Wednesday, April 10, 2019

[354] අසන්ධිමිත්තා - මගේ කියවා ගැනීම

Image may contain: 1 person

ඈ රාත්තල් තුන්සියයක් බර වීම මට මෙහි උධෘතයක් නොවේ . ඇය මිනී තුනක් මැරීම කතාවට ත්‍රාසය ජනනය කලාද නොවේ.. එහෙත් අසන්ධිමිත්තා නියෝජනය කරන කාන්තාව යනු , ජීවිතය සමග පොර බදන , ජීවිතයේ සිහින තවමත් දකින ,ඒවා ඉටුකරගන්නට ගොස් , යලිත් වරක් පිරිමියෙකුට නතු වන, වරදෙහි බැඳෙන, ඉන් මනත සමාජය නමැති අධිකරණය විසින් පෝරකයට යවනු ලබන, චූදිත , සමස්ත ගැහැනු පරපුරමය.

ඇය පතන පිරිමියෙකු සිටී. ගෙවල් මිදුල් ඇමද , බත උයා සිත පුරවන, සුවච කීකරැ ගෘහ සේවකයෙකුද , තමන්ට ඔච්චම් කරන ⁣නොසන්ඩාලයකුගේ කණින් අල්ලාගෙන තම දෙපා මුල තල්ලු කරන හැඩිදැඩියෙකුද, ආගමට දහමට ලැදි ,සිය දරැවන් යහමග යවන තාත්තා ප්‍රතිරෑපයද ඇගේ පැතුමෙහි සිටී. රැකියාවක් කොට ගැහැණියට කන්න අඳින්නට දෙන ස්වාමියෙකු , සුරා සූදුවෙන් තොර පිරිමියෙකු ඇගේ එම පැතුමෙහිම සිටී. එහෙත් .. ප්‍රකෘතිය ඉතා අමිහිරිය. අමිහිරි ප්‍රකෘතිය විසින් ඇයව තනිකඩ කොට තිබේ.


Image may contain: 2 people, people sitting

පුනරාවර්තී ආදර චක්‍රයක පරිධියෙහි තබන මුල් පියවර වල පැණි රසය , ඉතිරි දිගු ගමනෙහි නැත. සිහින වල ආයුෂ බලා හිඳිද්දී
අඩුවේගෙන යයි.

පරිධියෙහි අවසන් අර්ධය , අපේක්ෂා භංගත්වය , ඊර්ෂ්‍යාව , වෛරය එකී මෙකී නොකී සිතුවිලි වලින් ආඪ්‍ය වෙයි. වංචාකාර පිරිමියා තම ඊලඟ ගොදුර සොයා පීරද්දී , චූදිත ගැහැනිය ,රස කතා සොයන කලාකරැවන්ට ප්‍රස්තුතයක් පමණි. ඇගේ කතාව මොහොතක වින්දනයක් උත්කර්ෂයක් සොයන තවත් ගැහැණියකට විහිලුවක් පමණි. ඇගේ කතාවම කියවන තවත් ගැහැණියකට විකී වැනි පිරිමින් ප්‍රතික්ෂේප කරන්නට තරම් අසන්ධිමිත්තාගේ කතාපුවතට බලපෑමක් කල හැකිද? අසන්ධිමිත්තාව බැරි අමාරැවෙන් පෝරකයට තල්ලු කරන ගැහැණු පිරිමි අත් වලට ඉහලින් , පෝරකය අබියස සිට අසන්ධිමිත්තා මේ සිනහසෙන්නේ , මේ අපටවත්ද ?

Image may contain: 1 person, smiling

අසන්ධිමිත්තා - නැරඹීමෙන් විඳි ප්‍රහර්ෂයෙන් ලියමි
2019-04-03
දිල්ශාරා වීරසිංහ

ප.ලි.

සංගීතය - මහ ඉහලය
රඟපෑම් - මහ ඉහලය
පිටපත - හොඳය
කැමරාව - මට ඉතා ප්‍රබල නැත.

පුද්ගලික ලිවීමකි. ප්‍රංශ , ස්පාංඤ වැනි සිනමා නිර්මාණ වල නිතර දක්නට ලැබෙන , කතාන්තරයකින් තොර , සිදුවීම් ඇමිණීමෙන් විශාල සංකල්පයක විවිධ පැති පෙන්වන සුලු සිනමා නිර්මාණ වලට පුද්ගලික කැමැත්තක් ඇත්නම් , අසංන්ධිගේ සුන්දරත්වය ගැඹුරින් විඳ ගත හැකිය.

Sunday, April 07, 2019

[353] චීස් නොමැති මී කතාවක් තිබිය හැකිද ? - Ben

Image result for ben movie

ඔව් . චීස් නොමැති මී කතාවක් තිබිය හැකි......

ඒ විතරක් නොවේ මීයාට ඔස්කාර් ගත වන්නට වුවද හැකිය. මාත් ප්‍රසන්නත් එකට වාහනයෙ ගමන් ගන්නා වෙලාවලදී එක්නෝ ඔහුට මාගේ නිමක් නැති රට පැටලෙන කෙස් පැලෙන කතන්දර අහන් ඉන්නට සිදුවේ. එසේ නොවන , නොහොත් ඉතිරි වෙලාවල මම එක්කෝ රේඩියෝවේ යන සින්දුවක් ගැන ඔහුගෙන් අනවශ්‍ය ප්‍රස්න අසමි. අහවල් සින්දුව කවුද කියන්නේ , ඒකෙ තේරැම මොකක්ද , ඒක කොයි කාලෙ සින්දුවත් , යනාදී මගේ ප්‍රස්න පත්තරයට, රිය පදවන ගමන් උත්තර සොයන එකෙන් වෙහෙස වූ ඔහු මට shazam හඳුන්වා දුන්නේය. මම මගේ දුර බනුව අල්ලා ගීතය සොයා ඉතුරු පර්යේෂණ මමම කරගන්නට හුරු වුනේ එසේය.

මට Ben හමුවන්නේ එවන් පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙසිනි. ගීය ඇසු සැනින් මට මතු වූ  ප්‍රස්නය මේ සුරතල් කටහඬ කාගෙදැයි කියාය. මගේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් මේ සිඟිති මයිකල් ජැක්සන් බව මම සොයාගනිමි. යලිත් අර පරණ ප්‍රස්නේ මට මතක් වෙයි. දැන් කවුද මේ බෙන් ? බෙන් ටෙන්ද ? අර සිංහල ගීතය - සකල බුජන් වගේ එක්කෙනෙක්ද ? 

දැන් ඉතින් ප්‍රශ්න කෝටියයි ... අන්තිමේට ඔන්න අද මම හොයා ගත්තනේ මේ බෙන් කවුද කියලා. දන්නවද ? බෙන් කියන්නේ පුංචි මී පැටියෙක්.

Ben, the two of us need look no more
We both found what we were looking for
With a friend to call my own
I'll never be alone, and you, my friend, will see
You've got a friend in me
Ben, you're always running here and there
You feel you're not wanted anywhere
If you ever look behind and don't like what you find
There's something you should know, you've got a place to go
I used to say I and me, now it's us, now it's we
I used to say I and me, now it's us, now it's we
Ben most people would turn you away
I don't listen to a word they say
They don't see you as I do
I wish they would try to'
I'm sure they'd think again if they had a friend like Ben
A friend like Ben
(Like Ben)
Like Ben

Don Black සහ Walter Scharf  නමැති රාහකයින් දෙදෙනා , 1972 දී මේ ගීතය ලියන්නේ 'බෙන්' නමින් තැනෙන සිනමා පටයටයි. විලාර්ඩ් නමැති පුහුණුකරු යටතේ පුහුණු වන බෙන් නමැති මී පැටවා අලලා තැනෙන 'විලාර්ඩ්' නමැති චිත්‍රපටය බෙන් චිත්‍රපටයට පාදක වූ පෙර සිනමා පටයයි. එහිදී බෙන් නමැති මී පැටවා ඇතුළු අනෙකුත් මීයන් අවසානයේදී විලාර්ඩ් ට එරෙහිව කල්ලි ගැසෙනවා. කෙසේ වෙතත් එයට පසු තැනෙන බෙන් සිනමා පටය  තුල පෙරකී බෙන් නම් මී පැටවා කුඩා පිරිමි ළමයකු හා මිතුරු වනවා. 
Image result for ben movie

මෙම ගීතයට සබැඳෙන මේ බෙන් චිත්‍රපටයෙහි  , බෙන් සමග මිතුරු වන කුඩා කොලුවා කොතරම් අවින්හින්සක වුවත් , බෙන් සිය මී සපිරිවර සමග සංවිධානය  වන්නේ මුළු මහත් මානව සංහතිය සමගම සටන් කිරීමටයි. ගීතය පාදක වන්නේ මි පැටවෙකු වුවත් , මේ බෙන් නමැති සුමිහිරි ගීතය , මිතුරු දම පිලිබඳ ලියවුනු අපුරු ගීතයක් ලෙස කළා ඉතිහාසයට එක්  වන්නේ බෙන් ගීතය වෙත ඔස්කාර් සම්මාන නිර්දේශයක්  පවා හිමිකර දෙමිනුයි. මෙම ගීතයෙහි සම රචක ඩොන් බ්ලැක් ගේ  සුවිශේෂි ඉල්ලීමක් මතයි මෙම ගිතය මයිකල් ජැක්සන් හට ගැයීමට හිමිවන්නේ. ඩොන් වරෙක මෙම ගීතය ගැන මෙහෙම කියනවා. "පුංචි ක්රුන්තකයෙකු ගැන ගීතයක් ලිවිමම මට අභියෝගයක් වුනා. හැබැයි මම අන්තිමට තීරණය කළා , මී පැටවා ගැන කිසිම සඳහනක් නොකර , ඇයි මට බැරි ඔවුන් දෙදෙනාගේ ලස්සන මිතුදම ගැන ගීතය ලියන්න කියලා ?" 

Image result for michael jackson in 14
Michael J - 14 Years

මෙම ගීතය මයිකල් ජැක්සන්ටත් ඉතාම සුවිශේෂී වුවක්. ඔහුගේ ගායන දිවියෙහි , මෙතරම් ජනප්‍රිය වූ ඔහුගේ ප්‍රථම එක පුද්ගල නිර්මාණයද මෙයයි. මයිකල් මේ ගීතය ගයන්නේ අවුරුදු 14 දියි. ඇමෙරිකාවේ ගීත දර්ශක වල ඉහලින්ම වැජඹුණු ලාබාලතම ගායකයාගේ වාර්තාව එවකට ඔහුට හිමිවන්නේ බෙන් ගීතය නිසයි.

කෙසේ වෙතත් මෙම බෙන් ගීතය ළමා වැඩිහිටි මහලු ඕනෙම අයකුට එක සේ රස විඳිය හැකි ඉතා සුමිහිරි ගීතයක් හෙයින් , කුඩා කාලයක් හෝ වැය කොට මෙය ලියා තැබිය යුතු යයි මට සිතුනේ , බාගදා ඇතැම් විට පුංචි කෘන්තකයෙකු  පිළිබඳව බටහිර ඉතිහාසයේ ලියවුනු ජනප්‍රියම ගීතය , මටද ඇතැම් හද බැඳී මිතුරුදම් පිලිබඳ මතක මතක් කර දෙන නිසාවෙන් විය හැකියි.

~ බෙන් ~
.
මිතුරකු , මගේම කියා මිතුරෙකු , 
ලැබුණු පසුවත් අප දෙදෙනාට , 
සොයන්නට දෙයක් තවත් ඉතිරිද මෙලොව 
බෙන් , එය මට කියනු මැනව 

තනිය නැත මට නැවතත්, 
ඔබටත් එය පිළින දෙමි මම නැවතත් ...
වෙන් නොවන්නට කිසිම දිනකත්...

කාගේදැයි නොදනිමි මම ඔබ 
එහෙ මෙහෙ දුවන ඔබ කොහේ යා දැයි 
නොදැනෙයි මට .,. 
ජිවිතය ඔබට යා යුතු මගක් නොකියන හැම විට 
බෙන් , මෙහි එන්න , 
ඔබට මෙහි ඇත සැනසුම... 

මම ය , මටය , මාගේය 
පෙර මා සිතුවේ එහෙමය... 
නමුදු දැන් අපට අප, අපගේ ලොවක් ඇත... 
අපගේය කියන්නට මේ සොඳුරු මිතුදම ඇත... 

නොම ඇසෙයි මට, ඔවුන් අප ගැන කියන කිසිවක් 
මා දකින්නේ, ඔබ මෙමා හට ලබැඳි මිතුරෙක් ... 
මිනිසුන් බොහෝ දෙන, ඔබට පිටුපා යනු ඇති.. 
දුටුවා නම්, ඔබේ සොඳුරු සිත , ඔවුනුත් 
බෙන් ඔබ අද , එමිනිසුන්ටත් ලබැඳි මිතුරෙක්... 


Image result for unusual friendship quotes

[352] කොහොමද ? UberEats එනකල් හිටිය නම්? තාම බඩගින්නේ






අද ඉරිදා. විවේකී නිවාඩු දවස ! උදේ ඉඳලා පුරැසෝත්තමයාව ගෙදර දොරේ වැඩට අල්ල ගන්න දවස. දවල් වෙද්දි දෙන්නටම හති.පුටු ඇදලා. අතු ගාලා. මල් පැල වලට වතුර දාලා.. බ්ලා බ්ලා..

දවල් තුනහමාරයි. බඩගිනියි. දවල් කෑම උයන්න වෙලා ගිහින් වැඩියි. ඌබර් ඊට්ස්! නෑ අපි පොෂ් නෑ. හැබැයි කාලෙක ඉඳල අත් හදා බලන්න හිටි දෙයක් ! වෙනදට අරන් නෑ. අද හා පුරා කියලා ඇණවුම් කරන්නයි කල්පනා කලේ. දෙන්නගෙම ප්‍රියතම එලයිට් එකෙන් හා පුරා කියලා දැම්මා නේද ඕඩරය! විනාඩියයි ගියේ,ඕඩර් කලා. කොච්චර ලේසිද? හැබැයි පැයක් බලන් ඉන්න වෙනවා. ඒත් කමක් නෑ,අලුත් වැඩක් නේ කියලා පැයක් බඩගින්නෙ ඉන්න අපි හිත හදාගත්තා. දුක තමයි, එලයිට් එක විසින් order එක කැන්සල් කරන්න විනාඩියක්වත් ගියෙ නෑ. අපි දුකට පත් වුනා. ආයිත් වෙන ඇනවුමක් දැම්මා . එයාලගෙ බඩු ඉවරද දන්නෑනේ.. ජය වේවා අපේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් ඒ ඇණවුමත් එලයිට් එක විසින් කැන්සල් කරනු ලැබුවා ! දැන් ඉතින් අපි දෙන්නට සතූටේ බෑ. එක අතකින් බඩගින්න.එක අතකින් හා පුරා කියල දැම්ම ඌබර් ඊට්ස් එක . පාර පුරා රයිඩර්ලා යන තාලෙට මෙහෙම එකක් බලාපොරොත්තු වුනෙත් නෑ.


"මේ ඔන්න ඔහෙ එලයිට්ටක් ඕනි නෑ.. අපි පැරදෙයි එලයිට් එකට. එදා ගත්තු පරාටා පැක් එක තියනව නේද fridge එකේ ? පරාටයි පරිප්පුයි කමු අනේ !"

මම හිතේ තරහටත් එක්ක ප්‍රසන්නට කිව්වා !

"හා , චිකන් wings දෙකක් තිබුන මතකයි , ඉන්න මම හදන්නම් එලයිට් කැලේ යන්න චිකන් කරියක්" ප්‍රසන්න කිව්ව

3.45 - 4.05 හරියම විනාඩි විස්සයි .

පරාටා හය මම පෑන් එකේ එක එක රත් කරල ගන්නත් කලියෙන් ප්‍රසන්නගේ විනාඩි හයේ , චිකන් රෝස්ට් කරි එක හැදිලා . උදේ පරිප්පුවෙන් භාගයත් මොඩිෆයි කලා. කිරි තේ දෙකත් හැදුවා . ෂා! එලයිට් එක විසින් කැන්සල් කල ඕඩර් එකට ස්තුති වේවා ! හරිම රසයි , පහසුයි , වියදම නොගිනිය හැකි තරම් .



කොහොමද ? UberEats එනකල් හිටිය නම්? තාම බඩගින්නේ .. 😁😁😁

Prasanna මේ රස නියම රෙසිපියට දැම්ම නම,

"Braised Chicken 
on 
Arabic Bread 
accompanied with 
Balsamic Roast Gravy 
and
Lentil Puree"

ලෙන්ටිල් පියුරි කිව්වට ඔය පරිප්පු හොඳේ !

Thanks Uber Eats , and Thanks Elite Family Restaurant . We were so awaiting to make our first uber eats order but disappointingly but
Thanks to Elite , who cancelled our food orders - we innovated an absolutely yummy recipe at home. Just Saved a good two thousand plus enjoyed yummy food home made 😚

"Braised Chicken 
on 
Arabic Bread 
accompanied with 
Balsamic Roast Gravy 
and
Lentil Puree" 💙❤


Image result for cooking quotes

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->