ආදරේ හීනයක් වෙන්නෙ අපි හීන මවද්දි. හීනෙන් පොඩ්ඩක් එලියට ඇවිත් ඇස් ඇරියම සැබෑව ඇතුලෙ තියෙන්නෙත් සොඳුරු ආලයමයි.මොකද හැබෑ වෙන්නෙම අපෙ හීනම තමයි... අපි වැඩිපුර නොහිතුවට....
එයාගෙ 'අරයා' එයාට ටෙඩියො දුන්න පලියට මම 'ටෙඩියො' හොයන්නෙ නෑ. අරයගෙ 'මෙයා' රෝස මල් දුන්නු පලියට මම ගිණි ගනන් රෝස මල් හොයන්න කිව්වෙ නෑ. හැමදාම මම හෙවුවෙ ලෝකෙ කාටවත්ම නොලැබෙන දෙයක් මම වෙනුවෙන්. යාන වාහන යන්ත්‍ර සූත්‍ර නෙමෙයි.. මිල මුදලින් මනින රත්තරං නෙමෙයි.... ඒ වෙනුවට එක අකුරක එක පේලියක තියන සුන්දරත්වය මට ජීවිත කාලය පුරාවට විඳින්නට හැකි නිසා. ආදරේ වෙනුවෙන් ගෙවෙන ජීවිතේ සංකේතයක් වෙන්න.
හාට් එක මට ආදර සංකේතයක් වුනේම නෑ. හාට් එකේ විතරක් තියන ආදරේකට මම ආස නෑති නිසා, මේ ආදරේ හාට් එකෙන් පටන් අරගෙන මොලේ දක්වා හැම නහරයක් දක්වා හැම හුස්මක් දක්වා ඔඩු දුවන නිසා.
මගෙ ආදර සංකේත දෙකක් තියනවා.
1. හෑපි ෆේස් එක...
අපි ආදරේ කරන හැම මොහොතකම අපේ හිත පතුලෙන්ම හිනාව මතු වෙනවා.ඒක නිරායාසයෙන් එන දෙයක්.. ජීවිතේ සතුට වෙනුවෙන්, නිවී සැනසීම වෙනුවෙන් හොයපු ආදරේ ලැබුනාම ඒ විදියටම , කට කණේ මිස අන් කවර කතාද?
2. ".................................."
මේක මම කියන්නෙ නෑ... මන් හිතන්නෙ කවද හරි මට කියන්න පුලුවන් වේවි....
ලාවට කියන්නම්කෝ... මෙතන හීන කියලා හපොයි වෙන වින්නැහියක් වුනොත්...
ඒ සංකේතේ තමයි ආදරේ අඳුනන , ආදරනීය , ආදරබර, ලයාන්විත , සංවේදී කැරලිකාරයෙක්... :)
ජීවිතේ දුකක් තමයි.. යථාර්ථයට ගොඩාක් පෙම් බැන්දොත් ඒක තමයි ඇත්ත. ඒත් මේ විශ්වයම ලඝු කරන්නට උනත් මට පුලුවනි ආදරය වෙනුවෙන්... ගහකොල ඇල දොල සතා සිවුපාවුන් මේ හෑමකෙනෙකුටම ආදරය දෑනෙනවා. විඳිනවා. අන්තිමට අහිමි වෙනවා.ඒක තමයි ධර්මතාවය... පුද්ගලභාවයෙන් මනින කල ආදරය මිය යද්දි ,'ආදරය' හැමදාම පවතිනවා. ඒ නිසා මියෙන්නට පෙර ,මේ ගතවෙන පුංචි කාලෙ ඇතුලෙ , අපි අපේ ඉතුරු බාගෙ(Other Half)හොයනවා. ඒ අපිට ඉතුරු බාගෙ නැතුව පවතින්න බෑරි නිසා.
මේ ඉතුරු බාගෙ ගැන වද වෙච්චි පලවෙනියා හෝ අන්තිමයා ඔබ හෝ මම නෙමෙයි.
පවුලෝ කොයියෝ Eleven Minutes පොතේ 162 වෙනි පිටුවෙ ඒ ගැන මෙන්න මෙහෙම කියනවා.
" මෑවීම ආරම්භයේදී ගැහැනුත් පිරිමිත් හිටියෙ දැන් ඉන්න ලෙසට නෙමෙයි. තිබුනෙ එකම පෑවෑත්මක්. ඒ ජීවියාට හුඟාක් කොට ශරීරෙකුත් බෙල්ලකුත් තිබුනා. ඒත් එයාට දෙපෑත්තට බලාගෙන ඉන්න මූනු දෙකක් තිබුනා. ඒක හරියට සත්තු දෙන්නෙක් මෑලියම් ගාල පිටට පිට තියලා ඈලෙවුවා වගෙයි.
කොහොම හරි ග්‍රීක දෙවියෝ මේ ගැන ඉරිසියා කලා. ඒ මොකද අත් හතරක් තියන නිසා ඒ සතාට හුඟාක මහන්සි වෙලා වෑඩ කල හෑකි.මූනු දෙක නිසා ඉතාම සෝදිසියෙන් ඉන්න පුලුවන්.. කකුල් හතර නිසා ගොඩ වෙලාවක් ඈවිද්දා වෑඩ කලා මාන්සියක් නෑතුව. ප්‍රජනනය පවත්වා ගන්නත් දෙදෙනෙක් අවශ්‍ය වුනේ නෑ.
සියුස් මේ සුරයින්ගෙ ශක්තියෙන් කොටසක් අයින් කරන්න හිතලා, එයා අකුණු පාරකින් දෙකට කෑපුවා මේ සත්වයාව. ඒ අනුව ලෝකෙ ගැහැනියත් පිරිමියාත් නිර්මාණය වුනා. ඉතින් මේ දේ ලෝකෙ ජනගහනය වෑඩි කලා. ජීවත් වෙන උන් කිසිම හෑකියාවත් ශක්තියන් නෑති දුර්වලයො වුනා. මොකද තමුන්ගෙ ඉතිරි භාගය තමුන්ට අහිමි වුන නිසා. මිනිහාට සහ ගැහැනියට මහන්සි දැනෙන්නට වුනා. වෙහෙස වුනා. පොඩ්ඩක් මහන්සි වෙද්දි දුර්වල වුනා.ඒ නිසා මිනිහා සහ ගැහැනිය තමන්ට හිමි ඉතිරි භාගය සොයන්නට පටන් ගත්තා. ඒ අහිමි වූ ශක්තිය නැවත ඇති කරගන්නට.
දෑන් ඒ අයට සිද්ද වෙනවා ඒ අයට අහිමි අනිත් බාගය හොයන්න. ශිෂ්ඨාචාරයක් මුලුල්ලේ ඒ නිසා අපි අපේ ඉතිරි භාගය හොයනවා."
මේක මිත්‍යා කතාවක්. ඒත් ඒ තියරියට මම ආදරෙයි... අපි මේ ශක්තිමත් පැවැත්ම රැක ගන්න ඉතිරි භාගය හොයන අසරණයෝ...අපි මේ ආදරේ ආදරේ කිය කිය සමරන්නෙ මේ ඉතිරි භාගය හොයන මෙහෙයුමදැයි කියා මට හිතෙනවා.
ආදරේ නිදහස්. ... ලස්සනයි... මගෙ සහ ඔයාගෙ හීන කියල දෙකක් නෑ....මේවා ඔක්කොම අපේ හීන..... අපේ මිත්‍යාවල්... මිත්‍යා පිරිච්ච ලෝකෙක අපි මේ ඉතිරි බාග කතාවට විතරක් පස්ස හරවන්නෙ මොටද?
ඉතිරි භාගය හමු වුනාම මොන වගෙ දැනේවිද? අසීමිත ප්‍රහර්ෂයක්... ඉතිරි භාගය හමුවූ දාට , කල්ප කාලයක් පුරාවට තමුන්ගෙ හිත විතරක් දැනන් උන්න ආදරනීය ආමන්ත්‍රණයෙන් තමුන්ව අමතා පුදුම කරවාවි... මෙතෙක් ගැහැට විඳිමින් තමා ජීවිතය ගෙන ආයේ මේ පුදුම සහගත ඉතිරි භාග්ය වෙනුවෙන් බව පසක් වේවී...
ලොව පුරා අතොරක් නැතිව වෙහෙස නොබලා ඇවිදිමින්, ඉවසමින් තමුන්ගේ ඉතිරි භාගය සෙවූ, සොයා ගත් , ඉන් ශක්තිය සැනසීම අත් කරගත් සියලු 'පූර්ණ අර්ධ' සහ තවමත් 'අසම්පූර්ණ අර්ධ' වෙනුවෙන් අද වගෙ දවසක ලිව්ව ආදර සටහනක් මේ....
ආදරෙයි.. ආදරෙයි.. ආදරෙයි.... හුස්ම වගේ....
ගිය අවුරුද්දෙ අද වගෙ දවසක මම ලිව්ව රෝස මල් දවස ආයෙමත් මතක් වුනා මට ... මොකද අද උදේ එනකොට අපෙ ශිෂ්‍ය නායකයො නායිකාවො එන්ට්‍රන්ස් එකේ රෝස මල් ඔතනවා... පාට පාට ... සිනිඳු .... ඒත් කවුරුවත් පුංචිම පුංචි පිච්ච මලක් ගෙනත් නැහැ... අඩු ගානේ උඩ වැඩියා මලක්වත්... :)
ඔයාගෙ ඉතිරි භාගෙ මුණ ගැහිච්ච වගක් මම තාම දන්නෙ නෑ... එහෙමනම් ඉක්මනින්ම ඔයාගෙම ඉතිරි භාගෙ මුණගැහේවා කියලා අද මේ විශේෂ දවසෙ මම සුභ ගතනවා... හැමෝගෙම හැම තිස්සෙම කට කණේ නම් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද නංගා? ඒවානම් කවදාවත් හැබෑ නොවෙන හීනම තමා... ඔව් ඔය පුංචි එව්වොන්ට රෝස මලක් නොවී පිච්ච මලක් වෙන්න උදව් කරන්න... (කරනවා කියල දන්නවා)
ReplyDeleteඅනේ මගේ ඉතිරි බාගෙ මුණ ගැහෙන්න කලින් මිස්ට මිස්ගෙ ඉතිරිබාගෙ මුණගැහෙන්න ඕන...
ReplyDeleteඔය භාගෙ මහා කරුමයක් අනේ......
ReplyDeleteමන් කමෙන්ට් කරන්නෙ නෑ.... කමෙන්ට් කරන්න ගියොත් මගේ වචන වක්කඩ කැඩුවා වගේ වෙනවා.........
ReplyDeleteතනෝජා අක්කේ, රොශාන්, නෙතාරා නන්ගි, අනුරාධ මල්ලි...
ReplyDeleteඅපේ ඉතිරි භාගෙ කොහෙ හරි ඇති....
ස්තූතියි.... :)
හ්ම්ම්ම්... කල්පනාවෙන් ඉන්ට... නැතිවුනු භාගෙට ඔය බලාපොරොත්තු වෙන ගති ගුණ මොකවත් නොතියෙන්ට පුලුවන්... මොනවා වුනත් ඒ මගේ භාගෙ කියලා බාරගන්ට... ඒ වෙලාවට...
ReplyDeleteකිසිවක් නොකියමි.. මන්ද කිසිත් නොදන්නා නිසාවෙනි...:-D
ReplyDeleteපවුලෝ කොයියෝ Eleven Minutes පොතේ ඔය කිව්ව කතාව අපේ මේ වත් අක්කත් කිව්වා...මෙන්න මෙහෙම....
ReplyDelete෴ ආදරය සහ නැති වුන අර්ධය ෴
ආදරයකට, මිල මුදල් වලින් තෑගි බෝග වලින් ආදරය දෙන්න බෑ....ආදරයකට ආදරය දෙන්න පුළුහන් ආදරයෙන්ම විතරයි....
වෙනදා වගේම පෝස්ට් එක සුපිරියි.....
කාලෙකට කලිං ටී.වී. එකේ ගියා මතකද "සීනා" කියල කතාවක්. ඒකෙ සීනගෙ යාලුව හරිම දක්ශයි කතන්දර කියන්න. එයා දවසක් එක ගමක පොඩි එවුං කට්ටියක් වට කරගෙන ඔය කතාව (නැති උන බාගෙ) කිවුව. එදා තමයි මට තෙරුනේ මොකද්ද මෙ වෙලාවකට හිතට දැනෙන වචනෙන් කියාගන්න අමාරු මහ අමුතු හැඟීම කියල.
ReplyDeleteඅද වෙනකොට නං මගෙ ඒ අහිමි උන බාගය ලැබිල තියෙන්නෙ . . .ඒත් . . . එක වෙලාවකට හිතෙනව මේ "හරි බාගෙද" ?? කියල.
තිස්ස අයියා... ඔබ හරි.... තමුන්ගෙ අනිත් බාගෙ තමුන්ට සර්ව සම නෑ.... ඒ බාගෙ එතෙක් කල් වෙන වෙන ගම් දනවු වල කරක් ගහලා යි ඉන්නේ ... නේද අයියේ???
ReplyDeleteහලේ පසෝ... කියන්ටකෝ මොනා හරී.... :)
හසියෝ.... ගොඩාක් ඉස්තූති මල්ලියෝ..ඔයා මගෙ හැම පෝස්ට් එකම කියවනවා නේද? හරිම සතුටුයි :)
ඕනයා...
ඔව් ඔව්.. ඔය නැති වුන බාගෙ කතාව මම කියෙවුවෙ මිනිත්තු එකොලහේ කතාවෙන්... ඒක හොයන් කියවන්න.. හැබැයි ඒක කියවන ඔයා අවුරුදු 21ටවත් වැඩි උනා නම් හොඳයි .... නැතිනම් ඒකෙ හරයක් පේන්න ගන්නෙ නැති වේවි...
මට දැං වයස අවුරුදු 34ක් වෙනව . . . . තේරෙන එකක් නැතිවෙයිද මංදා . . . ඔය කියපු කතාව කවුද ලියල තියෙන්නෙ . . .???
ReplyDeleteහික්ස්... මරු... භාගෙ නොතිබ්බත් අවුල්... සමහර වෙලාවට තියෙන කොටත් වාතයි කියල හිතෙනවා.. කොහොමත් ඉතින් කවදා හරි මුණ ගැහෙයි නේ.... එතමක් හීන් මව මව ඉන්න.... හික්ස්...
ReplyDeleteඑක අවුරුද්දට එක වචනෙ ගානෙ ඉස්සරහට තෙරුම් ගන්ටකො ඕනෙයෝ... :)
ReplyDeleteහිපෝ... නියම බාගෙ මුණ ගැහුනම තිබ්බත් වාතයි කියල කවදාවත් හිතෙන්නෙ නෑ.. අනේ මෙතෙක් කල් නොතිබ්බෙ ඈයි කියල හිතෙනව මිසක් !
බර බාගෙ :)
ReplyDeleteහරියට හරි මකරා ! දාපන් 5ක් :)
ReplyDeleteඔන්න 1 යි 2 යි 3 යි 4 යි. ඉතුරු එක ඔයා දාන්න ;)
Delete