ගිම්හාන වෙහෙසට හතිලන
මද්දහන් දාහය විසිරෙන
හැමදාම එන යන හිඳින
උදා වූ මේ අරුම
වසන්තයක් නොව
මේ අනන්තයයි...
කඩතොලු ඇඳී මැකී යන
පොලොව සම මත ලියවුන
අහුමුල්ලේ රැඳුන කටු සටහන
ඒ අවසානයක් නොව
මේ අවසානයයි....
හුණු කූරු අඟුරු කැට ගෙන
කුරුටු ගැ සිතුවම් කොන
කැන්වසයෙහි පිලිසිඳෙන
පාට ගොන්නක් නොව
මේ අනාගතයයි...
මසැස දුටු වෛවර්ණ
වසා කඩතොලු පැහැයෙන
සංසාර ගමනක දුර ආ
තවත් හමුවීමක් නොව
මේ
ජීවිතයයි...
එහි සෙවූ
හීනයයි...
මද්දහන් දාහය විසිරෙන
හැමදාම එන යන හිඳින
උදා වූ මේ අරුම
වසන්තයක් නොව
මේ අනන්තයයි...
කඩතොලු ඇඳී මැකී යන
පොලොව සම මත ලියවුන
අහුමුල්ලේ රැඳුන කටු සටහන
ඒ අවසානයක් නොව
මේ අවසානයයි....
හුණු කූරු අඟුරු කැට ගෙන
කුරුටු ගැ සිතුවම් කොන
කැන්වසයෙහි පිලිසිඳෙන
පාට ගොන්නක් නොව
මේ අනාගතයයි...
මසැස දුටු වෛවර්ණ
වසා කඩතොලු පැහැයෙන
සංසාර ගමනක දුර ආ
තවත් හමුවීමක් නොව
මේ
ජීවිතයයි...
එහි සෙවූ
හීනයයි...
ස්තූතියි.... :) .... දුටිමි.... කියෑවීමි... ස්තූතියි.... ඔබට.... මේ පහල ඉන්න :)
ලස්සනයි පද පෙල.... :)
ReplyDeleteවසන්තය දකින්නට පෙර මං බලන
ReplyDeleteගිම්හානයේ කටුක බව කරපින්නාගෙන
අනන්තය සොයා පිය මං මනින
තවත් එක් දිනයක හිරු එළිය වුන
කඩතොලු වසා ලියවුනු
මැටි පොළව මත වියළුනු
නුඹ නමින් කටු ගෑ පද පෙලක්
ආත්මය හඩවයි නෙත ගැටෙන විට
හුණු කූරූ අගුරු කැට නැතුවම
කැන්වසය මත ඈදි සිතුවමක
දකින්ට නුඹ නමට පිදු ලෝකය
බලා ඉමි මම දකින්ට එනතුරා පාටත් රැගෙන....
/*
ReplyDeleteමසැස දුටු වෛවර්ණ
වසා කඩතොලු පැහැයෙන
සංසාර ගමනක දුර ආ
තවත් හමුවීමක් නොව
මේ
ජීවිතයයි...
එහි සෙවූ
හීනයයි...
*/
May your dreams come true...!!!