Tuesday, December 07, 2010

[127] ආදරේ ඉවරායි = ජීවිතේ ඉවරායි

ආදරේ = ජීවිතේ
ආදරේ ඉවරයි = ජීවිතේ ඉවරයි
ආදරේ අසාර්ථකයි = ජීවිතේ අසාර්ථකයි....
ආදරෙන් පැරදුනා = ජීවිතෙන් පැරදුනා


ආදරෙන් තොර ජීවිතේ = රසයෙන් තොර හොද්දක්
ආදරය = රසය
ආදරෙන් තොර = රසයෙන් තොර
ජීවිතේ = හොද්දක්


හැබෑට????


සමහරු කියනව 'ආදරේ කියන්නෙ මගෙ ජීවිතේ' කියල. ඒ කියන්නෙ පාට්නර් කෙනෙක් නෑතිනම් කන්නෙ බොන්නෙ නෑ ???
ආදරය මට බෑලුමක් වගෙ පිම්බිලා ජීවත් වෙන්න හේතුවක් දෙනවා = ආදරේ නෑති වෙච්ච ගමන් ජීවිතෙ කියන්නෙ නිකම්ම නිකම් පපඩමක් වගෙ වෙනවා.


"ඔබෙන් තොර වූ ලෝකයක් ගෑන නෑ සිතන්නේ මා.." ... ඔය කිව්වෙ... ඉතින් ඔබ තොර වූ දාට වස බොන මිස මෙහෙවු ප්‍රකාශ කලාම වෙන විකල්පයක් තියේද සන්සාරේ !


"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද" - සාපේක්ෂ කාරනා... ඒත් නහින්නෙ මොටද?



"හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොලඳ වෙලා. අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා" - සහතික ඇත්ත. 'ලොව' නම් ලොවි ගහෙත් නෑ. 'ලොව' තමයි ගොඩක් දේවලට මුල. වහ බෝතලේට පාර පෙන්නනෙත් 'ලොව' තමයි.


'ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද ?' - මොකටද අනේ. එහෙවු වෙනසක් කරගෙන ... දිනන්න කියලා දුවලා දුවලා... ඔය අතික්‍රමණ ඔක්කොම කලාම ඉන්නෙ 'මම' නෙමෙයිනේ.


'බිඳුනු පෙමින් ගිනිගත් හදවත් , තනිවේවි එක්ටැම්ගේ' - අනේ පෙමක් කලා නම් , දෙන්නට දෙන්නා ස්තූතිවන්ත වෙලා හිත් නොබිඳ ඈත් මෑත් වෙන්න බෑරි ඈයිද දන්නවද? අර කිව්ව 'ලොව' තමයි මුල. ඈයි 'ලොව' කියනවනෙ එක එක එවුවා... අරව මේවා ...ඈයි 'ලෝක ලැජ්ජාව'???


මේක කියවන ඔයාල මට පොඩි උදව්වක් කොරනවද ? ආදරෙන් පොඩි දඬුවමක් වින්ද ජීවිතේකට සුබවාදී දෙයක් එකතු කරන, එතනින් ජීවිතේ අහවර නෑ , දහිරියෙන් හිත් තෑවුලින් මිදිල නැගිටිය යුතු බව කියන , අතීතය ගෑන පසු නොතෑවී අනාගතය ගෑන විසාල ප්ලෑන් නොහදා වර්තමානය ජය ගත යුතු බව කියන, අරමුණු කියන්නේ කසාදය ආදරේ ප්‍රේමය විතරක් නොවෙන බව කියන, ආද‍රේ කියන්නෙ හුස්ම පවා වැටෙන සාධකයක් වීමට තරම් බොලඳ නොවිය යුතු බව කියන එක සින්දුවක් හොයල දෙන්න මට !


 මෙන්න මෙහෙමනෙ ඉන්ට ඕනේ... හිනා වෙලා..... නෑද්ද??? 

(මේ පොඩි රහසක් කියන්නද? කොටින්ම මම මටම ගහන මඩ පාරක්! මේ කියන ජීවිතේ මලුත් හරි ලොකුවට ලේබලේකුත් දාල තියනවලු 'ආදරේ හෙවත් මගේ හුස්ම' කියල... සන්දුක්කේ... )

28 comments:

  1. එල එල...
    මඩ ටික උනත් ලෙසටම ගහල තියෙන්නේ වදින්න ඕන තැනටම වදින්න.
    එල එල....
    ෆට්ට ෆට්ට.
    මගේ අදහස් එක්ක 100% ගැලපෙනව.
    ලෝකෙට බම්බු ගහගන්ට කියල මම වගේ ඉන්න බලන්න
    හික් හික් හික්.

    ReplyDelete
  2. ඇයී අක්කේ ශිහාන්ගේ
    අද තනියෙන් මා
    ඒ සින්දුව විතරයී මම දන්න එකම පොසිටිව් සින්දුවකට තියෙන්නේ
    [අනේ මං හරිද මංදා]

    ReplyDelete
  3. අනේ අහිංසකී.. ශිහාන් ඒ සින්දුව කියන්නෙත් අඬ අඬා නේද?

    ReplyDelete
  4. හ්ම්ම් සින්දුවක්ද හොයන්නේ... එහෙමනම් මෙන්න..
    http://hadageepotha.blogspot.com/2010/03/blog-post_02.html

    ReplyDelete
  5. එක වරක් ඔබට මා එපානම්.....
    සිය දහස් වාරයක් එපා මට.... ඔබ එපා....//

    මම මගේ පාඩුවේ හඬ හඬා සිටින්නම්....
    ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළදින්න.....//

    ඔබේ හද පහුරු ගා වේදනා නොදෙන්නම්..
    ඔබ යනෙන මාවත දැක ගන්න ඉඩ දෙන්න....//

    ReplyDelete
  6. ඇයි බොලේ රූකාන්තගේ
    මගේ හිතේ දුකක් කියා දෙයක් නැහැ
    http://www.mediafire.com/?fvd3zmznfz2
    හයවෙනි පටුමගේ උන්ගේ
    වස්සානයේ කඳුළු
    http://ananmanan.com/sinhala_lyrics/get_lyric.php?lid=1289
    http://ananmanan.com/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=45

    :-D

    ReplyDelete
  7. අතීතය ගෑන පසු නොතෑවී අනාගතය ගෑන විසාල ප්ලෑන් නොහදා වර්තමානය ජය ගත යුතු බව කියන,

    YESTERDAY IS A HISTORY
    TOMORROW IS A MYSTERY
    TODAY IS THE GIFT
    FEEL IT ...

    ReplyDelete
  8. ආ තව එකක් තියෙනවා,

    පියඹා........... යනවා මා ආකාශයේ.........
    අවසානයි ප්‍රේමාදරේ...........
    ගිරවෝ...... කොවුලෝ..........
    මිදුනා මා ආදරෙන්...........

    ReplyDelete
  9. RanDil කියන දේ තමයි මටත් කියන්න තියෙන්නෙ..

    ReplyDelete
  10. මට මෙ කෙළවෙලා ඉන්න වෙලාවෙ..මොනවා හරි බලලා ටිකක් සැහැල්ලු වෙන්න කියල ආවාම එකටම හම්බ උනේ මෙක...
    මීට වඩා හොඳා මාව අල්ලලා පොළොවෙ ගැහැව්වනම්...

    ReplyDelete
  11. Mage kamathima sinduwa....

    "පියඹා........... යනවා මා ආකාශයේ.........
    අවසානයි ප්‍රේමාදරේ...........
    ගිරවෝ...... කොවුලෝ..........
    මිදුනා මා ආදරෙන්........... "

    Thnaks RanDill mathk kalata....

    ReplyDelete
  12. ඒකනේ කියන්නේ හිනාවෙලා ඉන්න.
    සිංදවක් මතක් උන වෙලාවක දාන්නම්. කොහේද මේ ලංකාවේ තියෙන්නෙම විරහ ගීතනේ....

    ReplyDelete
  13. හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....!!!

    ReplyDelete
  14. කඳුල දොම්නස නසන්නට නම්
    බමර ගුම් නද අසන්නට නම්
    මියුරු ගී කවි අසන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්..

    සිනහ වෙනු මැන
    වේදනා පිසදා...

    ReplyDelete
  15. ඇයි මේ ගීතය අහල නැද්ද?

    මිදී යන්නෙම් ඔබේ සෙනෙහසින්,
    ඔබේ සිනහවන් නොපෙනෙනා මානෙක,
    සැනසුම් හැඟුමන් අහිමි වුවද මට,
    දුක් සෝ ලතැවුල් වි‍යැකෙයි එකවිට,

    ReplyDelete
  16. මගේ කොමෙන්ටුව ගැන අදහස් දක්වපු හැමට ස්තුතියි.

    නිශ් ජීවිතේ මල්ගේ ලිපියකින්ම එයාට ම කියලා නේද?

    ReplyDelete
  17. එපා තවත් ඔබ මා රිදවන්නට
    අගේ සෙවන මුදු මල් යහනාවක් නම්
    ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
    අඳුරු මතකයෙන් මට සමු දෙනු මැනවී.

    ReplyDelete
  18. සා .. මේ තියෙන්නෙ මට ඕනෙ තරම් චෝයි සින්දු... :) තෑන්කූ අනේ අදහස් දෑක්කුවට සහ ගීත හොයා දුන්නට ,,, ඉස්සරහට මේ ගී ගෑන ලියන එක ලියනවා....

    ReplyDelete
  19. ඔය තියෙන්නෙ ඉතින් ගමකට සිංදු නෙමෙයිද.... හික් හික්...
    ඕව් ගැන ඔච්චරම හිතුවොත් පිස්සු හැදිලත් පිස්සු හැදෙනව නෙමෙයි, ජීවත් වෙන්න විදිහක් නැතිවෙනවා. ජීවත්වෙන්න තියෙන්නෙ උපරිම අවු: 75ක් විතර. පොඩි පොඩි දේ වලට හිතින් වැටුනොත්, සංවේදී වුනොත් අපිට අපි වෙනුවෙන් සහ අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටස අහිමි වෙනවා.
    හැබැයි ඔය මොනව වුනත් ආදරය සුන්දරයි...!

    ReplyDelete
  20. සා සා... හෑමෝටම ගොඩාරියාක් ඉස්තූති.... ඔන්න මම ලියමින් ඉන්නෙ තව සෝයි සින්දුවක් ගෑන...
    අහලතියනවද
    'කුරුල්ලන්ට ගී හදන්න , ගහට කොළට පාට එන්න " ගීය???

    ReplyDelete
  21. ඔව් රන්දිකා සංසාරෙ මම නිතර කියවපු බ්ලොග් එකක නෙවි.
    ඒත් මේක කියවපුවාම කියවන්න ආස හිතුන නිසා එක හුස්මට ගොඩක් පොස්ට් කියවගෙන ගියා. හිතන් හිටියෙ බ්ලොග් එක ගැන කොමෙන්ට් එකක් එක්කම කොමෙන්ට් කරන්න. ඒත් හදිසියක් නිසා කියවපු ටිකෙන් මගෙ හිතෙ තදින්ම රැදුනු කොටස ලියලා දැම්මා ඒක මෙතෙන්ට හොදින් ගැලපෙන නිසා.

    ReplyDelete
  22. වස්සනයේ කඳුලු වියලියාවේ
    නුඹ ගැන මතකේ හිතින් මැකේවි
    අලුත් ඉරක් හෙට පායා ඒවි
    හිනා මල් ලඟ මං නවතින්නෑ
    ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
    ආදරේ මට අවැසි වෙන්නෑ
    මං දැන් නිර්වාණයේ

    සිහිනවල ආයෙත් ගිලෙන්නෑ
    අරුත් සුන් පද ආයෙත් ගොතන්නෑ
    පැතුම් කන්දු මං ආයෙත් හදන්නෑ

    නුඹේ උනුහුම මට සීතල නෑ
    නුඹේ හාදුවැල් මට උනුහුම් නෑ
    හිරුට පිපුනු කොඳ සඳු රවටනු බෑ

    මං දැන් නිර්වාණයේ

    ReplyDelete
  23. මේ තියෙන්නෙ..
    http://www.youtube.com/watch?v=CHYZSE4K6VI

    ReplyDelete
  24. පෙම්ව්න්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතින්

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින්මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා

    රෑ සිහිනයක් සේ සිතා
    සැනහී හිඳින්නම් දරා

    - ජගත් වික්‍රමසිංහ-
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යැයි හැඟේ

    ReplyDelete
  25. මේ තවත් එකක්

    ලඳේ මුලාවී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක්වගේ
    දියසොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාදවී දැන්

    මැණිකෙ අගය කනා දන්නේ නෑ
    නමුදු අගය බාල වෙන්නෙ නෑ
    පලුදු බඳුන ඕනේ වෙන්නේ නෑ
    වැරදුනාන හරියි කිව්වෙ නෑ

    පර උනාම් මලේ සුවඳ නෑ
    බොර උනාම ජලේ පැහැය නෑ
    බිඳුනු පෙමක් නැවුම් රසේ නෑ
    හැරගියාට මා තනිවුන් නෑ

    - රූකානත ගුණතිලක-

    ReplyDelete
  26. පිටස්තරයෝ....
    නුඹ පෙන්වූ සින්දු ගොන්නට ස්තූතියි.. මේවා එක එක ගැන ලියන්ටයි ඉන්නේ.... :)

    ReplyDelete
  27. රොශාන්... ඉස්තූති :)

    ReplyDelete
  28. ආදරේ + ඩෙල්ටා = ජීවිතේ
    කියල දාගෙන ඩෙල්ටා වල සීමාව + අනන්තයෙ ඉඳන් රින අනන්තය දක්වා අනුකලනය කරල හම්බෙන උත්තරේ වයසෙන් අවුරුදු ගානෙන් බෙදුවම ....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->