇඩ් එකක් දාගත්තා... :D )
Harima lassanai.
ReplyDeleteමං මේ ලිපිය කියෙව්වේ දෙවෙනි වතාවට කාලෙකට ඉස්සර බ්ලොග් එකක් හදන්න දන්නේ නැතිව සිංහලෙන් ලියන්න දන්නේ නැතිව මං එහෙන් මෙහෙන් බ්ලොග් බලන කාලේ මං මේ ලිපිය කියෙව්වා. එදත් හරිම සතුටු හිතුන. අද මට ඊටත් වඩා සතුටුයි ලිපිය ගැන යමක් ලියන්නත් ඉඩක් ලැබුනනේ.
ReplyDeleteහරිම ලස්සනයි. හර බර වදන් වලින් පිරිච්ච පොතක් කියවනවට වඩා සමහර විට මේ පුංචි කතාවක් ජිවිතේට ලොකු පාඩමක් එක් කරනවා. මං එහෙම කියන්නේ මේ කතා ජිවිතේට එච්චරටම දැනෙන නිසා.
මේ අදත් සමන් අක්කට කෝල් කලා.. :) අක්කගෙ සුදු දෝනි බබා , ටෙලිෆෝන් එකෙන් මට ඈහෙන්න රෝස මලේ නටුවෙ කටූ සින්දුවත් කිව්වා....
ReplyDeleteමට මෑතක මුණ ගෑසුන ලස්සනම පවුල ඒ. තුනුරුවන් සරනයි ඒ හෑමෝටම :)