Saturday, February 12, 2011

[161] ආදරය ඉදිරියේත් අපි තාරකා දූවිලි..

මේක ලව් ලෙටර් එකක්... ඒ කිව්වෙ සෙනෙහෙ කොලයක්... සෙනෙහෙ කොල ලියන්නෙ හිරිමල් වයසෙ විතරයි කියල හිතන පසුමල් වයසෙ ඈයින් මෙහෙම ලියාවිද?  නෑහෑ. ඒත් ආදරේ , ජීවිතේ තාම අවුරුදු 14-15 හිරිමල් වයසෙ කියල හිතන, කවදාවත් වයසට නොයන සොඳුරු ආදරෙන් මත් වෙච්චි ආදරවන්තයෙක් , තමන්ගෙ ආදරවන්තියට ඇත්තටම ලියුව ලියුමක් මම සොඳුරු සොරකමක් කරා. මන් හිතන්නෙ ඒ ආදරවන්තයවත් ආදරවන්තිවත් ඒකට මගෙත් එක්ක අමනාප වෙන එකක් නෑ...
 


"පෑන් ෆ්ලූට් මාස්ටර් gheorghe zamfir ගේ The Lonely Shepherd අහන හැම මොහොතකම මට දැනෙන සුවිශේෂී හැඟීමක් තියෙනවා. හරියට ඒක ශූන්‍යත්වයත් සමඟින්, අනන්ත විශ්වයත් සමඟින් ඒකාත්මික වීමක් කියලා පාවුලෝ කොයියෝ කියන හැඟීමට සමානයි. හරියට හාත්පස පැතිරුනු නිශ්චලතාවය නොබිඳම සෙමෙන් රැළි නඟන විලක් වගේ... මගේ ආදරිය ලයාන්විතව මගේ කණට ආදරණීය වචන කොඳුරද්දිත් මට දැනෙන්නේ හරියටම ඒ හැඟීම... ඇය අහනවා හිමින්... "ඔයා මට කොයි තරම් ආදරේද" කියලා... ඒක සියවස් ගණනාවක් පුරාවට ආදරවන්තයන් ආදරවන්තියන් අතර හුවමාරු වුනු සරල ප්‍රශ්නයක් වුනත් හැමදාමත් ඇය මගෙන් එහෙම අහනකොට ඒකට වෙනස් වෙනස් හැඩ එකතු වෙනවා මට දැනෙනවා... ඉතින් මම ඒකට දෙන උත්තරේටත් වෙනස් වෙනස් වර්ණ එකතුවෙන එක මට නවත්තන්න බැහැ.

"දන්නවද, අපි ජීව්ත් වෙන ලෝකය එක්ක අපිව සසඳලා බලනකොට අපි කොයි තරම් පුංචිද කියලා හිතෙන එක වලක්වන්න බැහැ. හිතලා බලන්න... අපිට ආසන්නයෙන්ම තියෙන ඊලඟ තාරකා පද්ධතියටත් දුර ආලෝක වර්ෂ හතරකටත් වැඩියි. ඒ කියන්නේ කිලෝමීටර් නම් ට්‍රිලියන 41.5 විතර. ඒත් එතකොට හිතලා බලන්න මේ තාරකා පද්ධති ඔක්කොම තියෙන ක්ෂීරපථය ගැන.. විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයකට වඩා වැඩි, ආලෝක වර්ෂ දහසකටත් වඩා ඝනත්වයක් තියෙන අති දැවැන්ත මන්දාකිණියක්. හැමදාමත් අපි ජීවත් වෙන මන්දාකිණිය ගැන හිතනකොට මට හිතෙන්නේ අති දැවැන්ත කියන වචනේ නිකම්ම නිකම් අර්ථයක් නැති වචනයක් වෙනවා කියලා... ඒත් අපි දන්නා විශ්වයේ තියෙන්නේ මේ මන්දාකිණිය විතරක් නම් නෙවෙයි.විශ්වයේ අපිට නිරීක්ෂණය කල හැකි ප්‍රමානයේ විතරක් මේ වගේ මන්දාකිණි බිලියන 170 කට වඩා තියෙනවා කියලා තාරකා විද්‍යාඥයෝ කියනවා. එතකොට මේ මන්දාකිණි අතරේ තියෙන අවකාශයත් ආලෝක වර්ෂ මිලියන ගණනාවක් වෙනවා..."


නිකමට හිතලා බැලුවොත් අපි මේ දකින විශ්වය, අපි දන්න විශ්වය කියලා කියන මේ අසීමිත මොකක් හරි එක තව එක පරමාණුවක් විතරයි කියලා. ඒ වගේ පරමාණු අසීමිත ගණනාවකින් හැදුනු ලෝකයක තවත් එක පුංචිම පුංචි පරමාණුවක් විතරයි කියලා.... එතනින් එහාට හිතන්න මනුෂ්‍ය සංහතිය මෙතෙක් එක්‍ රැස් කරගත් දැනුම, චින්තන ධාරාවන්, මතවාදයන් ඒකක්ෂණයකින් පලක් නැති වෙනවා. මේ වගේ දෙයක් ගැන හිතන එකත් ක්ෂිතිමය කම්පනයක්... ඒත් මගේ ආදරිය...නුඹට පුළුවන් නම් මම කියන මේ විශාලත්වය ගැන හැඟීමක් ඇතිකරගන්න... නෑ ඒ ගැන අදහසක් ඇති කරගන්න බෑ, නුඹට හැකිවෙන්නේ ඒ ගැන හැඟීමක් ඇති කරගන්න විතරයි. ඒ හැඟීම දැනෙනවානම්, අන්න නුඹ මම නුඹට තියෙන ආදරයෙන් පුංචි කොටසක් දැක්කා වෙනවා...ආදරය ඉදිරියේත් අපි තාරකා දූවිලි...


මම එහෙමයි ඇයට කොයි තරම් ආදරේද කියලා කිවුවේ...



ඉතින් මට නම් කියන්න තියෙන්නෙ, මේ ආදරවතයා එලඹෙන වෑලන්ටයින් සෑමරුමට තමන්ගෙ වාසනාවන්ත ආදරවන්තිට ලෝකෙ දෙන්න පුලුවන් ලස්සනම තෑග්ග දීල වගෙයි... සුන්දරයි,... ආදරයට ආදරය ක්‍අරන සංසාරේ අපි හි ජීවිතෙ මල් හෙවත් දිල්ශාරා , මේ ආදරයට හදවතින්ම සුබ පතනවා.


මේ ආදරවන්තයාගෙන් මේ වගෙ සොඳුරු ලියවිල්ලක් හසුනක් හැටියට ලබන්න ඒ ආදරවන්ති හරිම වාසනාවන්තයි... 


ස්තූතියි.. ආදරය කියා දුන්නාට :) 



තව දෙයක්... මේ කතාවෙ ආදරවන්ති ලියන විදියට මට හිතුනා ලියන්න...

" ආදරේ කියන්නෙ තමුන්ට ආස හිතෙන කෙනෙක්ට තමුන්ගෙ හිතේ පිරිල තියන ආද‍රේ පුද දීල හූල්ලන එක නෙමෙයි කියන එක මම තෙරුම් ගත්තේ ඔයාගෙන්. ආදරේ දැනෙන්න දෙන්නෙ කොහොමද කියන්න ඔයා දැන ගත්තෙ මෙතරම්ම ඔයා ආදරය කියා දෙන ගුරුවරයෙක් (ගුරු කෙනෙක්) වෙන්න ඕනෙ.  ඔයා මට කියල දුන්නා එක දෙයක්. ඒ තමයි අපෙ හිත ඈදෙන කෙනෙක්ට නෙමෙයි , අපි කරා ආදරය පතුරන , අපිට ආදරය දෙන කෙනෙක්ටයි අපි ආදරය කරන්න ඕනෙ කියන එක... මම හැමදාම පැරදුනා අපි දෙන්න එකිනෙකාට කොයි තරම් ආදරෙයිද කියල කරන නිර්වචනෙන්. ඔයා කොහොමත් මට වඩා නිර්මාණ ශීලියි... හෑමදාම හිතන දේ හිතෙන පරක්කුවෙන් ඉස්ට කරගත්ත මේ ගෑනු හිත මග බලන් හිටියෙ පරදින්නයි. ඒ පෑරදීම හරිම සුන්දරයි. ඒ සොඳුරු පරාජයේ මිහිර විඳින මම තරම් වාසනාවන්තියක් මම හිතන්නෙ නෑ වෙන කොහෙවත් ඉන්නවා කියලා. ඔය ආදරෙට මම හරිම ආදරෙයි. මම තාම හොයනවා දිනන්න කතන්දරයක්.. ඒක හොයන එක සුන්දරයි. ඒ කතන්දරය මට හමු නොවෙන එක ඊටත් වඩා සුන්දරයි... මොකද මම කෑමතියි නුඹෙ සුන්දර සිතුවිල්ල ඉස්සරහ පරදින්න. ඒ මිහිර විඳින්න.. ආදරෙයි ....ආදරෙයි ....ආදරෙයි ....අනන්තයක්... "


9 comments:

  1. කියන්නට වදන් නැති..,
    අරුමැසිය අනන්තයට ම..,
    වේවා ජීවිතය මල් මේ හසුන යැවුවා වූත්..,
    මේ හසුන් ලැබුවා වූත් දෙපසටම..,
    මේ ආදරයට නිබ්බුත පද උවමනා නැති..,
    සිපිරි සිරින් පිරි අනාගතයකට ආසිරි..!
    ජය!!
    :)

    ReplyDelete
  2. සිපිරි සිරි = සිපිරි= හිරය= විවාහය ..! ;)

    ReplyDelete
  3. කියන්නට වදන් නැති විය.......... වාසනාව පමණක්මය.........

    "ඔයා කොහොමත් මට වඩා නිර්මාණ ශීලියි... හෑමදාම හිතන දේ හිතෙන පරක්කුවෙන් ඉස්ට කරගත්ත මේ ගෑනු හිත මග බලන් හිටියෙ පරදින්නයි. ඒ පෑරදීම හරිම සුන්දරයි. ඒ සොඳුරු පරාජයේ මිහිර විඳින මම තරම් වාසනාවන්තියක් මම හිතන්නෙ නෑ වෙන කොහෙවත් ඉන්නවා කියලා. ඔය ආදරෙට මම හරිම ආදරෙයි. මම තාම හොයනවා දිනන්න කතන්දරයක්.. ඒක හොයන එක සුන්දරයි. ඒ කතන්දරය මට හමු නොවෙන එක ඊටත් වඩා සුන්දරයි... මොකද මම කෑමතියි නුඹෙ සුන්දර සිතුවිල්ල ඉස්සරහ පරදින්න. ඒ මිහිර විඳින්න.. ආදරෙයි ....ආදරෙයි ....ආදරෙයි ....අනන්තයක්... "

    අනන්තයටත් වඩා....... ඇත්තටම ඒ පැරදීම හරිම සුන්දරයි........ ‍වෙන ‍කො‍හෙවත් නැත් ‍තේ නැ....... :D :D

    ReplyDelete
  4. මිස් ... ආදරේ කියන්නෙ තමුන්ට ආස හිතෙන කෙනෙක්ට තමුන්ගෙ හිතේ පිරිල තියන ආද‍රේ පුද දීල හූල්ලන එක නෙමෙයි කියන එක මම තෙරුම් ගත්තේ ඔයාගෙන්.
    ඒ නිසා දැන් ඉස්සර තිබුනු තරම් ආතතියක් නෑ. වෙලාවකට දුක හිතුනත් ඒ දුක තුනී කරගන්න හැටිත් කියලා දුන්නෙ මිස් ම තමයි.. ඒ හැම දේටම මිස් ට බොහෝම තැන්කූ වේවා..
    මෙවර වැලන්ටයින් සැමරුවේ නැතත් මිස් ට මිස්ගේ හෙවනැල්ල වගේ රැඳෙන කෙනෙකු ලැබේවි ඉක්මනින්ම..

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්......කියන්නේ මොනාද? හිතාගන්න බෑ....

    මොනාවුනත් උඹ නිසා බං අක්කේ මේ හසියා කබොක් ගලයි මැණික් ගලයි වෙන් කරලා තේරුම් ගත්තා‍‍....මැණික් ගලක් හම්බවෙලාද මන්ද....හික්ස්....බලමුකෝ නේද ඉදිරියට.....හික් හික්....

    ReplyDelete
  6. හරිම ලස්සනයි..... ආදරේ කියන්නේ තමුන් ආදරේ කරන කෙනාව බලෙන් ලබාගන්න උප්පරවැට්ටි කරන එක නෙවී කියලා තේරුම් ගන්නත් ඕනා.... කෙනෙක්ට ඒක එහෙම නොතේරුනු කමින් සමනලී වගේම අයිතිකාරයාත් සෑහෙන ප්‍රශ්න වලට මුණ දුන්නා.....

    ReplyDelete
  7. අරක ලවු ලෙටර් එකක්යැ බන්. විද්‍යා පාඩමක්නෙ...... :D

    ReplyDelete
  8. එහෙනං එහෙනං :) (කපටි සිනා)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->