Sunday, April 18, 2010

මගේ 50 වන කයි කතන්දරය....


2010 ජනවාරි 28 වෙනිදා මම බ්ලොගර් වෙත සම්ප්‍රාප්ත උනේ අහසින් කඩා වැ‍ටුනා වගේ.. මෙච්චර කල් හරිහමන් හැටියට වනා ගන්න බැරි කඩ්ඩෙන් අරවා මේවා නිය හපා ගෙන ලියුව මේ මම, කලිනුත් කිසිම හරයක් නැති බ්ලොග් කීපයකටම අතගහලා තිබ්බ මීට අවුරුදු 2 කට විතර කලින්. ඒත් සංසාරේ කවුද දන්නේ සිංහලෙන් බ්ලොග් ලියන්න ඇහැකි කියා... ඉතින් මේ මම බ්ලොග් ඇරියා..වැහුවා.. කඩ්ඩ වැනුවා..ඒ කඩුවෙන්ම මාත් කැපිලා ගියා... ඔන්න ඔහොමයි මන්දගාමී බ්ලොග් ලිවිල්ලක් කොරන් ගියේ...

2010 ජනවාරියේ මගේ හිතවත්ම යාලුවෙක් තමා මේ සිංහල බ්ලොග් ගැන හෝඩුවාව දුන්නේ... " ඔයා දන්නවද ලස්සනට සිංහල බ්ලොග් ලියන අය ඉන්නවා.. නිකමට sinhalabloggers.com එකට ගිහින් බලන්නකෝ... ඔයත් ලියන්නකෝ බ්ලොග් එකක්.."  ඔන්න බ්ලොග් විසබීජේ මට කැවුවා මගේ යාලුවා.. :-) ස්තූතියි ඊට..මොකෝ ඒ හෝඩුවාව නොවෙන්න මම අදටත් දන්නේ නැහැ මේ සිංහල බ්ලොග් ගැන... 

ඔන්න ඉතිං මම sinhalabloggers.com  එකෙන් අලුත් බ්ලොග් කීපයකම රස බලලා ඉල ඇදෙන්න හිනා කාලා ( eg: bloggysdiary)  ඔන්න ඉබේම පැණි හැලියට ඇඹලයෙක් ඇදෙන්නා සේ බ්ලොග්කරණයට යොමු උනා.

ඉස්සෙල්ලම මම බ්ලොග් එක හැදුවේ myblog.lk හිදියි. ඒත් දෙයියනේ මම ලියන බ්ලොග් මමම කියවද්දි ඉන් එහා වැඩක් නොවෙද්දි තමා මේ පුංචි මොලේට තේරුනේ සින්ඩියට ඇතුල් උනා නම් හරි කියලා. ඒත් දෙයියනේ rss feed address එක ලියා ගන්න බැරුව තව ටික දවසක් ගෙවුනා.. හයියෝ.. myblog.lk හි සිංහල තාක්ෂණ වදන් වලින් ඔලුව මොංගල් වෙලා, බ්ලොග් ලිවිල්ල තිත්ත වෙලා ඉද්දි එක පාරම තමා හිතුනේ මෙච්චර කල් පුරුදු බ්ලොගර් එකට මාරු උනා නම් හරිනේ කියලා. ඔන්න ඒ කාලෙම කොහොමෙන් කොහොමෙන් හරි ගූගල් දෙයියො මට rss address එකත් හොයා දුන්නෙහිය.

ඔන්න ඔහොමයි මම sansaare.blogspot එකට පැන්නේ. ඒ හරියටම ජනවාරි 28 වෙනිදා... import facility ගැන මෙලෝ දෙයක් සිංහල තාක්ෂණ වදන් නිසා කොර ගන්න තේරුනේ නැති නිසා මම කලේ පෝස්ට් එකෙන් පෝස්ට් එකට copy-paste කල එක... :-)

මේ බ්ලොග් සෙල්ලම පටන් අරන් දැනට මාස 3ක් වෙනවා.මට මතක හැටියට ජනවාරි 18 තමා myblog එකවුන්ට් එක හැදුවේ...ඔන්න ටික දවසක් යනකොට තමා මට මේ widget කෙරුවාව, google friendconnet කෙරුවාව එහෙම ජීර්ණය උනේ..ඕන්න ඔහොම පැන්න බ්ලොග් අවකාසේ දැන් මාස තුනක් පිරෙද්දි මේ 50 වෙනි පෝස්ට් එක ලියවෙනවා..

මට මේ බ්ලොග් එකෙන් ලැබුනු දේවල් කිහිපයක් තියනවා...
1. ජීවිතේ බිංදුවටම කඩා වැටී අරමුණු සමතලා වී හසරක් නොමැතිව උන්නු ආත්මයට ජීවත් වීමට අරමුණක් ලැබීම...
2. 1994 සිට 2002 විතර වෙන තුරු පාසල් ජීවිතය නිම වෙන තුරුම ගෙවුන මගේ තෘප්තිකර සාහිතකාමී ජීවිතය, අවුරුදු 8 ක් (2010 වන තුරු) මිය ඇදී තිබෙද්දී.. එය පණ ගසා ඒම...
3. පෙර කී ලිවීම යලිත් ජීවිතයට උරා ගනිද්දී... ඉන් ජීවත් වීම තුල තෘප්තිය ජනිත වීම... ආත්ම තෘප්තිය...
4. බොහෝ ගැඹුරු අදහස් ඇති සොඳුරු මිතුරි මිතුරි පිරිවරක් සමග නිතර අදහස් බෙදා ගන්නට ලැබීම...ඉන් ජීවත් වන්නට සුදුසු කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීම... (ඊට ඔබ හැමට ස්තූතියි)
5. බොහෝ වටිනා දෑ කියවන්නට ලැබීම..ඉන් පෝෂණය වීම..

1 සිට 5 තෙක් මේ ඇත්තේ ප්‍රමුඛතා පිලිවෙලක් නම් නොවේ.. මේ සියලු දෑ මා ලද්දේ මේ සොඳුරු බ්ලොග් පි‍ටුවත් , එය කියවන ඔබත් නිසාය... යම් දාක එය ජීවිතයක් ‍රැක ගැනීමක් තරම්ම පුණ්‍යකිරියාවක් සේ ඔබටද වැටහෙනු ඇත... එය එසේය... 

 මා ණය ගැතියි... ජීවිතේ නන්නත්තාර නොකල ඔබට... අලුත් කෝණ පෙන්නන ඔබට...දිරි ගැන්වූ ඔබට... ජීවිතයට ලිවීම නැවැත ලඟා කර දුන් ඔබට...ස්තූතියි...

 මා ලියන්නේ ජීවිතය වෙනුවෙන්.. එහි ආදරය, සතුට, හිනහව මෙන්ම , දුක, වේදනාව යනාදී ගොඩක් දේ තියෙනවා... කොයි දේ ගැනත් මා ලියන්නේ මම දකින විදිය. එහි බොහෝ අඩුපාඩු ඇති. එනිසාම මා දකින විදිය යනු හරි විදිය කියා අර්ථ ගන්වන්නට මා කැමැති නැහැ. ඒ වෙනුවටයි ඔබ සඳහාම ඉඩක් තිබෙන්නේ,,...මා නොදකින කෝණය, මට නොපෙනෙන අන්තයක් වේ නම්, එය පෙන්වා දීම ඔබ සතුයි. එයින් මෙය කියවන්නා තුල සියලු පැතිකඩට මනස විවර වෙනවා නොවේද? බුද්ධිමත් කියවන්නා හැම පැතිකඩක්ම මා සහ ඔබ ලියූ දෑ අතුරින් කියවා බලා තුලනාත්මක දර්ශනයක් හදා නොගනීවිද? එනිසාම මේ සාමූහික ව්‍යායාමයක් යැයි හඳුන්වන්න මා කැමතියි.


මේ සාමූහික ව්‍යායාමය හුදෙක් මිනිස්කම ලද අප, මිනිස්කම ලද අනුනට දෙය හැකි කුඩා තිලිණයක්ම පමණක් වේවි.. ඒ ඇති මට ජීවත් වන්නට.,.. ආත්මය සැනහේවි ... මා එක අකුරක් හෝ මිනිස්කම වෙනුවෙන් ලියූ වග.. මා තෘප්තිමත් කරාවි... 


50 වන කයි කතන්දරය, මේ 72ක් වූ friend connect  හි ලැගුම් ගෙන ඉන්නා  සොඳුරු හිත් ඇත්තවුනටත්,එහි නැතත් මේ කියවන සොඳුරු හිතැති ඔබටත්, මිනිස්කම් දන්නා සංවේදී හිතැති ආදරනීය මිනිසුන්ටත් පුදමි...



ජීවිතය මලක් වී
එහි රේණු සැලෙන සඳ
න‍ටුවෙන් නොබා
වැර ගෙන මම උනිමි ... 

අත් නොහල හුස්ම
එක් මිටට කැටිව
කව් පදක කැලැතී
පණ ගසන හැටි බැලිමි...

එකව් එක එක ගෙන
ඇමිණි හර අතින් ගෙන
බෝ අදර සිතැත්තිව
මිනිස්කමටම පුදමි....

28 comments:

  1. මිස් ලිපි 50 ගණන් කරද්දි චෝදනා කීපයක් තියෙනවා..
    තාක්ෂණික ලිපි පමණක් ලියමින් තාක්ෂණික බ්ලොග් එකක් කරමින් සිටි මගේ සිංහල බ්ලොග්එක වෙනත් නිර්මාණ වලින් පුරවලා අච්චාරුවක් කරලා දැම්මෙත් මිස් තමයි.හික්ස් (කරන්න බෑ කියලා හිතලා 7වසරෙදි නවත්තලා දාපු මගේ නිර්මාණකරණය නැවත මතක් කරවුයෙත් මිස් තමයි) මේ විදියෙ චෝදනා ගොඩක් තියෙනවා..ඒ ඔක්කොම දාන්න ඕන නෑ නෙව. අනික් අයටත් ප්‍රතිචාර දාන්න ඉඩ තියන්න ඕන නිසා මේ ඇති නේද මිස්??

    ඒ වගේම ජීවිතේ බිංදුවටම කඩා වැටී අරමුණු සමතලා වී හසරක් නොමැතිව උන්නු ආත්මයට ජීවත් වීමට අරමුණක් ලැබීම... එක අරමුණකට සීමා නොවේවි කියලා හිතනවා මිස්..

    72ක් වූ friend connect -- wordpress ගියොතින් ගණන් කරලා බොරු...wordpress එක friend connect වලට support කරනවාද දන් නෑ...

    මිනිස්කම ගැන ලියන්න, මිනිස්කම පෝෂණය කරන්න තවදුරටත් ඔබට හැකිවේවායි පතමි. (ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා නොකරන්නෙ ඒ දෙකම මිස්ට ඕනෑවටත් වඩා තියෙන බව දන්න නිසා)

    කැමති කෝණයකින් ලෝකය දකින්න..(ඒ මොකද අපි ලෝකය දකින්නෙ අපි එකිනෙකාට වෙන්වූ රාමුවක් තුලින් නිසා)

    බ්ලොග් කෙරුවාව සමඟ අනාගතයේදී වැඩිපුර ගැවසෙන්න නොලැබේවි. මොකද මට,විභාගය බ්ලොග් කෙරුවාවට වඩා වැදගත් නිසා. පුලුවන් වෙලාවට ඇවිත් යන්නම්..
    මිස්ට(+මිස්ගේ බ්ලොග් කෙරුවාවට+මිස්ගේ නිර්මාණකරණයට) සුභ අනාගතයක්.(ඡන්ද දැන්වීමක් නොවෙයි මිස්)

    ReplyDelete
  2. අපේ උණුසුම් සුබ පැතුම්!!! :) :)

    ReplyDelete
  3. mage subha pathum . . .! heta liyannam wadi vistarayak

    ReplyDelete
  4. සුභ පතනවා තුන් මස් සපිරුණු බ්ලොග් කෙරුවාවට.... දිගටම ලියන්න.. මොකද ඔය 72ක් වූ friend connect ඇතුලේ මමත් ඉන්නවනේ....

    ReplyDelete
  5. ඔබට ඔබ ගැන ආඩම්බර නම් එයම ඇති.
    ඇත්ත, බ්ලොග් ලියද්දි ජීවිතයට අමුතු පනක් එන එක.
    මම 73න් වෙනියා වෙන්නම් කෝ ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හපොයි දෙයියනේ!! මේවා දැක්කාම මට වහ කන්න හිතෙනවා නොවැ.. මම අවුරුද්දක් ගිහිල්ලත් ලියලා තියෙන්නේ තාමත් බ්ලොග් පෝස්ට් 26යි..

    ලියන්න දිගටම, පුලුවන් වෙලාවට බලන්නම්කෝ..
    සුබ පැතුම්!!

    ReplyDelete
  8. මගෙනුත් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  9. මා ණය ගැතියි.

    ඔව් ඔව්...
    ගොඩාක්..
    මේ අවුරුද්දේදීවත් ඒක ගෙවන්න ලෑස්තිද?
    හික්ස්...

    සුබ ගමන්....


    /බිඟුවා...!

    ReplyDelete
  10. අහ් මිත්‍රයා... ඔන්න චෝදනාව බරපතලයි කොල්ලෝ... තාක්සනයෙන් ඇට්ටකුනා නොවී මම ජීවිතේට සාහිත රසයක් අරං ආවට එහෙනම් මිත්‍රයෝ, මට නුඹ ණය ගැතියි... හෙ හෙ ...හි හී.... තව තව ඔබේ බ්ලොග් ජාලය ජංජාලයක් වී කවි වලින් අවුල් වී කෝලමක් වේවායි පතන්නම්....
    ඔව් ඔව්..මම පිස්සෙක් වගේ (පිස්සියෙක් වගේ) ලියනවා..ඒත් ලියන දේ පිස්සුවට වඩා යමක් ඇතැයි හිතනවා..නො එසේ නම් නොපමාව කියනු මැන....
    ස්තූතියි මිත්‍රයෝ සුභ පැතුවාට.... මේ බ්ලොග් කෙරුවාව තව තව අයට හඳුන්වාදී ඔවුන්වද ඔබේ තත්වයට පත් කිරීමට මා අදහස් කරං ඉන්නවා...:-)

    CD Athuraliya මහත්තයෝ.... Thankuu වේවා සුභ පැතුමට...ඇත්තටම ඉතිං ලැජාවේ බෑ..මොකෝ සුබ පතන්න දේකුත් නෙවෙයි නෙව.. හී හී... මොනා උනත් මනුස්සකමනේ මේ බෙදා ගන්නේ.. ඊට මගේ උපරිම ආචාරය....by the way... ඔය CD කිව්වේ compact disk වත්ද?

    දුකා... හෙවත් සංවේදී ලියන්නා... ස්තූතියි සුබ පැතුමට.... singrisiය වැඩ කොරන්නේ නැතුවාවත්ද"? :-)

    DJ Slash නම්බර් 73 :-) හී හී.. ගණන් ගන්න එපා.. උදේ පාන්දර නිසා ටිකක් මට හොල්මන්... ඔව් ඔව්..මට මම ගැන සං‍තෝසයි... ආඩම්බර වෙන්න තරම් නම් මම තවම ලොකු දෙයක් ලියන්නෙ කරන්නේ නැහැ නොවැ// ඒත් ආත්ම තෘප්තිය නම් උපරිමයි.... ස්තූතියි 73 වෙනියා උනාට.. ආයෙත් ඇවිත් යන්න එන්න හොඳේ...ස්තූතියි ඇවිත් කුරු‍ටු ගෑවට මේකේ,,,,:-)

    පිස්සෝ..බලං ගියාම පිස්සියෙක් වගේ කොම්පීතරේ කොටල තියෙන්නේ මම නොවැ..:-) හපොයි... මම මේකට ඇබ්බැහි වෙලාද මන්දා,,, ඒත් එක නම් හොඳ පුරුද්දක් නෙමෙයි නේද?ස්තූති වේවා පිස්සගේ සුබ පැතුමටත්... පිස්සුවෙන් වගේ මේ පැත්තේ ගොඩ වී යන්න හොඳේ :-)

    යසෙල ..අහ් උණු උණු සුබ පැතුම් වලින් මේ මම තැම්බිලා ඉන්න වෙලාවේ , මේ ගැඹුරු දර්ශනය ලියන ඔබටත් ස්තූතියි බෝම ස්තූතියි කියන්න ඕනා... ඔබේ කමෙන්ට් මා ලියූ සමහර දේ සමබර කරන්න උපකාරී උන බව නොකියාම බැහැ... ස්තූතියි ඒ හැමදේටම....

    බිඟු... අම්මෝ මේ කොරන්නේ ණය ගෙවිල්ලම නේන්නම්...ගෙවීගෙන ගිහින් මගේ ඇඟිලි , කොටලම ... හී හී..Thankuu සෝ මච්.. හොඳේ සුබ පැතුමට...රේස් ගියේ නම් නෑ,,, එත් පාලු වෙච්ච ආත්මෙට ලොකූ සැනසිල්ල ගේන්න මේ බ්ලොග් කෙරුවාවට පුලුවන් උනා.. ගෙවී ගෙන යන කාලය කල්පනා කර කර සිට ඔලුව විකාර නොකර ගැනීමට මා කලේ ලිවීම.. වෙන නරක දේකට ඇබ්බැහි නොවී මේ කල එක හොඳ නැද්ද? .... අහ් දැන් 8 වන මාසය ලියන්නේ නැද්ද? කෝ? හී හී....

    ReplyDelete
  11. නිශාචරයෝ..අයියෝ හොරෙන්ම ඇවිත්..මේ මම දැක්කේ නැහැනේ කොමෙන්‍ටුව තිබිල dashboard එකේ...publish කොරන්න බැරි වෙලා නෙව... ඔන්න තරහ නම් වෙන්න එපා.. දැනුයි පබිලිස් කලේ... තන්කූ තන්කූ වේවා සුබ පැතුවට... තුන් මස් සපිරි බ්ලොග් කෙරුවාව දැන් නම් ඉතිං කොරන් යනවා දිගටම.. එහි සම්පූර්ණ වරද පැටවෙන්නේ මාව මේ බ්ලොග් කෙරුවාවට ආසක්ත කොට, කුල්මත් කොට(වරදවා වටහා ගන්න එපා.. සාහිත රසයෙන් හොඳේ) මේ තුල ඇද බැඳ තබා ගත් ඔබලා ගේ ප්‍රතිචාර සහ ඔබලා ලියන රසවත් බ්ලොග්.ස්තූතියි ඊට... වරදක් උවත් හිතකින් නොවේ නේ ...:-). ජය වේවා!!!!

    ReplyDelete
  12. මම තරහ වෙන්න තමයි හැදුවේ.... හිතකින් නෙමෙයි නිසා ඔන්න සමාව දුන්නා... හි හි හී... ජීවිතේ මල් මල් ම වේවා.... :D

    ReplyDelete
  13. ඉක්මනටම centuryයත් ගහමු මිස්. Run Out වෙන්නේ නැතුව ලස්සනට ඉනිම සෙල්ලම් කරන්න. සනත් අයියගෙන් පස්සෙ ගැහුව වේගවත්ම Half Century එකද මන්ද. කොහොම කොහොම හරි ඔන්න ඉතින් ආදර කතාවත් හදවතින්ම සුභ පතල ගියා.

    ReplyDelete
  14. ඒම නේන්නම් නිසාචරයෝ... :-) තරහ මරහ හොඳ නෑ මේ අවුරුදු කාලේ... :-) ජීවිතේ මල් මල් බ්ලොගේ තියෙන කල්.... :-)

    අහ් ආදර කතාව, දැන් ලේසියෙන් මේ පැත්තේ එන්නේ නැහැනේ... අපෝ සෙන්චරි හිතන්නේ නෑ ඉක්මනට... මීට වඩා වෙනස් දේ ලියන්න පොඩි විවේකයක් අරං හිතන් ඉන්නේ.. මේ ගමන් වේගය අඩුවේවි, මොකෝ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉවර කර ගන්න පශ්චාත් උපාධි නිබන්ධනයක් තියෙන වග අමතකම කොරලයි මේ උන්නේ.. දැන් නම් හරි යන්නේ නෑ..වැඩේට බහින්නම වෙනවා... ආස උනත් නැතත්..ඒත් ලියන එකට නම් තිත තියන්නේ මලාම තමා.. එතකල් හෙමිහිට හරි ආයෙනම් නවත්තන්නේ නැතුව ලියනවා... සනත් අයියත් පවු මම මේ වේගෙන්ම සෙන්චරි ගැහුවොත්.. නේද? හී හී... ස්තූතියි සුබ පැතුවට/...

    ReplyDelete
  15. අනේ නෑ මිස්. මම හැමදාම මිස්ගේ බ්ලොග් එක බලනවා.

    හ්ම්... එහෙනම් ඉතින් සෙන්චරිය ටිකක් පරක්කු වෙයි වගේ නේද. කමක් නෑ. ඔව් ඔව්. සෙන්චරිය ගහන්න ඕනේ ටිකක් කල්පනාවෙන්, සංයමයෙන්. ඔන්න ඔහේ වෙලාවක් තිබ්බොත් ඇවිත් කයි කතන්දරයක් ලියල යන්නකෝ. අපි ඇවිත් බලල යන්නම්.

    අර කිව්ව නිබන්ධනයත් උසස්ම විදිහට නිම කරගන්න ශක්තිය දහිරිය නිරෝගී සුවය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජයෙන් ජයවේවා!

    ReplyDelete
  16. ජිවිතෙ මල් .. මම තෙරුම් ගත්තා මුලින්ම ඔයා පටන් ගත්තු වෙලාවෙ.. ඔයා මෙච්චර ලස්සනට වැඩෙ කරද්දි . ඔයා ටෙම්ප්ලෙට් හොයන කාලෙ ඉදන් මෙව්වා කියවන්නෙ.. ඔයා පොඩි වයසට සැහෙන දෙවල් හිතින් විඳලා මෙතනට ඇවිත් .. එත් කොළෙ වහගෙන ඔයා හිතෙ හදාගත්තු සුන්දර ලොකයක් ගැන වදන් අමුණ අමුණ ගහද්දි.. මම බලන් හිටියා.. බ්ලොග් එක ලියන එක තුලින් ලොකු සහනයක් හදවතට දැනෙනවා.. එක ඇත්ත.. හරිම ලස්සන දෙයක්..

    ජිවිතෙ මල්.. ස්තුති ඔයාට

    ReplyDelete
  17. comments nodammata api hamadama enawa oyage bolg ekata dannawada?? magenuth menna subha pathum...!!!!

    ReplyDelete
  18. ආදර කතාව
    සං‍තෝසයි ඇහෙනකොට ඔයාල මගේ බ්ලොග් එකට ආදරය කරනව කියලා.. සෙන්චරිය ගහන අරමුණට වඩා(ප්‍රමානාත්මක අරමුනට වඩා) මම ලියන දේවල් වල ගුණාත්මක පැත්ත වැඩි දියුණු කර ගන්නයි හිතාගෙන ඉන්නේ... ඒත් ලැබෙන හැම වෙලාවෙම ලියනවා..මොකද නැත්නම් අත කහනවා වගේ අප්පා දැන් මට..:-) ස්තූතියි නිබන්ධනයටත් සුබ පැතුවට..එයත් ලංකාවේ පරිඝනක අධ්‍යාපනය සම්බන්ධයෙන්ම තමා.ඒත් secondary schools වල.. මම හිතනවා එයින් රටටත් පොඩි හෝ වැඩක් වෙයි කියා...

    රවා
    ඔව් ඔබගේ සමහර නිගමන හරියට හරි. මා පොඩි වයසට බොහෝ දේ "විඳවා" මෙතැන්ට ආ කෙනෙක්.. මුලදි මුලදි ඔයාල උනත් දකින්න ඇති මම ලියුවෙ මගේ දුක... වේදනාවන්... ඒත් කාලයත් සමගම මා වෙනත් දේ ලියන්න පෙලඹුනා... එයම මගේ ජීවිතය යලි ගොඩ ආ බවට සාක්ෂියක්... තවත් කාලය ඉදිරියට යද්දි මේ ලියන දේවල් විවිධ පරාසයන්ට විහිදන්නයි මා හිතා ඉන්නේ..ආදරය ගැනම ගොඩාක් ලියු ජීවිතේ මල් ට දැන් තවත් හොඳට හුස්ම වැටෙනවා.. මේ ලිවීමට සහ ඉන් ලද නුම වන් සහෘදයන්ට පින් සිද්ද වෙන්න.... රවා.. ස්තූතියි... ඔබ බොහෝම විවෘත අදහස් මෙන්ම ව්‍යක්ත අදහස් තිබෙන කෙනෙක්.. එය මා අගය කරනවා.. මෙහි ලියවෙන දෑ තුල තුලනය ඇති කරන්න නුඹ ලියූ දෑත් උපකාරී උනා... ජය වේවා!!

    නෙතාරා
    නගා..මුකුත් නොලියා ගියා කියලා කිසීම තරහවක් නැහැ නගෝ... මම දන්නව ඔයාල නිතරෝම මා ලඟ ඉන්නව... ඒ ගැන ස්තූතියි... නොවක් ස්තූතියි...

    ReplyDelete
  19. mama dannanawa mis math ekka tharaha wela inne kiyala eka gaena mama adatath duk wenawa.. podi hari samawa denna puluwan kamak thiyanawanam awith yanna mage magea blog ekathath oya wenuwennma liyapu post ekak thiyanama masayak athulatha mama liyapu 36 weni post eke.... sinhalen noliwatayi wadakata nathi kollek meka liyala katha kalanam sorry

    http://www.athugalpura-zone.co.cc/

    ReplyDelete
  20. දේවා මල්ලී..මම තරහ නෑ... ඔන්න මම ඔයාගේ බ්ලොගේ පැත්තේ කලිනුත් ගිහින් තියන වගත් අදත් ගිය වගත් කියන්න ඔනා... ගනන් ගන්න එපා.. ජීවිතේ මල්... ලියන්න ලියන්න දිගටම... ඔන්න මම කමෙන්‍ටුවකුත් දැම්මා ඔයාගේ බ්ලොග් එකේ... සං‍තෝසයි ඔයාට blog කෙරුවාව interesting උන එකට :-)

    ReplyDelete
  21. thawa dawas 2k tiyenawa. mea paara maara wedak unee nee

    ReplyDelete
  22. අගෙයි අගෙයි. බොහොම අගෙයි.
    ලියනවා කියන එක ලේසි නෑ. අර්ථවත් දෙයක් ලියන එක කොහෙත්ම ලේසි නෑ. නමුත් අක්කා කරන්නෙම ඒ ලේසිම නැති දේමයි. අන්න ඒ හෙතුව හින්දා තමයි මම පටන් ගැන්මේ ඉඳන්ම අක්කගේ පස්සෙන්ම එන්නෙ. මන් විතරක් නෙවෙයි. මේ හැමෝම අක්ක එක්ක ඉන්නේ අන්න ඒ හෙතුව හින්දයි.
    ලියමු අක්කේ. තව ලියමු. අන්තිම හුස්ම බිංදුව නාස්පුඩු වලින් පිට වෙනකම්ම අපි ඉන්නව අක්කත් එක්ක. සත්තයි.

    ReplyDelete
  23. ඔයාට තමයි එකේ ස්තුතියේ පලවෙනි තෑන ලෑබෙන්නේ...... තෑන්ක්ස් අක්කියෝ....... එවගේම ගොඩාක් සතුටුයි ඔයා මත් එක්ක තරහ නෑ කියලා කිව එකට................ ජිවිතේ මල් හෑමදාමත් ඔයාගේ ජිවිතේට පිපේවා

    ReplyDelete
  24. බිඟුවා
    හා හා..අපි බලන් ඉන්නවා කියවන්න.... :-)

    අනුරාධ
    ලිවිල්ල නම් ලේසි නෑ..:-) ඒත් ඒකෙන් ලැබෙන තෘප්තිය විඳිද්දි ලොකූ සැනසීමක් දැනෙනව... සං‍තෝසයි ඔයාලා හැමෝම මාත් එක්ක ඉන්න එකට... ඒක මට ලොකූ දෙයක්... ලියනවා ලියනවා මල්ලි.. මාත් අන්තිම හුස්ම බිංදුව පිට වෙන තුරුම ආයේ ලිවිල්ල නවත්තන්නේ නෑ....ස්තූතියි... අනේක වාරයක් ස්තූතියි....

    දේවා මල්ලි
    තරහ නෑ... ඔබට ජය වේවා!

    ReplyDelete
  25. මෙන්න මගෙනුත් සුභ පැතුම්..! ජයෙන් ජය ම පතනවා..!

    ReplyDelete
  26. ස්තූතියි L15H4N

    හපොයි ඔයාගේ නම ටයිප් කරන්න ගිහිං පණ ගියා... හී හී...
    ඉස්මතූතියි ඔන්න....
    ඔබටත් ජයම වේවා!

    ReplyDelete
  27. මම නොහිටපු දවස් ටිකේ මඟ හැරිලා තිබුන තව දෙයක් ඔයාගේ 50වෙනි POST එක..
    මගේ සුභ පැතුම්...!!!!! ජිවිතේ මල්....
    අනිත් වැඩ අතරෙදිම ලියන්නත් වෙලාව හොයාගන්න ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරන්නම්..

    ReplyDelete
  28. අනේ නිමන්ති අක්කා..මොන වැරදීමකින් හරි මේ කොමෙන්‍ටුවට උත්ත්‍ර ලියන්නේ දැන්.. සමාවෙන්න හොඳේ... ඔයාගේ සුබ පැතුමට පමා වෙලා හරි ලොකූ ස්තූතියක් කියන්න ඔනා... ජය වේවා!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->