Friday, December 18, 2020

[403] හෘද සංවාද 34 - Heart Talks 34 - ජීවිතය වෙනස් කරන ගුරු දෙවිවරු - A Teacher's Unconditional Love


"ඔබතුමාට මාව මතකද?" 

"නෑ. කවුද ඔයා?"

"මම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක්."

"හා එහෙමද. බොහොම හොඳයි. ඔයා මොනවද කරන්නෙ දැන්?"

"මම ගුරුවරයෙක්."

"හොඳයිනේ. මම වගේ?"

"ඔව්. ඇත්තම කිව්වොත් මම ගුරුවරයෙක් වුණේ ඔබතුමාව ආදර්ශයට අරගෙන."

"ඇත්තද? ඒ කොහොමද?"














Friday, December 11, 2020

[402] හෘද සංවාද 33 - Heart Talks 33 - ටයි ගැටයක කලු සුදු වර්ණ - The Colourless Tie Knot

වයෝවෘද්ධ යුවලක් තම දුම්රිය එනතෙක් දුම්රිය පොළේ වාඩිවී සිටිනවා. ඔවුනට අනෙක් පසින් හොඳින් හැඳ පැළඳගත් කළු ජාතික තරුණයෙක්ද සිටිනවා. මහළු කාන්තාව තරුණයා දෙස අහම්බෙන් බලනවා. ඇය මෙම තරුණයාගේ කුමක් හෝ අඩුපාඩුවක් දකිනවා...




Friday, December 04, 2020

[401] හෘද සංවාද 32 - Heart Talks 32 - පුංචි කරුණාවකට සල්ලි වියදම් වෙනවද ? - Kindness is a Free Gift !


එක්තරා කරුණාවන්ත කාන්තාවක් මස් නිෂ්පාදන කම්හලක සේවය කළා.
දවසක් ඇය සේවය අවසන් වෙන්නට කිට්ටු වෙලාවක දහයක් පමණ වූ ශීත ගබඩාවලින් එකකට ඇතුල් උනා යම්කිසි පරික්ෂා කිරීමකට....

අවාසනාවන්ත ලෙස ඇය එළියට එන්නට පෙර ශීත ගබඩාවේ දොර... එළියෙන් අගුල වැටුනා.

ඇය වේගයෙන් දොරට ගැහුවා... කෑ ගැසුවා...නමුත් ඇය ම දන්නවා මේ ගබඩාවේ ඇතුළේ සිට මොනතරම් කෑගැහුවත් පිටතට නෑසෙන බව.... 















Friday, November 27, 2020

[400] හෘද සංවාද 31 - Heart Talks 31 - කරුණාව හරියට ස්වීප් ටිකට් එකක් වගෙ - Kindness is Life Changing !

1880 දශකයේ දිනක මහලු නෝනා කෙනෙක් සහ මහත්මයෙක් ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා වේ පිහිටි කුඩා හෝටලයකට දිව යන්නේ එදින රාත්‍රියේ හමා ගිය සීතල කුණාටු සහිත වර්ෂාවෙන් බේරීමටයි.

එදින එම කුඩා හෝටලයේ රාත්‍රී ලිපිකරුවා ලෙස සේවය කරන්නේ ජෝර්ජ් සී. බෝල්ඩ් නැමති තරුණයෙක්.








Friday, November 20, 2020

[399] හෘද සංවාද 30 - Heart Talks 30 - වෙනස් විදියකට හිතන්න , රාමුවෙන් එලියට එමුද? - Step Out of the Box !



බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...
" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "

කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...

















Friday, November 13, 2020

[398] හෘද සංවාද 29 - Heart Talks 29 - බැලුමකින් පාඩමක් ජීවිතයට - Not Just a Balloon !



දවසක් ගුරුවරියක් එයාගේ පාසලේ හැමලමයෙක්ටම බැලුන් බොලය බැගින් දීලා, එක පුම්බලා තමන්ගේ නම ලියන්න කියනවා, 

එහෙම නම ලියපු බැලුන් හැම එකක්ම තනි කාමරයකට දාලා ගුරුවරිය ඒ බැලුම් එහෙට මෙහෙට කලවන් වෙන්න ඒ මැදින් කීප සැරයක් ඇවිදන් ගිහින්, ලමයි හැමොටම කියනවා දැන් විනාඩි 5ක් දෙන්නම් තමන්ගේ නම තියන බැලුන් එක හොයන් එන්න 
කියනවා,

ලමයි බැලුන් කාබරේ පුරාම දැගලුවත් ඒ කාටවත් තමන්ගෙං බැලුම විනාඩ් 5ක් ඇතුලත හොයාගන්න බැරි වෙනවා..... 



















Friday, November 06, 2020

[397] හෘද සංවාද 28 - Heart Talks - 28 - සැබෑ ජයග්‍රහණය තියෙන්නෙ දිනුම් රේඛාවෙද ? - The Truest Victory !

තරඟයකදී, (පින්තූරය බලන්න), කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර කළේය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය



තරඟයකදී, (පින්තූරය බලන්න), කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර කළේය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එමනිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.

මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්‍රශ්න කලා.

"ඇයි ඔබ එහෙම කළේ?"

අයිවන්: මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්‍රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි.

මාධ්‍යවේදියා: නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ?

අයිවන්: මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.

මාධ්‍යවේදියා යළිත් වරක්: නමුත් ඔබට ජයග්‍රහණය කළ හැකිව තිබුනා.

අයිවන්:
නමුත් ඒ ජයග්‍රහණයේ අර්ථය කුමක්ද?
එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇත්ද?
මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?

අපද අපගේ දරුවන්ට ජයග්‍රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු..

(උපුටා ගැනීමකි)

Sunday, August 30, 2020

[391] හිතක් පපුවක් තිබුන ගල් වංගෙඩිය - හෘද සංවාද 22 - Heart Talks 22

 ආදරයේ සංකේත හැමදාම රෝස මල්ම වෙන්නෙ නෑ. ගල් වංගෙඩියකටත් පුලුවනි ආදරේ නාමෙන් මෘදු වෙන්න

Video LInk : https://youtu.be/p8l9QaH_k14



Saturday, August 22, 2020

[390] ප්‍රේමය ඇත්තටම ඉල්ල්ලා ගෙන යායුතු දෙයක්ද ? - Chase Love? - හෘද සංවාද 21 - Heart Talks 21

ප්‍රේමය ඉල්ලා හැඬියුතු නැත
හඹා යා යුතු නැත
ප්‍රේමය ගසකට මල් වැනිය
උරුම නම්,
යම් දිනක ,

යහමින් පිපී සුවඳ දෙනු ඇත ...


Video Link : https://www.youtube.com/watch?v=OEWUF8bq9z8





Thursday, August 13, 2020

[389] ආදරය මංජුසාවක් නම් , ඔබයි එහි තත් සරය - Treasure of Love - හෘද සංවාද 20 - Heart Talks 20

 

Video: https://youtu.be/sNKnC2up0t0

සමහර වෙලාවට

නිහඬතාවයේ රිද්මය

අපිට කියා ගන්නබැරි තරම් හැඟීම් එක්ක ගනුදෙනු කරනව ඒ සිතුවිලි හරිම නිස්කලංකයි , හෘදයාංගමයි ආදරේ කියන වචනෙ ඔබට දෙන නිර්වචනය මගේ නිර්වචනයට වෙනස් වෙන්න පුලුවන් මගේ ආදරය තියෙන්නෙ පුංචි සුන්දර දේවල් වල සුන්දර දේවල් වලින් විනිර්මුක්ත ජීවිත වල අසහනය විතරක් නෙමෙයි කුහක කම, ඉරිසියාව , ලෙඩ දුක් හැම එකම පිරිලා පරන වෙච්චි මඩ වලක් වගේ ඒත් ලස්සන හදවත් වල තියන ආදරේ දිස්නෙ ගහනවා සමහර වෙලාවට ඇස් වලින් දිග කතා කියනවා ඒ නිසා අද මම ඔබට පුදන්නේ සම්පූර්ණයෙන්ම නිහඬ වීඩියෝවක් ඔබට ආස විදියට හිතාගන්න ඔබට ආස විදියට මේ පුංචි ආදර මංජුසාව දකින්න ඔබට ආස විදියට ආදරේ බිලිඳු සංකේත හිතේ හැටියට විඳ ගන්න මුලු දවස පුරාවටම සමහර විට ඉලක්කම් ,ඊ මේල් සමහර විට මීටින් , රථ වාහන තද බද මේ වගේ අනේක කඨොර නාද එක්ක ඔට්‍ටු වුන ගොරෝසු වෙලා ඔද්දල් වුන හිත් පොඩ්ඩ අරගෙන, එන්න…. ආදරේ සිනිඳු හැඩතල ඇඟිලි තුඩින් අතගා බලන්න… සිහිලැල් ආදර නදියක හීතල පෙණ කැටි වලින් තෙමා ගන්න හිත මුදු සුමුදු කරගන්න ඔවු ... මං ආදරයෙන් අනේක වර පැරදුනත් කවදාවත් පැරදුමට මිස , ආදරයට වෛර නොකල නිසා හිතේ ඒ මටසිලි‍ටු කම , තිබුනා හැමදාම… ආදරය දෙන්න නොපැකිලෙන හිතක් වෙනුවෙන් ගැඹුරු නිසල විලක් වගේ දොර‍ටු වහල තිබ්බ හිතේ ඇත්තටම ඇති වෙන්න ආදරේ තිබුනා වෛරයෙන් , කුහක කමින් කණා‍ටු වෙච්ච හිතක් හෙම ඉතුරු වෙලා තිබ්බ නම් මට ඔවු , දොර‍ටු ඇරෙන දවසට දෙන්න මගේ හිතේ ආදරේ නොතිබෙන්න ඉඩ තිබුනා එන්න ආදරය සෙනෙහසින් වැලඳ ගනිමු පුංචි හාදුවකින් සනසමු එක මොහොතකට



Monday, August 10, 2020

[388] මහත්මා ගාන්ධි තුමාගේ සීනි කෑමේ පුරුද්ද - හෘද සංවාද 19 - Heart Talks 19 - Ghandhi Sugar Eating Habit

මහත්මා ගාන්ධි තුමන් කියන්නෙ ගෞරවනීය හරිම ආදර්ශමත් චරිතයක්. ඔවා දෙනු පරහට , තමා සම්මතයෙහි පිහිටා සිට කියල පුරාණ පඬිවරු කියල තියෙන්නෙ නිකම්යැ ! 




Thursday, August 06, 2020

[387] හොඳම මොහොත මේ මොහොතයි - The best moment is THIS Moment - හෘද සංවාද 18 - Heart Talks 18

ජීවිතේ හොඳම මොහොත උදා වෙනකල් , ඔබත් වැදගත් දේවල් පස්සට දාන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙනුයි ! Yesterday is History Tomorrow is a Mystery But TODAY is a GIFT ! Thats why its called PRESENT ! Video : https://youtu.be/lWLlGcagQa8



Music : Ben Sounds (Royalty Free Music) : https://www.bensound.com

Saturday, August 01, 2020

[386] අයියනායක - Ayiyanayaka - හෘද සංවාද 17 - Heart Talks 17

හන්තාන - මහනුවරින් , අපේ ආදරය වැඩිපුරම දිනාගත් පාරාදීසය වසර තුනක් තිස්සේ , නොතිත් ආලයෙන් සොබාදහම වැලඳ ගත් ‍තෝතැන්න ... සොබාදහම - කවිය සහ මනුස්සකම් හඳුනන ආදරය එකට එක් වන තැන .. බිහිවෙන සිත නිවෙන භාවනාව ... එන්න ..ජීවිතය කොතරම් සුන්දරදැයි අපි ගවේෂණයක යෙදෙමු

වීඩියෝව නරඹන්න : https://youtu.be/AIix9RCrR7c

Wednesday, July 29, 2020

[385] හෘද සංවාද 16 - Heart Talks 16 - දුම්රියේ දුටු ආඩම්බරකාර ලස්සන නංගීට..


ඈට සමහර විට හිස රුදාවක්ද කවුද දන්නේ. වැඩ අරුණ ගමන් මහන්සියේ අම්ම එක්ක කොළඹ යන්න හිත හදන ආවද කවුද දන්නේ . ඇය ඇගේ පෙම්වතා එක්ක අමනාපෙන්ද කවුද දන්නේ .ඇය කතා කල චුට්ට කතා කලේ තනිකර ඉංගිරිසියෙන්. අම්මා තනිකර සිංහලෙන් . ඇයට සිංහල බැරි නිසා ඇය නිහඬව උන්නද කවුද දන්නේ. හැබැයි අර අම්මා වරින් වර ඇයට තට්ටු කලත් ඇය ගණන් නොගෙන කිහිප වතාවක් හිටි හැටිත් , අම්මා හරි අපහසුවෙන් මා දිහා බලන හැටිත් මම දුටු බවත් නොකියා බැහැ



Saturday, July 25, 2020

[384] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 6 - Let's HAPPILY Work from Home -Part 6 - හෘද සංවාද 15 - Heart Talks 15

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. (ලින්ක්ස් පහතින් ඇති). ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා

වීඩියෝව : https://youtu.be/Z1YI0Mq6xOc


Other Videos

ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Part 2 Video - https://youtu.be/17UZURmM8Lg ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 3 - Part 3 Video - https://youtu.be/zqlO6kZ8onE ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 4 - Part 4 Video - https://youtu.be/dDk1AaK_vBI ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 5 - Part 5 Video - https://youtu.be/gyjoRcwfSLg ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 6 - Part 6 Video - https://youtu.be/Z1YI0Mq6xOc

Tuesday, July 21, 2020

[383] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 5 - Let's HAPPILY Work from Home -Part 5 - හෘද සංවාද 14 - Heart Talks 14

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. (ලින්ක්ස් පහතින් ඇති). ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා

Link : https://youtu.be/gyjoRcwfSLg




ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Part 2 Video - https://youtu.be/17UZURmM8Lg
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 3 - Part 3 Video - https://youtu.be/zqlO6kZ8onE
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 4 - Part 4 Video - https://youtu.be/dDk1AaK_vBI

Saturday, July 18, 2020

[382] පිත්තල හාවුන් පස් දෙනාගේ ආදරය - හෘද සංවාද 13 - Heart Talks 13

ඔබ දන්නවද , හිතක් පපුවක් නැති පිත්තල බරුවකටත් , ආදරේ බර කොයිතරම්ද කියා , කියල දෙන්න පුලුවන් බව ?  

Thursday, July 16, 2020

[381] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 4 - Let's HAPPILY Work from Home -Part 4 - හෘද සංවාද 12 - Heart Talks 12

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. (ලින්ක්ස් පහතින් ඇති). ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.


Link : https://youtu.be/dDk1AaK_vBI





Previous Links

ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Part 2 Video - https://youtu.be/17UZURmM8Lg ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 3 - Part 3 Video - https://youtu.be/zqlO6kZ8onE

Monday, July 13, 2020

[380] ආදරේ මීටරේ හරියට Tune කරගනිමුද? - Lets Tune the Happiness Channel - හෘද සංවාද 11- Heart Talks 11

ඔයාගේ ආදර මීටරෙයි , මගේ ආදර මීටරෙයි එක විඩියට දුවන්නෙ නැහැ. හැබැයි එතන ආදරේ තියනව නම් , හරිම ලස්සනයි , ආදර සිතුවිලි. ඉතින් ආදරේ , සතුට වගේම දුක සැප යස අයස මේ හැම එකක්ම , ඔත අස්සෙම දරා ගන්නවද ?එහෙම නැතිනම් , ඒක ලෝකයට පෙන්වන්න ඔබ බය වෙනවද ? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි ආදරයෙන් ....

Video LInk : https://youtu.be/9L8cr5q1x4A


Video LInk :
https://youtu.be/9L8cr5q1x4A

Saturday, July 11, 2020

[379] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 3 - Let's HAPPILY Work from Home -Part 3 -හෘද සංවාද 10 - Heart Talks 10

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් . අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. ලින්ක්ස් පහතින් ඇති . ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.

ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 3 - Part 3 Video - https://youtu.be/zqlO6kZ8onE

Previous Links :

ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE

ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Part 2 Video - https://youtu.be/17UZURmM8Lg





Tuesday, July 07, 2020

[378] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Let's HAPPILY Work from Home -Part 2 -හෘද සංවාද 9 - Heart Talks 9

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් . අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. ලින්ක්ස් පහතින් ඇති . ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Part 2 Video - https://youtu.be/17UZURmM8Lg
Previous LInks:
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE



හෘද සංවාද 8 - Heart Talks 8 - ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Let's HAPPILY Work from Home -Part 1 watch from the link here


Friday, July 03, 2020

[377] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Let's HAPPILY Work from Home -Part 1 - හෘද සංවාද 8 - Heart Talks 8

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. (ලින්ක්ස් පහතින් ඇති). ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.

ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE


Monday, June 29, 2020

[376] මම මා සොයා ගිය ගමනේදී හමු වන Frank Sinatra's MY Way Song - හෘද සංවාද 7 - Heart Talks 7

සතු‍ටුදායක මරණයක් එක්ක , ලස්සන සමුගැනීමකින් , ලෝකයෙන් යන්න හැමෝටම බෑ. තමන්ට තමන්ව හමු වෙන තැනදි , අපේ ජීවිතේ අපිටම මහා ආස්වාදයක් , සොඳුරු ගමනක් වෙනව. අන්න එහෙම මිනිසෙකුට විතරමයි මේ MY way කියන ගීතයේ Frank Sinatra කියන පනිවිඩය හදවතටම දැනෙන්නේ.

Link : https://youtu.be/NMj1fQlzAZ4

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->