Monday, February 28, 2011

[165] ඉස්කෝලෙන් ආව තවත් පොඩි සිද්ධියක් !

මේ සති කීපයකට කලින් වෙච්චි සිද්ධියක්...ලිව්ව හදිසියට ඉවර කරන්නවත් Publish කරන්නවත් බැරිවුනා.


2011-2-11- පාසල් පරිඝනක ගොඩනැගිල්ල.. 11ට පමණ...

ජයග්‍රාහී සිරිපා ගමනකින් පස්සෙ(අපේ බ්ලොග් සෙට් එකක් සමග) හෑදුනු කකුල් කෙඩෙත්තුවෙන් පීඩා විඳින 7 වෙනි දවස මේ . තට්ටු 3ක් නෑගගෙන අද දවසට පන්ති කාමරේට නැග්ග 3 වෙනි වතාව මේ.  උපරිම පඩි පහයි නගින්න පුලුවන්. බහින් ටික ඉතින් කියල වැඩක්ම නෑ.එක පඩියෙන් පඩිය. හෙමිහිට.... තාප්පෙ අල්ලගෙන... බඩගාන හෑටි දෑකල කී දෙනෙක් හිනා වෙනවද මන්දා. ඒත් ඉතින් වෙන මක් කොරන්නද. අහනකොටත් ලෑජ්ජනේ...මන් ඉතින් නතර වෙවී හෙමීට හෙමීට බහිනවා.හෙ හෙ... මොකද සමහරු එතකොට හිතනවා මම මේ සෝබනේට එහෙම කරනවා කියලා. ඉතින් වේදනාව කාගෙන මුකුත් නොවුන ගානට බහිනවා නෑවති නෑවතී...


මීට විනාඩි ගානකට පෙර ඔන්න ආයෙමත් බඩගාගෙන දණ ගාගෙන මම පඩිපෙල බහිනවා එක පන්තියකට පස්සෙ. එක අතක කම්පීතරේ. අනික් අතින්  පොත් ටික සහ අනික් ආම්පන්න .


පන්තියක් ඈරිලා බෙල් ගහලා. ලමයි කඩාගෙන බිඳගෙන උඩහින් දුවගෙන එනවා. මන් ඉතින් අයින් වෙලාආයෙත් හෙමින් හෙමින් පඩිපෙල බහිනවා.
 


ඔන්න පිටිපස්ස්සෙන් තව පොඩ්ඩෙක් එනවා. මන් ආයෙමත් අයින් වුනා. යන්න කියලා.
පොඩ්ඩා මාව පහුකරගෙන පඩියක් දෙකක් බෑස්සා..ආපහු හැරුනා..

 "Why miss? Are you OK ? " බොහෝම හැඟීම්බරව පොඩ්ඩා අහනවා.. ( හැඟීම්බරවෙන්න පුලුවන් ඉන්ගිරිසියෙන් වුනත්...)

"I'm just fine dear. .. just a small knee pain.You better hurry to your class kid "
මම වේදනාව හංගගෙන හිනාවෙලා කිව්වා. 

 පොඩිත්තා දුවන්ට ආපහු හැරුනා. ඒත් පඩියක් බැස්සා, ආයෙමත් නැවතුනා. ඊට පස්සෙ එයා දුටුවෙ මගෙ අතේ තිබුන බර පොදිය..

"Miss Shall I carry this for you? I feel you are not OK "  


දඟකාරකම පිරිච්ච ඒ මූනෙ තිබ්බ හැඟීම්බර ලෙන්ගතුකම මාව මොහොතකට විමතියට පත් කලා. ඒකට හේතුව මම ඉන්නෙ Posh ඉස්කෝලෙක වීම නෙමෙයි. එතකොට මෙතෙක් මාව පහු කරගෙන ගිය සිය ගානක් ....??? 

"Its ok darling. Im fine. Thanks alot"
පොඩ්ඩගේ ආදරනීය වදන් ඉස්සරහා මට ආදරනීය තහනම් වචනෙකුත් කියවුනා. ( Darling)

පොඩ්ඩා ආපහු හැරුනා. වේදනාවක් ඇතත් නැතත් උපතින්ම කොරගහන තමුන්ගෙ කකුල තමුන්ට හෑකි උපරිම වේගයෙන් අද්ද අද්දා පොඩ්ඩා පන්තියට පය 'ඉක්මන්' කලා. 

මට එදා ඒ මොහොතෙත් මෙදා මේ මොහොතෙත් ඒ ගැන හැඟීම් මිසක වචන ආවෙ/එන්නෙ නෑ... පොඩිත්තගෙ හිතට වේදනාව ගෙනාවෙ එයාගෙ පුංචි කර මත වැටිච්චි පොත් බෑගය හෝ උපතින්ම තමන්ව අන් අයට වඩා 'පරක්කු' කරපු කකුල නෙමෙයි..ඊට වඩා මගෙ අපහසුවට උණු වුන ඒ දුලබ හදවත දැනුනම මගෙ පපුව හෝස් ගාල පත්තු වුනා. 



මම අවසානයක් වශයෙන් මොකුත්ම කියන්න කැමති නෑ.පුංචි සිද්දියක් වුනත් මගෙ හිත කොයි තරම් සසල වුනාද කියල මම කියන්නට ගියොත් මේ අහින්ංසක පොඩිත්තාගේ ලෙන්ගතු මානව දයාව ගැන මා ලඝු කොට ලියන්නා විය හැකියි.

ඒත් මට පසුවදනක් ලියන්න හිතුනේ මෙන්න මේ නිසා...

මම කොයි සංස්කෘතියට කහින කෙනෙක් වශයෙන් ඔබ හඳුන්වනවාද කියා මට දැනගන්න අවශ්‍ය නෑ. මම දන්නෙත් නෑ. මොකද මම ලියන්නේ සංස්කෘතික සාරධර්ම , හැදියාව, ලාංකීයකම, සිංහලකම, බෞද්ධකම යනාදී මේ කිසිවක් ගැන නොවෙන නිසා. මම ඊට එක් ස්තරයක් හෝ ඉහලින් සිට පහල බලන්නට හැමදාමත් උත්සහයක් ගන්න නිසා. මා නිවැරදි නොවෙන්නට පුලුවන්. ඒත් සංසාරේ අපි  හැමදාම ලියන්නේ ඔය විවිධාකාර මිනිස් වර්ගීකරණයන් එක මිටින් ගත හැකි එකම එක නිර්වචනයක විවිධ පැතිකඩ පෙන්වීම සඳහායි. ඒ තමයි 'මනුස්සකම'... 'මානව දයාව'.... 'හෘදයාංගම බව'... ඊට පාටක්.. භූගෝලීය පසුබිමක්... දිශාවක්... භාෂාවක්... ජන්මයක් දෙන්නට මා පුද්ගලිකව කැමති නෑ... 

සංසාරේ අපි ලියවෙන්නේ ඒ මනුස්සකම වෙනුවෙන්... මනුස්සකම බෙදා ගන්නවාට ස්තූතියි.

17 comments:

  1. සංවේදී කම සමාජය හමුවේ ප්‍රදර්ශණය වීම සමහරවිට සමාජය දකින්නෙ මෝඩකමක් විදිහට. ඒකට ලොකු ප්‍රතිරෝදයක් එල්ලවෙන්නෙ ඒනිසා. ඒ දේ ඒ විදිහටම තියෙන්න ඕන නෑ. සමාජය කියන්නෙ අපිත් ඇතුලුව ඉතින් අිටත් අයිතියක් තියෙනව ර්කෙ බිත්ති වලට පහර දෙන්න. ඉදිරියට ලියන්න මිස්...

    ReplyDelete
  2. අපි බලාපොරොත්තු වෙන මනුස්සකම සමහරවිට අපි අතරෙම හැංගිලා තියෙනවා ඇති අපිට නොපෙනී

    ReplyDelete
  3. මෙ බ්ලොග් එක අහම්බයකින් වගේ මට මුන ගැහුනේ මගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් හරහා.

    ඇත්තටම ඒ තමයි පුංචි එවුන්ගෙ හිත් වල තියෙන ලස්සන. ඒත් මොන කරුමෙකටද මංද උන් ලොකු වෙනකොට ඒ ලස්සන නැති වෙලා යනව. මාත් ඉස්සර ඔය හිච්චි එකා වගේ උණු වෙච්චගමන්, ඒත් ඩිංග ඩිංග ලොකු වෙනකොට හීතල වෙලා යනව.

    ReplyDelete
  4. හූනා
    සංවේදීකම මෝඩකමක් හැටියට දකින උදවිය එහෙමම උන්නාවේ. ඒත් සංවේදීකම කියන්නේ පෙන්වන්නට බොහෝ දෙනා මෑලි වෙන වටින සෞම්‍ය ගුණයක් නේද? මේ සමාජය වෙනස් කරන විප්ලවවාදීන් වෙන්න අපිට නොහැකි වෙන්නට පුලුවනි. ඒත් අපිට පුලුවනි පොඩි හෝ හඬක් වෙන්න.... එහෙම නේද? අපි ඒ අපේ සමාජ මෙහෙවරට අනුකූල විය යුත්තේ හෑමෝටම එහෙම නොහිතෙන නිසා....

    පිණිබිඳු
    ඔව්... මේ සමාජයේ සුන්දර හදවත් අනේක තරම් තියනවා. හදවත් වල සුන්දරත්වය ලියන්නට ලියන්නට සංසාරේ අපි අවට ගැවසෙන මේ හදවත් සුන්දර වෙනවා. එයයි මගේ අරමුණ...

    නවම්මාවත
    ස්තූතියි.. ඔබේ බ්ලොග් එක මම ඉතාම වෙනසක් දුටුව ලියවිල්ලක්.. ඔබටත් ජය! මා කමෙන්ටු ලියන්නේ ඉතාම කලාතුරකින්.. ඒත් කලාතුරකින් දකින නියම රස බ්ලොග් එකක් මම නවම්මාවතේ දුටුවා සහෝ... රවා , දුකා, හද ගී පොත, (නම් මග හැරුන බ්ලොග් ගැන සමාවෙන්න) එවන් තවත් සොඳුරු ජීවිතය දිග හරින බ්ලොග් කිහිපයක්.... ජීවිතයේ සොඳුරු පැත්ත ලිවිය යුත්තේ අපි ජීවිතය අසුන්දර නොවෙන නිසාම නොවෙයි... අසුන්දරත්වය කුණු ගොඩක් සේ එලියට අදිනවාට වඩා සුන්දරවය සඳුන්හර සේ මිටින් ගත් විට ඒ සුවඳ දසත පතුරන එක මාහැඟි වන නිසා...

    ස්තූතියි.. ඔබ හැමට...

    ReplyDelete
  5. ඇත්තටම මටත් දුක හිතුන අක්කි....කාට හරි උදවුවක් කරල සතුටු වෙන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම සතුට....

    ReplyDelete
  6. නවම්මාවතගෙ අදහසට එකගයි
    මගෙ හිතත් උනුවෙන ජාතියෙ එකක් තමයි.....
    නමුත් අද කාලෙ සමාජෙ අපේ උනුවෙන හිතෙන් වාසි ගන්න ගන්න අයත් නැතුව නෙවෙයි.....
    මොකද මම එහෙම කියන්නෙ කියල තේරුම් යන්ට ඇති මයෙහිතෙ.???
    මටත් එහෙම වෙල තියෙනව නෙ.......

    ReplyDelete
  7. අනුනගෙ බර ඔසවාගෙන යන්නට...
    දෙවියනි මට සවිබල දෙන්නේ...
    මගේ බර පමණක් දරා සිටින්නට....
    කවුරුද මට සරණය වෙන්නේ....

    මසිත සවන්දී අසනු මගේ හිත...
    මා ගැන පමණක් සිතිය නොහේ...
    මගේ පැතුම් මල් හැම ගේ මිදුලෙම...

    ඈත මෑත නිති පිපුනාවේ...

    - ආර් ප්‍රේමදාස ශූරින් -

    ReplyDelete
  8. දිල්ශාරා,
    ඉස්කෝලෙන් ආව ඒ පුංචි සිද්ධිය අප සමඟ බෙදාගත්තාට ස්තූතියි.
    ඔයා ලියලා තිබුණ එක් වාක්‍යයක් ගැන මට හිතුනු දේ මම ඔයාට මෙහෙම ලියනවා.
    "පොඩ්ඩගේ ආදරණීය වදන් ඉස්සරහ මට ආදරණීය තහනම් වචනයකුත් කියවුනා.(Darling)"
    මගේ ජීවිතයේ මම හැමදාම වැඩ කලේ පුංචි ...දරුවන් එක්ක.
    ලංකාවේ සහ මේ රටේ.
    අපේ හිත් වල ඇතිවන මානව දයාව,ආදරය කුඩා දරුවන්ට,සම වයස්වල අයට සහ වැඩිහිටියන්ට පෙන්වීමට ලංකාවේ නම් භාවිතා කරන වචන ප්‍රමාණය හරිම සීමිතයි.
    ඒ වගේම ආදරය ප්‍රකාශ කිරීමත් අඩුයි.
    මේ ජීවිතේ කිසිම තහනමක් නැතිව භාවිතා කල හැකි මෙතරම් ආදරණීය වචන ගොඩක් තිබිලත් ඇයි අපි පාවිච්චි නොකරන්නෙ කියලා හිතුනා.
    දරුවන්ට ඉගැන්වීමේදීත් අප භාවිතා කරන ආදරණීය වචන පාඩම කෙරෙහි ඔවුන්ගේ අවධානය රඳවාගන්නත් උපකාරී වෙනවා.
    මම අත්හදා බලපු දෙයක් තමයි මේ ලස්සන ආදරණීය වචන වලින් දරුවන්ට ආමන්ත්‍රණ කරන විට ඒමොහොතෙම දකින්න පුළුවන් ඔවුන්ගේ දැස් සතුටින් දිළිසෙන හැටි.
    ආදරණීය වචන ආදරවන්තයන්ට පමණක් සීමාවුනු දෙයක් නෙමෙයි.
    ජාතිය,භාෂාව,ආගම,වයස් පරතරයකින් තොරව පොදුවේ භාවිතා කල හැකි සමස්ථ ලෝකයටම පොදු, අදහස් ප්‍රකාශ කල හැකි මාර්ගයක්..
    මම මෙහේ Daling,sweetheart, love, honey ඔය ඔක්කොම වචන දරුවන්ට කියනවා.ඇයි දෙවියනේ මේ වචන තියෙන්නේ ආදරේට කියන්නනේ..ඒකේ කිසිම වරදක් මම නම් දකින්නෙ නැහැ.
    mage athdhakeem anuwa samanyayen wishesha awashyatha athi dharuwan ge hith hugak sanwedheei anek dharuwanta wada. eyala nitharama anith ayata udhawu karanna uthsaha karanawa.
    At the moment I'm working with children with physical & sensory disabilities.so i know it well acording to my experience.

    ReplyDelete
  9. @රෙශන්
    ඔව්... අපි අනිත් අයට උදව් කරන එකෙන් අපට දෑනෙන සතුට ගෑන නම් කියල වෑඩක් නෑ... සන්සාරේ අපි වෙත ආදරයෙන් පිලිගන්නවා.... ජය!

    ReplyDelete
  10. @සනත්
    මෙහෙමයි... අපි එහෙමයි කියලා අපෙ සංවේදීකමට එක බින්දුවකින්වත් හානියක කර ගන්නට අවැසිද? නෑ නේද? මිනිස්සු නොමිනිස්සු දෙජාතියම මේ ලෝකෙ ඉන්නවා. ඒත් අපි අපේ වටිනාකම් අහිමි කර ගත යුතුද?

    ReplyDelete
  11. @තිස්ස අයියා....
    මගේ දායබර ලොකු සහෝදරයා...
    අනේ අනේ... ඉතින් මම කියන්නෙ නෑ දැන් :)

    ඈත මෑත නොව පැතුම් පිපෙන්නේ
    තිබෙන සොඳුරුතම ඕකිඩ් උයනේ..
    පැතුම් පිපෙන විට මා ගැන මතු නොව
    ලොවෙහිම මිනිසත් බව ලියවෙන්නේ...

    දිල්ශාරා වීරසිංහ සූරිය :D

    ReplyDelete
  12. @ඇනෝනිමස්
    හෙවත් දයාබර අක්කා...

    මේකයි .. මමත් හරිම කැමතියි ඔය ලස්සන වචන කියන්න. මන් ඒකට තහනම් වචනය්ක් කියල කිව්වෙ අපෙ ඉස්කෝලෙ ලමයින්ව ඒ වචන වලින් අමතන එක ඉස්කෝලෙ නීතියෙන් අපිට තහනම් කරල තියන නිසා. ඒකයි.

    මොනව උනත් මන් අත්දැකල තියන දේත් ඔබ කියන දේම තමයි... ලමයින් ආසයි ගුරුවරුන්ගෙ මූනෙ හිනාව දකින්න. ලමයින් ආසයි ගුරුවරු ආදරේ දෙනව දකින්න.....
    මම ලිවුව ගුරුවරු සහ ගුරු දෙවිවරු ලිපියත් හැකි විටෙක බලන්න.....(http://sansaare.blogspot.com/2010/07/blog-post_9123.html)

    ස්තූතියි විටිනා අදහස් ගොන්නට අක්කා.. මේ වගෙ සංවාදයක් ගොඩ නැගීමයි සංසාරේ අපි හි අරමුණ....

    ReplyDelete
  13. ජීවිතේමල්ගෙ අදහසට සියයට සීයක් එකගයි......
    හීනවෙමින් තිබුනු ස0වේදි හිතට යළි ජීවය දුන්නට ජීවිතේමල්ට ගොඩාක් ස්තුතියි.
    ඔබට සදා ජය!

    ReplyDelete
  14. හොද වෙලාවට යලට මහට හ‍රි ඉන්ගිරීසි පන්තියකට ගිහින් තිබුනා... නැත්නම් ඉතින් මේකත් උස්සන් යන්න වෙනවා ඉන්ගිරිස් සර් කෙනෙක් ගාවට.. :D

    ReplyDelete
  15. රෙශන්
    :)

    සනත්
    ස්තූතියි සොඳුරු ප්ප්‍රතිචාරයට !

    අනුරාධ හෙවත් පණූ ;0
    හා හා... :) එහෙනම් එහෙනම් :)

    ReplyDelete
  16. Actually no matter if someone doesn't know afterward its up to other visitors that they
    will help, so here it occurs.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->