Monday, November 22, 2010

[122] හොඳ වැඩේ... ! කිව්ව නේද හුස්ම ගන්න එපා කියල ??



සිහින යනු මා විසින් අත් හැරිය යුතු දෑ තුල ‍රැඳවිය යුතු බව ජීවිතය මට කියන්නා සේ මට හැ‍ඟෙයි. මේ ඔක්කෝම සිහින තුල ආස්වාදය මිස අරමුණු නැතැයි හිත නොව හිස මට සන් කරයි. ආස්වාදයට ලොබ බඳිමින් ආස්වාස ප්‍රශ්වාස කරන සිහින එක එක මියෙන විට මට මා සමගම උපදින්නේ තරහවකි. මන්ද ආස්වාශය සමග සිරුර තුල කි‍ඳෙන සිහින ඇසිපිය හෙලන සැනින් බිඳී යන්නේ සිරුරටත් නොදැනීම සිරුරෙන් ඔබ්බට විසි වෙන ප්‍රශ්වාසය ලෙසින් නම් මා කොතරම් වාසනාවන්තද? එහෙත් යථාර්ථය එය නොවේ. වංගු ගණනාවක් වෙහෙසින් පසු කරන කඳු හෙල් මිටියාවත් අස්සෙන් ඇදෙන දුම්රියක් සේ ආයාසයෙන් සිහින සහ සිහින වලින් පොදි ගැසූ බලාපොරොත්තු කරමත පටවාගත් බර හුස්ම සිරුරෙන් හෙමි හෙමින් ආයාසයෙන් මිදී යයි. මායාවක් පමණක් වූ අතීතය මට ශේෂ කරමින් සිහින සියල්ල මියෑදෙයි....


ලුහු බඳින්නේ... මොනවාදෑයි හිත අසයි... කොටින්ම හිත මට හිනහ වෙයි.... අනේ උඹ.... ! මම කිව්ව නේද හුස්ම ගන්න එපා කියලා.. ??? හුස්ම ගත්තෙ නැතිනම් මේ මුකුත් නෑ... 

~"~


ගූගල් බස්(Google Buzz) එකේ රවා මල්ලි මට කවුන්ටර්පොයින්ට් එකකුත් දාල තිබ්බා.. ඒකත් දාන්නද ?

සිහින යනු ඔබ විසින් අත්නොහැරිය යුතු දෙ යන්න මා ගෙ සිතුවිල්ලකි. බලන්න අවට ලොකය දෙස. මිනිසා පියාඹයි. මිනිසා වේගයෙන් යයි. සැතපුම් දහස් ගණන් ඇත ඇති හදවත් එකිනෙක හා ගැටි ආදරයෙන් බැදෙයි. මෙ සියල්ලම සිහිනයන් හි ප්‍රතිපළ වේ. මාගෙ ජාතියෙහි මිනිසෙකුගෙ නමක් එ සිහින දැකපු මිනිසුන්ගෙ නම් අතර නොතිබිම මට ඉතා කණගාටුවකි.

සිහිනයන් තුල ජිවත් වෙන බොහො අය කිසිවක් නොකර මෙලොවෙන් සමුගනි. නමුත් කිපදෙනෙක් කරන කියන දේ සදාකාලික ලෙස මිනිස්ලොව තුල පවති. සිහින දකින්න. දුවන්න වැටෙන්න හිනාවෙන්න අඬන්න. තමන්ගෙ ජිවිතෙ තමුන්ගෙ විදියට ජිවත් වෙන්න.
 


මම ලිව්ව කෙටිම පෝස්ට් එකද මන්දා.... :)

3 comments:

  1. සබෑ ලෝකයේ ලබන්න බැරිදේ සිහින ලෝකයේදී හෝ ලබන්න ආස නිසා නේද කවුරුත් සිහින වලට ආදරය කරන්නේ?

    ReplyDelete
  2. හීන බොක්කටම වදින හින්ද මමනම් හීන බලන්න ආසයි.

    ReplyDelete
  3. ප්‍රියන්ත අයියාගේ අදහස තමයි මාත් දරන්නේ....
    සිහිනයකින් අපි ලබන්නේ මානසික වින්දනයක්...හැබැයි ඉතිං ඒක තාවකාලිකයි.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->