Monday, November 01, 2010

[118] ආදර පන්තිය සහ ගුරුතුමිය


බලන් ඉන්න...
ප්‍රශ්න අහන්න....
කියන්න ඉඩ දෙන්නම්..
අහන්නම්...
අකීකරු නොවී ඉන්නම්

දන්න ඔක්කොමම
කියලත් දීලා....
හිතේ බරක් නෑතිව
උන්නු ඔය හිතට
ආදර පාඩම පටන් ගන්නම්...

ඔහේ පාවුන
ඔය කඳුලු ටික විතරක්
නොයිඳුල් සුස්ම ටික විතරක්
මම ගන්නම්...


හිත කියන කලු ලෑල්ලට
රිදෙනකම් පාඩම් කිය කිය
හිස් පුටු මේස වලට
උගන්නන්නම් ආදරේ අරුම

පන්තිය ඉවර උනහම
අරන් යන්නම් කඳුලු ටික
ගිහින් අමුණන්නම්
ආදර මුතු ඈටයක්
අතීතෙට...

26 comments:

  1. ආදර පංතිය හා ගෝලයා....

    බලං ඉන්නම්
    කියල දෙන්න මට
    නිරතුරුව මුමුණන තොල් පෙති දෙසම
    මං බලං ඉන්නං

    හිතේ සැගවුන දේ කියනව නම්
    මං අහන් ඉන්නම්
    ඒ පංතියටම වෙලා
    ඇස් පිල්ලමක් නොගහ
    ඒ දෙසම බලං ඉන්නං

    කලු ලෑල්ලේ මුකුත් නොලියා
    ලියන්න මගේ හිස්
    හදවතක් මත
    හුණු කූරු පාට මැකී ගියත්
    හදවතේ දේ හැමදාම
    තියන් ඉන්නං

    පංතිය ඉවර නොකරම
    මං ඉන්නම් නුඹ ලගම
    අකුරු අමුණන්න බැරී නන්
    ඉඩ දෙන්න ඔය දෙනුවන් බලා ඉන්න

    ReplyDelete
  2. පසන් මල්ලියා...
    ප්යා හෑමදාමත් මගෙ කවි වලට හරිම ලස්සන පිලිතුරු කවි ලියනවා. ඔයාට හරිම ලස්සන හෑකියාවක් තියනවා... මට සතුටුයි ගොඩක්... පොඩිම පොඩි මල්ලියෙකුට මේ වගෙ හෑකියාවක් තියන එක ගෑන....
    දිගටම ලස්සන කවි ලියන්න.
    ජය වේවා!

    ReplyDelete
  3. //ආදර පන්තිය හා විදුල්පති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍//

    බලා ඉන්නවා
    කියා දෙන හැටි
    හිතා ගන්නවා
    ලෙසට බනින්නට

    හිතේ සැඟවුනු දේ කියන්නට
    සීනුව වදින තුරු බලා හිටි මුල්තැන
    එපාවී දැන් ඒ දෙසුම
    දිව ගියේ ගුරු දෙසට

    කන් කරා දිව යන
    මායමේ සැර බව
    වැටහිණිද ඔහු හට
    ආ පසූ ඇ දෙසට

    කියන්නට කිසිත් නැත
    උගන්වපු දෙයක් නැත
    ගෝල පෙළ රැවටි ඇත
    පංතියම මුලාවක අද


    සිතමින් පති විදුහල් යන්නට ඇත

    ReplyDelete
  4. වෑපෝ......
    :ඪ්
    අනෙ අම්මේ... මක් කියන්නදෝ.... වෑපෝ... පිස්සුවට බේත් ගන්ඩෝ... :)
    හෙ හෙ
    නියමයි කවිය ඈ....

    ReplyDelete
  5. ..::|| ආදර පන්තිය හා දෙමාපියන් ||::..

    මුන්ට පිස්සු.......
    අපේ කාලෙ මෙහෙමද ?
    පෙනේද මුන්ගෙ රඟ
    අමු අමුවෙ පන්ති දාගෙන

    සෙනෙහෙ කොලවලට
    දැන් කොහිද ඉඩ
    ඇසැ ඇම් එස් එකට
    ගනන් බැලුවද ශත

    වැට මායිමක් ලඟ
    බලන් හිටියත් අපි
    කිසිවක් නොදුටු ලෙස
    බලයි වටපිට උන්ගෙ ලෝකවල

    යමන්කො ගෙදර
    සිතමින් හිතෙන්
    පුපුරයි ගිනි
    හදවත් පතුල් තුල

    සාටර්දෝ මන්දා ?.............. හැxxxxxxx :)

    ජිවිතේ පලවෙනිම වතාවටද කොහෙද මෙහෙම එකක් ලිව්වමයි හික් හික් හික්

    ReplyDelete
  6. අනෙ අම්මේ.මේක කවි පතියක්ම වෙලා... සන්තෝසයි ගොඩාක්...
    ජේ ඩී මල්ලියා...
    අපූරුයිනෙ... හරිම සෝක්....
    ලියන්න දිගටම ....

    ReplyDelete
  7. ~~|\ආදර පන්තිය හා ළමයි/|~~~

    උගන්නන්න එනේ ආදරේ
    හිතුවද අපි දන්නෑ කියලා
    උගන්නන කලින් අදරේ
    ඉගනගෙන තියේද ඔයාලා...

    අදරේ ගැන බිංදුවක්
    නොදන්න මේ නූගත්
    විදුහල්පතියා බැන්නත්
    ආදරේ ළඟ ඔහුත් යටත්...

    අදරේ සුවඳ අකුරු කොර
    ඇස්.ඇම්.ඇස් එකේ ටයිප් කොර
    යවා මම ඉක්මන් කොර
    ගනිමි වේලාවක් වෙන් කොර..

    ReplyDelete
  8. සෝරෝ මල්ලියා.....
    අනේ කවියෙක් වෙලා ඈ... :)
    සෝයි සෝයි.... හෙ හෙ

    මේ මේ
    (සිතමින්)
    මෑදෑයි මම සීරියස් කවියක් ලියලා වෙච්ච හදිය. කී දෙනෙක් කොමඩි කවියො උනාද ??? හිකිස්

    ReplyDelete
  9. පොඩී ඈඩ් එකක්...
    හෙට සිට යලිත් "මා පෙම් බෑඳි ගීයක් ගෑන" ලියන්නට පටන් ගන්නයි හිතන් ඉන්නෙ....මෙන්න ලියනන් හිතන් ඉන්න සින්දු
    1. හඬන පණ නල (සුනිල් එදිරිසිංහ)
    2. සිනහ වෙනු මෑන වේදනා පිසදා (එම)
    3. යාලු බාල සඳේ කඳු මුදුනේ (සෝමතිලක ජයමහා

    ඔබ ආස ගී තියේ නම් ලියා යන්න :)

    ReplyDelete
  10. මම හරියට සන්තෝස උනා..........
    ඇයි දන්නවද...
    මම උගන්නද්දි ඇසිපිය නොහෙලා බලා උන්න නිසා.........
    මම හිතුවේ..........මේ කොල්ලා
    ආසාවෙන් ඉගෙන ගන්නව කියලා.........
    අන්තිමේදියි තේරුණේ.....
    මටත් ආදරේ කරන්න උගන්නපු විත්තිය...............

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පංතිය සවසට ඉවරවේ නම්....
    කඳුළු පමණක් ඉතිරි වේ නම්...
    මතක සිත තුල ඉතිරි වේ නම්..
    පාඩමෙන් පලයක් නැතේ නම්...

    තවත් කුමටද පාඩමක්....

    ඔන්න ගියකුත් ලියලම යන්නම්
    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා....(සෝමතිලක ජයමහ)

    ReplyDelete
  13. ආදර පන්තිය හා ඩෙස් පුටු

    හැමදාම
    මගේ ඇග උඩ ඉද
    මොනවදෝ ලියයි
    ලියන පොත මදිවෙලාද
    මෙගේ පිටේත් ලියයි
    ආදරය විරහව ඇයි තව කුණුහරප
    පැය ගණන් පස්ස රත්කර
    ඉගෙන ගන්නේ මුන් මේවද
    ඇත්තටම මුන්ට පිස්සුද......

    ReplyDelete
  14. පරිස්සමින් මිස්...
    ආදරේ ගැන ළමුන්ට කියා දෙන්න ගොහින් උසාවි ගානේ රස්තියාදු වෙනවා හෙම නොවෙයි ඔන්න.....

    මොකද මේවා වැඩිහිටියන් රහස් විදියට රැකගත්, ළමුන්ට දෙමාපියන් විසින් අවසර දෙන තුරු කතා නොකළ යුතු දේවල් නෙව..

    පත්තරේක තිබුනා නුවර වැව රවුමේ පෙම්වතුන්ට ගැවසීම තහනම් කරන්න යන බවක්... ටික දවසකින් මල්වත්ත ඇතුලටත් පෙම්වතුන්ට ඇතුල් වීම තහනම් කරාවි.. ඊට පස්සෙ කාමර ගානෙ ගිහිල්ලද දන්නෑ පෙම් කරන්නෙ..

    පාරක කෙල්ලෙක් කොල්ලෙක් කතාකරකර ඉන්නවා දැක්කම ඒ ඉන්නෙ පෙම්වතුන් කියලා හිතාන වපර ඇහින් ඒ දිහා බලන මිනිස්සු ඉන්න සමාජය තවම වෙනස් වෙලා නෑ මිස්...

    ReplyDelete
  15. කවියේ මා හිතූ අර්ථය...
    කොල්ලෙක් එක්තරා කෙල්ලෙක් එක්ක යාලුවෙනව පලමු පෙම හෑටියට...උගෙ නොතේරුම් කම් නපුරු කම් අත්දෑකීම් නෑති දරදඬුකම් වලින් කෙල්ල දුක් විඳිනවා...ඒවයින් ඌ පාඩම් ඉගෙන ගන්නවා ඊලඟ පෙමට.ඒව ඉගෙන ගෙන ඌ යනවා.ඊලග කෙල්ලට ඉගෙන ගත් පාඩම් ඇප්ලයි කරල හොඳ කොල්ලෙක් වෙනවා. අර කෙල්ල උන්ට ගුරුවරියක් වෙලා ආදර පාඩම් කියල දිදී දුක් විඳිනවා. ඒ කෙල්ලට හෑමදාම දුක විතරයි ඉතුරු. අතීතෙට තව කෑලලක් විතරයි ඉතුරු.කොල්ලා-උන් පාඩම් ඉගෙන ගෙන ආයෙ ඒ වෑරදි නොකර දෙවෙනි කෙල්ලත් එක්ක සාර්ථක වෙනවා...

    ReplyDelete
  16. ඒ පිනෙන් ඒ කෙල්ල දිව්‍යාංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා.

    ReplyDelete
  17. හපොයි දෙවියනේ....ඔය පලමු කෙල්ල මම නේද??

    ReplyDelete
  18. ෂෝක් කවි තරඟෙ :) හරිම ලස්සනයි :)

    ReplyDelete
  19. කවි පන්තිය මරු.
    උත්තර කවිත් ඒ වගේමයි!
    වෙලාවට මට කවියක් ලියනව තියා අටවගන්නවත් බැහැ නේ.... නැත්තම් මටත් තිබුනා ඔය ටීචර්ගෙන් නොතේරෙන තැන් විස්තර කරලා අහගන්න කාරිය....!

    ReplyDelete
  20. මේ කවියට ප්‍රතිචාර ලියූ හෑමෝටම ස්තූති :)

    ReplyDelete
  21. ඔන්න මට ස්තූති ක‍රලා තව කමෙන්ට් එකක් දාන්න වෙනවා ඔයාට.... මමත් ප්‍රතිචාරක් ලිව්වා....
    (මන් හෙන ගේමක් දුන්නා පිලිතුරු කවියක් හදන්න. ම්හු... වැඩේ හ‍රිගියෙ නෑ. ඒකයි මෙච්ච‍ර දවස් ගියේ....දැන් ඉතින් මොනා ක‍රන්නද කවිය ලස්සනයි කියලා විත‍රක් යන්න යන්නම්.)

    ReplyDelete
  22. මාස්ටර් සර් මට හිමි තැන දෙනවාද?

    ReplyDelete
  23. අදයි මම මේ පැත්තෙ ආවේ‍‍‍...
    ඇත්තටම ලස්සනයි කවි ටික...
    ඔයා අහලා තිබුනනේ මේ ටික මම දන්නෙ කොහෙ‍ාමද කියලා
    ("ඔයාට තියෙන්නේ ගල් හිතක්.. ඒත් මං දන්නවා ලෝකෙට පේන්න හිත ගල් කරගත්තට ඔය හිතට වෙන කාටවත් වඩා හොදට ආදරේ කරන්න පුළුවන් කියලා”)
    ඔයාට ඒවා කීවේ කවුද කියල නම් දන්නෙ නෑ..ඒත් මේ මම ආසම කරන වචන ටිකක්....

    ReplyDelete
  24. ඔන්න අනුරාධ මල්ලි, බිඟුවෝ , අකීකරු හිත... ඔයාල හෑමෝටම ස්තූතියි.... :)

    ReplyDelete
  25. ආදරයේ අකුරු අමුණනකොට
    අකුරු වැරදුනොත් ,පිල්ලම් මිස් වුණොත්
    ග්‍රැමර් වැරදුනොත්, පොතේ තීන්ත ඉහිරුණොත්
    කෝටුව ගන්නෙ නෑ නේද ටීචර් ?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->