Friday, April 09, 2010

සංසාරගත සිහින...පෙම.



වෙහෙරක්
සුදෝ සුදු පිච්ච
වතුසුද්ද මල්
ගලපන..

නිසසලේ
මලින් මල 
බැ‍ඳෙන
වෙහෙරක්...

රළු දෙ අත
තනයි...
පාදමක් ...
සවිමත් ...

ගොඩ නගයි
වෙහෙර බඳ
සියුමැලි 
අතැඟිල්ලක්...

රළු මුත් 
සවිය ඇති..
අපිලිවෙල මුත්
නිවැරදි...

තැනෙයි නිසි සේ
වෙහෙරක්..
සුදුම සුදු
මලින් බඳින
වෙහෙරක්...

පාදමෙන් 
සවි ලද
කරගැට පිරි
අතින් නැගි 
ආකෘතිය...

සියුමැලි
අතැඟිලි...
මල් පෙති  
නිසි ලෙස
හැඩ කරන..

සොඳුරුතම
සංසාරගත
සිහිනය වූ
සැබෑ පෙම..

ඒ වෙහෙරක්...
සුදුම සුදු
වතුසුදු මල්
වෙහෙරක්.....

7 comments:

  1. නියම ගැලපීමක් මිස්...

    සුදුපාට == පිවිතුරු බව
    මලින් මල බැදෙන == දිනෙන් දින අදහස් එකතු වන
    වෙහෙරක් == පූජනීය බව
    රඵ බව == ශක්තිමත් බව

    මේ මට හිතුණු හැටි..

    ReplyDelete
  2. ෂහ් නියමයි.

    පිරිමියා ස්වභාවයෙන් රලුයි, තරමක් අපිළිවෙලයි. ගැහැණිය මටසිලිටි ගති ලක්ෂණ සහිතයි.පිළීවෙලක් තාලයක් අගය කරයි.

    ගැහැණියගේ සියුමැලි බව සහ පිරිමියාගේ රලු හැඩිදැඩි බව යන මේ ගති ලක්ෂණ දෙකේ මනා සම්මිශ්‍රණයකින් සවිමත් පාදමෙන් යුතු ප්‍රේමයේ සොඳුරු වූද මටසිලිටි වූද ආකෘතිය නිමැවෙයි. මනා සංයමයකින් සහ ඉහත කී ගුණාංග පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් කල යුත්තකි එය.එවිටය එය වෙහෙරක්ම වන්නේ.

    ReplyDelete
  3. හරිම ලස්සන දෙයක් හිතෙ මවනවා.. පිවිතුරු පුජනිය බලාපොරොත්තු එක එක එකතු කරගෙන ජිවිතෙ යමක් එකතු කරගන්න කරන උත්සහයක්.. මනසින් වෙහෙසිමක්..

    ReplyDelete
  4. කමෙන්ට් ලියූ රොෂාන්, රවෙන්, රවා...
    ඔයාලා 3 දෙනාම මම අදහස් කල දේම ග්‍රහනය කල එකට මට හුඟාක් සතු‍ටුයි...

    මම කලිනුත් කිව්ව එක පෝස්ට් එකක-මම රාගයෙන් තොර ආලයක් අදහන්නේ නැහැ කියලා. මේ කවියේ මම ලියුවේ පරස්පරයක් නෙමෙයි. අවබොධාත්මක උතුම් ආදරයක් රාගයෙන් කෙලෙසෙන්නේ නැහැ.

    රවෙන් & රවා..එය ඔබත් කී හැටියටම, මලින් බැ‍ඳෙන වෙහෙරක් වගේ. සුදු පිච්ච මල් වලින් බැඳුනු වෙහෙර ඇත්තටම මගෙම යම් කාලයක අත්දැකීමක්. මට ඒ වෙලාවේ දැනුනේ, ඒක ලස්සන ආදර අර්ථදැක්වීමක් හැටියට.
    පිරිමියෙකුගේ සෘජු, කෙලින් ගතිය, පිරිමිකම සුන්දර මටසිලි‍ටු නැහැ...එය රළුයි සමහර වෙලාවට.. එවන් හිතකින් බොලඳ ආලයම නොලැබෙනවා වෙන්න පුලුවන්. එයයි පිරිමිකම.එයට ගැහැනියක් ආදරෙයි. පටලව ගන්න එපා. බොලඳ කමයි, සංවේදීකමයි කියන්නේ දෙකක්. සංවේදිකම තිබිය යුතුයි. බොලඳ නොවිය යුතුයි පිරිමියෙක්. ගැහැනිය මටසිලි‍ටුයි, සුන්දරයි. එයයි ගැහැනුකම. සැබෑ ආදරය කියන්නේ පිරිමියා විසින් දෙන ශක්තිමත් ආරම්භයකින් , ගැහැනියගේ සියුමැලිකමෙන් හැඩ වෙන එකකැයි මම විස්වාස කරනවා.

    රොෂාන් ඔබ කල අර්ථකතනයත් හරි. පිවිතුරු, හෙමි හෙමින් ගොඩ නැගෙන, පූජනීය,ශක්තිමත් බැන්දීමක් නම් ආදරය කියන්නේ , ඒ ආදරය විඳින දෙන්නා ගොඩාක් වාසනාවන්තයි....

    ReplyDelete
  5. හ්ම් ලස්සන පද වැල් ටිකක්, ඒත් මට හිතෙන්නෙ ඔබත් ගැහැනිය හා පිරිමියව සාම්ප්‍රදායික රාමුවට කොටු කරලා හැම පිරිමියාගෙ අතේ කර ගැටත් නැහැ හැම ගැහැනියකගෙ අත් සියුමැලිත් නැහැ.

    ReplyDelete
  6. එහෙම හිතන්න එපා.. මම ඔයාට ලියන දෙවල් මෙතන තිබ්බා නැතා කියලා.. මම ඔයත් එක්ක තරහක් නැහැ.. මම හැමදාම මෙ පැත්තෙ එනවා පුරුද්දට වගෙ.. මොනදෙ උනත් ඔයාත් එක්ක තරහක් නැහැ. උඩින් පළවෙලා මම ලියපු දෙ.

    ReplyDelete
  7. @මම
    ඔබ කියුව කතාව මම පිලිගන්නවා. ඇත්තටම මොන තරම් තාක්ෂනයත් එක්ක හරඹ කලත් මමත් ඉන්නේ ඒ සාම්ප්‍රදායික පවුලට ආදරය කරමින්. ඒත් ඔබ කිවුවා වගේ එය තාත්විකත්වයෙන් යම් තාක් දුරට දුරස් සංකල්පයක්.. නැත්තේමත් නැහැ හැබැයි....

    රවා
    ඔව් ඔව්..මම දැක්කා කමෙන්ට් එක දැන් තියනවා... ස්තූතියි මිනිස්කම බෙදා ගන්නවාට... :-)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->