ඇසිල්ලේ දිගු නිදි බිඳෙයි
මන්ද ස්වර කටහඬක් අවදි වී
හැඟුම් නැති නියායෙන්
හඬන කාරණ අසයි...???
කාරණාවක් නොදැනම
කඳුල බේරෙනු දකින
පින්සලක් කොපුල මත
වෛවර්ණ රූ අඳියි....
බොඳ කඳුලු මත ඇඳි
සීනයම සිතුවමක් වන
විස්මයෙන් ඇලැලුන
හුදී දන අත් සන් නගයි....
රළ නැගෙයි, බිඳිති විසිරෙයි
මහ රළක් සිඟිති රළ රැගෙන යයි
හැඬුම්, අත් සන්, විස්මය
හිරුත් සමගම කිඳී යයි... යලි නො එයි....
පසුවදන
මීට පසුවදනක් ලිවිය යුතු යැයි මට හිතුනා...ජීවිතය යනු අද හෙට සහ ඊයේ වූ සියලු දෑ වැලැලෙන රළ පෙලක් මෙන් යැයි හිතුනා. අප හඬනවා.. දුකට කාරණ අසාවි. අප හඬා වැටෙමින් කියන දුක මත තවෙකෙකු චිත්‍රයක් අඳිනවා... අප ගැන... තවෙකෙකු බැන වදිවි.. තවෙකෙකු අප වීරයන් කොට අත් නගාවි.. ඒත් මේ සියල්ල අද පමණයි. හෙට අප වීරයනුත් නෙමෙයි... හෙට අප වරදකරුවනුත්, නිවරදකරුවනුත් නෙමෙයි.. හෙට අලුත් දවසක්... ජීවිතය නිදි බිඳුන හීනයක් වගේ..හීනය අතීතයයි..එය යලි නො එයි. ඊට දුන් විවිධ මුහුණු ,අද පමනයි. හෙට ඒ හීනයක් පමණයි.
ජීවිතය හීනයක් ව
ReplyDeleteහීනය අතීතයක් ව
හීනය යළි නෑවිත්
හීනය
හීනයක් ම වුවොත්
සහනයකි එය
ඉතින්
හෙට
අලුත් හීනයක් දැකිය හැකි නොවෙද?
නමුත්
සැබෑ ලොවේදී
එම හීනයම
හෙටින් පසු ද
වරින්වර
වෙනත් හීනයක් ලෙසින්
සිතට වදදිය හැකි නොවෙද?
එබැවින්
නැවුම් හීනයක් දකින විට
එය
හීනයක් ම කර නොගැනීමට
වගබලාගත යුතුය
මන් ද යත්
ඊයේ දුටු
අද අමතක වූ එම හීනයම
වෙනස් අයුරකින්
හෙටද
දැකීමට
ඉඩ ඇති බැවිනි....
ජිවිතෙ මල්... ජිවිතෙ මල්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ලස්සන කවියක්.. කල්පනා කරන්න හිතෙන්නෙ නැහැ මට ආපහු ගොඩ එන්න බැරි වෙයි කියලා හිතෙන හන්දා..
ReplyDeleteරොෂාන්.. නියමයි
රොෂාන්....
ReplyDeleteවෙනත් අයුරකින්
හිතට වද නොදෙනු වස්
හීනයේ අත් දුටු අරුත
අතීතයේ කිඳී යා නොදී
ඉන් ලද පාඩම
ජීවිතයේ කොටසක් විය යුතු...
ජීවිතය තුල සිදුවීම්
චක්‍රයක් මෙන්
යලි යලි එකම සිදුවේ...
එනිසාම එකම අතපසුවීම
යලි යලි නොවිය යුතු..
රවා...
ස්තූතියි ප්‍රතිචාරෙට.... ඔව් ඔව්... ජීවිතේ මල්... 'වත්' කීව වගේ එය මලක්... නැත්නම් ගඟක්...:-)
ලස්සන කවියක්...භාවාත්මකයි
ReplyDeleteස්තූතියි හසිත.....
ReplyDeleteමතකය නම් වූ මළපොත පෙරළා...
ReplyDeleteමළගිය ඊයේ සිහිපත් කල මැන...
පැතූ පැතුම් අත්මිට මොළවා ගත්...
දෑතෙහි දසැඟිලි දිගහැරළනු මැන...
එහි මොනවද ඇත්තේ... කිසිත් නැත...
හිස් බවෙකිය ඇත්තේ...
අඳුර බිඳින්නට රැයක් දවාලූ...
ලන්තෑරුම් නිවලා....
තිස්ස අයියා... නියමයි මේ ගී කොටස... මා සිතූ දෙයමයි... මේ වික්ටර් ගේ ගීයක් නේද?
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට...
අර්ථවත් දවසක් පතනවා!
මුහුන දෙන සිදූවීම් හුදෙක් සිදුවීම් ය . .
ReplyDeleteසිදුවීම් සිදුවේය . . .
කිසිවෙකුට ඒවා නතර කල නොහැක්කේය . . .
සිදුවෙන සිදුවීම් නිසාවෙන් ජීවිතේ විඳවන්නේ නැතිව . . .
තුන්වෙනියෙක් ලෙස ඒ දෙස බලා
"අහා මේ සිදුවීම් හරිම අපූරුයැ . . විටෙක දුක් සිදුවීම්යැ . . විටෙක සතුටු සිදුවීම්යැ" කියා
විඳින්නට හැකි නම් . . .
දුකා
ReplyDeleteසිදුවීම් සිදුවෙන'යුරු
නුඹ කියන්නා සේ උපේක්ෂාවෙන්
දැකිය හැකි නම්....
සැබැවින්ම අපි දිනුවාහු වෙමු...
පුහුදුන් අපට සතුට දැරිය හැකිමුත්
දුක දරනු උගහටය..
පුහුණු විය යුත්තේ
නුඹ කීවා මෙන්
දුකත් සතුටත්
සම සිතින් දැරීමය.....