Saturday, April 03, 2010

කාන්තා අයිතිවාසිකම්?? එතකොට ගැහැණියකගේ යුතුකම් කතා නොකරන්නේ ඇයි??

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර... 3)

ලෝකයම කාන්තා අයිතීන් ගැන බුරනවා.බුරන්නේ අහසට.අහසට හරියට කන් තියනව වගේ. එත් ගෑණු අපි  කීයෙන් කී දෙනාද ගැහැනියක් වශයෙන් අපෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් ගැන කතා කරන්නේ.. මම සිඟාලෝවාද සූත්‍රය සිංහලෙන් ලියන්න යනව නම් නෙමෙයි. ආදර්ශමත් ගැහැනියකගෙ සමාජ භූමිකාව පැතිකඩ තුනකින් පෙන්නනවා විතරයි. අපේ ඉරණම අපිම විසඳා ගන්න දෙයක්.සමාජයට, සංස්කෘතියට, උඩු බුරලලා වැඩක් නැති අපිටම අනන්‍ය පෞරුෂය මත ගොඩනැගිය හැකි අනාගතයක්, මෙහෙවරක් ගැහැනියට තියන බව මම නිර්භයව කියනවා.

1. සමාජ මෙහෙවර -හෙවත් යුගමෙහෙවර
2. කුටුම්භ මෙහෙවර - හෙවත් බිරිඳ -මව භූමිකාව
3. ආධ්‍යාත්මික මෙහෙවර - තමා උස් මහත් කර ගත යුතු පෞරුෂය

මම අංක 3 න් පටන් ගන්නම්. මොකද එයයි ආරම්භය

3. ආධ්‍යාත්මික මෙහෙවර - තමා උස් මහත් කර ගත යුතු පෞරුෂය 

මිනිසෙකු වශයෙන් අප අපවම ගොඩ නැගිය යුතුයි. ගැහනියටත් එය පොදුයි. තම මනස තැනිය යුතුයි. එහි රඟ හඳුනාගත යුතුයි. ශක්තිමත්බව, දරා ගැනීමේ හැකියාව, සංවර්ධනය විය යුතුයි. සමාජ පරිචය, සමාජශීලීතවය, අවබෝධය යනාදී මෙකී නොකී ගුණ අතර ගැහැනියකටම ආවේණික සියුමැලි බව, සුන්දරත්වය, ලගන්නා කතාව , සුමට බවද නිසි අනුපාතයට රැක ගත යුතුයි. පිරිමින් සඳහා නොවෙයි , අංක 2,හා  1 න් කියවෙන ඉතුරු මෙහෙවර සාර්ථක වීම සඳහා. බුද්ධිමත්කම ගැහැනියකට ආභරණයක්. ලෝකය දෙස ඇස් ඇර බලමින් , ලෝකය වටහා ගනිමින්, බුද්ධිමත් සමාජයක් තමා වටා ගොඩ නගා ගනිමින් , හරවත් දෑ ඇසුරු කල යුතුයි. එතනයි උදාර ගැහැනියක්, උදාර බිරිඳක් මවක් සිටින්නේ.

2. කුටුම්භ මෙහෙවර - හෙවත් බිරිඳ -මව භූමිකාව

පවුලක පාදම ගැහැනියකගේ බුද්ධිමත් පාලනය යැයි මම අභීතව කියනවා.බිරිඳ සැමියකුගේ අතවැසිනිය තත්වයට වැටෙන්නේ විහින්ම යැයි මම නිර්භයව කියනවා. අංක 3 මෙහෙවර ඉටු වෙන බිරිඳකගෙන් නිවස බලා ගැනීම, ඉවීම, ඉතුරු යුතුකම් කිරීම හැරුනු කොට බුද්ධිමත් සැමියෙකුනම් තම ගැහැනියගේ ආදර්ශවත් පෞරුෂය මැණිකක් ලෙස සලකාවි.

දුවෙක් තුල සිටින අනාගත ගැහැනිය තීරණය වන්නේ අම්මාගේ පෞරුෂයෙන්. පුතෙක් ගැහැනිය කෙබඳු සත්වයෙක්දැයි මුලින්ම නිගමන වලට එලඹෙන්නේ අම්මගේ ප්‍රතිරූපයෙන්. ඒ නිගමන දුවෙකුගේ -පුතෙකුගේ හිතේ මියෙන තුරාවටම තිබෙන ආකල්ප බවට පත් වෙනවා. අම්මා තාත්තට කතා කරන විදිය, භාවිත කරන වචන, දෙයකට ප්‍රතිචාර දක්වන විදියේ පටන් අම්ම සමාජයේ හැසිරෙන විදිය දක්වා හැම දෙයක්ම දුවෙකුට ක්ලෝනීකරණය වෙනවා.එය කොතරම් අවැසි උනත් යටිහිතෙන් ඉන් පසු ඉවත් කරන්න බොහොම අපහසුයි.

පුතෙක් ගැහැනිය නිර්වචනය කරන්නේ අම්මාගේ ස්වභාවය විශ්ලේෂණය කිරීමෙන්. ඒ නිසාම අම්මලා- බොහොම පරිස්සමෙන්. ඔබ තමයි දරුවන්ගෙ හැම ආකල්පයකම  ආරම්භය.!

1. සමාජ මෙහෙවර -හෙවත් යුගමෙහෙවර

සමාජය තුල බොහෝ ගැහැනුන් 3,2 මෙහෙවරින් නවතිනවා.එයම තමා වැරැද්ද.

අවබෝධාත්මක බුද්ධිමත් ගැහැනිය සිතා බැලිය යුතුයි තමුන්ගෙන් සමාජයට අබැටක්වත් මෙහෙයක් නොවිය යුතුද කියා. විය යුතුයි..මම කෑගසා කියනවා. විය යුතුමයි!!!

තම පරිණතිය ආධ්‍යාත්මයෙන්, මවක , බිරිඳක සේ වඩවා ගන්නා ගැහැනිය තුල සමාජයට තමාගෙන් ඉටු විය යුතු යුග මෙහෙවර නොසලකා සිටින්නට සිතුවිල්ලක් ඇත්නම් එයට කිසි සේත්ම සමාව දිය නොහැකියි.

බුද්ධිමත්, අන්තවාදී නොවෙන හරවත් ශක්තිමත් දරුවන් තැනීම එහි විසාල කොටසක්. ලමයි ලොකු මහත් කිරීම, බලා ගැනීම,ඉස්කෝලේ යැවීම,පංති ගෙනයාම, කන්න බොන්න දීම අංක 2 මෙහෙවර තුල වුවත් ඉතාම සුලු(1%) කොටසක් විතරයි. ඉතුරු 99% ඇත්තේ යුග මෙහෙවරයි. දරුවන්ගේ මනස තැනීම. සමාජාවබෝදය ලබා දීම. ඔවුන්ගේ ජීවිතය තේරුම් ගැනීම. දුෂ්කරතාවන්ට මුහුණ දෙන හැටි ඉගැන්වීම. සිතුවිලි අවබෝධ කිරීමට හුරු කරවීම. ආදරය, ලිංගිකත්වය පමණක් නොවෙයි සමාජ විෂමතාවන් පිලිබඳ ඔවුන්ගේ දර්ශනය පුළුල් කිරීම මිස අකුල් නොහෙලීම..මෙයයි මවකගේ උදාර යුග මෙහෙවර...!

ගැහැනියක වශයෙන් සමාජය එක බිඳිත්තක්වත් තිගැස්විය හැකි හඬක් වීම (අයිතීන් වෙනුවෙන් නෙමෙයි - දාර්ශනික සිතිවිලි වෙනුවෙන්- අඳුරේ ඉන්නා මිනිසුන්ට පුංචි එලියක් දැල්වීම වෙනුවෙන්)ඉතාම වැදගත්. නොවන්නේත් එයමයි . තමුන් දුර්වල යයි  පවසන ගැහැනිය කුසීත ගැහැනියක්- තම මෙහෙවර නොසලකා හරින්නියක් මිසක් වෙන කිසිවෙකුත් නොවෙයි.

27 comments:

  1. හොඳ ලිපියක්. යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ගැහැණිය හා මිනිසා යන දෙදෙනාගේම කැපවීම වැදගත් වෙනවා

    ReplyDelete
  2. කාන්තාවක් විසින් මේටික කියපු එක හරි වටිනවා.

    ReplyDelete
  3. The marriage and the social responsibilities
    between male and female are really cumbersome.

    That's why staying away from them.
    That's why I had selected a lonely life.Too much complexities too much.Yes that's too much.

    ReplyDelete
  4. nice article and it is a treat to read such a wonderful thinking of yours.
    As Yashodara was behind Sidhartha, Vihara Maha devi was behind Dutu gamunu ...there is a women behind a every success story in history as well as the contemporary world.

    ReplyDelete
  5. ලොව ලස්සන කරන්නට තම දිරිය සිත
    යොදනා ළඳුන් තවමත් හිඟ වෙලා නැත
    ගැහැනුන් තමන් දිවි සැරියෙහි දිනනු ඇත
    නුඹ වැනි ළඳුන් ලියනා තෙක් නැතිව තිත!

    ReplyDelete
  6. මගෙ ලොකය මැවුම්කරු අම්මායි. ඔනැම කාන්තාවක් තුල ජිවත් වෙන අම්මාව සමාජයෙ මිනිසුන් දකින්නට පුරුදු පුහුණු කල විට මෙ ඇතිවි ඇති ප්‍රශ්න බොහොමය අවම කල හැක.. අධ්‍යාපනය තිබිය යුත්තෙ රටට වැඩ දායක මිනිසුන් පිරිසක් බිහි කිරිමට...

    ReplyDelete
  7. ඒ විතරක් නොවෙයී. මේ දවස් වල කාන්තාවන් හරිම කම්මැලියී. රට ගිහිල්ල වලං හොදනවා මදී. මේ නිසා රටේ ආදායම අන්තිමයී. ෆැක්ටරිවල තේවතු වල කරන වැඩත් මදී. ඒ ඔක්කොම කරලා ඉවර උනාට පස්සේ තමයී ඔය උඩහ වගකීම් වලට අත දාන්න ඕනෙ. නැත්තම් ඉතින් ලමයී ගගේ තමයී.

    ReplyDelete
  8. සමාජයක් ගොඩනැඟිය හැක්කේත් විනාශ කල හැක්කේත් කාන්තාවටයි. ඒ මොකද දරුවන්ට පියාට වඩා මව සෑමවිටම සමීපයි..

    ReplyDelete
  9. ඉතාම වැදගත් ලිපියක්... අනිත් හැමෝම වගේ කාන්තා අයිතීන් ගැන කෑගහමින් ඉන්නේ නැතුව, ඔබ වගේ හිතන උදවිය ගැන සතුටු වෙනවා.

    ReplyDelete
  10. හොද අර්තවත් ලිපියක්...අනිත් කාන්තවනුත් මේ වගෙ හිතනවන්ම් මේ රට කොචර හොද වෙයිද?

    ReplyDelete
  11. ආයෙමත් ඉතාම අගය කල හැකි හොඳ ප්‍රතිචාර ගොන්නක් එක්වීම ගැන මම ඔයාල හැමෝටම කෘතඥ වෙනවා... මේ බුද්ධිමය සංවාදය මා ඇරඹුවත් එහි ගලා යාම නිර්මාණය කරන්නේ ඔබ විසින්.. සයිබර් අවකාශය තුල හරවත් දෑ සොයා යන ගමනේ හමුවන නුඹලා නාඳුනන්නන් පිරි නගරයක හමුවුනු හිතවතුන් වගේ...

    dreezone කියන්නා වගේ ගැහැණිය පමණක් නෙමෙයි, පවුලේ මුදුන් මුලෙහි 50%ක වගකීම පිරිමියාත් දැරිය යුතුයි. කන්න සල්ලි හම්බ කිරීමේ මුවාවෙන් මේ සමාජමය වගකීමෙන් ගැලවිය නොහැකියි. එය ගැහැණිය මතම පමණක් පැටවිය යුතු බරක්ද නෙමෙයි. එය සිහි කැඳවීම ගැන, පිරිමියෙක් වශයෙන් එහි මා අතපසු කල කොටස ඌණ පූරණය කලාට, ඔබට ස්තූතියි dreezone.මා හිතන්නේ සඳුන් ධම්මික පවා බර කොට පවසන්නේ මේ වටිනා අදහසමයි.හැබැයි සඳුන්, වගකීමෙහි බර දරන්නට අභීතව සූදානම් වීමත් එකතරා අභියෝගයක්. එයින් මිදී සිටීම හොඳයි. එහෙත් මා ලියන්නේ එහි අනුගතව සිටින බහුතරයක් වෙනුවෙන්. එනම් අනුගතව සිටින බහුතරයට එය අර්ථවත් කර ගැනීමට පන්නරයක් වීම සඳහායි. ඔබේ දාර්ශනික අන්තය මා නොපිලිගන්නවා නෙමෙයි - තනිව නොව, හුදෙකලාව සිටීම බ්‍රහ්මාස්වාදයකැයි බුදුදහමෙහි සඳහන් වෙනවා.

    යසේල, ගැහැණියකට හැකියි ලෝකය මවන්නත් නසන්නත්.රොෂාන් කියපු ඒ වැකිය හරියටම හරි. එයට හේතුව ගැහැනියකගේ ආකර්ශනයම වෙන්න ඇති. ආකර්ශනීය ගැහැනියක දිහා කවුරුත් ඇසිපිය නොහෙලා බලා ඉන්නා සේම, ලොව තැනිය හැකි උතුම් ගැහැනුන් නිසා ලෝකය එකලු වූ අවස්ථා අනන්තයි. තෙරේසා මවුතුමිය කුඩා කල පටන් මා සිතේ නොමැකී සිටින දැවැන්ත හෙවනැල්ලක්. ඒ හෙවනැල්ලෙහි සිසිල , සුවය ඈ සිහි කරන හැම විටම මා හදට පිවිසෙනවා. ඈ දයා කරුණාවෙන් ලෝකය හැඩ කල සොඳුරු කාන්තාවක්. දරා ගැනීම, සෙනෙහස, ආදරය ඈ හදවතින් ලෝකයට කාන්දු වූවා.. ඈ කලේ යුග මෙහෙවරක්.

    නන්දිතා දාස්, සුනෙත්‍රා රාජකරුණානායක,... තව බොහෝ මෙවන් සොඳුරු ගැහැනුන් මා දකින අන්දමට ලෝකය හැඩ කරන්නට එක පින්සල් පහරක් වත් හෙලූ අමිල යුග කතුන්... තරිඳු , කාන්තා අපිම මේ දේවල් කතා කලයුතුයි නේද? අපේ බුද්ධිය අඩු

    ලංසුවෙන් තකන්නට ඉඩ හැර සිටිමින් , ලෝකයට දොස් නගා වැඩක් නැහැ. ඒ වෙනුවට අප අඳුරට එක පහනක් හෝ දල්වන්නට අපේ බුද්ධිය මෙහෙයවිය යුතුයි නේද?

    contd to the next comment...

    ReplyDelete
  12. ශ්‍රි මංජුල, කවි නම් අපූරුයි ඔයාගේ.. ලියන්න ලියන්න දිගටම. ඔයාලා දන්න හැම කාන්තාවකටම මෙ සමාජ පණිවිඩය අරන් යන්න, අතපය අකුලගෙන බින්න බැහැලා ඉන්නවට වඩා පියවරක් ඉදිරියට තියලා යුග මෙහෙවරකට දායක වෙන එකේ වටිනාකම කියල දෙන්න.

    මේ හැබැයි එක දෙයක්.. මගේ ලිවීමේ අරමුණ වරදවා වටහා ගන්න එපා. මෙය කිසිම දේශපාලනික අරමුණකින්වත්, කාන්තා අයිතිවාසිකම් හෝ සංවිධාන අරමුණකින්වත් ලියවෙන්නක් නම් නෙමෙයි. මා කොතැනත් පෙනී සිටින්නේ මා නමැති ඒකචාරී චරිතය ලෙස පමණයි. එය අදටත් හෙටටත් එහෙමමයි. හේතුව මෙවන් අරමුණු තුල විවිධාකාර මුහුණු මිස අවංක අරමුණු කල්ලි තුල ඉ‍ටු නොවෙන නිසා. එනිසා මේ හඬ හීන් කෙඳිරියක් තරම් දුබල එකක් වුවත් මට කම් නැහැ. නිහඬව සිටිනවාට වඩා කෙඳිරියකින් හෝ කන් එක දෙකක් අරවන්න මට හැකිනම්...ඒ මට ඇති..

    රවා..හුඟ කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ නේ? ඔව් අම්මා කියන්නේ දුවෙකුගෙත් පුතෙකුගෙත් හිත තුල පැලපදියම් වෙන ගැහැණු ප්‍රතිරූපය.. එනිසාම තමයි කාන්තාව බුද්ධියෙන් මේරූ පරිණත ලෙස ලෝකය දකින සත්වයකු විය යුත්තේ... බුද්ධිය වඩා නොගන්නා කාන්තාවට දරුවන් වදන්නට, ලොකු මහත් කර ගන්නට මිස උතුම් මිනිසුන් තනන්නට නොහැකියි. ජීවිතය පිලිබඳ ගැඹුරු දහමක් හුරු නොකල ගැහැනියට බැහැ එවන් ගැඹුරක් තම දරුවෙකු තුලට කාන්දු කරවන්න.. මම වැරදිද?

    මම එය එයම නැවත නැවත කියනවා.. ගැහැනියගේ බුද්ධිය මෙහෙයවිය යුත්තේ මහන්නට, ගොතන්නට, දරුවන්ට පාරේ යන පැත්ත කියා දෙන්නට, උයන්නට පිහන්නට නොවෙයි . ඒවා ජීවිතය තුල එදිනෙදා කර්යක්ෂමව සිදුවීගෙන යන පුරුදු පමණයි. ඊට එහා යන මෙහෙවරක් ඉ‍ටු විය යුතුයි. පවුලට, තමන්ට සහ රටට...!

    කොලු..ඔබ ලියුවේ උපහාසයෙන් යැයි මා හිතනවා.ශ්‍රම දායකත්වය යනු බැල මෙහෙවර කිරීමම නෙමෙයි... ඉන් ඔබ්බට ගිය සමාජ මෙහෙවරක් තම තමුන්ගේ මට්ටමේ හැටියට හැම ගැහැනියකටම තියනවා. එයට පංති භේදයක් නැහැ.

    සමීර , තරිඳු සහ හසිත... ඔබේ දිරි ගැන්වීම් වලට ස්තූතියි... හරවත් අදහස් වලින් තවත් මා පෝෂණය කරන්නැයි මම ආරාධනා කරනවා... මේ සංවාදය කිසිදු වෙන අරමුණක් සඳහා නෙමෙයි.. හරවත් දෙයක් කොහේ හෝ ලේඛනගත කොට තබන්නේ කවදා හෝ කාට හෝ මෙය ඇස ගැටී මොහොතක් හෝ සිතා බලා ජීවිතයට යමක් එකතු කරගත හැකි වීම සඳහා පමණයි...

    නැවත නැවතත් ස්තූතියි Dreezone,තරිඳු, සඳුන්, යසේල, ශ්‍රි මංජුල, රවා, කොලු, රොෂාන්, සමීර සහ හසිතට.... මේ මනුස්සකම ගැන උනන හැඟීම් තව තවත් බෙදා ගමු... ජය වේවා!

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. වත්මන් සමාජයේ ප්‍රශ්ණ රැසකට විසඳුම් මෙම කාරණා කිහිපය තුළ තියනවා. හොඳ ලිපියක්.

    ReplyDelete
  15. හරි හරි, මිස් පෝස්ට් කරන්න , අපි කමෙන්ට් කරන්නම්.. එහෙම හොඳයි නේද?

    ReplyDelete
  16. රොෂාන් මොකෝ මේ කලින් කමෙන්ට් එක අයින් කලේ ??? කොහොමත් සමාජමය වටිනාකමක් තියන දේවල් ලියන එක හොඳයි. ඒක තමුන්ගේ බ්ලොග් එකෙන්ම කරන්න. අලුත් බ්ලොග් නෙමෙයි.

    සුජිත්ව නම් මම කමෙන්ට් වල දැක්කේ පලමු වරට වගේ.... සාදරයෙන් පිලිගන්නවා මනුස්සකම බෙදා ගන්න. ජය වේවා! ඔබේ අදහසුත් මීට මුසු කරන්න අවකාශ තිබෙනවා....

    ReplyDelete
  17. අයියෝ..... මම සෑහෙන්න පරක්කු වෙලානේ. ඇයි අප්පා මම මේක කලින් නොදැක්කෙ. මන් හැමදාම ඇවිත් බලනවා අලුත් මොකුත් ලියලද කියලා. ශි... මට මේක මිස් වෙලානේ. කමක් නෑ. පරක්කු වෙලා හරි මගේ අදහස කියන්නම්කො.
    අක්කෙ ඔයා කාන්තාවගෙන් වෙන්න ඕන යුතුකම් ගැන කතා කරනවා. නමුත් කීයෙන් කී දෙනාද එහෙම කරන්නේ. හැම කාන්තාවක්ම ඔය කෝණෙන් ලෝකෙ දිහා බලනවනම් කාන්තා සංවිධාන කියල දෙයක් ලොකෙ බිහි වෙන විදියක් නෑ. අනිත් එක ඔයා ඔය කිව්ව කරුණු තුන කාන්තා ඔයාලට විතරක් නෙවෙයි පිරිමි අපිටත් පොදුයි. පුතෙක් ,සොහොයුරෙක්, මිතුරෙක්, ස්වාමි පුරුශයෙක්, පියෙක් ලෙසින් තම යුග මෙහෙවර ඉටු කරමින් පියෙකුගෙ භූමිකාව තුලින් තම පවුල ශක්තිමත් කරමින් උස් මහත් කොට ගත් පෞරුෂය නිසි පරිදි කලමණාකරනය කරගැනීම සෑම පිරිමියෙකුගෙන්ම වෙන්න ඕන කාර්‍ය බාරයක්. නමුත් ඕක දෙපාර්ශවයෙන්ම වෙනවද කියන එකයි තියෙන ලොකුම ගැටලුව. යුතුකම් හරි ආකාරව ඉශ්ට වෙනවනම් අයිතිවාසිකම් ගැන කෑමොර දෙන්න ඕන වෙන්නෙ නෑ. නමුත් අපි හැමදාම කතා කරන්නෙ අයිතිවාසිකම් ගැන විතරයි. මන් හැමදාම කියන මාන්නය, මිනිස් හිතේ රජයනකම් මේ සමාජ තත්වය වෙනස් කරන්න කාටවත් හැකි වෙන්නෙ නෑ. නමුත් ඔබ වැන්නවුන් දැකීමෙන් ඒ දවස ලඟ ලඟම ඒදෝයි සිතේ ලොකු බලාපොරොතුවක් ඇති උනා. ඔය අකාරයෙන් සිතන්නන් වැඩි වැඩියෙන් බිහි වේනම් මන් හිතන්නේ ඒ දවස වැඩි ඈතක නෙවෙයි. අනේ වාසනාවන්....

    ReplyDelete
  18. වටින ලිපියක්. මම මේක මගේ මූනු පොතේ ශෙයාර් කලා . . . හොඳ දෙවල් කියවන්න හැමෝටම මඟ පෙන්නන ඕනනේ . .

    ReplyDelete
  19. අනුරාධ මල්ලී...කොහෙද අප්පා මෙච්චර කල් ගිහින් හිටියේ...? කමක් නෑ පරක්කු වෙලා නමුත් ඇවිත් ඔයා පල කරලා ගිය අදහස් ටික ගොඩා..ක් වටිනවා මල්ලී... :-)

    කාන්තා සංවිධාන කියන්නේ මුලාවක් මල්ලි...හරියට හඳට උඩු බුරනවා වගේ. හඳ කියන්නේ එලිය දෙන වස්තුවක් . උඩු බිරූ පලියට එලිය එහා මෙහා කරන්න බැහැනේ.. නේද?

    ඔව්..පිරිමි හැමෝටමත් මේ කාරණා පොදුයි..නමුත් ගැහැනියට මේ මෙහෙවරෙහි බර වැඩියි. අර කලින් රවා කිව්වා වගේ මවක් කියන්නේ අපේ role model එක.. පෞරුෂය කලමනාකරණය ඉතාම වැදගත් ඔනෑම සත්වයෙකුට.. වැඩේ කියන්නේ අපේ සමාජයේ ඒක ගැහැනිය විසින් හිතා මතා මග හැරලා නිකම් උඩ බලාගෙන සිටින එකයි. "අපි ගෑනු..අපිට ඕවා බැහැ" කියන්නේ කම්මැලි මෙලෝ ආත්මයක් නැති උන්.. උන්ට ගැහැනු කියන්නත් මම කැමති නැහැ.

    අපිට පුලුවන් මේ වගේ සංවාද වලින් ගැහැනු අතරට මේ පණිවිඩය අරන් යන්න... නිකම් බලන්න මල්ලි,,, මේ ලිපියට කමෙන්ට් දාල තියනවද එක ගෑනු කෙනෙක්?? ඔන්න ඕකයි තත්වේ...

    ReplyDelete
  20. දුකා ...

    ඔයා මගේ බ්ලොග් එක පැත්තේ ආවට හුඟාක් සං‍තෝසයි අයියේ... ජය වේවා..! ගොඩාක් ස්තූතියි මේක මූනු පොතේ ශෙයාර් කලාට...ඒක ලොකු දෙයක් මට... මේ සමාජ පණිවිඩය දෙන්න මට උදව් කලාට ගොඩාක් පින්..

    දුකා ලියන දේවල් වලින් , දුකා කියන්නේ මනුස්සකම වෙනුවෙන් සංවේදිව ලියන කෙනෙක් බව මම දන්නවා.. ජය වේවා! ඒ මනුස්සකමම තමා 'සංසාරේ අපි' හිත් අරමුණ..ජය වේවා!

    ReplyDelete
  21. කාන්තාව කියන්නේ අද සමාජයේ බොහෝ කතා බහට ලක් වෙන මතෘකාවක්. මොන හෙතුවක් නිසාද මන්දා කාන්තාව කියන්නේ අමුතුම සත්වයෙක් විදියට මිනිසුන් අතර අර්ථගැන්විලා තියෙනවා. සමාජය තුල කාන්තාව සැලකෙන්නෙ කුමන ආකාරයෙන්ද කියන එක ගැන මම අයේ අමුතුවෙන් සඳහන් කරන්න ඕන කමක් නෑනෙ. මේ ගැන ලියවුන බ්ලොග් ලිපි ගනනාවක් මම දැක්කා. තරිඳු අයියා ත්‍රිපිකටය හා කාන්තාව ගැන අලලා ලියපු ලිපිය දැකලා මමත් කාන්තාව ගැන ලිපියක් ලිව්වා. ලෝක කාන්තා දිනේ දවසේ බිඟු අය්යා දාපු ලිපිය නිසා රවා අයියයි මායි බිඟුලන්තය ඇතුලේ වාද කරගත්තා.
    මෙතන විතරක් නෙවෙයි අද හැම තැනම කාන්තාව ගැන කතා වෙනවා. එක එක්කෙනා එක එක මත පල කරනවා. එක්කෙනෙක් සම තැනක් ගැන කතා කරද්දි තවත් කෙනෙක් නිසි තැන ගැන කතා කරනවා. ඔය අතරෙදි තවත් කෙනෙක් කිසිම තැනක් දෙන්න ඕනෙ නෑ කියල කියන්වා. අපි මේ ලබා දෙන තැන ගැන කර කර ඉන්න මොහොතෙ ලොකේ බොහෝ ස්ථාන වල කාන්තාව විවිධ අඩන්තේට්ටම් වලට ලක් වෙනවා. දූශණයට ලක් වෙනවා. ඔන්න ඕකයි ඇත්ත අක්කෙ. අක්කා කියන කතාව ඇත්ත. හැමෝම කරන්න හඳට උඩු බුරන එකයි. හැමදාම කාන්තාව ගැන කතා වෙනවා. එත් කතාවෙන් විතරයි. ක්‍රියාවෙන් කිසිම පියවරක් ඉස්සරහට තියන්න කවුරුවත් සූදානම් නෑ. අපි හැමදාම කතා වෙනවා. කාන්තාව ඉස්සරහට දාගෙන ගොඩ දෙනෙක් බොර දියේ මාලු බානවා. ඇත්ත තත්වය ඕකයි අක්කේ. අක්කගේ මේ ලිපිය කොටලා මිනිස්සුට පෙව්වත් මන් හිතන්නේ නෑ මේ තත්වය ලෙසියෙන් වෙනස් වෙයි කියලා. නමුත් අක්කා මේ කියන දේ මිනිස්සු හරියට තේරුම් ගන්නවනම්, අනේ ඇත්තටම මේ ලෝකෙ මොන තරම් ලස්සන තැනක් වෙයිද.....

    තරිඳු අයියගේ ලිපිය
    http://mihisara.net/achchaaru/2010/02/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B7%83/

    මගේ ලිපිය
    http://ananthayata.blogspot.com/2010/02/blog-post_16.html

    බිඟු අයියගේ ලිපිය සමඟ රවා අයියගේ හා මගේ වාදය
    http://bingunada.blogspot.com/2010/03/blog-post.html

    ReplyDelete
  22. "කාන්තා සංවිධාන කියන්නේ මුලාවක් " ඒක ඇත්ත. ඒවා ගොඩක් නඩත්තු වෙන්නෙ NGO වලින්... පිටරටවලින් ආධාර එන්නෙ මොකක් හරි අවුලක් පෙන්නුවොතින් විතරයි. ඉතින් මොකක් හරි අවුලක් මවාපාලා වීඩියෝ කරලා පෙන්නනවා කීයක් හරි හම්බ කරන්න. ලැබෙන මුදලින් සතයක්වත් වීඩියෝවෙ මූන පෙන්නන අයට හම්බවෙනවද දන් නෑ.

    මේ ලිපියට කමෙන්ට් දාල තියනවද එක ගෑනු කෙනෙක්??
    සමහර තරුණියන්/ගැහැණු අය පිරිමි නම් වලින් තමයි ජංජාලෙ සැරිසරන්නෙ මිස්..ඒ නිසා හොයාගන්න අමාරුයි..

    ඔය විදියටම පිරිමි ගැනත් ලියන්න...

    ReplyDelete
  23. අඳුරට දැල් වූ මේ එක පහනින්
    එක් මනසක හෝ ඇස් ඇරුනොත්
    හෙට ලොව අදටත් වඩා එලිය වෙයි
    පවුලට ආ ලෝකයක් වෙමින්...!!!!!!!
    ජීවිතේ මල් මේ ලිපිය හරිම වැදගත්..කවුරුත් කතා කරන්න වැඩිය අකමැති දේවල් මේ විදියට එලි දැක් වීම ගැන ස්තූතියි!!! නංගී

    ReplyDelete
  24. අනුරාධ මල්ලි...
    ස්තූතියි ආයෙමත් ලිවුවට..සමාවෙන්න ඕනා ටිකක් බිසී නිසා ලියන්න බැරිඋනා පිලිතුරු...

    කතා බහ නම් බොහොමයි මල්ලී..ක්‍රියාත්මක වීම් තමා හිඟ... අපි උනත් කතාව මිසක් පියවරකට යනව අඩුයිනෙ. නේද? කාන්තාව ඉස්සරහට දාන්න , කාන්තාව මුලුගැන්නිලා හැංගිල්ලා ඉන්න දුර්වල සත්ව කොටසක් කියන ලේබලේ ගහගෙන ඉන්නේ කාන්තාවම නෙමෙයිද? මට එහෙමත් හිතෙනව..ලින්ක්ස් ටිකට ස්තුතියි. අනිත් හැමෝටමත් පුලුවන්නේ ඒ ලිපිත් බලල සන්සන්දනය කරන්න.

    රොෂාන්
    NGO ගැන නම් කතා කරන්න එපා... මහම මහ බොරුවක්.. සල්ලි ටික නාස්ති කරන්න රටේ සමාජ ප්‍රශ්න අතකොලුවක් කරගෙන තියනව .එච්චරම තමයි.

    නිමන්ති
    ස්තූතියි ඔයාගේ දිරිගැන්වීමට . ඔව් අපි මේ වගේ අඳුරට එක පුංචි පහනක් හරි නොදැල්වුවොත් අපි ඇත්තටම මම ලිපියෙන් ලිවුව අංක 1 මෙහෙවර නොකරන අධමයින් බවට පත් වෙනව...

    ReplyDelete
  25. ඔයානම් මාරයි. කොහොමද ඔච්චර ගැඹුරට හිතන්න පුරුදුවුනේ. මේ විදිහට හිතන කාන්තාවක් මම දැක්කමයි.

    ReplyDelete
  26. ඉතාම වැදගත්.එකිනෙකාට ගරුකරන එකිනෙකා මත යැපෙන නොබෙදුනු සමාජයක් අපට ඕන.අතිභයානක ස්ත්‍රීවාදය ගැන දැනුවත් වෙන්නත් ඕන
    http://sthreevaadaya.blogspot.com/

    ReplyDelete
  27. ඇත්තටම කාන්තාවන් තමන්ට ස්වභාවදර්මයෙන් පිහිටන ස්ත්‍රීත්වය කේන්ද්‍රගත කරගෙන තම ජීවිත හඩගසාගතයුතුයි. පෞරුශත්වය කියන්නෙ පිරිමින්ට ලාක්ශනික දෙයක් ඒක කන්තාවන් තමන්ගෙ අන්ගේ දගත්තොත් වෙන්නෙ මුලු ලි0ගිකත්වයම අසමබර වෙන එකයි. හොන්දම දේ තමයි තමන්ට උපතින් ලබෙන මොලයෙන් හිතල තමන්ගෙ හන්ගීම් දනීම් වලට අනුව තමන්ට ගලපෙන දේත් නොගෑලපෙන දෙත් වෙන්කරගෙන තම ජීවිත හඩගසාගනීමයි.
    තමන්ගෙ ලි0ගික අවශ්යතා මතුවෙනකොට විතරක් ස්ත්‍රිත්වය හොයන අනෙක් වෙලාවට එම ස්ත්‍රිත්වයම හෙලාදකින කුහක පිරිමින් ගෑනුන්ට පිරිමින් කරන හෑම දෙයක්ම කරමින් පෞරුශත්වය වර්දනය කරගන්න බොරු උපදෙස් දුන්නට ගනන් ගන්න එපා. ඔවුන් මුලු කාන්තාසමාජයම විනාස කරනව. එහෙම කරල ලින්ගිකත්වයත් විකුර්ති කර දමනවා.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->