Wednesday, September 28, 2011

[205] ඩේවිඩ් අන්කල් සහ (ආපසු බස්) රස්තියාදුව 7

දවස් ගානක් නැවතිලා හිටිය යාලුවගෙ ගෙදරින් මිදිලා පිටත් වෙලා ගෙදර යන්න වෙලාව හරි ( මේ සිද්දිය සිදු වුනේ ගිය සතියෙ සිකුරාද හෙවත් 23 වෙනිදා උදේ)
පොත් ටික ! දෙ
යියනේ පොත් ඔක්කොම නම් ගෙනියන්න තවලමක් වත් හයර් කරන්නට වෙනවා. හිත හදාගෙන මගෙ නවකතා ටික ( ටික කිව්වට 31ක්) බැක්පැක් එකට පැටෙව්වා. හානේ චුට්ටක්වත් බර නෑ. ! කිලෝ 15ක පුලුන් ගෝනියක් වගේ :-)
උස්සනවා තියා ඇදගෙන යන්නත් බැහැ. ඉහි ඉහි.  බැහැ ... ගෙනියනවමයි. බැලුම්මහරට හිටගෙන ආව මට මේව මොනවද? 


නයිමල්ල දාලගිහිනුත් බැහැ. ඒක නැතුව බස්(බස්zzz) පදින්නෙ කොහොමද ? පාරෙද? ඒ කෙසේ වෙතත් මම මේ ලියන විකාර මගෙ සුපවයිසර්තුමා කියවන එකක් නැතැයි සිතනවා. කියෙව්වනම් මෙලහටත් ශිෂ්‍ය භාවය නැතිවෙලා... ඒව වගේද මේවා.... ඉගෙනිල්ල වගෙද රස්තියාදු ? (නැහැ දෙකම වටී) :-) 

ඔන්න ඉතින් පොත් ටික පැක් කරගෙන එල්ල ගත්තා කරේ....බුදුඅම්මේ මාව වැනෙනවා. හරියට නිර්වින්දනය වේගෙන එන ඇතෙක් වගේ. ඒ මදිවට නයි මල්ල.... හපොයි ( නයි මල්ල යනු ලැප් මල්ලය) .ඒ මදිවට අර ඇණ සපත්තු දෙක. මාව පොලවෙන් නිරයට අඟල් දෙකක් ඔසවලා.....හරියට බාබායිගා යකින්නගෙ ගෙදර වගේ... කුකුල් කකුල් දෙකකින් හිටගත්තු ... හී හී

ඔන්න ඉතින් යාලුවගෙ ගෙදරින් සමුගෙන , ආඩාතාඩේට පියාඹන සමනලයෙක් වගේ බැරිමරගාතෙම ආව පාරට. සෙනගින් තොර මීගොඩ බස් එකක් පියාඹගෙන එනකොට ඇස් දෙකට දැනුන සනීපෙ කියල වැඩක් නෑ. මේ වතාවෙ නම් ගිය වතාවෙ වගෙ දොරේ සිර නොවී නිරුපද්‍රිතව ඇතුලට පැනගන්න හැකි වුනා. 

වටපිට බැලුවා. මේ වතාවෙ නම් එකම එක සීට් එකක් ඉතුරුයි. ඇති යන්තම්. සීට් එකට එහා පැත්තෙ කවුද මේ? මල් මල් කොට කලිසමකුයි ඒකටම හරියන කැත තොරණක් වගෙ විකාර පාට ශර්ට් එකකුයි ඇඳගත්තු නාකි සුද්දා අන්කල් කෙනෙක් ! හරියට නිකම් ගෙවල් බිඳපු හොරෙක් බඩු පටවන් බස් එකට නැග්ගා වගෙ බැල්මකින් සුද්දා ඇතුලු බස් එක මා දෙස බලාගෙන!



අත් බෑග් එකයි, ලැපයි සනීපෙට අසුන මත ඉන්දවලා මම බෑග් එක ගලවගන්න පොඩි යුද්දකක් නැටුවා. අන්තිමේ ඒ බෑග් එක බිම ඉන්දවලා මම ඉඳගන්නකොට මෙන්න සුද්දා අන්කල් සිනහ සිසී මාදෙස් බලාගෙන.. නොමිලෙ දෙන සිනාවනෙ. මාත් ඉතින් නොමිලේ සිනහවක් ලබා දුන්නා... සුද්දෙක්නෙ :)

"අම්මෝ ගොඩාක් බරයි නේද?"
හරියට මේක අරන් ආවෙ එයා වගෙ දුකෙන් එයා ප්‍රකාශයක් කලා නේද? (කඩුවෙන්) 


"ඔව් ඔව්. මම වගෙ දෙගුණයක් බරයි"
මමත් නොමසුරුව මගෙ කටකැඩිච්චි වචන පාවිච්චි කලා. (අපෙ පොත් ගන්න ආව කෙනෙක් බේබදු මුහුනක් ඇතැයි අබිසෙස් ලැබුවෙත් මගෙ කටට පින් සිද්ද වෙන්නනෙ) මේ සුද්දා නම් මොකෝ , ආයෙ හමුවෙන එකක්යෑයි.. හී හී



"ඔයා කොහෙද යන්නේ. මම ලංකාවට ආවා ඇවිදින්න. "
සුදු අන්කල් තියාගත්තෙ නැද්ද ප්‍රස්න අහන්න. නිකම්ම නිකම් සිනාවක් වෙනුවෙන් උනත් මේතරම වද විඳින්න බැහැ. මේ බඩු ගොඩවත් ගෙනියල දෙනවනම් ඔන්න ඉතින් කමක් නෑ.ඒත් නෑනෙ. 


"මම ගෙදර යනවා,මේක ලංකාවට ආව මුල් වතාවද?" 
මොනවා උනත් ලංකාවේ ආගන්තුක සත්කාරය එහෙම මතක් කරගෙන ඒක හිතට අරගෙන මම ඇහුවා...


"නෑ නෑ. මේක මගෙ තුන්වෙනි වතාව.එන සතියෙ මම ඉන්දියා යනවා"


ආ... ට්‍රෑවල‍ර කෙනෙක්.... මගෙ ඇස් දෙකේ රස්තියාදු ගසන්නෙකු පිලිබඳ ඉරිසියාව දිලිසෙන්නට වුනා..

"මම ඩේවිඩ්. එන්ගලන්තයෙ ඉඳලයි ආවේ. ඔයා?"  


"මම ජීවිතේමල්... (වෙලාවට මේ සුද්දට සිංහල බෑ, ඉතින් මොකෝ.. ඇත්ත නම කිව්වට කොහොමත් කියව ගන්න බෑනෙ) "
හෑන්ඩ්ශේක් පාරක් හෙම දාල ඩේවිඩ් අන්කල් කතාවට එකතු වුනේ එහෙම. 


"මම දැනට රටවල් 25ක ඇවිදලා තියනවා. හැම නිවාඩුවකටම මම කොහේ හරි යනවා. මේ පාර ලංකාවයි ඉන්දියාවයි. මම අප්‍රිකාවෙ රටවල් 8කට ඇවිදලා තියනවා"   ඩේවිඩ් අන්කල් කතාව පටන් ගත්තෙ එහෙම කියලා. 

අප්‍රිකාව කියද්දි මගෙ හිත ඉරිසියාවෙන් පිරෙන්නට වුනේ ඊජිප්තුව මතක් වෙලා. මගෙ ප්‍රියතම රට !  


"ඔයා ඊජිප්තුවටත් ගියාද?"
මම ඇහුවෙ ඒ නිසා..


"ඔව්.... මම එහෙත් හිටියා වතාවක්.." 
මාව තවත් ඇවිදීමෙ පිස්සුවෙන් උමතු කරවමින් අන්කල් කියාපි... 

"මම ආසම රට, මාත් දවසක ඉස්සෙල්ලම යන්න ඉන්නෙ එහෙ" 
මම අනාගතය පිලිබඳ සුබ සිහින මවමින් එහෙම කිව්වා


"ඔයා ඇවිදින්න හරි ආසයි වගේ."
එයා මගෙ අහිකුණ්ටික මලු දෙස බැල්මක් හෙලමින් පැවසුවේ හිනාවෙමින්.  

"ඇවිදින්න පුරුදු වෙන අය ජීවත් වෙන්නෙ හරි සැහැල්ලුවෙන්. වයසට යන්නෙ නෑ.ඔයා හිතන්නෙ මගෙ වයස කීයක් විතර ඇද්ද?" ඩේවිඩ් අන්කල් යාලුවෙක් තරම්ම කුලුපග වෙලා ඒ පාර.


"කෙනෙක්ගෙ වයස ගෙස් කරන එක නරක දෙයක්."
මම ප්‍රස්නෙ මගෑරියා...  



"නෑ නෑ. මම මුකුත් සිතන්නෙ නෑ, කියන්න" 

"ම්ම්ම් 45ක්?" 
මම පේන වයස 10ක් අඩු කරල ඇස්පියාගෙන බොරුවක් කිව්වා... :-) 


ඩේවිඩ් අන්කල් බස් එකටම ඇහෙන තරම් හිනාවක් හිනා වුනා. මම බයෙන් වටපිට බැලුවා. 


"මට අවුරුදු 60ක්. බලන්න මම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මම වයස යන්නෙ නෑ" 
මම හිනාවෙමින් මගේ මැටිකම ප්‍රදර්ශනය කරමින් ගොන් ප්‍රශ්නයක් ඇහුවා.  


"ඇයි ඔයා බස් වල යන්නේ.? ඇයි ටැක්සියක් නොගන්නේ.මෙහෙ බස් සර්විස් අමාරුයි යන්න එන්න"
හරියට මම මේ වෙනදට බීඑම් ඩ්බ්ලිව් එකෙ යනව වගෙ මම එයාගෙන් ඇහුවා...


අන්කල් සිනාවුනා.  
" ඇයි මම ටැක්සි ගන්නේ. මට ඕනෙ නෑ ඒසී වාහනයක් ඇතුලෙ ඉඳගෙන වීදුරුවෙන් එහා තියන ජීවිතේ නරඹන්න. මට ඕනෙ ඇත්තටම ඒ ජීවිතේට මුසු වෙන්න. මට හැම රටේම යාලුවො ඉන්නවා. මම ආවම නවතින්නෙ එයාලගෙ ගෙවල් වල. මම යන්නෙ එන්නෙ බස් වල.. එතකොටයි මට ඒ රටගැන නියම විඳීමක් කරන්න පුලුවනි" 

ඇත්ත. එහෙනම් සැබෑම සංචාරකයෙක්... මගෙ හිත ඉතින් රස්තියාදු ගැහිල්ලට කොහොමත් බරයිනේ. දන්නවනෙ.  


කතාවෙන් කතාවෙන් ඩේවිඩ් අන්කල්ගෙන් බහින තැන අහන්නත් මට අමතක වුනා.. කොන්දොස්තර කොලුවා මගෙ ගාවට ආවෙ එවෙලෙ.

"මිස් ඔය සුද්දා බහිනව කිව්වෙ මාලබේ. දැන් බත්තරමුල්ලෙ. එයාට බහින්ඩ කියන්ඩ"  අපොයි ඒ නර කොල්ලා මට කෝචෝක් සිනාවකුත් දාගෙන එහෙම කිව්ව ටික මන් කලබලෙන් සුද්දා අන්කල්ට ඉන්ගිරිසියට පරිවර්තනේ කලා.... 

කඩිමුඩියෙන් නැගිට්ට සුද්දා , ඩේවිඩ් අන්කල්,  

"ඔයාව හමුවීම ගොඩක් සතුටක්." 

කියා අතට අත දීලා , ඊලඟට සෙනග අඩු බස් එකෙ හැමෝම බලන් ඉද්දි දෙකට තුනට නැමිලා පිටි අල්ල සිප ගත්තෙ , හපෝ චාල්ස් කුමාරයා කැමිලා පාකර්ව සිප ගන්නා වගෙ ... 



හපෝයි... එන්ගලන්ත සුද්දාගේ නියම මහත්මා ගතිය. බත්තරමුල්ලේ ගිණිගහන අව්වේ ලංකාවේ දාඩිය එක්ක ඒ වගෙ දෙයක් මම කොහොම දරාගන්නද? අයියෝ.. ඒ මදිවට බස් එකම කන්න වගෙ බලාගෙන. ලැජ්ජාව ! කනේ සිට කකුල් දක්වාම ලැජ්ජාවෙන් රත් වෙද්දී ඩේවිඩ් අන්කල් නම් කඩිමුඩියෙ බැහැලා ගියා. 
මම ඉතින් මොකුත් නොවුනා වගෙ ආයෙමත් ස්වභාවික වේශයට. මගෙ ගාව සීට් එකෙ ඉඳගත්ත කොල්ලා නිකම් කෝචෝක් බැල්මක් දාමින් ඇහුව නේද මෙහෙම ?


"මිස් .... ඒ සුද්දා හරි අමුතුයි නේද" 

"හ්ම්ම්"


මම බැරෑරුම් බවක් ආරූඪ කරගෙන හිස සැලුවා. ඊලඟ මොහොතෙදි මටයි ආවෙ ඊලඟ ප්‍රශ්නෙ හිතට ...

 "ඒ කියන්නෙ මාත් අමුතුද?" 
 
පලි... : එන්ගලන්තයේ මිනිසුන් එසේ සිඹින්නේ ආචාරශීලීත්වය දැක්වීමටය. පෙරදිග බොහෝමයක් ඇස් වලට එය නොදිරෙව්වාට ඩේවිඩ් අන්කල් පලි නැත. මේක මෙහෙම ලිව්ව අසරණ මම පලිත් නැත :) හී හී

Saturday, September 24, 2011

[204] මගේ (අවුරුද්දෙ අන්තිම පොත්) රස්තියාදුව 6

පොත් එකතු කරනවා විතරක් නෙමෙයි, ඇඳේ ගෙම්බෙක් පොලේ ගැහුව වගෙ දපාගෙන ඒවා කියවන එක තරම් කාලය සහ ධනය නිර්ලෝභීව වැය කරන වෙන විනෝදාංශයක් මට නැතිම තරම්. ඇයි රස්තියාදුව? ඒක හැබැයි අංක දෙක. :-) ඉතින් ගිය අවුරුද්ද ඉඳල සතෙන් සතේ එකතු කරල රැස් කල පොත් ප්‍රතිපාදන වල අන්තිම රුපියල් කීපය අරගෙන බ්‍රහස්පතින්දාවේ හවස ආයිමත් BMICH එකට සේන්දු වුනේ 2011 අන්තිම පොත් රස්තියාදුවෙ යන්න.


මුලින්ම ගුණසේන එකට ගියෙ මල්ලිගෙ විත්ති හොයාගෙන. ප්‍රින්ට් එකෙ නෑලු. අහෝ.ඒත් සෙව්ව මැණිකක් හමුවුනා.. මතකද අපෙ සිංහල පොතක තිබුන සිලිඳුගෙ කතාව? පුංචි කෙල්ල කුඩම්මා විසින් ලාම්පුතෙල් දමා ගිනි තියන කතාව? අන්තිමේට පොඩි කෙල්ල මැරී වැටුන තැනින් අහුලා ගත් පස් මිටකුත් කිරි කැටි දතකුත් තුරුල් කරගෙන වැලපෙන සිලිඳුගෙ කතාව? මේ කෙටිකතාව අඩංගු පොත හෙව්වෙ වරක් දෙකක් නොවෙයි. ඔන්න හමුවුනා... මෙන්න තියනවා..




ෆාස්ට් පබ්ලිශින් හොයා ගෙන ගියෙ බිඳුනු බිල්න්දා පොත ගන්න. (මතකනෙ ජෝඩි බ්‍රවුන්ගෙ අනුවේදනීය ලිපිය?) ඒත් කියවපු පොතක් නිසාත් (විදර්ශනා පොත් හලෙ අක්කට පින්සිද්ද වෙන්න) අතෙ ප්‍රතිපාදන බොහොම සීමිත නිසාත් ඒ පොත අමාරුවෙන් පසෙක තියල අලුත් පොතක් ගන්න හිතුවා. මෙන්න.




නිදහසේ ඈවිදිමින් නොබෑලූ පොත් රාක්ක සාප්පු වලට එබෙමින් තව පොත් කීපයක් එක් කරගන්නත් අමතක කළේ නෑ.








ඉතින් ඔය ඔක්කොම ඉවර වෙලා මම බැලුවා පසුම්බියේ ඉතුරු මුදල. රුපියල් පන්සීයකට අඩුයි. ඉතුරු වෙන මුදල් අස්සෙන් මැවුනෙ වෙන කොහෙද ඉතින්. විදර්ශනා පොත් ගෙදර මිසක්කා. මට කවදත් ප්‍රිය පොත් හලේ අක්කා , හැමදාම ඈ තමා මට උදව් කරන්නේ පොත් හොයන්න. ඈ අප තරම්ම පොත් පිස්සියක් නිසා. ඉතින් ආයෙමත් B ශාලාවට ගියා.


අක්කට මාව දැකල හිනා ගියෙ මම හොල්මනක් වගෙ එතෙන්ට පාත් වෙච්චි තුන්වෙනි වතාව නිසා. ඇත්තෙන්ම එතන හොඳ පරිවර්තන තියන තැනක් නිසයි සල්ලි ඉතුරු වෙද්දි එතනින්ම ආයෙත් පොත් ගන්නෙ.


මට මතක් වුනෙ මුවා මැරූ සලමන් ගැන මරෙ අයියා ලිව්ව වර්ණනාව. ඉතින් කෝල් එකක් දීලා ආයෙත් හොඳ රෙකමදාරුවකුත් අරගෙන ඒක ගන්නයි හිතා ගත්තෙ.


"අක්කේ රුපියල් පන්සීයක් ඉතුරුයි, මුවා මැරූ සලමන් කෝ?"


අක්කගෙන් ඇහුවෙ හොයාගන්න බැරිම තැන.


"නංගි මෙන්න අපෙ ට්‍රාන්ස්ලේශන් එකක් කල කෙනෙක් ඈවිල්ලා. කතා කරනවද එයාට ? "


කවුද මේ .. මාත් එබිකම් කළා..


අප්පච්චියෙ , මේ ඉන්නෙ දෙන්නෙක්ම අඳුනන. කපිල එම් ගමගේ සොහොයුරාත් ඉන්දික ගුණවර්ධන සෝයුරාත්. ප්‍රීති ප්‍රීති. කපිල අයියව නම් ඉතාම පොඩි කාලෙ(මම කිව්වෙ 2002) කඳුරට සේවෙදි හමු උනාට පස්සෙ දුටුවෙ නෑ. ඉන්දික සහෝව නම් මුන ගැහුණ පළමු වතාව. සන්තෝසයි. සන්තෝසයි... ඒ සන්තෝසෙට ඉතින් මුවා මැරුව සලමන්ව පැත්තකින් තියලා හිතෙ කෙටු ටැටුවක් තෑගි ලැබුන එකට නම් ඉස්තූති නොකරම බැහැ.


ඉතින් හරිම සුහද මිනිත්තු කීපෙකින් පස්සෙ මගෙ සුන්දර පොත් සතිය අහවර කරලා පොත් ගොන්නක් තුරුලු කොරන් නුවර එන්න පිටත් වෙන්න කලියෙන් වෙච්චි සිද්දි දෙකක් තියනවා... මේ දිහෑවෙ ඈවිත් යන ගොඩ දෙනෙක් එකක් නම් දන්නවා..


1. බ්‍රහස්පතින්දා රෑ අපෙ බස් රේඩියෝවෙ විකාශය වෙච්චි කතාBuzz වැඩසටහනට සහබාගි වෙච්චි මම කියපු පච ගොඩ ගැන ..


2. සිකුරාද උදේ මට බස් එකෙ මීට් වෙච්චි නාකි සුද්දා අන්කල් ඩේවිඩ් ගැන. ඒ ගැන නම් වෙනම පෝස්ට් එකකුත් ශෙඩියුල් එකෙ දැනටම රෙඩි. හෙට අනිද්දට බලන්නකො, ඩේවිඩ් අන්කල් මාව නමස්කාර කරපු කතාව. හිකිස්.


ඔන්න පොත් රස්තියාදුවෙ අතුරු කතා දැනට 4ක් ඉතුරුයි. ඔය උඩහ දෙක , සහ


3. පොත් සත්කාර්යය. පොඩි පාසලකට එකතු කරන පුස්තකාල පොත් කාර්යය.(විස්තර දැනට බලන්නකො ඔය ලින්ක් එකෙන්)


4. සැප් 18 වෙනිදා පොත් රස්තියාදුවෙ අතුරු මඩ පෝස්ට් එක.


ලියාගන්න ඔලුවෙ කැරකෙන දේවල් ලියන්න වෙලාව තමයි හිඟ .. කමක් නෑ. ඉක්මනින්ම ඒ දෙකත් ලියන්නම්කෝ...


මෙන්න මගෙ කලින් දවසෙ පොත් රස්තියාදුවට යන පාර.....
මෙන්න මගෙ ඔක්කොම මෙතෙක් 6ක් වූ රස්තියාදු ගමන් ගැන...

මේ පෝස්ට් එකයි ඩේවිඩ් අන්කල්ගෙ විප්‍රකාරෙයි මම අතින් ලිව්වෙ සිකුරාද හවස (ඊයෙ) බස් එකෙ එද්දි. ඔන්න පේනව නේද? ලියන්න වෙන මාන්සිය ..හිකිස්... කෑමතිනම් ඩේවිඩ් අන්කල්ගෙ කතාවෙ මුල ටික කියවගන්න එකයි ඇත්තෙ මේකෙන් ... හි හි  


Tuesday, September 20, 2011

[203] මගේ රස්තියාදු (පොත්) චාරිකා 5

ඔන්න ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නේ පොත් ප්‍රදර්ශනෙන් ගෙදර ඔසවාගෙන ආව ලොකු පොදි දිගාරිනකල් නේද? දිගෑරියා... අම්මේ... පුසුඹ බැලුවා... කියවන්නත් ගත්තා... යාලුවො හමු වුනා.. අපූරු දවස් දෙකක් ගෙවුවා... (තුන්වෙනි පා ගමනකුත් තියේ)


ඔන්න මම මල්ල දිග අරිනවා....


හැම වතාවෙම වගෙ, කුඩා කාලෙ මගෙ සිත වසඟ කර ගත්තු අපූරු ලමාපොත් එකතුවට මේ වතාවෙත් කිහිපයක් එකතු කරගන්න මම අමතක කළේ නෑ.


එන්න මේ පාර පැරණි මතකයන් වෙනුවෙන් එකතු කළ පොත් කිහිපය බලන්න..
 
1. ලස්සන වසිලිස්සා - බොහොම පොඩි කාලෙ කියෙව්වා. ඒත් අවුරුදු විසි ගානකින් දුටුවෙ නෑ.. ගෙදරින් අතුරු දහන් වෙලා.. ඔන්න ආයෙමත් මා ගාව දැන්.


2. පින්තූර කතා - කොටින්ම කියනවා නම් ළමා කාලයේ මම පිස්සු වැටුන පොතක්. ඊයෙ ඉතින් ඉස්සෙල්ලම කියෙව්වේ ඒක. මේ පොත අතින් අත ගිහින් අතුරුදන් වෙලා තිබුනේ. සොයන්නාට පොත් කඩේකින් හෝ සම්බ වුනා නේ :)


3. උභය ජීව - මේ පොත නම් කිසි කලෙක මට සාප්පුවක හමු වී නෑ. පුස්තකාලයෙන් තමයි කියෙව්වේ මුලින්ම. එදා සිට ඊයෙ වෙනතුරු හෙව්වා. ආයෙ හොයන්න ඕනෙ නෑ. :)


4. සුදු වැද්දා - සුදු ගෝණා පොත ලඟ තිබුනත් සුදු වැද්දා පොත පුස්තකාලයකින් කියෙව්වා මිසක ලඟ තිබුනෙ නෑ ආයෙ ආයෙ කියවන්න. ඔන්න ඉතින් ඒ පොත හම්බ වුනා. මේක තමා මෙවර මුලින්ම ගත් පොත :)


5. ෂේන් - මේක මගෙ ඕල් ටයිම් ෆේවරිට්. ඒත් කියවල තිබුනෙ එක වතාවයි. ඒත් මතකයෙ හෑමදාම තිබෙන්න තරම් ප්‍රබල කතාවක්. ෂේන් මිය යන මොහොතෙදි මාත් කියවමින් කඳුලු සලා හැඬුවා මතකයි. ඔන්න ලෑබුනා ඒ පොතත්


ඊලඟට ඉතින් මගෙ සුපුරුදු පරිවර්තන පිස්සුව වෙනුවෙන් ඉඩක්...


6. මේ පොත බොහෝ දෙනෙක් අනුවේදනීය කතාවක්ය කියා රෙකමදාරු කලා.. ඉතින් අරගත්තා....
7. මෙන්න අනෙක් පොත්. කියවපු හැම කෙනෙක්ම කිව්වේ මේ පොත නම් හොඳම හොඳයි කියලයි.. ඉතින් නොගෙන කොහොමද අප්පා.....




8. මගේ මත විමසුම් වලදී යාලුවන්ගෙන් උපරිම ලකුණු ලැබුන පොත මේකයි... අපූර්ව පොතකැයි පුන පුනා කියන ලද පොතක් මේ...


9. මෙන්න තවත් අමුතු පහේ පොතක්... මේ පොත වෙනස් කතා අරක් බවයි අහන්න ලැබුනේ.. ඒත් කියවලම බලමුකෝ. පෝස්ට් එකක් ලියවේවිද මන්දා....
10.මේ පොත කිසිවෙක්ගෙ ඡන්ද අනුව ගත් එකක් නොවෙයි... හිතුනා ගත්තා... :) ලස්සන එකක් වෙන්නැති නේ... :)
 11. වාව්.. මෙන්න මගෙ ප්‍රියතම කතුවරයා... පවුලෝ කොයියෝ.... එයාගෙ පොත් එකක් හෝ නොගත්තොත් මගෙ ප්‍රියතම කතුවරයා තරහ වේවි ... ඔන්න ගත්තා...
විදර්ශනා පොත් ගෙදර කියන්නෙ හරි අපූරු තැනක්. මම පොත් ගනන් ආසම තැනක් මේ පහලින් තියන පොත් දෙකේ පිටුපස්සෙ කතාව කියවල මේ දෙකෙන් විතරක් සෑහෙන්න සිද්ද වුනා. පොකට්ටුව එතනින් හින්දාගෙන බෑනෙ..


12.  වෙයි වෙයි... -


13. කඳුලු දෝණි


14. ගිය වතාවලදි ගත්තු දයාබර ඩාලියා, මයාඩා, වෑලි කතරෙ කුමාරි සීරීස් එක , දෙවියන්ගේ අඩවිය වගෙ පොත් වලට ඒ ගනයෙම තව පොතක් එකතු වුනා....




ඔන්න ඊලඟ සෙක්ශන් එක.... මෙන්න... විනෝදයට බර පොත් ... (පරිවර්තන මෙන්ම දේශීය නිශ්පාදන)


15. ජූලි හත.. - කියවල නම් නෑ... කියවන්න ආසාවෙන් උන්නු පොතක්.


16.  එමිල් තවම ලොන්තබෑරියේ... - මේක ඉතින් ආස හිතුන නිසයි ගත්තේ....


 17. මේ විදුසර පත්තරෙ ගිය ලිපි පෙලක්. පෙනුමෙන් බොහෝම රසවත් කියලයි හිතුනේ.... කියවලම කියන්නම්. ගණිතය කියන්නෙ මම ආසම විෂය දෙකින් එකක් නෙව...
18. ඊලඟ පොත නම් ගන්න කියල බල කලේ ඒ කඩ පිලේ උන්නු පොත් අයිතිකාර අන්කල්.  පොතක් වෙනුවෙන් නෙව. ඉතින් ගත්තා...


මෙවර කතාවහට ලක්වූ පොත් දෙකතුනක් ගන්නත් මට හිතුනා... මේ පොත් ගත්තට එක එක අය ධන සෘණ කොමෙන්ටු දුන්නා.. කියවලම කියන්නම්කෝ...


19.මේ පොතේ විසාලත්වය දැක්කම නම් අනිවාර්යයෙන් මාසෙක වැඩක් බවයි පෙනීගියේ... :)


20. බාබ්ලි - ස්ව‍ර්ණ පුස්තකෙන් හැමදේම මනින්න බෑ. ඒත් කියවලම බලමුකො


21. පියාපත් ලද දෝණිය පොතත් ගොඩ දෙනෙක් හොඳ කිව්ව පොතක්. ඉතින් ගන්න හිතුනා....


ඔන්න අන්තිම එක...  ගිය වර ගත්තු 'ආදරය දැනෙන්න ජීවත් වෙන්න' පොතට මම වසඟ වුනා විතරක් නෙමෙයි , ඒ ගැන පෝස්ටුවකුත් ඔයාලට මතක ඇති. ඉතින් තව පොතක් ගන්න හිතුවා... මෙන්න ඒ පොත.. පෝස්ටුවකුත් ලියවෙයිද මන්දා...


22. මේ වෙනස ගැන අපි නොදන්න දේ කියවල බලමුකෝ...






ඉතින් මගෙ ගමන අහවර නෑ. මොකද දින දෙකක් පුරාවට පොත් මිටි ගානක් ( මගෙ සහ යහලුවක් කිහිප දෙනෙක්ගේ ඕඩර් ) කොටලුවෙකු සේ ඇද්දත් , මගෙ පොත් තුනහතරක්ම ගන්න බැරිවුනා. ඒ නිසා යන්නම වෙනවා...


 මෙන්න රික්තය..


 23. බිඳුනු බිලින්දා - කියවා ඇති නමුත්, පෝස්ටුවකුත් ලියා ඇති නමුත් , ලඟ තබා ගන්නට ඕනෙ තරම් අනුවේදනීය පොතක්


24. මල්ලිගෙ විත්ති - මේක හරි අපූරු පොතකෑයි යහලුවන් කීපදෙනෙකු කියූ නිසාම ගන්න හිතුනා...


25. විසේකාරී - ගන්න සරසවි එකට ගියත් අධික තදබදය නිසා අතැර දැම්මා ඉරිදාවේ... ඒත් ගන්න ඕනෙ...




ප්‍රදර්ශනය ඉතින් මට තවම ඉවර නෑ.


පසු සටහන් හයක් ලියන්නට ඕනේ... පෝස්ට් එක දිග වැඩියි. ඒත්


පසුසටහන 1 
මේ පොත් ප්‍රදර්ශනය ඉතුරු කලේ ගිය වසර පිලිබඳ අපූරු මතකයක්. මුල් වරට මම බ්ලොග් මිතුරු මිතුරියන් හමු වුනේ, අදටත් අපූරු සොහොයුරු සොහොයුරියන් ලෙස සිටින මේ යාලුවො ලෑබුනෙ ගිය වර ප්‍රදර්ශනය නිසා... ඉතින් මෙවරත් බොහෝ දෙනා හමු වුනා. හමු නොවුන කීප දෙනෙකුත් සමගම... ස්තූතියි...

පිණි බිඳු නගා ගෙස් කරල, මාව හඳුනගෙන ඇවිත් කතා කලාට ස්තූතියි. නිලංග මල්ලිත් එහෙම මා දුටු බව කිව්ව්වා. ඇවිත් කතා කරන්න එපැයි මලේ :-) 



පසුසටහන 2
බී ඈම් අයි සි එච් එකෙ ප්‍රදර්ශනෙ සුපුරුදු දසුනක්... හරි ආස දෙයක් මේ.. බලන් ඉන්න ආසයි... හැම සැරෙම ගිහින් බලා ඉන්නවා... අපූරුයි මේ වෑයම...
පසු සටහන 3




මේ තව ලස්සන වැඩක්. අනෙ පොඩ්ඩො හරි ආසාවෙන් අඳින හැටි බලන් ඉන්න ආසයි. ඒ අහුමුල්ලටත් ඔලුව දාලා පින්තුරයක් දෙකක් ගත්තා..


පසු සටහන 4
යහලු යෙහෙලියන්ට කියන්න අපි තව පොඩි සත්කාර්යයකට මුල් වුනා. ඒත් ඒක කියන්න මෙතන පොඩි වැඩි. ඊලඟ පෝස්ට් එකට ඒක තියන්නම් එහෙනම්...  මේ කාලෙ බාගේන් සේල් එක (FB ශාලාව) කියන්නෙ ඔය දුප්පත් පාසලකට හෙම පොත් පින්චක් දෙකක් අරගෙන දෙන්න හොඳ තැනක්. පරණ පොත් දෙන්න කියනවා නෙමෙයි. ඒත් අපිට පුලුවන් හැටියට දෙයක් දෙන්න මෙතන හොඳ පොත් තියනවා. විශෙශෙන්ම ලමා පොත්. ඒ ගැන දිග කතාවක් ලියන්නම් ඉදිරියට.
සරලව කිව්වොත් මමත් තව යහලුවන් කිහිප දෙනෙකුත් පොත් පින්චවල් ගොඩක් ගත්තා රු 10ට, 15ට වගෙ කුඩා ගණන් වලට, පොඩි පාසලක පුස්තකාලෙකට දෙන්න.


ඔන්න ඔයාලත් ඒ වගෙ දේකට කැමතිනම් රුපියල් සීයකට වගෙ පොත් ටිකක් අරගෙන තියාගන්න. ලොකු පිනක් ඒක.


පසු සටහන 5
මෙදා පාර බී ඈම් අයි සි එච් එකෙදි අපේ ඇත්තො නටපු නාඩගම් ගැන ලිපියක් ලියන්නැයි ඉල්ලීමක් තියනවා. ඔය මඩ සම්බන්ද හුරුබුහුටි පෝස්ට් ලිව්ව /ලියන ඇත්තො ඉද්දි මම ඔය අනුන්ගෙ එක්ස්පර්ට් ඒරියා වලට අතගහන එක හොඳද මන්දා .. අනේ මන්දා :-)
හැබැයි ඒකත් ඊලඟ පෝස්ට් එකකට එහෙනම් :)
 
පසු සටහන 6
මම මේ නුවර ඉඳන් ඈවිත් බරබාගෙක පොත් උස්සන් ආපහු නුවර යන්නෙ මට පිස්සුද අහන්න නම් එපා... මම මේ කරන්නේ අවුරුද්දක් ඉස්සරහට කියවන්න පොත් ටිකක් ගන්න එකයි.ගිය වරත් ගත් පොත් ටික මේ අවුරුද්ද ඉවර වෙනතුරුම කියෙව්වා. තව දෙක තුනක් ඉතුරුයි. මෑදදි ගත්තුවා. අනෙක් හේතුව මෙහි ඇති මිල අඩුකම. මම හිතන්නෙ වෙනදා රුපියල් දහසකට ගන්න පොත් මෙහිදි රුපියක් පන්සියයකට ගන්න පුලුවන් කම තියෙනවා. අතෙ තියන පොඩි මුදලින් ගොඩක් පොත් ගන්න මෙතනින් පුලුවනි. අනික දුලබ පොත්. ලේසියෙන් සාප්පු වල නැති පොත්. උදාහරණයක් හැටියට රුසියන් කතා.


ඔන්න ලිව්වා.. දිගම දිග හෑල්ලක්. පොත් කියන්නෙ  ඉතින් බත් වගෙනෙ.. දුකා අයියත් එහෙම දවසක් කිව්වා... හෙ හෙ. ඒකත් කියවලම බලන්නකො...


ගත්තු පොත් ගැන අපෙ යාලුවො තව කීප දෙනෙක්ම ලියල පෝස්ට් දාලා තිබ්බා... නිසුපා , දසුන්, හිරණ්‍ය , මාධව මල්ලි නම් පෝස්ට් තුනක්ම (1, 2, 3) තමා මම දුටුවෙ, තව අය ලිව්වද? ලින්ක් එවන්න දාන්නම් :)

Sunday, September 18, 2011

[202] මගේ රස්තියාදු චාරිකා 4

හතර වෙනි රස්තියාදුව ආවෙ වෙන කොහෙවත් නොවෙයි. කොලඹ... ඒ මොකෝ ? ඇයි දෙයියනෙ පොත් ප්‍රදර්ශනේ ... !!!! වෙන මොනවද? රස්සාවක් කරන්න ගත්තු 2006 අවුරුද්දෙ සිටම අද වෙනතුරුම හෑම අවුරුද්දෙම ඔය වන්දනාව කරන එක අතෑරුනෙ නෑ.


රස්තියාදුවක් නෙමෙයිනෙ. මේක නිකම්ම නිකම් බස් ගමනක්නෙ. ඔයාල කියාවි. අපොයි නෑ. මොන පිස්සුද ? කියවලම බලන්නකො. එක පින්තූරයක් නෑ අද. හේතුව තමයි තනි අතින් රිලවෙක් වගෙ එල්ලිලා පින්තූරු ගන්න තියන බෑරි අමාරුව. ඒ ඈරුනම පරණ පහෙ නොකියා ෆෝන් එකක් තියන නිසා නෙමෙයි හොඳේ :-) (දන්නෝ දනිති... ස්පෙශල් එඩිශන් ඈස්ප්‍රස් මියුසික්) :)




නුවරට ආවෙ මගෙ අප්‍රිය බස් ගමන නොයා , ප්‍රියතම කෝච්චි බබාගෙ නෑගෙන්නයි. අපොයි කල් වෑඩී.... එකයි වෙලාව. අනික මාලබේට. ලොකු ගමනක් ආයෙත් කොටුවෙ සිට. ඉතින් අමාරුවෙන් හිත හදාගත්තා බස් එකෙ එන්න. පානදුර.


අතුරු කතාවක් : අලව්වෙදි හෑප්පී තිබුනේ මම අද එන්න නියමිතවූ දුම්රිය. අපොයි.... ගොඩක් දුකයි ඒ විනාසය දෑකලා. මම බේරිලා වෙනකෙකු දිවි පිදුවාට ඉතින් කොහොමද සතුටුවෙන්නේ ?


කොහොමෙන් හරි දවල් එකට නුවරට සේන්දු වෙද්දි අතේ කරේ බෑග් තුනයි. මගෙ උසෙන් අඩක් උස බැක් පැක් එක , (නයා නෙමෙයි) , යන යන තැන ගෙනියන අර නයි මල්ල ,(මේක කොටන්නෙ ඒ නයි මල්ලෙ තිබ්බ පෙට්ටියට පින් සිද්ද වෙන්නනෙ), සහ සාම්ප්‍රදායික හෑන්ඩ් බෑග් එක.... ඉතින් පානදුර බස් එකට එබීගෙන යද්දි ත්‍රිවිල් මාමා පෙන්නුවා 'අන්න 17ක් යනවා' අපොයි මහපාර මෑද.. නෑව දියත් වෙලා.. ඒත් සෙනග නම් අඩුයි වගෙ. ආයෙ මොනව හිතුවද? ගත්තා බෑග් ටික. පෑන්නා... බස් එක ඉස්සරහට! ඩෑයිවර් මාමාට අත වෑනුවා. අතින් පයින් බෑග් වලින් මා එනතුරු නවත්වන්නෑයි ඉල්ලමින්. (බලන් ඉන්න අයට නම් මල විකාරයක් වගෙ පේන්න ඈති)


ඩෑයිවර් මාමා නෑවෑත්තුවා පාර මෑද. මාත් දොරෙන් අමාරුවෙන් බෑග් ඈතුලට ගන්න බෑරුව දොරේ හිරවෙලා දඟලද්දි කොලු ගෑටයෙක් බෑක් පෑක් එකේ සිරවූ මාව ගලවගන්න පිහිටට ආවා. ඉතින් ඉඳගෙන ඉන්න අයගෙ හෑප්පෙමින්, රෑවුම් බලමින් මම බසයෙ හිස් අසුන් සොයන්නට වුනා.. හපෝයි දෙවියනේ...... !!!! එක් හිස් අසුනකුදු නෑත. බසයම මා දෙස බලාගෙන. මා අසුලා කූට ලෙස නංවා ගත් කපටි පානදුර බසය ඉගිල්ලෙමින්.


දෑන් මොකෝ කරන්නෙ? බහින්නද ? ඉන්නද? හිත සෑලේ.... අපොයි... බසයේ අසුන් වෙත කොතරම් නෙත් යෑව්වත් හිස් අසුනක් නොවෙය් නෙත ගෑටුනෙ. ඒ අස්සෙ මම වගෙම තවත් කූට හිස් බවට අහු වෙච්චි ප්‍රාණියෙක් බසයට නෑග්ගෙ මගෙ ඉරණමම අත් කරගනිමින්. ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මගෙ බෑගය රාක්කයට දෑමුවේ ආයෙ නම් ලේසි ප්‍රොජෙක්ට් එකකින් එය හිරවූ තෑනින් එලියට අදින්නට බෑරි වෙන්ට. හරියට මට තරහට වගේ ! හපොයි... උස සපත්තු දෙක... නිකනුත් උසට පෙන මාව බස් එක මෑද්දෙ හිටවපු පොල් ගසක් වගේ. මොකද කරන්නෙ? ලෑජ්ජ නහරෙ කපල වගෙ ආයෙ ලොකු හා හූවක් කරගෙන බහින්නද? ඉන්නද? සෑලි සෑලී...


අන්න ! වෙලාව ! කකුල් දෙකට පණ තියේද බලන්න! පෑය 4ක් හිටගෙන යන්න ! නිකම්ම නෙමෙයි.. එල්ලිලා.... බස් පොල්ලෙ..!!! කොහොමද .. චෑලෙන්ජ් එක බාර ගන්නවද? නෑද්ද? දිලාගෙ සෙකන්ඩ් සෙල්ෆ් (second self) ඈඟිල්ල උරුක් කර කර දිලාට ඔච්චම් කරන්න ගත්තා. මට ගියෙ සුවල්ප කේන්තියක් හෙම නෙමෙයි.


බස් වල කොයිතරම් හිටගෙන ගියත් පෑය 4.5ක් හිටගෙන යන්න. නෑ මම යනවමයි ! යන එක යනවමයි ! හරි බරි ගෑහිලා සීට් එකකට හේත්තු වූ මට සන්ගීත පෙට්ටිය කනේ ගහගත්තෙ ඒ වෙනකොටත් කන් දෙකම පුරවමින් හිටිය බස් ගීත ටික (Buzz නෙමෙයි ඈ.... Bus) නෑසෙන්න... පොඩි ලී කොට දෙකක් උඩ හිටගත්තු එකෙ වාසිය පොල්ල අල්ලන්න ලේසිය. ඒත් කකුල් කෙඩෙත්තුව ඊට අමාරු වෙන්න ගත්තෙ කෑගලු හරියෙ. ඉතින් ආයෙ සල්ලි සල්ලි කියල බෑලුවෙ නෑ , පිරිසිදු කාපට් පොලවනෙ. ගෑලෙව්ව සෙරෙප්පු දෙකත්. ලෑප් ටොප් එක කරෙ තියාගෙන එක අඩි සීයක් පයින් නොයන මට බෑක් පෑක් එක වගෙ අකාරුණෛකව ලෑපීව නම් රාක්කෙ උඩට දාන්න බෑ.ජීවිතේ පලවෙනි වරට ආසාවෙන් සතෙන් සතේ මාස ගානක් එක් කරලා ගත්තු මගෙ වස්තුව ! ප්‍රාණය ! දෑවෑද්ද ! (හිකිස්) එයා කරෙ එල්ලන් මම හිත හදා ගත්තා. මේ මගෙ දරුව වගෙ එකානෙ. හි හි..


ඒත් මම කන කටුව , මේ බරෑති ලෑපත් එල්ලගෙන , කාරුණික දෑසින් බලන් උන්නු අන්කල් කෙනෙක් එයාගෙ ඔඩොක්කුවෙ හිස තියන් උන් පුතුව ඈහෑරවලා කරෙ නිදියන්න සලස්වලා මගෙ ලෑපීව ඉල්වා ගත්තා... අන්න මිනිස්සු !


පෙරලුන පිට හොඳයි කියන්නෙ නිකම්ද ? මම හිතට ගත්තා මහා ලොකුවට.. ආ ! මේ තියෙන්නෙ මගෙ 4 වෙනි රස්තියාදුව ! ලෝකෙ නෑති විකාර කල්පනා කරමින්, පසුබිමෙන් ඈහෙන ගීතයටත් ඈතෑම්විට නොකල්පනාවෙන් සවන් දෙමින්, වටපිට නරඹමින්, පොල්ලෙ එල්ලි බ්‍රේක් ගසන හෑම විටම හෑප්පෙමින් වෑටෙන්න යමින් පෑද්දෙමින් ආව කියමුකෝ....


හිතේ අමාරුව කාට කියම්ද? බස්(ඒ කිව්වෙ නම් ගූගල් බස්) සගයොන්ටවත්? අමාරුවෙන් අර ඈක්ස්ප්‍රස් සන්ගීත ෆෝන් එකෙන් පොඩි ඊමේලක් කෙටුවෙ කම්මෑලි කමෙ ඉන්ඩ බෑරුව ඈනුම් අරිමින් හිටි මට මොකක් හෝ මහන්සිය මග හරව ගන්න විනෝදයක් සපය ගන්න බලාපොරොත්තුවෙනුයි.


'කකුල් කෙඩෙත්තුව හෑදී අමාරුවෙන් හිටගෙන බස් එකේ එමි ' කියල ලිව්වා... අපේ සමහරු අහල එව්ව නෙව මගෙන් , ඈයි දිල් සීට් තියෙන්නෙ ඉඳගන්නකො කියලා...මන් ඉතින් කියන්නෙ නෑ. සීට් පෙනි පෙනී මම හිටගෙන යාවියෑ බොලේ... තව සගයෙක් කිව්ව අනේ මගෙ මාන්සිය නිවෙන්න සින්දුවක්. අනෙ මෙහෙට සෑපත් වුනාමත් දුම්‍ රිය අනතුරෙන් බය වී මා යහතින්දෑයි අසන්න එයා අමතා කලෙ නෑ... මගෙ සහෝ. ස්තූතියි. ඒ වගෙම හවස , රෑ හැම පැත්තෙන්ම මම යහතින් ආවාදැයි හොයා බැලූ යාලුවො හැමෝටමත් ඉස්තූතියි....


බෑලුම්හහරෙදි මට සීට් එකක් ලෑබුනා. ඒ වෙනකොට නම් උන්නෙ ඈඬිලා... හෑබෑයි ඔයාල දන්නවද? මට සීට් එක ලෑබුනම දෑනුනෙ දුකක් ! මගෙ චෑලෙන්ජ් එක මමම පෑරදුනානෙ. පෑය 4ක් හිටගෙන යාම. ඉතින් ඔහොමයි බස් රස්තියාදුව අනපේක්ෂිත කෙළවරක් දුටුවේ. එටහ් ඉතින් අද අලව්වෙ හෑපුන ට්‍රේන් එකෙ මාත් උන්න නම් හෙම මේ වෙද්දි කොල කෑලි වල කවි ලියාගෙන , රටේ හුලං තියන උස් තැන් හොයා ගෙන හෙට අනිද්දම මාව බලන්න ආයෙත් ට්‍රිප් එකක් ඕගනයිස් කරන්නත් වෙනවා...


රස්තියාදුවක්ද මේ? මට නම් ඔව්. මගෙ ලෝකෙ ඉන්න ගුරුවරියට , උඩරට කෙල්ලට, වගකීම් අරව මේවයින් බෑඳුනු දෝනියන්දෑට විරාමයක් දීල , පොඩි අහිසක නිදහසක් , අව්‍යාජ වල්මත් බවක් පොඩි කාලයකට නිදෑල්ලේ අත් විඳින්න , මට 'මම' වෙන්න නිදහස ලෑබෙන රස්තියාදුවක්.... අහා!!!


ගමන මාන්සියි ! ඈත්තෙන්ම... ඒත් රස්තියාදු රසය ... ආයෙමත් උපරිමයි !


පලි: දාන්න එක පින්තුරයක් නෑ... දුකේ බෑහෑ.... :) ඔන්න ලිව්ව හතර. ඊයෙ ගිය රස්තියාදුව ! (දෑන් රෑ එකහමාරයි) ..හෙට තමා පහ ! කවුරුත් දන්න පොත් රස්තියාදුව !!! අහා අහා අහා... මම වගෙ කෙනෙක් දෑක්කොත් දිල් අක්කද කියල අහලම යන්න හොඳේ... වෑරදුනාට ලෑජ්ජ වෙන්න එපා.. ඒත් වෑරදි අයගෙන් අහල ගුටි කෑවොත් මම නම් නෙමයි ඕන් :)

Monday, September 12, 2011

[201] විල්මා..!!..පෝලියෝ දෛවයට පිටුපෑ විස්මිත දෙපා !

දෙවියනේ ඈ පෝලියෝ රෝගියෙක් !!!! ඒ විතරක් නොවෙයි ලෙඩ වාට්‍ටුවක්! දිලිඳු ‍රැඩොල්ෆ් පවුලට නිකනුත් තිබෙන මහා ජීවන බර මදිවාට අහෝ, නොමේරූ දරු උපතක් .. 1940 ජූනි 23 වෙනිදින ‍රැඩොල්ෆ් පවුලට ආ මේ සිඟිත්තිය උපතින්ම අරන් ආවෙ ලෙඩ දුක් එකක් දෙකක් නොවෙයි. දරුවන් විසි දෙදෙනෙකුගේ මහා බරපතල පවුලට එක් වූ විසි වැන්නී ඇයයි.


පුංචි කාලෙ සිටම නොනවතින ලෙඩ ගොන්නකට එකකට පසු එකක් ලෙසින් හසු වූ විල්මාට සාත්තු කරන එක , බේත් හේත් ගන්න එක පවා අහේනියෙන් පෙලුනු ‍රැඩොල්ෆ් පවුලට මහා ප්‍රෙහෙලිකාවක් වුනා. ඒ විතරක් නොවෙයි , කලුපාට හමට වෙර බඳින අමෙරිකාවේ මේ වගෙ අසරණයින්ට රෝහලක් සොයා යාමත් එක්තරා කළුනික සෙවීමක්ම වූවා.




විල්මාගේ සිඟිති දෙපා අඩපණ වූයේ කවුරුත් නොසිතූ වෙලාවක. 'මේ ලමයව හොඳ කරන්න බැහැ' විල්මව පරීක්ෂාකල වෙදැදුරන් කීවෙ එහෙමයි.


'මගෙ කෙල්ලව මම කොහොම හරි හොඳ කරනවා' තිර අධිටනින් සිතූ බිලාන්ඩ් ‍රැඩොල්ෆ් කලු ජාතිකයන් උදෙසා වූ රෝහලක් සොයා ගත්තෙ සැතපුම් හයක් ඈතින්. ඒත් විල්මව අබ්බගාත වෙන්න නොදෙන්නට ශපථ කල මේ දිරිය මව ඈව ඔසවාගෙන මේ රෝහලට දෙවසරක්ම පයින්ම ගෑ‍ටුවා , විසි දෙදෙනෙක්ගේ ජීවන බර උහුලමින්ම.


වසර ගණනාවක අප්‍රතිහත දහිරියෙ ප්‍රතිපලයක් වශයෙන් විල්මව දෙපයින් නැගි‍ටුව ගත් ඒ දිරිය මෑණිය නොතිත් තු‍ටු කඳුලු හෙලන්නට ඇති. අබ්බගාත වී අනුන්ගේ අතපල්ලෙන් වැටෙන්නට ගිය දියණියට දෙපා දුන් ඈ ගැන අමෙරිකාවම ආඩම්බර වන්නට ඇති..යම් දිනෙක...


නොන්ඩි කකුලෙන් නමුත් පැසිපන්දු ක්‍රීඩාවට ලොබ බැඳි, එමෙන්ම දස්කම් පෑ විල්මාව දු‍ටු එඩ්වඩ් ටෙම්පල් නම් පුහුණුකරුවා දු‍ටුවේ චීටාවකගේ දෙපාවල සැඟවුනු අපූර්ව ජවය....මලල ක්‍රීඩාවේ සිතුවිලි බීජය සැබවක් කරමින් විල්මා පැසිපන්දුව අත හැර යශ්ටිය අතට ගත්තේ එලෙසින්.පුංචි වයස අවුරුදු 16දී, සපත්තු නැති නිරුවත් දෙපා වලට දිරි ගත් විල්මා , 1956 වසරේදී ලාබාල ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභිනියක වූවා... ඒ මීටර 100x4 වෙනුවෙන් මෙල්බෝන් නුවරදී...




'මම ඊලඟ පාර නියතවම මගෙ රටට රන් පදක්කම් ගේනවා' ඈ පෝලියෝ හැදුනු වගේ වග නැති ජවාධික දෙපා මත සිට ගනිමින් , මාධ්‍යවේදීනට එදා පැවසූ දේ සත්‍ය වේ යයි කිසිවෙකු නොසිතන්නට ඇති.


1960 වසරේදී රෝමය ගිනිගත්තේ ඔලිම්පික් උණුසුමෙන්.


'එකක් නොවෙයි, රන් 3ක් අරගෙනයි මම යන්නේ' විල්මා සිය සිතේ නොමැකෙන අකුරෙන් ලියා ගෙන තරඟ බිමට බැස්සා.


'ජුට්ටා හේන්' ඈ තමා එවකට අපරාජිත වේග ශූරිය....ලොව වේගවත්ම ධාවනශූරිය. ජුට්ටා හේන් සිය යාබද මං තීරුවේ සිටිනු දු‍ටු විල්මා තවත් වෙර ගත්තා... හැමදාමත් එයා දිනන්නෙ නෑ. ඇයි විල්මාට බැරි. පෝලියෝ දෙපා ඇවිද්දවූ විල්මා.... එතරම් සිහින්ව තිබු දෙපා යුග්මයකින් ලෝක ශූරතාවක මං තීරුවක ගැම්ම ගනිමින් සිටින විල්මා...!!!!!


මීටර සියය ... ප්‍රථම වරට ජුට්ටා හේන් පරාජිතයකු කරවමින් විල්මා රන් පදක්කම සිප ගත්තා... ලෝක වාර්තාවකුත් සමගම!


මීටර දෙසියය... දෙවන වරටත් ජුට්ටා හේන්ගේ පරාජය සනි‍ටුහන් කරමින් සිය දෙවන රන් පදක්කමත් විල්මා තුරුලු කරගත්තේ නොතිත් අදිටනින්.. 'තව එකයි' ..... ඈ ඈටම කියා ගන්න ඇති..


සහය දිවීම. 100x4... දෙනෝදාහක් ප්‍රේක්ෂකයන් හුස්ම හිරකරවන යටිගිරි හඬින් හඬ තලද්දී පෙර‍ටුව එන විල්මාගේ සහයිකාවන් කඟවේනුන් සමව විල්මා කරා ලං වූයේ ජයග්‍රාහී පියවරින්. යශ්ටිය විල්මා අත ! ඊලඟ මොහොතේ යශ්ටියත් සමගම විල්මා බිම ඇදගෙන වැ‍ටුනේ දෙනෝදාහක් භීතියෙන් ශෝකයෙන් සලිත කරවමින්.






අහිමි වූ කිරුල සිහියේ තබාහුන් ජුට්ටා හේන් යශ්ටියත් සමග ඉගිලුනේ රන් පදක්කම් සිහිනයේ දොර‍ටු විවර කරගනිමින්, මැකී ගිය කීර්තිය යලි ලබා ගැනීමේ අරමුණින්. එහෙත් මෙවර විල්මා ඇදවැ‍ටුනේ පෝලියෝ නිසා නොවෙයි. සුලු අත්වැ‍රැද්දකට සිය සිහිනය බොඳ කරනු ඉඩ දිය නොහෙන වග අසුරු සැනින් වටහාගෙන නැගිට ගත් විල්මා විදුලි වේගයෙන් දුවන්නට වූයේ සිය සිහින වාක්‍යය සැබෑ කරවමින්. තියුණු අවසානයක් ! විජයග්‍රාහී තෙවන පදක්කමත් විල්මා ඇතුලු ක්‍රිඩිකාවන් අත !


ඈ ගැහැණියක් නිසාවෙන් සංසාරේ අපි තුල විල්මා වීරවරියක් වූවාද? නැහැ. ගැහැණු කම පසෙක තබන්න. ආබාධිත විල්මා , ලෝකයේ වේගවත්ම ගැහැණිය වූ ඈ 1960දී රෝමයේදී ඔප්පු කලේ ඇගේ අප්‍රතිහත ධෛර්යයයි. නොසි‍ඳෙන විස්වාසයයි.




අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ 79 වන මාර්ගය විල්මා නමින් නම් වූයේත් , ක්ලාක්ස්විල් හි විල්මාගේ දැවැන්ත ලෝකඩ ප්‍රතිමාවක් අදටත් ඒ ජවය සිහිපත් කරමින් නැගී සිටින්නේත්, 2000 වසරේදී Sports Illustrated  සඟරාව ලෝකයේ අංක එකේ ක්‍රීඩා පෞරුෂය වෙනුවෙනෑට බුහුමන් දක්වන්නේත් , 2004 වසරේදී ඈ රුවින් යුත් මුද්දරයක් නිකුත් වන්නේත් , දෛවය කල සරදමට පෙරලා සරදම් කළ ඇගේ විස්මය ජනක ශක්තිමත් දෙපා වලට දක්වන බුහුමන් වශයෙන්.




ඔබේ ඇස් අඳ වන්නට පුලුවන්. එහෙත් ඔබේ හදවත 'ඡායාරූපකරණයෙන්' ඔකඳ වී සිටින්නා වන්නට පුලුවන්. ඔබට සිනහ සෙන ඔවුන් වෙනුවෙන් ඔබ කළ යුතු දෙයක් ඇත. විල්මා ඔප්පු කලේ එයයි.


ඔබට තිබෙන්නේ උරහිසින් ඔබ්බට අහිමි වූ බාහු කොට දෙකක් පමණක් වන්නට පුලුවන්. ඒත් ඔබ දිවා ‍රෑ සිහින දකින්නේ ලෝකයේ දක්ෂතම පියානෝ වාදකයා වන්නටත් පුලුවන්.. ඔව් පුලුවන්.. සිහිනය මායාවක් නොවෙයි... හඹා යන්නට දිරි ඇති ඔබට විල්මා ග්ලෝඩින් ‍රැඩොල්ෆ් සිහිපත් කරගැනීමම ප්‍රමානවත්.


ඇගේ ජීවිත කතාව අපට කියන්නේ එයම නොවෙද ? හැතැප්මක් එහා මානයේ පෙනි පෙනී නොපෙනී යන සිහිනයක් අතැර උදාසීනව ඉවත බලාගන්නා ,  ඔබත් මමත් , විල්මාගෙන් තවමත් බොහෝ ඈත තැනක !


අතාත්වික සිහින හඹා යන ඔබට වැසුනු දොර‍ටු දහසක් අතරේ එකක් හෝ ඇරුනු දොර‍ටුවක් හමුවන තුරුම තට්‍ටු කොට බලනවා නම් , විල්මා තමයි ඔබ. ඔබ තමයි විල්මා !




පසු සටහන



1. වයස අවු 54 දී විල්මා මෙලොව හැර ගියේ මොළයේ පිලිකාවකින්. ඇගේ පුද්ගලික විස්තර මේ අඩවියෙන් කියවන්න.


2. බුද්ධික දෙශප්‍රිය ගේ 'දුක දිනා ජය ගත් දිරිය මිනිස්සු' පොත විල්මා පිලිබඳ මා දැනුවත් කලා

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->