Saturday, April 10, 2010

INTERජාලෙට HOT HOT අවුරුදු වේවා !!!



2010-4-10 මා Interජාලෙට ලියූ අවුරුදු පැතුම

SMS තිහ හතලිහ ඉගිලෙයි
Facebook එකට තව වැඩ ගොඩ වෙයි
අන්තර් ජාලෙට බෝ පින් සිදු වෙයි
අවුරුදු උණුසුම ජාලය කලඹයි

අවුරුදු Forward ස්පෑම් නොවේවා
Broadband වේගය වැඩි වේවා
Wap , SMS මිල අඩු වේවා
අන්තර්ජාලෙට අවුරුදු වේවා!



1997- 4 - 14  මා දු‍ටු අවුරුද්ද

කෙසෙල් කැනක් දොර දුමේ ඉදෙනවා
ඔන්චිලි වාරම් ගමට ඇහෙනවා
ගුඩු කෙලි පංචිය දොරට වඩිනවා
අවුරුදු ආ වග හිතට කියනවා

දශකයක වෙනස!!!...............

මිනිස්කම බෙදාගන්න ආදරනීය හදවත් හැමෙකටම...
ස්තූතියි..
සිනා බෝ වෙන අවුරුද්දක් වේවා!

ජීවිතේ මල් විසින්

2010-4-10 දා මහ දවල් 12.30 ට අන්තර්ජාලයට සහ එහි සහෘදයන් ට ලියූ කවියක්

24 comments:

  1. මිස් ඇතුලුව බ්ලොග් අවකාශයේ/ජංජාලේ සැමටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!


    කොච්චර ලේසිද බලන්න මිස්...
    මුණගැහෙන්න ඕනෙත් නෑ.
    කතාකරන්න ඕනිත් නෑ.(call waiting නෑ,call 4wording නෑ, number busy නෑ, නෙට්වර්ක් එකේ අක්කා කතා කරන්නෙත් නෑ)

    ටයිප් කරලා select all (recipients) කරලා..සෙන්ඩ් කරන්නයි තියෙන්නෙ.. ගියෙ නැත්නම් error මැසේජ් ආවාම resend කරන්නයි තියෙන්නෙ...


    ලේසියි..පහසුයි..ඒ වගේම ඉක්මන්...කාලයත් ඉතුරුයි..
    තාස්සනේටත් (technology) සුබ අලුත්අවුරුද්දක් පතමු..

    ReplyDelete
  2. ඔය කාලයත් සමගම ලෝකය වෙනස් වුනා විතරක් නෙමේ අපිත් වයසට ගියානේ.
    මෙන්න තවත් කාලයකට පසුඃ

    නිවාස ණය නිමවේවා
    බැංකු ගිනුම තරවේවා
    ලැබූ අළුත් අවුරුද්දේ
    හැමටම ජය අත්වේවා!

    ReplyDelete
  3. කාලේ හැටියට තාලේ කිව්වලු.

    උදාවන්නා වූ නව වසර සැමට සුභ වේවා !!!!!!

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක්.

    ඒත් ඉස්සර තරම් අවුරුදු සිරියක් දැන් තියෙද ??? මම බ්ලොග් එකෙත් දැම්ම පොස්ට් එකක් මට දැනෙන දේ ගැන.
    කාලයත් එක්ක වෙනස් වෙනව නම් තමා ඉතින්.

    ReplyDelete
  5. ජිවිතෙ මල් ටත් සතුට සෞභාග්‍ය සොම්නසින් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...

    ReplyDelete
  6. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා! කියල ඔන්න මිස් මමත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  7. කාලය මැව් වෙනසක අරුමේ . .. !!!

    නේද නගේ . . ???

    ReplyDelete
  8. ඔයා මාත් එක්ක තරහ වෙලා දෑන් මාසෙකටත් වෑඩ්යි ඔයා නිසාම තමයි මම මේ තෑනට අද ඈවිත් තරහ නෑතුව මේ මල්ලි කියන ලියන දේවලුත් කියන්න අක්කේ වෑරද්දක් උනා නම් සොරි....

    http://www.athugalpura-zone.co.cc

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි...!!! ජිවිතේ මල්
    ජිවිතේ මල් ඇතුලු බ්ලොග් අවකාශයේ සියලුම දෙනාට සතුට පිරි සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
  10. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. ඒක නම් ඇත්ත සිස්...
    එදා අපි දැකපු අවුරුද්දයි... දැන් දකින අවුරුද්දයි කොච්චර වෙනස් ද...

    මං මේ හිතුවේ අපි ඉස්සරහට දකින්න ඉන්න අවුරුද්ද මොනවග වෙයිද කියලයි...

    ඔබටත් පවුලේ සියළු දෙනාටත් සාමය, සෞභාග්‍යය සපිරි, මිනිස්කම උතුරන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  12. ඒක නේන්නම් රොෂාන් ලමයෝ...ලේසියි..පහසුයි..කරදර අඩුයි..ඒත් ඈත් වීම වැඩියි නේද? අපි හැමෝම විශ්ව ගම්මානයේ තනිවෙලා.... තාක්ෂණේ එක වෙලාවකට ආශිර්වාදයක් උනාට සමහර වෙලාවට අපිව හරි ‍රැලෙන් තනි වෙච්ච සමාජශීලී අඩු මිනිස්සු බවට පත් කරලද කියල හිතෙනව.. නැද්ද?
    සුබ නව වසරක් වේවා ඔයාටත් රොෂාන්,,,, අධ්‍යාවනය ඉහලින්ම සාර්ථක වෙන වසරක් වේවා!

    කතන්දර.... අපි නම් වයස ගිහින් නැ‍තෝ :-) හී හී... කතන්දරකුමාර , කතන්දර සීයා උනාට :p
    ඔය කී ප්‍රාර්ථනාවලට අමතරව රස රස කයි කතන්දර තව තව බිහිවෙන වසරක් වේවා සීයේ >... හී හී :-)

    හසිත මලේ..ඔව් ඔව් ...දේසේ හැටියට බාසේ වගේ කාලේ හැටියට තමා නව අවුරුදු... ඔයාටත් උදා වන වසර වැඩි වැඩියෙන් බ්ලොග් ලිය ලිය ගත වෙන වසරක් වේවා!

    අහ් ඔයාගෙ පෝස්ට් එක මම කියව්ව පිස්සෝ.... හරි දුකයි ඒ බැඳියාව අපෙන් ගිලිහෙන එකට. රොෂාන් කීව වගේ අපි පරිඝනකයේ මිතුරන් වී සමාඅජයෙන් සැඟවී ඉන්නවදෝ මන්දා... ඔයාටත් සුබම අවුරුද්දක් වේවා!

    රවා මලේ.... ඔයාටත් කිරියෙන් පැනියෙන් , ඇස් ඇම් ඇස් ඔග්ඩාක් ලැබෙන වසරක් වේවා!! හී හී

    ReplyDelete
  13. ආදර කතාව කොහිද සැඟවී සිටියේ ... ආ?? විබාගේ කොහොමද කියලවත් මට කිව්වෙ නැහැ..:( කෙසේ වෙතත් මාව අමතක නොවුනට ස්තූතියි... ඔයාටත් හිත හැදෙන, අලුත් බලාපොරොත්තු ලඟා වෙන නැවුම් අවුරුද්දක් පතනවා... සිප් සතර හරියට නිමකරන්න... ජීවිතෙ ඉතිරි දෙවල් ඉබෙම විස‍ඳෙයි,,,

    දුකා අයියා.... ඒක නේන්නම්.... කාලය විසින් රොෂාන් කී දේ ලෝකය තුල වෙලා නේද ?ඔබේ අලුත් පෝස්ට් එක කියවල කමෙන්ට් එකක් ලියා ගන්නත් බැරි තරම් සසල වෙලා ඉන්නේ.. ඒක හරිම වටින පෝස්ට් එකක්... ඒත් ඒ ගැන මගේ opinion එකකුත් තියනව ලියන්නම ඕනා... මේ අවුරුද්දට පෙර කරන්න වෙලා තියන charter වගකීම් ටික ඉවර උනාම එයට කමෙන්ට් එකක් ලියන්න හිතා ඉන්නවා..
    ඔබ වැනි සංවේදි මිනිසුන් තව තව ලියන්නට පෙලඹෙන , ඔබටත් වැඩි වැඩියෙන් මේ වගේ සමාජ ප්‍රශ්න ලියන්නට ඔලුවට එන වසරක් වේවා!! මුලු දුකා පවුලටම(ඒ පවුල ගැනම අපි පෝස්ට් වල අහලා තියනවනේ) සාමය සතුට රජ වූ වසරක් වේවා!!

    දේවා මල්ලි.. මගේ තරහට හේතුව ඔයා දන්නවා.. ඒත් කල් ගත වෙන අමනාපයක් නැහැ... ඒත් හිත රිදුනා.. ඒ ගැන කනගා‍ටුයි මට තවමත්.. මොනව උනත්, සුබ නව වසරක් මල්ලි!

    යසෙල.. හෙවත් බොහොම ගැඹුරු ලෙස සමජය දකින්නා... :-) ඔබටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  14. රවෙන්
    ස්තූතියි පැතුමට... ඔයාටත් වැඩි වැඩියෙන් බ්ලොග් ලියවෙන ශෝක් වසරක් උදා වේවා!! හී හී

    සන්සරසිදු
    ඉස්සරහට දකින්න ලැබෙන අවුරුද්ද ගැන කවියක් ලියන්නකෝ...
    ඔබටත් ඔබේ පවුලටත් සතුට සාමය රජ වෙන අවුරුද්දක් උදා වේවා!!!!!!

    නිමන්තියෝ
    ජීවිතෙ මල් ට බ්ලොග් අවකාශයේ හමුවුන 1st යාලුවා ඔයා.. ඔයා දන්නවද ? ඔයා තමා ඉස්සෙලම මගෙ බ්ලොග් එකකට කමෙන්ට් එකක් දැම්මේ... ඒ මතකය හැමදාම මම තියා ගන්නවා... මතකනෙ මගෙ myblog.lk හි තිබ්බ ලිපියකට ඔයා කමෙන්ට් කලා.. :-) ඉතින් මගෙ පලවෙනි බ්ලොග් මිතුරී.. ඔයාට සුබ නව වසරක්. !

    ReplyDelete
  15. මටත් මේ අවකාශයේ බ්ලොග් එකක් නැති වුනාට ඔබ සියලු දෙනාගෙ ලිපි කියවනව ඒවා ගොඩක් රස විඳිනවා ඉතින් ඔබ සියලු දෙනාටම
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  16. @මම
    ඔබට බ්ලොග් එකක් නැත්නම් අලුත් බ්ලොග් එකක් පටන් ගන්නට හිතෙන , සෞභාග්‍යමත් වසරක් වේවා!!!!

    ReplyDelete
  17. මිස් myblog.lk එකේ තිබුණ බ්ලොග් එකේ නම මොකක්ද? ඒකේ සංරක්ෂිතයක්වත් (backup) තියෙනවා නම් මේ බ්ලොග් එකට ආනයනය(import) කරන්නකෝ කරුණාකරලා....

    ReplyDelete
  18. siyalu pathum etuwela..aluth pathum ekwela..jeewithe mal yayak wewa...!!!

    ReplyDelete
  19. රොෂාන්....MYBLOG තිබ්බ ඔක්කොම පොස්ට් මම මේකෙ දාල තියනවා,,,,

    නෙතාරා ඔයාටත් සුබම සුබ , නැවුම් බලාපොරොත්තු එක් වෙන, ඒවා ඉ‍ටු වෙන ලස්සන වසරක් පතනවා......

    ReplyDelete
  20. thankoo thankoo nage . . oyaalatath esema weawaa .. . . .. !

    ReplyDelete
  21. ආවඩා අයුබෝවේවා....!

    ReplyDelete
  22. අම්මපා මේ අනුරාධ මල්ලියගේ කොමෙන්‍ටුව මිස් වෙලානේ... ඔන්න තරහ නැහැනේ.... මල්ලි ඔයාටත් සුබම සුබ ඉදිරි අවුරුද්දක් පතනවා... සියලු පැතුම් ඉ‍ටු වේවා!! වැඩි වැඩියෙන් ලස්සන කවි ලියවේවා!

    ReplyDelete
  23. වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ. මුනු පොතේ ෆොටෝ එකක් දැම්ම ටැග් කරගෙන කරගෙන ගියා. හොඳ SMS ක් එනකම් ඉඳල ඒක පෝලිමටම ෆෝර්වර්ඩ් කරගෙන කරගෙන ගියා..... හරී සුභ පැතුව...


    දිල්ස් අක්කටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!!!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->