Tuesday, April 27, 2010

එම්බා ආලය!.....



සීනයක් ඇත-
ඇස් ලඟ...

පැතුම් පොදි-
නෙත් කලඹන....

රුදා දෙන හිත-
වියරුව...

පිරිමිකම ලඟ-
ගැහැණිය.....

අඳුන් තවරන
දෙනයන....

ල'දලු නෙලු-
තොල් පෙති මත..

සුලලිත බැලුම-
දෙස් දෙන...

සොඳුරු සීනය-
ආලය......

එම්බා ආලය!
කාලයේ සරදම !

16 comments:

  1. ඔව් සිහිනයක්/සරදමක් වෙන්න පුලුවනි. නමුත් සමහරවිට සැබෑවක් ද විය හැකියි. වෙන මොකුත් හිතට එන්නෙ නෑ නෙව...

    ReplyDelete
  2. මම මුකුත් කියන්නෙ නැහැ.. නියමයි.. ඇත්තටම.. දුරකට ඇදන් ගියා..

    ReplyDelete
  3. ආදරය යනු සැබෑ වෙන අත්දැකීමක්.. ඒත් හීනවල වගේ හිතලු මිහිරියාවක් නෙමෙයි... ඒක තමයි ඇත්ත...අත්දැකීම් එකක වත් මිහිරියාවක් සෙවීම නිශ්පලයි... අත්දැකීම් තුල තාවකාලික වින්දනයක්(විඳීමක්) සහ දීර්ඝ කාලීන පශ්චත්තාපයක් ශේෂ වෙනව රොෂාන්... රවා..මුකුත් නොකියන්නේ තරහ වෙලාවත්ද? ඒත් සං‍තෝසයි ඇවිත් ගියාට.... මට මේ කවියට පසුවදනක් ලියන්න හිතුනා දැන්..

    බලන්න මේ රූපය දිහා...
    "ගැහැණිය සීන දකිනවා..ඈත..ඈත බලාගෙන.... පිරිමියා ඒ හීන බලන ගැහැණිය දිහා බලන් ඉන්නවා"

    මම හිතනවා ඔබ දෙදෙනාටම මා කී දේ වැටැහෙනවා....
    ස්තූතියි රොෂාන් & රවා

    ReplyDelete
  4. ඔයා කියනන් උත්සාහ කරන්නේ ගැහැනිය එක වහලක් යටට වී සැමියෙකු සමඟ දිවි ගෙවන්න පැතුම් පොදි ගහගෙන ඉන්න අතරේ පිරිමියා ඒ ගැහැනියගේ හීනය මගහැරලා තාවකාලික සුවයක් ඇගෙන් ලබාගන්න උත්සාහ කරනවා වගේ කියලද . . ?

    කවිය දෙපාරක් තුන්පාරක් කියෙව්වාම මට නම් හිතුනේ එහෙම . .

    ReplyDelete
  5. දුකා

    මුල කොටස හරි... ගැහැණිය ආදරය මත දුරම දුර හීන දකින එක.. ඒක ගැහැණු කම සහ ගැහැණිය සහජයෙන්ම උපත ලබා තියෙන්නේ අනාරක්ශිත බව සමග නිසා, ගැහැණියට උවමනා වී තිබෙන ‍රැකවරණය නිසා එන හැඟීමක්...

    ඒත් දෙවන කොටස මා අදහස් කලේ එය නෙමෙයි. මා අදහස් කලේ, පිරිමියා ලබන්නට උත්සහ කරන තාවකාලික වින්දනයක් නෙමෙයි. ඒත් මා අසා ඇති අන්දර වල සිටින බොහෝ පිරිමින්, ආදරය සම්බන්ධව දරන්නේ කූඩු වීමේ උත්සහයක් කියන මතයකට වඩා බොහොම නිදහස් බැඳීම් කියන දේ අඩුවෙන් කතා බහ වෙන වාතාවරණයකට කියා මට විටෙක හිතුනා.. පිරිමි ඒ නිදහස් ආදරයට කැමතියි. බොහෝ පිරිමි ගැහැණිය එලෙස නිදහසේ හිතන්නේ නැත්තේ මන්දැයි ප්‍රශ්න කරනවා මා අසා තියෙනවා... ගැහැනියට චෝදනා කරනවා මා අසා තිබෙනවා.. ඒත් ගැහැනිය කියන්නේ අනාරක්ශිත බව කියන හැඟීම උපතිම මිටින් ගුලි කරගෙන ආ සත්වයෙකැයි මට හිතෙනවා... ඒ නිසාම ජානමය වශයෙන්මදෝ මන්දා ගැහැනිය කියන්නේ තැති ගත් ලෙහෙණියක් වගේ කොයි වෙලෙත් සුරක්ශිත බව ගැන හිතන කෙනෙකැයි මට හිතුනා.

    දුකා අයිය.. මේ එක් පැතිකඩක් සහ එක් අවස්ථාවක් පමණයි. එයින් අදහස් වෙන්නේ මේ සර්ව සාදාරණ නීතියකැයි කියා නම් නෙමෙයි.... හොඳේ :-)

    ReplyDelete
  6. මාම් හොඳින් තෙරුම් ගත්තා ඔයා කියනන් හදන දේ නගේ. ඔයා කියන්න හදන දේ ඇත්ත වෙන්න ඕන ..

    මම දැකපු ගොඩක් අයත් ඒ වගේ. ඒක පිරිමි තේරුම් ගනන්වනම් ගෑනු ගතිය කියලා ගැටුම් අඩු කරගෙන සාමයෙන් ඉන්න පුලුව්න වේවී.

    ලොකු දෙයක් මේ වා මේ විදිහට කතා කරන එක නගේ. ගොඩක් අය තමන්ගේ හැඟීම වහගෙන ඉන්නේ . . ඔයා කරන දේ නිසා කාන්තාවෝ ගොඩක් අයට යහපතක් වෙනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
  7. මානවිකාවන් උදෙසා මිනිස්කම ......

    ReplyDelete
  8. ඔව් දුකා අයියා.. අපි අපි මේවා කොහේ හරි ලියල තිබ්බොත් එක්කෙනෙක් දෙන්නෙක් හරි එය තේරුම් ගනීවි නේ..මා ඒ ගැන බලාපොරොත්තු තබනවා.... ලිවීමවත් ඒ බලාපොරොත්තුවවත් මා අත්හරින්නේ නැහැ...

    ගැහැණු ගතිය කියලා පිරිමි හුඟාක් දුරට නිර්වචනය කරන්න කැමති මටසිලි‍ටු සුන්දරත්වයයි... ඒත් ගැහැනියක තුල මේ සහජයෙන් පිහිටන හිතේ දොඩමලු බව, තැති ගත් අනාරක්ෂිත බව ගැහැනුකම තුල ඇති බව වටහ ගන්න , එය ඉවසන්න, තමා වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙන මේ ගැහැනියට ‍රැකවරණය ඇති බව assure කරන්න වචනයක් දෙකක් කියා සනසවන්න, ලැහැස්ති පිරිමි හරි අඩුයි. එය දුර්වලකමක් හැටියට දකින පිරිමි වැඩියි...

    මීට දින කිහිපයකට පෙර මම මටම ශපථ කර ගත්තා ආයෙමත් ලියන්නෙ නම් නැහැ කියල.. කොහෙද ඉතින්...

    මට කොරන්න බැරි දෙවල් 3 ක් දැන් තියනව නොවැ..
    එක- හුස්ම නොගෙන සිටීම
    දෙක- අහසට පෙම් බැඳීම
    තුන - ලිවීම

    ඔන්න ඉතින් මම ආයෙත් ලියනව!

    ReplyDelete
  9. අයියෝ යසෙල..
    මම ගැහැණුන් වෙනුවෙන් ලියන කෙනෙක් කියන ලේබලේට දන්න එපා හොඳේ...
    මොකද එක අන්තයකට සීමා වුනොත් මගෙ ලිවීමෙ පලය මොකක්ද? මගෙ ලිවීම් වල එහෙම දෙයක් පෙනෙනවනම් ඒක මට වටහල දෙන්න..
    මට ඔනේ මිනිස්කම මේ හැම කෙනෙකුටම පොදු මිනිස්කම වෙනුවෙන් ලියන්න.
    ඒත් මගේ ගැහැණුකම, මා අවට ලෝකය ගැන ලියන විට , එය ගැහැණියකගේ ඇසින් ලියවෙන එක වලක්වන්නේ කොහොමද?

    ReplyDelete
  10. අක්කේ ඔන්න මාත් ඔයාව බලන්න අවා.මීට කලින් දෙතුන් වතාවක් ඇවිත් තිබුනත් comment එකක් දාන්නේ අද.
    ඔයා ලියන ඒවා කියවන්න හරි අසා හිතෙනවා.සමහර විට ඔයා ලියන ආකාරයත් ඒකට බලපානවා ඇති.

    ReplyDelete
  11. මේ කවිය හරිම වෙනස්. මම ඒ වෙනසට හරි ආසයි..! මම දන්නේ නැහැ ඇයි කියලා සමහර විට මේ විශේෂ දෙපද විරිත නිසා වෙන්නත් පුලුවන් මොනවා උනත් මේ කවිය මගේ හිත ගත්තු එකක් බවනම් නොකියාම බැහැ..!
    ජයෙන් ජය ම පතනවා..!!!

    ReplyDelete
  12. අහ් 'මම'
    ස්තූතියි ආවට ගොඩාක්.... ඔයා පල කල අදහස් වලටත් ස්තූතියි..කවිය තුල නම් මම තවම දණ ගාන ලදරුවෙක්... ඒත් කාලයක් දණ ගාල හරි ඇවිදීවි නෙ :-)

    ලිශාන්
    මට තියන ලොකුම ලෙඩේ තමා කෙටියෙන් කියන්න බැරි එක... හි හි... මේක කලකින් ලිව්ව කෙටි කවියක්.. නිදි මරගාතේ තමා ඇත්තටම ලිව්වේ .. ඒ නිසාමද මන්දා කෙටියි...සං‍තෝසයි මේ පැත්තට ආවට/... ස්තූතියි සහෝ....

    ReplyDelete
  13. නිර්මාණයේ ලස්සන ඇත්තේ පද ගෙතුමේ පමණක් නොවන බව විතරක් කියන්නම්.

    ReplyDelete
  14. CD Athuraliya
    ස්තූතියි...:-) අදහස් වලට... මනුස්සකම බෙදා ගනිමු :-)

    ReplyDelete
  15. අයියෝ අක්කෙ, මට අද කවිය එච්චර තේරුනේ නෑනෙ. :(

    ReplyDelete
  16. මම ලියපු කමෙන්ට් බලන්නකෝ මල්ලියා,,,, එතකොට තේරෙයි අදහස.....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->