Wednesday, April 21, 2010

මමයි වැරදිකාරිය!.(මා මෙතෙක් ලියූ වියවුල් සහගතම ලිපිය)


ජීවිතය දිහා ... මා ලියන දිහා.. මා ජීවත් වෙන දිහා මම බලා ඉන්නවා... එහි අරුත හොයමින් මම මෙලෝ සංසාරයක් නැතිව මාව කපල කොටනවා... මැන බලනවා.. ඒත් මට හදිසියෙම දෙයක්  හිතුනා.. "මම මා දෙසටම  හැරුන මනසක් ඇති, ඒ මනස කපා කොටමින්ම කාලය ගත කරන, ලෝකය දෙස බලනවාට වඩා මා දෙස බලා විවරණය කරන" චරිතයක්දැයි මට හදිසියේම හිතුන.

මටත් හිතෙන දේවල්... !

ලෝකය දිහා, ලෝකයේ විවිධාකාර දේවල් විඳින, විඳවන මිනිසුන් දිහා දකින්නට මේ කාලයෙන් කොටසක් වැය නොකරන්නේ මන්දැයි මට හිතෙන්නට ගත්තා.. උදේ පාන්දර  ගාලු පාරේ බස් එකක ඉඳගෙන(පුරුදු සංහිඳියාව මට ඇති වෙන්නේ නොර්මල් බස් එකක ඉඳගෙන යනකොටනේ) වහපු කඩ සාප්පු  ඉදිරිපිට  අගු පිල් වලින් නින්දෙන් ඇහැරී යා යුතු අත නොදැන නිරුත්තරව සිටින පදික මිනිසුන් දකිද්දියි මට එක පාරටම මෙහෙම හිතුනේ..ලෝකයේ , අපි ජීවත් වෙන පරිසරයේම අපට අඟල් කීපයක් ඈතින් විශාල වෙනස්කම් , මානසික පරිසරයන්ගේ හිර වී , ගොලු වී සිටින එහෙත් අප කරන්නාක් මෙන්ම "සාමාන්‍ය" බවක් පෙන්වන මිනිසුන් කොතෙක් දැයි මට හිතෙන්නට ගත්තේ, මෙතරම් තීව්‍රව දැනෙන්නට ගත්තේ, ඊයේ කියවූ ලිපියක් නිසයි...


පුදුමාකාර අසාමාන්‍ය අයුරින් ජීවිතය , සිතුම් පැතුම් සිරගත කොට විඳවන්නන් ගැන හට ගත් දයාව, අනුකම්පාව පෙරදැරිව ඉහත ලිපිය දු‍ටු,ඉන් සසල වූ මා , ලෝකයෙන් ස්වභාව රීතියට එකඟ දේ හා පටහැණි දේ යනුවෙන් , 'පිලිගත් සම්මතයක්" නිර්මාණය වී ඇති අයුරුත් , එයින් තවෙකෙකු විකෘතියෙකු, අනුකම්පා ලැබිය යුත්තෙකු, අසාමන්‍යයෙකු ලෙස වර්ගීකරණය වෙන අයුරුත් සංවේදනය කලා.. එයින් මා මනස කැලැඹුනා පමණක් නෙමෙයි..ඉන් දුකටත් සංතාපයටත් පත් උනා.. මා කරන්නේ කුමක්ද? මා දෙසම බලා සිටිනවා නොවේදයි මොහොතක තිගැස්මක් ඇති කලා.. එයින් මා නැවත නැවත කැලඹුනා..

මෙ සිතුවිල්ල මම එක්තරා මිතුරෙකුට කීවා.ඔහු මා කී දේ අසා මෙසේ කීවා. "අපට ජීවිතේ පේන දේවල් වැඩියි.. ඒ නිසාම මනසේ සහනය සංහිඳියාව අඩුයි, මොකද මිනිසුන්ගේ හිත්, එහි සුවඳ වගේම දුගඳ අපට අන් අයට වඩා ආඝ්‍රානය වන නිසා.. අප මනසින් සොඳුරු ලොවක් ගොඩ නගනවා..එයම අප බාහිර ලෝකයෙන් බලාපොරොත්තු වෙනවා".( මේ කතාවම රවා මල්ලිත් කිව්ව කලින් පෝස්ට් එකක කමෙන්ට් එකක) එය එසේ ද? එසේ නොවේද?

මා ව්‍යාකූල උනා.... හිතා ගන්න බැරිව මොහොතකට..මා නිරුත්තර වුනා.... මගේ ආත්මය මා ගැන ප්‍රශ්නාර්ථ ගොඩාක් මගේ හිස වටා භ්‍රමණය කරන්නා සේ මට දැනුනා.."ඇයි මම මෙච්චර හිතන්නේ?" මගේ උඩු හිත මාව සනසවන්න වෑයම් කරනවා... උඩු හිතට ඕනා මා නිදි කරවන්න..තව තවත් නිරුත්තර නොකර.. ඒත් හිතුවක්කාර යටි හිත තවතවත් ඇලෙනව ඒ අරමුනෙහිම..මම ඇසිල්ලකට මා ගැන හිතන මම දෙස බලන් හිටියා..

හැම දාමත් ඔය ඇස් දෙක දු‍ටුවෙ එකම දෙයයි.. "මම, මගේ හිත, මට වෙච්ච දේ, මට වෙන්න යනදේ..." මමත්වය මූලික වුන සිතිවිලි... යලිත් මගේ හිස බමන්නට ගත්තා...යටි හිත මට එල්ල කල චෝදනාව බරපතලයි. මට උත්තර නැහැ...

මා ලියූ දේත් ව්‍යාකූලයි. එය ජීර්ණය වේදැයි මට සැකයි. බොහෝ කලකට පසු මම මා ගැන ලියූ දෙයක් මේ.. මා මනස අවුල් වියවුල් වී , ව්‍යාකූල වී ඇතැයි මගේ ලිවීම දෙස් දෙනවාදැයි මට සිතෙනවා... එය මා ලියූ දේ තුල සිතුවම් වී ඇතැයිත් හිතෙනවා.. මොකද උවමනා දේට වඩා , මොනවාදෝ වෙනත් දෑ ලියවී තිබෙන්නා සේ හැ‍ඟෙන නිසා... මීට වඩා අදට ලියන්නටවත්, කියවන්නටවත් බැරි බව උඩු යටි දෙහිතම දැන් කෑ ගසා කියනවා...

අසමතුලිත මනසක් තුලින් එබී මට තව දුරටත් ජීවිතය තුල මල් පිපෙන හැටි දකිත හැකි වේදැයි මා මගෙන්ම අසනවා.. ජීවිතේ එක් මලකට එබී දකිනවාට වඩා, ලෝකයේ න‍ටු සහ ක‍ටු අගින් පරවී වැටෙන මල් , අතු ඉති කොල පිරුන වනන්තරයට එබෙන්නැයි හිත කියනවා... එහි අඳුර එලිය දෙස දෑස් විහිදන්නැයි හිත කෑමොර ගසනවා...

අද මේ ලියන්නේ සංහිඳුනු මනසින් ජීවිතය විවරණය කරන්නට පොඩි හෝ යත්නයක් දරන , මා පතන සුන්දර ලෝකය වෙනුවෙන් ලියන ජීවිතේ මල් නෙමෙයි...  සංහිඳියාව කොහේ දැයි සොයන, එයින් අවුල් වී , නිරුත්තරව හිඳින, සංකීර්ණ මනසේ ඇවිලී , නිවී, බොඳවී, වැලපෙමින් පණ අදින්නා සේ හුස්මක අරුත සොයමින්,මරනීය තුවාලයක් මත සිතුවමක් අඳින්නා සේ, ආයාසයෙන්  අකුරු අමුණන, පුහුදුන්, අසමබර මනස කෙලින් තබා ගන්නට පොර අල්ලන කෙල්ලක්... එච්චරයි මට දැනෙන්නේ...

මටවත් මා ලීව දේ විසඳ ගන්නට..ලිහා ගන්නට බෑ... මෙය කියවීමෙන් , ඔබත් වියවුල් වූවා නම් මට සමාවන්න... ඉන් නොසංසුන් වූවා නම් සමාවන්න...ඉන් කෝපයට පත් වූවා නම් සමාවන්න.... හදවතින්ම.. වේදනාව මට ලියන්නට ඉඩ නොදී මා මග අවුරා නපුරු ඇස් වලින් මා දිහා බලා සිටිනවා....

මමයි ඊට වැරදිකාරිය....



(මෙය මා මෙතෙක් ලියූ වියවුල් සහගතම ලිපිය විය හැකියි... නොලිවීමෙන්ද සැනැසීමක් නැති නිසා ලිවීමට සිතීමි. මට සමා වන්න...)

14 comments:

  1. ඔබෙ හදවත , බුද්ධියත් එක්ක කරන සටන ගැන වැටහිමක් තියනවා මට.. මා විස්වාස කරන ආකාරයට අපි හැමොම පුංචි පොකුනක ඉන්න මාලුවො ටිකක්.. හැමොගෙම සුවද දැනෙනවා ඔවුන් වටෙ දැවටෙද්දි.. බලාපොරොත්තු පොදි බැඳ කරනා නාඩගම් දුටු විට මනසින් හිනැහෙනවා.. ගැටිම් හැල හැප්පීම් මැද්දෙ හැමොම හැමොවම අරන් ඉස්සරහට යනවා.. මම පොඩි දවස් වල ඉදන් ගොඩාක් මනසින් දුක් විදින කෙනෙක්.. හැබැයි එ වගෙම එතරම්ම සතුටකුත් හිතෙ දරාගෙන තමයි ඉන්නෙ.. මම තෙරුම් ගත්ත විදියට.. මට දැනුන විදියට.. එ අසහනය තමයි මෙච්චර පහසුවෙන් මාව මෙතනට ගෙනත් තියන්නෙ..

    මම ඔයාට කියන්නෙ දුක් විදින එක හිතෙ තියන සංවෙදි බාවය නිසා කියලා හිතනවා නම් ඔයා හිතන එක අඩු කරන්න එපා.. ඔයා බැලුවොත් ඔයාට පෙනෙවි ඔයගෙ මනසෙ විඳිමෙ පරාසය අනිත් අයට වඩා වැඩි බව. හදවතට දැනෙන දුක තරම්ම සතුටකුත් ඔයාට ලබාගැනිමට හැකි බව.. මම කලින් කීවා සෙ ඔයා බයයි.. මිනිස්සුන්ගෙ වචනවලට.. ඔයා හදවතෙ තියන දෙවල් තාම එළියට පෙන්නුවෙ නැහැ. පටන් ගත්තු වෙලාවෙ තිබුන අසහනය එහෙන්මම තියනවා තාමත්. එක පොඩ්ඩක් විතර අඩු වෙලා. එක හින්දා හැමදාම ඔයගෙ නිර්මාණවල එ අසහනය ගැබ් කරලා හරිම ලස්සන කරනවා. මතක තියාගන්න. මිනිස්සුන්ගෙ වචනවලට බය වෙලා ඔයා ඔයාගෙ හදවතට අසධාරණයක් කරන්නෙ. හිතෙ තියන බර එලියට දාන්න. වෙනම බ්ලොග් එක හරි කමක් නැහැ ලියන්න ඔයගෙ ජිවිත කතාව එකෙන් අපිට ගොඩාක් දෙවල් ඉගෙන ගන්න හම්බ වෙයි. ඔයගෙ හදවතත් බොහො දුරට සුවපත් වෙයි. හදවත් හරිම පුංචි.. බය වෙන්න එපා.. මිනිස්සුන්ගෙ වචනවලට එපිටින් තියන මිනිස් අරමුණු ගැන වැටහිමක් ඇතිකරගන්න අක්කා.. තමුන් ලියන්නෙ තමුන්වමයි.. ඔයා කිව්වට මෙ ලිපිය වියවුල් කියලා.. ඔයා ආපහු තව අවුරුදු 10 කින් මෙ ලිපිය කියෙව්වාහම ඔයාට දැනෙයි.. මෙ ලිව්වෙ මගෙ හදවත නෙද මම කොච්චර නිර්මාණ කරත් මාව වහගෙන මෙම ලිපියෙන් මගෙ ජිවිතෙ වෙනසක් සිදු වුණා නෙද..මම හිතනවා අරමුණ අපිව රවට්ටනවා කියලා..

    ReplyDelete
  2. රවා මල්ලි,
    මට මා ගැනවත් විවරණය කල නොහැකි වූ කිහිප දෙයක්ම ඔබ ලියා මට සහනයක් ලඟා කලා කිව්වොත් නිවැරදියි,
    "ඔයා බැලුවොත් ඔයාට පෙනෙවි ඔයගෙ මනසෙ විඳිමෙ පරාසය අනිත් අයට වඩා වැඩි බව. හදවතට දැනෙන දුක තරම්ම සතුටකුත් ඔයාට ලබාගැනිමට හැකි බව" ඔව් මේ කතාව හරි... මගේ විඳීමේ පරාසය ගොඩාක් වැඩියි... ඒ නිසාම මම ලෝකයට නොපෙනෙන්න දරුණු මානසික පීඩා නිහඬව විඳින, ලෝකය ඉස්සරහා එහි උඩු යටිකුරු චරිතය මෙන් , ඉතාම සැහැල්ලුවෙන්, ශක්තියෙන් , දහිරියෙන් ජීවත් වෙන චරිතයක්. එය අවංකවම රඟපෑමක් නෙමෙයි මල්ලි. මගේ ස්වභාවය.
    ඔව් හරියට හරි රවා..මා බයයි.. මගේ බුද්ධිය මට හඬගා සැඟවෙන්නැයි කියනවා. මගේ හදවත විවර වෙන්නට විය සිදුරු සොයනවා... මා හෙවත් මගේ ආත්මය මේ දෙක අතර දෝලනය වෙනවා... ඒ නොදැක්කා සේ සිටිනවා නෙමෙයි. ඒ දකිමින්, ඒ විඳවමින්, සිය දහස් වර මනස කපා කොටා බලමින් වෙහෙසෙද්දී වුවත් ජීවිතේ මල් යැයි කියන්නියක සේ මා අයෝමය ශක්තියකින් හිස ඔසවා ලෝකයට සාඩම්බර බැලුම් හෙලනවා.. හදවත විඳින, විඳවන රිද්මය අහන්නට ඉඩ හසරක් මෙතෙක් දී ඇත්නම් ඒ එකම එක ප්‍රාණියෙකුට විතරයි. මුලු ජීවිතයම, මුලු හුස්මම මුදා හලේ එකම එක ආත්මයකට විතරයි. ඒ ආත්මය මා නමැති ප්‍රෙහේලිකාව සරල සමීකරණයක් වග මටම ආපිට කීවා.. මා සංකීර්ණ නොවන බවත් මා සරල බවත් , ඒ නිසාම බොහෝ දෙනාට මාව ලෙහෙසියෙන් කියවිය හැකි බවත් මටම කීවා.

    මා 100% ම එකගයි..මගේ නිර්මාණ වල තියෙන්නේ අසහනය වේදනාව යැයි ඔබ කියූ කතාවට... ඔව් එය තුනී වෙලා... ඒත් හුස්ම වගේ එය ඉහල පහල යනවා මිස තුනී වීමක් නැතැයි හිතෙනවා...

    ජීවිතය අලුත් ඇස් වලින් දකින්න මා උත්සහ කරනවා.. ඔබේ ප්‍රතිචාරය කියවීමෙන්, ඊට පිලිතුරක් ලිවීමෙන්,වියවුල ටිකක් දුරට ලිහී යන්නා සේ දැනෙනවා... රවා.ඔබට පින්....

    ReplyDelete
  3. අක්ක මම මගෙ බුද්ධිය පාවිච්චි කරන්නෙ ගණන් හදන්න විතරයි.. එත් හදවත කියනවානම් " ඔක හදපන් පලතෙ කිසි කෙනෙක් හදලා නැහැ " එහෙමනම් විතරයි..

    ජිවිතෙ මල් ම දැකලා තියනවා සමහර මිනිසුන්ගෙ ජිවිත.. එයාලව සමහර වෙලාවට බුද්ධිය අතහරිනවා, නමුත් කවදාවත් එයාලගෙ හදවත එයාලව අතහරින්නෙ නැහැ..

    ඔයා ඉන්න පරිසරය අනුව ඔයාට හදවත ඉස්සරහට ගත්තොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්.. නමුත් මම කියන්නෙ එ ප්‍රශ්නවලටත් මුහුන දෙන්න.. මිනිස්සු 1000 ක් ඔයාව නොපිළිගනි.. එක මනුස්සයෙක් ඔයත් එක්ක හිනා වෙවි.. එක තමයි.. වැදගත්ම දෙ හදවත.. මගෙ වටෙ තියන ජිවිත කතා ගොඩක් අවුල් වෙලා තියන්නෙ හදවත් අතර තිබුන ගැටුම් නිසා.. වචන වලට එපිටින් තියන හිත් වල අරමුණු තෙරුම් ගන්න උත්සහා කරන්න.. එවැනි අවස්ථාවල තමුන්ගෙ වචන හසුරවන්න හදවතට දෙන්න එපා.. කෙනෙක් මට බනිද්දි මම කරන්නෙ අහන් ඉන්න එක. මම වැරදි කියලා මට තෙරුනොත් මම සමාව ඉල්ලනවා. මම හරි කියලා හිතුනොත් නිශ්ශබ්දව ඉන්නවා.. මම පොතකින් ඉගනගත්තු දෙයක්.

    ජිවිත්e මල්... ජිවිතෙ මල් අකුරු ආපහු අමුනන්න ගන්න.. බය වෙන්න එපා

    ReplyDelete
  4. මිස් ඉස්සරවෙලාම මට යනවා ගිහින් පාඩම් කරනවා කියන බව මම දන්නවා. ඒත් මිස් මම මේ දවස් ටිකේ ගෙදර ඉන්න වෙලාවත් හොඳටම අඩුයි. ඊයෙ හවස 4විතර ඇවිත් ජංජාලෙ කරක්ගහලා පැය 1/2 විතර ආයෙ ගියා. රෑත් 8.00 ඉඳන් 8.15 වෙනකන් විතරයි මූණුපොත පැත්තෙ ගියෙ. දැන් අද උදේ පොඩ්ඩක් ජංජාලෙ කරක්ගහලා යන්න කියලා ආවා.

    මිස් කමෙන්ට් එක ලින්ක් කරනවානම් ඒකෙ date+time ලින්ක් එක පාවිච්චි කරන්න පුලුවනි. එතකොට පෝස්ට්එක පුරා හොයන් නැතිව කමෙන්ට් එක හරියට ම හොයාගන්න පුලුවනි. නැතිනම් වෙන්නෙ එකම කෙනා කමෙන්ට් කිපයක් දමලා තිබුණොත් මිස් අදහස් කරපු කමෙන්ට් එක මඟහැරෙන එකයි.


    මටවත් මා ලීව දේ විසඳ ගන්නට..ලිහා ගන්නට බෑ... මෙය කියවීමෙන් , ඔබත් වියවුල් වූවා නම් මට සමාවන්න... ඉන් නොසංසුන් වූවා නම් සමාවන්න...ඉන් කෝපයට පත් වූවා නම් සමාවන්න....

    ලිවීමෙන් එම අවුල්/වියවුල් ගතිය මඟහැරේවි කියලා හිතනවා නම් මිස් ලියන්න. ඒ වෙලාවෙම හරි පහුවෙලා හරි , කියවන්න අපි ඉන්නවා. කවුරුවත් නොකියවුවත් මිස්ගෙ හිතට සහනයක් දැනේවි. ඒත් ඊට වඩා සහනයක් දැනේවි මිස් ගැන හොඳට දන්න , කියනදේ හොඳින් තේරුම් ගන්න , බුද්ධිමත් විදියට තීරණ ගන්න , විශ්වාස කරන්න පුලුවන් කෙනෙකුට තමන්ගෙ හිතේ තියෙන අසහනය/වියවුල් ගතිය ගැන කීවොතින්.

    මිස්ට මතක ඇති මූණුපොතෙන් අප්‍රේල්1මට එවපු msg එක. මිස් පොඩ්ඩක් ඒක කියවන්නකෝ.. (මෝඩයාගෙ දවස කියලා මෝඩයින් විසින් වෙන් කරපු දවසෙ එවුවත් ඒක මෝඩ msg එකක් නොවෙයි)

    අපි හිතින් දකින ලෝකය ඒ විදියටම අපිට සැබෑලෝකෙදිත් ලබා ගන්න අමාරුයි. එය ප්‍රායෝගික නෑ. නමුත් අපිට පුල්වනි ඒ ප්‍රායෝගික/සැබෑ ලෝකයට ගැලපෙන විදියට හැඩගැහෙන්න.

    තවත් දෙයක් , ලෝකය දිහා බලලා එහි පෙනෙන දුක කියන දේ තමන්ගෙ මනසෙ පතුලට කිඳාබස්සවාගන්න එපා. ඒවා යම් මට්ටමකින් නවත්වාගන්න. මොකද අපි අපිට සාපේක්ෂව ලෝකය දකින නිසා අපි අසහනයට පත් කරන බාහිර ලෝකයේ දුක කියන දේ ඇත්තටම එයට අදාල අයට දුකක් නොවෙන්න පුලුවනි. මිස් කියාවි මම සංවේදී නෑ කියලා. ඒ වුනාට අධිසංවේදී වුනාම මනස ව්‍යාකූල වෙනවා වැඩියි නේද මිස්?

    (වකුගඩු රෝගියෙකුගේ තාත්තා කියලා කියවා ගන්න මනුස්සයෙක් බස්වල මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා දැකපු අපේ අම්මා ඒ මනුස්සයාගෙන් අහලා තිබුනා ඉස්පිරිතාලෙන් බෙහෙත් දෙන්නෙ නොමිලේ නේද කියලා. ඒ මනුස්සයා කියලා තිබුණා ඉස්සර නම් එහෙම දුන්නා දැන් එහෙම නෑ කියලා. ඒ වුනාට ඒ මනුස්සයාම හැම මාසෙම ඉස්පිරිතාලෙට ඇවිත් බෙහෙත්ටික නොමිලේ අරන් යනවා අම්මා දැකලා තිබුණා. (හැම මාසෙම වටිනාම බෙහෙත් එක (රු20000+) නොමිලේ ලැබෙන්නෙ කලාතුරකින්. ඒ වුනාට එහෙම ලැබුණ මාසවලවත් බස්වලට නැඟලා සල්ලි එකතු නොකර ඉන්න පුලුවනි නේද?)
    දවසක් කොළඔ යද්දි ළමයෙක් බස් එකට නැඟලා කීවා අත ඔපරේෂන් කරන්න තියෙන්නෙ ලබන අඟහරුවාදා. 85000 න් 80000 ක් දැන් තියෙනවා. ඉතුරු මුදල හොයාගන්න උදව් කරන්න කියලා. මම ආපු බස් එකෙන් රු100,50 වගේ නෝට්ටු පවා ලැබුනා. ඒත් සති 3 විතර පස්සෙ ඒ ළමයාම ඒ බස් එකට ම නැඟලා 85000,80000 පරණ කතාවම කීවා. හැමදා සෙනසුරාදාම එකම වෙලාවට එකම බස්එකේ යන අය ඉතින් ඒ ළමයාව ඉක්මනටම බස් එකෙන් බැස්සුවා.
    මුහමලේ ඉඳලා එද්දි බෑග්එකයි පර්ස් එකයි නැතිවුනා කීව ආමි එකේ කීව කොල්ලෙක්ට කෑම්ප් එකට පාර කීවාම මම යන්නම් මල්ලි. සල්ලි නැත්නම් අවුලක් නෑ කීවා.
    මේ වගේ සිද්දි නිසා මම දැන් වැඩිය සංවේදී වෙන්නෙ නෑ.

    මුදලක් ඉල්ලන කෙනෙකුට මුදලක් දෙනඑක අමාරු දෙයක් නොවුනට එය වෙළඳාමක් කරගත් අයට ඒ මුදල දෙනවාට වඩා හොඳයි ඒ මුදලින් බල්ලන්ට කන්ට අරන් දානවා..

    විශේෂම දේ අහන දකින දේ වලින් තමන්ගෙ මනස වැටෙන්න දෙන්න එපා.

    ReplyDelete
  5. රවා

    මා හදවත් එක්ක ගැටෙනවා..මුලු ජීවිත කාලෙම මා හදවතත් එක්ක ගැ‍ටුනා.. හැඬුවා... නිවැරදි නැත්තේ මා යයි මා මගේ ආත්මයටම දොස් නැගුවා.. මා මගේ ආත්මයට දොස් කීවා විතරක් නෙමෙයි, මා , මගේ බුද්ධිය මගේ හදවත සමග බොහෝ සේ රණ්ඩු උනා. ඒත් හදවත ජය ගත්තා හැම මොහොතකම... හදවත ජය ගත්තා... ඒත් බුද්ධිය පරාද උනේ වත් , මාගේ ආත්මය දිනූවේ වත් නැහැ... මට මා අහිමි උනා.. අහිමි කම නොදන්නා සේ මම උන්නා.. තවමත් වියවුල ගිනි කන්දක් වගේ අලු ගිනි දලු විසි කරනවා,,, මා මෙතරම් අවුල් වූ පලමු වතාව මෑත මාස කිහිපයක කාලයේ....

    අකුරු ඇමිණෙනවා රවා.. ඒත් ලියවෙන්නේම අසහනය... ඒත් මා බිමට සමතලා වී නැහැ තවම..
    මා කලින් පෝස්ට් එකක ලියුව වගේ "ජීවිතේ හැටි මෙහෙම තමයි... හැමදාම එක වගේ නෑ... හෙට ඉරක් පායයි" නේද රවා?

    ReplyDelete
  6. රොෂාන්
    මම තවමත් ලෝකය දිහා බලනවාට වඩා මා දිහායි බලා ඉන්නේ... මට එය හිතාගන්න බැහැ... ඔයා ඉතාම දිග වැදගත් ලිපියක් වගේ කමෙන්ට් ලිවුවාට ස්තූතියි...එහි මට උකහා ගන්න බොහෝ දේ තිබෙනවා...

    ඔව් ලෝකය දිහා බලා එහි දුක මා තුලට වැද්ද ගැනීම මටවත් අනුමත කල නොහැකියි. ඒත් එය සිදුවෙනවා..මටත් පාලනය කල නොහැකි වේගයෙන්. මනසේ ඒකාග්‍රතාවය බිඳ හරින්නට බාහිර ප්‍රශ්න කිසිවකට බැහැ..එය කල හැක්කේ මගේ අසම්තුලිත මනස සසල කරන හැඟීමකටම විතරයි... එය මට වටහා ගන්නට බැහැ...

    ReplyDelete
  7. මා බොහෝ සේ අවුලින් අවුලට පත්ව සිටින නිසා මා ලියන ප්‍රතිචාර කිසිදු හරයක් නැති විකාර විය හැකියි රොෂාන් & රවා.. ඊට සමාවන්න... ලිවීමෙන් ටික දවසක් විරාමයක් ගන්නවා... "හෙට ඉරක් පායයි" ...ඔබ හැමෝටම ස්තූතියි....

    ReplyDelete
  8. මට හිතෙන්නේ ඔයා හොඳ නිරවුල් දෙයක් ලියලා තියෙන්නේ.වියවුල් බවක් පේන්න නෑ.

    මට කියලා දෙනවද මේ වගෙ ලස්සන ටෙම්ප්ලේට් එකක් ඇඩ් කර ගන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  9. පුදුමයකට වගේ මටත් මෙහෙම හිතෙන්න අරන්..
    මම නම් දැඩි ලෙස වෙහෙසට පත්වෙලා.එහෙම වෙහෙසින් ලියපුදේ කාටවත්ම හරියට තේරුම් ගන්නත් බැරිවෙලා.
    ඇත්තටම 'අහන දකින දෙයින් අපි වැටෙන්න හොඳ නැහැ' කියලා 'මිත්‍රයා' කියනදේට මම එකඟ වෙනවා.මිනිස්සු නරක අය ඉන්නවා ඒත් ඒ නරක අතරෙම පුංචි හොඳකුත් අපිට කලාතුරකින් හරි දකින්න, හොයාගන්න පුලුවන් වෙනවා..කියන එක මට තේරුනා..
    ඉතින් විවේකයක් අරගන එන්නකෝ..බලන්න..
    මමත් හිතන්නේ හරි යයි වියවුල් මනස :-)
    අමතක කරන්න එපා මම බලාගෙන ඉන්නවා...!!! එදා මම ඔයාට කියපු විදියටම.

    ReplyDelete
  10. hmmmm you are in a confusion....

    theoretically we all should be in a confusion....but fortunately or unfortunately it is not...because we are running...the confusion came to you because you stopped the run...

    there are three concepts in the world...one is world is full of happiness and man should enjoy his life in the world..second one is there is neither happiness nor sorrow in the world, we spend the life as it flows..third one is life is full of sorrows and we should get rid from it..(Lord Buddha)

    our confusion commence from above as we don't know where we stand.

    I accept that if we can understand that how our own mind works then we may understand the problem and solution both.

    To do above, we have to stop our run...I think you have taken the start ( or is it just a temporary break from the run??)..whether you will be success or not, is a matter of your own dedication , concentration and wisdom. For sure I know you have the wisdom....

    ReplyDelete
  11. yasela

    u gave a very clear explanation about my mind state. and yeah , im in a confusion. as i said in one of previous posts - "මට ඕනෑ නවතින්න " , i have stopped (time decides whether its permanent or not)

    i have stopped - and the pause in the run made me think about the inner and outer space to a greater extent.yeah exactly am trying to figure out where i stand, out of the 3 states u described. im confused where i belong. i want to know. i try judging my self, behavior, attitudes all time to figure this out. in fact all 24 hours this is what i do- i try to judge where i stand.. still im searching...
    yeah i have stopped running. but you know what yasela, now my life has two pushes towards unstoppable run im engaged with for 26 years and the wisdoms unstoppable requests to stop running ...
    unavoidably the runs already commenced - have made me weak to take a decision to stop. not because i cant - but the commitments do force me do so. therefore dedication- in question. because the mind struggles to stop running- at least to slow down...

    sometimes i feel too much wisdom- makes me realize most of the human concepts- but the realization will not turn to reality in my life- lacking courage to leave things behind....

    ReplyDelete
  12. නිමන්ති
    පුදුමයි... ඔයාටත් එහෙම හිතෙනවද ... ඔයා නම් මටත් වැඩියේ ලෝකය දිහා බලල ලෝකයේ ප්‍රශ්න ලියන නියම මානව හිතවාදිනියක් අක්කා...ඔව් .. වැටෙන්න තරම් අපි දුබල වෙන්න නරකයි අපි අහන දකින දෙයින්... ඔව් අක්කේ ,,මේක ඉක්මනටම හරි යාවි.... විවේකය කෙටි වෙයි..මට ලිව්වේ නැත්නම් අත කහනවා වගේ.. හී හී... හිත පොඩ්ඩක් හොඳයි.... සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න ටික දවසක් යයි... ස්තූතියි අක්කේ... මාත් බලා ඉන්නවා...:-)

    ReplyDelete
  13. කුමාර
    ඔබ සංසාරේ අපි හි දු‍ටුවේ අදයි... සාදරයෙන් පිලිගන්නවා..
    සමාවෙන්න වියවුල් ලිපියකින් සංසාරේ අපි හඳුන්වා දෙන්න වීම ගැන....
    අහ් සතු‍ටුයි මෙය පැහැදිලි ලිපියකැයි හැඟීම ගැන....

    සමාවෙන්න..ටිකක් ප්‍රතිචාරය පර්ක්කු උනා....

    මම මේ ටෙම්ප්ලේට් එක ගත්තේ deluxetemplate.com කියල අඩවියකින්. පොඩ්ඩක් සොයා බලන්න...:-)

    ReplyDelete
  14. akka api jeewithata, minissunta adaraya karanna ona, eth akka api loka muhuna dila thiyanna hodata wada narakatai,, eka nisa mama nam parissamin inna.. hitha hoda minissunge hitha hoda kama kapati miniha tharum ganna moda kamak widihataii. eka gana nam mata dukai.. jeewith adin nathara wenna naha, ape jeewith gagak wage galagena yanawa. maranaya ena mohathadii api ethanin ath wenawa,, habai sansara iwara wenna naha.... P.D

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->