Monday, February 28, 2011

[165] ඉස්කෝලෙන් ආව තවත් පොඩි සිද්ධියක් !

මේ සති කීපයකට කලින් වෙච්චි සිද්ධියක්...ලිව්ව හදිසියට ඉවර කරන්නවත් Publish කරන්නවත් බැරිවුනා.


2011-2-11- පාසල් පරිඝනක ගොඩනැගිල්ල.. 11ට පමණ...

ජයග්‍රාහී සිරිපා ගමනකින් පස්සෙ(අපේ බ්ලොග් සෙට් එකක් සමග) හෑදුනු කකුල් කෙඩෙත්තුවෙන් පීඩා විඳින 7 වෙනි දවස මේ . තට්ටු 3ක් නෑගගෙන අද දවසට පන්ති කාමරේට නැග්ග 3 වෙනි වතාව මේ.  උපරිම පඩි පහයි නගින්න පුලුවන්. බහින් ටික ඉතින් කියල වැඩක්ම නෑ.එක පඩියෙන් පඩිය. හෙමිහිට.... තාප්පෙ අල්ලගෙන... බඩගාන හෑටි දෑකල කී දෙනෙක් හිනා වෙනවද මන්දා. ඒත් ඉතින් වෙන මක් කොරන්නද. අහනකොටත් ලෑජ්ජනේ...මන් ඉතින් නතර වෙවී හෙමීට හෙමීට බහිනවා.හෙ හෙ... මොකද සමහරු එතකොට හිතනවා මම මේ සෝබනේට එහෙම කරනවා කියලා. ඉතින් වේදනාව කාගෙන මුකුත් නොවුන ගානට බහිනවා නෑවති නෑවතී...


මීට විනාඩි ගානකට පෙර ඔන්න ආයෙමත් බඩගාගෙන දණ ගාගෙන මම පඩිපෙල බහිනවා එක පන්තියකට පස්සෙ. එක අතක කම්පීතරේ. අනික් අතින්  පොත් ටික සහ අනික් ආම්පන්න .


පන්තියක් ඈරිලා බෙල් ගහලා. ලමයි කඩාගෙන බිඳගෙන උඩහින් දුවගෙන එනවා. මන් ඉතින් අයින් වෙලාආයෙත් හෙමින් හෙමින් පඩිපෙල බහිනවා.
 


ඔන්න පිටිපස්ස්සෙන් තව පොඩ්ඩෙක් එනවා. මන් ආයෙමත් අයින් වුනා. යන්න කියලා.
පොඩ්ඩා මාව පහුකරගෙන පඩියක් දෙකක් බෑස්සා..ආපහු හැරුනා..

 "Why miss? Are you OK ? " බොහෝම හැඟීම්බරව පොඩ්ඩා අහනවා.. ( හැඟීම්බරවෙන්න පුලුවන් ඉන්ගිරිසියෙන් වුනත්...)

"I'm just fine dear. .. just a small knee pain.You better hurry to your class kid "
මම වේදනාව හංගගෙන හිනාවෙලා කිව්වා. 

 පොඩිත්තා දුවන්ට ආපහු හැරුනා. ඒත් පඩියක් බැස්සා, ආයෙමත් නැවතුනා. ඊට පස්සෙ එයා දුටුවෙ මගෙ අතේ තිබුන බර පොදිය..

"Miss Shall I carry this for you? I feel you are not OK "  


දඟකාරකම පිරිච්ච ඒ මූනෙ තිබ්බ හැඟීම්බර ලෙන්ගතුකම මාව මොහොතකට විමතියට පත් කලා. ඒකට හේතුව මම ඉන්නෙ Posh ඉස්කෝලෙක වීම නෙමෙයි. එතකොට මෙතෙක් මාව පහු කරගෙන ගිය සිය ගානක් ....??? 

"Its ok darling. Im fine. Thanks alot"
පොඩ්ඩගේ ආදරනීය වදන් ඉස්සරහා මට ආදරනීය තහනම් වචනෙකුත් කියවුනා. ( Darling)

පොඩ්ඩා ආපහු හැරුනා. වේදනාවක් ඇතත් නැතත් උපතින්ම කොරගහන තමුන්ගෙ කකුල තමුන්ට හෑකි උපරිම වේගයෙන් අද්ද අද්දා පොඩ්ඩා පන්තියට පය 'ඉක්මන්' කලා. 

මට එදා ඒ මොහොතෙත් මෙදා මේ මොහොතෙත් ඒ ගැන හැඟීම් මිසක වචන ආවෙ/එන්නෙ නෑ... පොඩිත්තගෙ හිතට වේදනාව ගෙනාවෙ එයාගෙ පුංචි කර මත වැටිච්චි පොත් බෑගය හෝ උපතින්ම තමන්ව අන් අයට වඩා 'පරක්කු' කරපු කකුල නෙමෙයි..ඊට වඩා මගෙ අපහසුවට උණු වුන ඒ දුලබ හදවත දැනුනම මගෙ පපුව හෝස් ගාල පත්තු වුනා. 



මම අවසානයක් වශයෙන් මොකුත්ම කියන්න කැමති නෑ.පුංචි සිද්දියක් වුනත් මගෙ හිත කොයි තරම් සසල වුනාද කියල මම කියන්නට ගියොත් මේ අහින්ංසක පොඩිත්තාගේ ලෙන්ගතු මානව දයාව ගැන මා ලඝු කොට ලියන්නා විය හැකියි.

ඒත් මට පසුවදනක් ලියන්න හිතුනේ මෙන්න මේ නිසා...

මම කොයි සංස්කෘතියට කහින කෙනෙක් වශයෙන් ඔබ හඳුන්වනවාද කියා මට දැනගන්න අවශ්‍ය නෑ. මම දන්නෙත් නෑ. මොකද මම ලියන්නේ සංස්කෘතික සාරධර්ම , හැදියාව, ලාංකීයකම, සිංහලකම, බෞද්ධකම යනාදී මේ කිසිවක් ගැන නොවෙන නිසා. මම ඊට එක් ස්තරයක් හෝ ඉහලින් සිට පහල බලන්නට හැමදාමත් උත්සහයක් ගන්න නිසා. මා නිවැරදි නොවෙන්නට පුලුවන්. ඒත් සංසාරේ අපි  හැමදාම ලියන්නේ ඔය විවිධාකාර මිනිස් වර්ගීකරණයන් එක මිටින් ගත හැකි එකම එක නිර්වචනයක විවිධ පැතිකඩ පෙන්වීම සඳහායි. ඒ තමයි 'මනුස්සකම'... 'මානව දයාව'.... 'හෘදයාංගම බව'... ඊට පාටක්.. භූගෝලීය පසුබිමක්... දිශාවක්... භාෂාවක්... ජන්මයක් දෙන්නට මා පුද්ගලිකව කැමති නෑ... 

සංසාරේ අපි ලියවෙන්නේ ඒ මනුස්සකම වෙනුවෙන්... මනුස්සකම බෙදා ගන්නවාට ස්තූතියි.

Friday, February 18, 2011

[164] සමන්මලී ටීචරුයි දෝණියි ,,,!

මතකයි නේද අපෙ සමන්මලී ටීචර්ගෙ චුට්ටි දෝණි බබා අම්මගෙන් අහපු ප්‍රශ්නේ?? ඔන්න අමතක නම් මේක බලන්නකෝ....
සමන්මලී අක්කා ඊට ටික දොහකට පස්සෙ ලියුව ඉතුරු කොටස තමයි මම අද මේ ලියන්නේ..


"
ඔන්න මම ආයෙම පෑන අතට ගත්තා.- මගේ සාම්ප්‍රදායික මෙවලම- යතුරු පුවරුවෙන් ලියන ඔබට කතා කරන්න- මම පෑන අතට ගත්තා.ඔබත් මමත් යා කරන පාලම- ඒ කිවුවේ මගේ දිල් නගා- අදත් උදේ කිව්වා ලියන්න කියලා... ඔන්න මම ලියනවා...

එක දවසක් නතර කරපු තැනින් අපි අද පටන් ගනිමුද? තවත් කතා කරමු ආදරේ ගැන..- අර වණ්ඩු ආප්ප ආදරේට පස්සේ...

එදා මම කිවුවනේ මම ආයෙමත් දවසක කියන්නම් කියලා.. මම දෝණිට දුන්නු උත්තරේ..

වණ්ඩු ආප්ප ආදරේ කියවා රස වින්දා නම් ඒ පෙරවදන ඔබටයි.නැතිනම් මෙන්න පෙරවදන.

මගේ දෝණිට අපූරු ප්‍රශ්නෙයක් මතු වුනා."අප්පච්චි අම්මාගේ කවුද?" (මගේ දෝණිට යන්තම් වයස අවුරුදු 3යි)

ඉතින් ඔන්න මම උත්තරයක් දුන්නා මෙහෙම.

"දුවේ ඔයා දැකලා තියනවද අප්පච්චි අම්මාට සැරෙන් බනිනවා- ඔයාටයි අයියලාටයි වගේම?"

"ඔව්, ඇයි එතකොට අම්මා අඬන්නේ... "

"ආ..ඒකනේ...- ඒ වෙලාවට අප්පච්චි අම්මාගේ අප්පච්චි"

"එතකොට ඔයා දැකල තියනවද අම්මා ඉස්කෝලෙ ගිහින් ආව වෙලාවෙ ඉඳලා කැම කාල ඉවර වෙනකල්ම අප්පච්චි එක්ක දේවල් ගොඩක් කියනවා..අප්පච්චි ඒවා අහගෙන ඉන්නවා. ඒවාට හිනා වෙනවා"

"ඔව්, අම්මයි අප්පච්චියි එතකොට අපිට එහාට ගිහින් සෙල්ලම් කරන්න කියන්නේ"

"මගේ දූ දන්නවද අම්මයි අප්පච්චියි පාරේ ඇවිදිනකොට අම්මා පාර අයිනට දාලා අප්පච්චි පාර පැත්තෙන්මයි යන්නේ.. ඒ වෙලාවට අප්පච්චි අම්මගෙ ලොකු අයියා"

"ලොකු අයියා...? මේ අපේ ලොක්කා වගේ නේ.."

"කොහේ හරි යන්න ලැහැස්ති වෙද්දි අප්පච්චි පරක්කු වෙනකොට අම්මට අප්පච්චිත් එක්ක කේන්තිත් යනවා නේද? එහෙම කේන්ති ගිහින් මූණ නපුරු කරගෙන අම්මා කැ ගහනවා නේද?"

"හි...හි...හී"

"අන්න එතකොට නම් අප්පච්චි අම්මගේ මල්ලිම තමයි"

"එතකොට අප්පච්චි අම්මගේ ඇත්තටම කවුද?"

"අප්පච්චි අම්මට අප්පච්චියෙක්, අයියෙක්,යාලුවෙක් ඒ වගේම සමහර වෙලාවට පුංචි මල්ලියෙක්.. මේ ඔක්කොම තමයි පැටියෝ...ඒ අප්පච්චි අම්මට ගොඩක් ආදරේ නිසයි..."

"ඒ කියන්නේ අප්පච්චි හරිම හොඳයි...අම්මට ගොඩක් ආදරෙයි...- අනන්තයක් තරම් නේද අම්මා පැටියෝ???"

මගේ චූටි දූ තාම අනන්තය කියන වචනේ තේරුම දන්නේ නෑ.නමුත් එයා දන්නවා අනන්තය කියන්නේ අනිත් හැම සංඛ්‍යාවකටම වැඩි සංඛ්‍යාවක් කියන එක. ඒ නිසයි ඒ පුංචි හිතට හිතුනේ අප්පච්චි අම්මට අනන්තයක් ආදරෙයි කියලා... "


පසුවදන:

සමන්මලී අක්කා.... නුඹ නම් සමන් මලක්. නුඹෙ දරු තුන් දෙනා දු‍ටුවම අනේ තුණුරුවන් සරණයි, ඇස් වලට කඳුලු ආවා ... අහින්සක ඇස්, අහිංසක හිනාවල්, අත වනලා බුදු සරණයි කියල කතා කරනකොට, අනේ 'නැන්දේ මාමේ' කියලා කියනකොට....  නුඹ වගෙ අම්ම කෙනෙක් නුඹෙ පෙම්බරා වගෙ අප්පච්චියෙක් ලබන්න ඒ පැටවු තුන් දෙනා වාසනාවන්තයි. මේ වගෙ ලස්සන ආදරයක් දකින්න අපෙ ඇසුත් වාසනාවන්තයි අක්කා...


බුදු හාමුදුරුවො කිව්වා... මල් වලට මලුත් කුණු වලට කුණුත් එකතු වෙනවා කියලා. නුඹ සමන්මලක්... සමන් වැලේ පිපෙන්නෙත් ඒ තරම්ම සුවඳ හමන සමන් පොහොට්‍ටු....


අර උඩහින් තියෙන්නෙ අපෙ බෙනර පුතා, (සමන්මලී අක්කගේ ලොකු පුතා) එයාලගෙ ලස්සන පවුල ඇඳපු නිර්මාණයක්...

Wednesday, February 16, 2011

[163] ආදරේ මීටරේ..... :D


මේ ..... බබා..... මට කොච්චර ආදරේද කියන්නකෝ......

ම්ම්ම්... ම්ම්ම්... ම්ම්ම්ම්

කුරුලු වෙනද වගේම සත්සරගෙ නොපරදින උපමාවට අලගු තියන්න හැකි උපමාවක් හොයන්න ගෑනු මොලේ වෙහෙස කලා. 

ම්ම්ම්ම්... ම්ම්ම්.... මේ ලෝකෙට මම බිහි වෙච්චි දවස ඉඳන් කොච්චර වාර ගානක් මම හුස්ම අරගෙන ඇතිද? මගෙ ඇඟේ සෛල කොච්චර ඇතිද? හුස්මගත්ත වාර ගාන වැඩි කරන්න ඇඟේ තියන සෛල ගානෙන්.... අන්න එච්චරක් ආදරෙයි.... 

කුරුලු ජයග්‍රාහී බටිචි හිනාවකින් කිව්වා .. ඇගේ ඇස් දිලිසෙනවා... කුරුලු කිව්ව අලුත් උපමාව කුරුලුටම සතුටක් ගෙනාවා....


සත්සර ඒ උද්දාමයෙන් ඇලලුන හුරුබුහුටි මූණට හෙමින් තට්ටු කලා. අනේ මේ හිනාව . අනේ මේ දිලිසෙන ඇස්... බට්ටිච්චියො දෙන්නක් වගෙ උඩ පනින නටන ඇස් බෝල දෙක දිහා සත්සර ලෝබ කමෙන් බලන් හිටියා... එතන සෙනග වැඩියි හිතෙන දේ කරන්න...


ටික වෙලාවක් යනකොට  සත්සර හිතෙන් ටිකක් කලබල වුනා... වෙනදට කුරුලු මේ වෙනකොට අනිත් ප්‍රශ්නෙ අහල ඉවරයි. ඒත් අද මොකෝ... 
 තාම බලන් ඉන්නවා... 

මේකිට අද තනියමම දිනුම ගන්න ඕනෙ වෙලාද ? හැබැයි මේකි කිව්වෙ පරදින්න ආසයි කියලා. ...

ස්ට්‍රෝ බටය ඔතල තිබ්බ පොලිතින් දිග කූර අරගෙන ඒකෙ කොනෙන් සත්සර ඇගේ නහය කිචි කවන්න උත්සහ කලෙත් මේ නිහඬ බව බිඳින්න ඕනෙ නිසයි...එයාව පරද්දල සතුට(?) බලන්න ඕනෙ නිසයි...


කිචි කැවෙන නාහෙ ගස්ස ගස්ස කුරුලු කටින් පුරුදු ප්‍රශ්නෙ එලියට පැන්නා...


දැන් මම කිව්ව මම ඔයාට කොච්චර ආදරේද කියලා... ඔයා මට කොච්චර ආදරේද ?


සත්සර කුරුලුගේ ආසාවෙන් උඩ පනින නටන ඇස් දිහා මොහොතක් බලාගෙන උන්නා... ඊලඟට බොහෝම බැරෑරුම් ලීලාවෙන් උඩ බැලුවා...


ම්ම්ම්.. මෙහෙමයි... අයිස් ඒජ් (Ice Age) මූවි එකේ අර ලොකූ ලේනව (Skrat) මතකද ? මතකද එයා අර වෝල්නට් ගෙඩියට කොච්චර නම් ආදරේද කියලා ... අන්න ඒ තරමටත් වැඩියෙ මම ඔයාට ආදරෙයි... 




Monday, February 14, 2011

[162] මේක ආදර හීනයක් !

ආදරේ හීනයක් වෙන්නෙ අපි හීන මවද්දි. හීනෙන් පොඩ්ඩක් එලියට ඇවිත් ඇස් ඇරියම සැබෑව ඇතුලෙ තියෙන්නෙත් සොඳුරු ආලයමයි.මොකද හැබෑ වෙන්නෙම අපෙ හීනම තමයි... අපි වැඩිපුර නොහිතුවට....


එයාගෙ 'අරයා' එයාට ටෙඩියො දුන්න පලියට මම 'ටෙඩියො' හොයන්නෙ නෑ. අරයගෙ 'මෙයා' රෝස මල් දුන්නු පලියට මම ගිණි ගනන් රෝස මල් හොයන්න කිව්වෙ නෑ. හැමදාම මම හෙවුවෙ ලෝකෙ කාටවත්ම නොලැබෙන දෙයක් මම වෙනුවෙන්. යාන වාහන යන්ත්‍ර සූත්‍ර නෙමෙයි.. මිල මුදලින් මනින රත්තරං නෙමෙයි.... ඒ වෙනුවට එක අකුරක එක පේලියක තියන සුන්දරත්වය මට ජීවිත කාලය පුරාවට විඳින්නට හැකි නිසා. ආදරේ වෙනුවෙන් ගෙවෙන  ජීවිතේ සංකේතයක් වෙන්න.


හාට් එක මට ආදර සංකේතයක් වුනේම නෑ. හාට් එකේ විතරක් තියන ආදරේකට මම ආස නෑති නිසා, මේ ආදරේ හාට් එකෙන් පටන් අරගෙන මොලේ දක්වා හැම නහරයක් දක්වා හැම හුස්මක් දක්වා ඔඩු දුවන නිසා. 


මගෙ ආදර සංකේත දෙකක් තියනවා.
1. හෑපි ෆේස් එක...


අපි ආදරේ කරන හැම මොහොතකම අපේ හිත පතුලෙන්ම හිනාව මතු වෙනවා.ඒක නිරායාසයෙන් එන දෙයක්.. ජීවිතේ සතුට වෙනුවෙන්, නිවී සැනසීම වෙනුවෙන් හොයපු ආදරේ ලැබුනාම ඒ විදියටම , කට කණේ මිස අන් කවර කතාද?




2. ".................................."
මේක මම කියන්නෙ නෑ... මන් හිතන්නෙ කවද හරි මට කියන්න පුලුවන් වේවි....
ලාවට කියන්නම්කෝ... මෙතන හීන කියලා හපොයි වෙන වින්නැහියක් වුනොත්...  
ඒ සංකේතේ තමයි ආදරේ අඳුනන , ආදරනීය , ආදරබර, ලයාන්විත , සංවේදී කැරලිකාරයෙක්... :)


 ජීවිතේ දුකක් තමයි.. යථාර්ථයට ගොඩාක් පෙම් බැන්දොත් ඒක තමයි ඇත්ත. ඒත් මේ විශ්වයම ලඝු කරන්නට උනත් මට පුලුවනි ආදරය වෙනුවෙන්... ගහකොල ඇල දොල සතා සිවුපාවුන් මේ හෑමකෙනෙකුටම ආදරය දෑනෙනවා. විඳිනවා. අන්තිමට අහිමි වෙනවා.ඒක තමයි ධර්මතාවය...  පුද්ගලභාවයෙන් මනින කල ආදරය මිය යද්දි ,'ආදරය' හැමදාම පවතිනවා. ඒ නිසා මියෙන්නට පෙර ,මේ ගතවෙන පුංචි කාලෙ ඇතුලෙ , අපි අපේ ඉතුරු බාගෙ(Other Half)හොයනවා. ඒ අපිට ඉතුරු බාගෙ නැතුව පවතින්න බෑරි නිසා.


මේ ඉතුරු බාගෙ ගැන වද වෙච්චි පලවෙනියා හෝ අන්තිමයා ඔබ හෝ මම නෙමෙයි.


පවුලෝ කොයියෝ Eleven Minutes පොතේ 162 වෙනි පිටුවෙ ඒ ගැන මෙන්න මෙහෙම කියනවා.


" මෑවීම ආරම්භයේදී ගැහැනුත් පිරිමිත් හිටියෙ දැන් ඉන්න ලෙසට නෙමෙයි. තිබුනෙ එකම පෑවෑත්මක්. ඒ ජීවියාට හුඟාක් කොට ශරීරෙකුත් බෙල්ලකුත් තිබුනා. ඒත් එයාට දෙපෑත්තට බලාගෙන ඉන්න මූනු දෙකක් තිබුනා. ඒක හරියට සත්තු දෙන්නෙක් මෑලියම් ගාල පිටට පිට තියලා ඈලෙවුවා වගෙයි.


කොහොම හරි ග්‍රීක දෙවියෝ මේ ගැන ඉරිසියා කලා. ඒ මොකද අත් හතරක් තියන නිසා ඒ සතාට හුඟාක මහන්සි වෙලා වෑඩ කල හෑකි.මූනු දෙක නිසා ඉතාම සෝදිසියෙන් ඉන්න පුලුවන්.. කකුල් හතර නිසා ගොඩ වෙලාවක් ඈවිද්දා වෑඩ කලා මාන්සියක් නෑතුව. ප්‍රජනනය පවත්වා ගන්නත් දෙදෙනෙක් අවශ්‍ය වුනේ නෑ.


 සියුස් මේ සුරයින්ගෙ ශක්තියෙන් කොටසක් අයින් කරන්න හිතලා, එයා අකුණු පාරකින් දෙකට කෑපුවා මේ සත්වයාව. ඒ අනුව ලෝකෙ ගැහැනියත් පිරිමියාත් නිර්මාණය වුනා. ඉතින් මේ දේ ලෝකෙ ජනගහනය වෑඩි කලා. ජීවත් වෙන උන් කිසිම හෑකියාවත් ශක්තියන් නෑති දුර්වලයො වුනා. මොකද තමුන්ගෙ ඉතිරි භාගය තමුන්ට අහිමි වුන නිසා. මිනිහාට සහ ගැහැනියට මහන්සි දැනෙන්නට වුනා. වෙහෙස වුනා. පොඩ්ඩක් මහන්සි වෙද්දි දුර්වල වුනා.ඒ නිසා මිනිහා සහ ගැහැනිය තමන්ට හිමි ඉතිරි භාගය සොයන්නට පටන් ගත්තා. ඒ අහිමි වූ ශක්තිය නැවත ඇති කරගන්නට.


දෑන් ඒ අයට සිද්ද වෙනවා ඒ අයට අහිමි අනිත් බාගය හොයන්න. ශිෂ්ඨාචාරයක් මුලුල්ලේ ඒ නිසා අපි අපේ ඉතිරි භාගය හොයනවා."


මේක මිත්‍යා කතාවක්. ඒත් ඒ තියරියට මම ආදරෙයි... අපි මේ ශක්තිමත් පැවැත්ම රැක ගන්න ඉතිරි භාගය හොයන අසරණයෝ...අපි මේ ආදරේ ආදරේ කිය කිය සමරන්නෙ මේ ඉතිරි භාගය හොයන මෙහෙයුමදැයි කියා මට හිතෙනවා.


ආදරේ නිදහස්. ... ලස්සනයි... මගෙ සහ ඔයාගෙ හීන කියල දෙකක් නෑ....මේවා ඔක්කොම අපේ හීන..... අපේ මිත්‍යාවල්... මිත්‍යා පිරිච්ච ලෝකෙක අපි මේ ඉතිරි බාග කතාවට විතරක් පස්ස හරවන්නෙ මොටද?


ඉතිරි භාගය හමු වුනාම මොන වගෙ දැනේවිද? අසීමිත ප්‍රහර්ෂයක්... ඉතිරි භාගය හමුවූ දාට , කල්ප කාලයක් පුරාවට තමුන්ගෙ හිත විතරක් දැනන් උන්න ආදරනීය ආමන්ත්‍රණයෙන් තමුන්ව අමතා පුදුම කරවාවි... මෙතෙක් ගැහැට විඳිමින් තමා ජීවිතය ගෙන ආයේ මේ පුදුම සහගත ඉතිරි භාග්ය වෙනුවෙන් බව පසක් වේවී...


ලොව පුරා අතොරක් නැතිව වෙහෙස නොබලා ඇවිදිමින්, ඉවසමින් තමුන්ගේ ඉතිරි භාගය සෙවූ, සොයා ගත් , ඉන් ශක්තිය සැනසීම අත් කරගත් සියලු 'පූර්ණ අර්ධ' සහ තවමත් 'අසම්පූර්ණ අර්ධ' වෙනුවෙන් අද වගෙ දවසක ලිව්ව ආදර සටහනක් මේ....


ආදරෙයි.. ආදරෙයි.. ආදරෙයි.... හුස්ම වගේ....


ගිය අවුරුද්දෙ අද වගෙ දවසක මම ලිව්ව රෝස මල් දවස ආයෙමත් මතක් වුනා මට ... මොකද අද උදේ එනකොට අපෙ ශිෂ්‍ය නායකයො නායිකාවො එන්ට්‍රන්ස් එකේ රෝස මල් ඔතනවා... පාට පාට ... සිනිඳු ....  ඒත් කවුරුවත් පුංචිම පුංචි පිච්ච මලක් ගෙනත් නැහැ... අඩු ගානේ උඩ වැඩියා මලක්වත්... :)


Saturday, February 12, 2011

[161] ආදරය ඉදිරියේත් අපි තාරකා දූවිලි..

මේක ලව් ලෙටර් එකක්... ඒ කිව්වෙ සෙනෙහෙ කොලයක්... සෙනෙහෙ කොල ලියන්නෙ හිරිමල් වයසෙ විතරයි කියල හිතන පසුමල් වයසෙ ඈයින් මෙහෙම ලියාවිද?  නෑහෑ. ඒත් ආදරේ , ජීවිතේ තාම අවුරුදු 14-15 හිරිමල් වයසෙ කියල හිතන, කවදාවත් වයසට නොයන සොඳුරු ආදරෙන් මත් වෙච්චි ආදරවන්තයෙක් , තමන්ගෙ ආදරවන්තියට ඇත්තටම ලියුව ලියුමක් මම සොඳුරු සොරකමක් කරා. මන් හිතන්නෙ ඒ ආදරවන්තයවත් ආදරවන්තිවත් ඒකට මගෙත් එක්ක අමනාප වෙන එකක් නෑ...
 


"පෑන් ෆ්ලූට් මාස්ටර් gheorghe zamfir ගේ The Lonely Shepherd අහන හැම මොහොතකම මට දැනෙන සුවිශේෂී හැඟීමක් තියෙනවා. හරියට ඒක ශූන්‍යත්වයත් සමඟින්, අනන්ත විශ්වයත් සමඟින් ඒකාත්මික වීමක් කියලා පාවුලෝ කොයියෝ කියන හැඟීමට සමානයි. හරියට හාත්පස පැතිරුනු නිශ්චලතාවය නොබිඳම සෙමෙන් රැළි නඟන විලක් වගේ... මගේ ආදරිය ලයාන්විතව මගේ කණට ආදරණීය වචන කොඳුරද්දිත් මට දැනෙන්නේ හරියටම ඒ හැඟීම... ඇය අහනවා හිමින්... "ඔයා මට කොයි තරම් ආදරේද" කියලා... ඒක සියවස් ගණනාවක් පුරාවට ආදරවන්තයන් ආදරවන්තියන් අතර හුවමාරු වුනු සරල ප්‍රශ්නයක් වුනත් හැමදාමත් ඇය මගෙන් එහෙම අහනකොට ඒකට වෙනස් වෙනස් හැඩ එකතු වෙනවා මට දැනෙනවා... ඉතින් මම ඒකට දෙන උත්තරේටත් වෙනස් වෙනස් වර්ණ එකතුවෙන එක මට නවත්තන්න බැහැ.

"දන්නවද, අපි ජීව්ත් වෙන ලෝකය එක්ක අපිව සසඳලා බලනකොට අපි කොයි තරම් පුංචිද කියලා හිතෙන එක වලක්වන්න බැහැ. හිතලා බලන්න... අපිට ආසන්නයෙන්ම තියෙන ඊලඟ තාරකා පද්ධතියටත් දුර ආලෝක වර්ෂ හතරකටත් වැඩියි. ඒ කියන්නේ කිලෝමීටර් නම් ට්‍රිලියන 41.5 විතර. ඒත් එතකොට හිතලා බලන්න මේ තාරකා පද්ධති ඔක්කොම තියෙන ක්ෂීරපථය ගැන.. විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයකට වඩා වැඩි, ආලෝක වර්ෂ දහසකටත් වඩා ඝනත්වයක් තියෙන අති දැවැන්ත මන්දාකිණියක්. හැමදාමත් අපි ජීවත් වෙන මන්දාකිණිය ගැන හිතනකොට මට හිතෙන්නේ අති දැවැන්ත කියන වචනේ නිකම්ම නිකම් අර්ථයක් නැති වචනයක් වෙනවා කියලා... ඒත් අපි දන්නා විශ්වයේ තියෙන්නේ මේ මන්දාකිණිය විතරක් නම් නෙවෙයි.විශ්වයේ අපිට නිරීක්ෂණය කල හැකි ප්‍රමානයේ විතරක් මේ වගේ මන්දාකිණි බිලියන 170 කට වඩා තියෙනවා කියලා තාරකා විද්‍යාඥයෝ කියනවා. එතකොට මේ මන්දාකිණි අතරේ තියෙන අවකාශයත් ආලෝක වර්ෂ මිලියන ගණනාවක් වෙනවා..."


නිකමට හිතලා බැලුවොත් අපි මේ දකින විශ්වය, අපි දන්න විශ්වය කියලා කියන මේ අසීමිත මොකක් හරි එක තව එක පරමාණුවක් විතරයි කියලා. ඒ වගේ පරමාණු අසීමිත ගණනාවකින් හැදුනු ලෝකයක තවත් එක පුංචිම පුංචි පරමාණුවක් විතරයි කියලා.... එතනින් එහාට හිතන්න මනුෂ්‍ය සංහතිය මෙතෙක් එක්‍ රැස් කරගත් දැනුම, චින්තන ධාරාවන්, මතවාදයන් ඒකක්ෂණයකින් පලක් නැති වෙනවා. මේ වගේ දෙයක් ගැන හිතන එකත් ක්ෂිතිමය කම්පනයක්... ඒත් මගේ ආදරිය...නුඹට පුළුවන් නම් මම කියන මේ විශාලත්වය ගැන හැඟීමක් ඇතිකරගන්න... නෑ ඒ ගැන අදහසක් ඇති කරගන්න බෑ, නුඹට හැකිවෙන්නේ ඒ ගැන හැඟීමක් ඇති කරගන්න විතරයි. ඒ හැඟීම දැනෙනවානම්, අන්න නුඹ මම නුඹට තියෙන ආදරයෙන් පුංචි කොටසක් දැක්කා වෙනවා...ආදරය ඉදිරියේත් අපි තාරකා දූවිලි...


මම එහෙමයි ඇයට කොයි තරම් ආදරේද කියලා කිවුවේ...



ඉතින් මට නම් කියන්න තියෙන්නෙ, මේ ආදරවතයා එලඹෙන වෑලන්ටයින් සෑමරුමට තමන්ගෙ වාසනාවන්ත ආදරවන්තිට ලෝකෙ දෙන්න පුලුවන් ලස්සනම තෑග්ග දීල වගෙයි... සුන්දරයි,... ආදරයට ආදරය ක්‍අරන සංසාරේ අපි හි ජීවිතෙ මල් හෙවත් දිල්ශාරා , මේ ආදරයට හදවතින්ම සුබ පතනවා.


මේ ආදරවන්තයාගෙන් මේ වගෙ සොඳුරු ලියවිල්ලක් හසුනක් හැටියට ලබන්න ඒ ආදරවන්ති හරිම වාසනාවන්තයි... 


ස්තූතියි.. ආදරය කියා දුන්නාට :) 



තව දෙයක්... මේ කතාවෙ ආදරවන්ති ලියන විදියට මට හිතුනා ලියන්න...

" ආදරේ කියන්නෙ තමුන්ට ආස හිතෙන කෙනෙක්ට තමුන්ගෙ හිතේ පිරිල තියන ආද‍රේ පුද දීල හූල්ලන එක නෙමෙයි කියන එක මම තෙරුම් ගත්තේ ඔයාගෙන්. ආදරේ දැනෙන්න දෙන්නෙ කොහොමද කියන්න ඔයා දැන ගත්තෙ මෙතරම්ම ඔයා ආදරය කියා දෙන ගුරුවරයෙක් (ගුරු කෙනෙක්) වෙන්න ඕනෙ.  ඔයා මට කියල දුන්නා එක දෙයක්. ඒ තමයි අපෙ හිත ඈදෙන කෙනෙක්ට නෙමෙයි , අපි කරා ආදරය පතුරන , අපිට ආදරය දෙන කෙනෙක්ටයි අපි ආදරය කරන්න ඕනෙ කියන එක... මම හැමදාම පැරදුනා අපි දෙන්න එකිනෙකාට කොයි තරම් ආදරෙයිද කියල කරන නිර්වචනෙන්. ඔයා කොහොමත් මට වඩා නිර්මාණ ශීලියි... හෑමදාම හිතන දේ හිතෙන පරක්කුවෙන් ඉස්ට කරගත්ත මේ ගෑනු හිත මග බලන් හිටියෙ පරදින්නයි. ඒ පෑරදීම හරිම සුන්දරයි. ඒ සොඳුරු පරාජයේ මිහිර විඳින මම තරම් වාසනාවන්තියක් මම හිතන්නෙ නෑ වෙන කොහෙවත් ඉන්නවා කියලා. ඔය ආදරෙට මම හරිම ආදරෙයි. මම තාම හොයනවා දිනන්න කතන්දරයක්.. ඒක හොයන එක සුන්දරයි. ඒ කතන්දරය මට හමු නොවෙන එක ඊටත් වඩා සුන්දරයි... මොකද මම කෑමතියි නුඹෙ සුන්දර සිතුවිල්ල ඉස්සරහ පරදින්න. ඒ මිහිර විඳින්න.. ආදරෙයි ....ආදරෙයි ....ආදරෙයි ....අනන්තයක්... "


Thursday, February 10, 2011

[160] හීනයේ අරුමයක් !


ගිම්හාන වෙහෙසට හතිලන
මද්දහන් දාහය විසිරෙන
හැමදාම එන යන හිඳින
උදා වූ මේ අරුම
වසන්තයක් නොව
මේ අනන්තයයි...

කඩතොලු ඇඳී මැකී යන
පොලොව සම මත ලියවුන
අහුමුල්ලේ ‍රැඳුන ක‍ටු සටහන
ඒ අවසානයක් නොව
මේ අවසානයයි....

හුණු කූරු අඟුරු කැට ගෙන
කුරු‍ටු ගැ සිතුවම් කොන
කැන්වසයෙහි පිලිසි‍ඳෙන
පාට ගොන්නක් නොව
මේ අනාගතයයි...

මසැස දු‍ටු වෛවර්ණ
වසා කඩතොලු පැහැයෙන
සංසාර ගමනක දුර ආ
තවත් හමුවීමක් නොව
මේ
ජීවිතයයි...
එහි සෙවූ
හීනයයි...

ස්තූතියි.... :) .... දුටිමි.... කියෑවීමි... ස්තූතියි.... ඔබට.... මේ පහල ඉන්න :)


Sunday, February 06, 2011

[159] පයින් ගහපන් මේ ඉණිමගට !


ඔන්න ඉතින්
ගොඩ වුනා මම
හඳේ ගැට්ටට
කිසිදාක
මෙච්චර නම්
නැග්ගෙ නෑ
ඉණිමගක!

හ්ම්ම්.. හා..
දැන් ඉතින්
අරන් යනු ඔය ඉණිමග!
තනි කරපන්
මාව මේ සඳ මත...
ඉඩැර
රස්තියාදුවේ යන්නට...

හති වැටෙන තුරු
හොයන්නට
මගෙ හිතේ ඇඳිච්ච
අර අරුම පුදුම පාට
සිප්පි ක‍ටුව !

ඒ ක‍ටුවේ අගිස්සක
ලියන්නට
මගේ ‍රැඩිකල් ආදරය
නන්නත්තාර වෙච්චි නැති
රස්තියාදුවේ යන
මගේ දිග කවිය !

Thursday, February 03, 2011

[158] අපෙ සුදු චුට්ටි දෝණි :)


අද අලුත් දවසක්. ඔව් අලුත් දවසක්.හැමදාම වාගේම අදත් අලුත් දවසක්. හිතිවිලි වලින් හිත පිරෙනවා. අද පෙබරවාරි පළවෙනිදා. උදේ පාන්දරම මගේ දූ පැටියා සින්දුවක් හැදුවා.

පුංචි වුනත් මම තාමත් -පාට හොඳට දන්නවා
පුංචි වුනත් මම තාමත් -ගණං හොඳට දන්නවා
පුංචි වුනත් මම තාමත් -අකුරු ටිකක් දන්නවා
පුංචි වුනත් මම තාමත් -කවි හදන්න දන්නවා

ඒක තවත් දිගට කියනවා.මගේ මේ පුංචි දූ ඩිංගිට තාම අවුරුදු 3යි වයස.දොඩං ගෙඩි දෙකක් තරමටවත් උස නෑ.ඒත් පුංචි හපනියක්.මේ අම්මට ආඩම්බරයි.ඒත් හිතට ටිකක් බයයි වගේ.. දෝණිගේ දක්ෂකම් මුවහත් කරන්න තරම් මම බුද්ධිමත්ද? ඒ වගකීම මහමෙර වගේ දැනෙන්නේ.

පුතාල දෙන්නෙකුට පස්සේ ආව දෝණි -අපේ බඩපීස්සි. පුතාලත් පුංචි හපන්නු තමයි.එයාල මුවහත් කරන එකත් මගේ වගකීම තමයි. ඒත් පුතාලගෙ අප්පච්චි එයාලට පන්නරය දේවි.ඒ නිසා ඒ බරින් මම නිදහස්.

දෝණි දෑනටමත් අපේ ගෙදර පුංචි අම්මා කෙනෙක් වගෙයි."අප්පච්චිට මහන්සිද? මම වතුර ගෙනත් දෙන්නද?" කියලා අහද්දි මහන්සි වෙලා එන අප්පච්චිගේ ඇහැට උණන්න්නේ සතුටු කඳුළු...


අද උදේ පාන්දරම අයියලා දෙන්නට ඉස්කෝලෙ යන්න නගා සපත්තු මදිනවා ගිරවියක් වගේ කියව කියවා. මගේ ලඟ දැවටි දැවටී මට උදව් වෙනවා. "අම්මට මම පොල් ගාලා දෙන්නද?" පොල් ගාන්න දුන්නොත් පුංචි අත සීරේවි කියලා බයයි.ගාන්න නොදුන්නොත් පුංචි හිත සීරේවි කියලා බයයි.



"මගේ පුංචි සුරංගනාවියේ" මම දෝණි තුරුලු කරන් ඇහුවා. "කොහෙන්ද අපි ලඟට ආවෙ ඔයා?"

"මම ආවෙ දිව්ව ලෝකෙ ඉඳං" මේ තමයි එයාගෙ උත්තරේ.

"අම්මට ආදරෙයිද දූ?" ආයෙමත් මගෙ ප්‍රශ්නෙයක්.

"ඔව් අම්මටයි,අප්පච්චිටයි,ආත්තම්මටයි,ලොකු අයියටයි,පොඩි අයියටයි හැමෝටමයි අනන්තයක් ආදරෙයි"

මටත් ඕනේ ඕකම තමයි දුවේ.හැමදාමත් හැමෝටම ආදරෙන් ඉන්න.එතකොට හැමෝම ඔයාටත් ආදරේ වේවි.එතකොටයි ඔයාට සතුටින් ඉන්න පුලුවන්.

මේ ලෝකේ හැමෝටම මගේ දූට වගේ හැම කෙනෙකුටම අනන්තයක් ආදරේ දෙන්න පුලුවන් නම් මේ ලෝකේ කොයි තරම් අපූරු වේවිද? නේද?

ලිව්වේ :සමන්මලී ගුණවීර

පසු සටහන : මේ සමනල නිසා දවස ගානේ මාත් සුවඳවත් වෙනවා කියා මට හිතෙනවා. ස්තූතියි මගෙ සහෝදරී.... ආදරෙයි නුඹට ගොඩාක්....

Wednesday, February 02, 2011

[157] සපත්තු (අ)මතක !


සින්ඩරෙල්ලාගේ සපත්තුව
අරන් ගියා මම
තියා අනන්තයක් ඉඩ
ඈට හොයන්නට
නැතිවූ සපත්තුව නොව
සපත්තුවේ මතක.....

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->