Friday, December 18, 2020

[403] හෘද සංවාද 34 - Heart Talks 34 - ජීවිතය වෙනස් කරන ගුරු දෙවිවරු - A Teacher's Unconditional Love


"ඔබතුමාට මාව මතකද?" 

"නෑ. කවුද ඔයා?"

"මම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක්."

"හා එහෙමද. බොහොම හොඳයි. ඔයා මොනවද කරන්නෙ දැන්?"

"මම ගුරුවරයෙක්."

"හොඳයිනේ. මම වගේ?"

"ඔව්. ඇත්තම කිව්වොත් මම ගුරුවරයෙක් වුණේ ඔබතුමාව ආදර්ශයට අරගෙන."

"ඇත්තද? ඒ කොහොමද?"














Friday, December 11, 2020

[402] හෘද සංවාද 33 - Heart Talks 33 - ටයි ගැටයක කලු සුදු වර්ණ - The Colourless Tie Knot

වයෝවෘද්ධ යුවලක් තම දුම්රිය එනතෙක් දුම්රිය පොළේ වාඩිවී සිටිනවා. ඔවුනට අනෙක් පසින් හොඳින් හැඳ පැළඳගත් කළු ජාතික තරුණයෙක්ද සිටිනවා. මහළු කාන්තාව තරුණයා දෙස අහම්බෙන් බලනවා. ඇය මෙම තරුණයාගේ කුමක් හෝ අඩුපාඩුවක් දකිනවා...




Friday, December 04, 2020

[401] හෘද සංවාද 32 - Heart Talks 32 - පුංචි කරුණාවකට සල්ලි වියදම් වෙනවද ? - Kindness is a Free Gift !


එක්තරා කරුණාවන්ත කාන්තාවක් මස් නිෂ්පාදන කම්හලක සේවය කළා.
දවසක් ඇය සේවය අවසන් වෙන්නට කිට්ටු වෙලාවක දහයක් පමණ වූ ශීත ගබඩාවලින් එකකට ඇතුල් උනා යම්කිසි පරික්ෂා කිරීමකට....

අවාසනාවන්ත ලෙස ඇය එළියට එන්නට පෙර ශීත ගබඩාවේ දොර... එළියෙන් අගුල වැටුනා.

ඇය වේගයෙන් දොරට ගැහුවා... කෑ ගැසුවා...නමුත් ඇය ම දන්නවා මේ ගබඩාවේ ඇතුළේ සිට මොනතරම් කෑගැහුවත් පිටතට නෑසෙන බව.... 















මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->