Sunday, July 28, 2019

[357] "Gilrs Like You" නටන නංගිලාගේ වත ගොත



හඳ දිහා බැලුවම ඇඟිල්ලේ ඇද හොයන එක කරදර පුරුද්දක්. ඒත් හඳ පෙන්නුවම එකේ හැඩයෙන් සැනසීමට පත් නොවී හඳ ඇතුලේ තියන ආවාට , ගල් මුල් , වන වදුලු හෙවුවම, පිටින් බැලුවට වඩා අමුතු අමුතු ලස්සනක් හොයා ගන්න පුළුවනි. හා නැද්ද ? හැබැයි මේ මමම තමයි දශකයකට ඉස්සෙල්ල සමනලයෙක් පෙන්නුවම එයාගේ තට්ටේ වයිරන් හොයන්න ගිහිල්ලා සමනලයා කියන්නේ බූල් පිරිච්ච කැත අවලස්සන සතෙක්ය කියලා හිතෙන්න ඉඩ තියනවය කියලත් ලොකු ලොකු කතා ලිව්වේ. ඒ කතාව නම් ජාත්යාන්තරේට ගියා . ( නෑ මම කිව්වේ දිනමිණේ ගියා ) ඒ වුනාට අද මම ,මං කිව්වා දේම බොරු කරනවා. අද හදන්නේ හඳේ ගල්මුල් හොයන්න.


කැරකෙන වීඩියෝ පසුතලයක අනංග තරුණ සංගීත බඹරෙක් එක්ක හරිම රූබර  නාඹර ලස්සන සුකුමාර ගැහැණු ළමයි ටිකක් නටනවා. ටිකක් බලද්දී කැරකිල්ලකුත් හැදෙනවා . එහෙන් මෙහෙන් ජෙනිෆර් (Jeniffer Lopez)  අක්කවත් දැක්ක නිසා , මට කුතුහලයක්  එනවා මොකක්ද මේ ගැහැණු ළමයි නටන කතන්දරේ කියලා. 

පස්සේ හොයල බැලුවම ලෙහෙසි නැහැ වැඩේ , ඉන්න crew එක දැක්කම ! ඉතින් මම අන්තර්ජාලය පීරලා හොයන්න ගත්තා පලවෙනි නංගිගේ ඉඳන් විස්තරේ ..මම මේ කියන්න යන්නේ අපි හැමෝම අසාවෙන් බලපු Girls Like You වීඩියෝවේ වත ගොත 



ඔන්න බලන්නකෝ ඉන්න කට්ටිය

Camila Cabello - කියුබන් - ඇමෙරිකානු ගායිකාවක් සහ ගීත රචිකාවියක්. Fifth harmony සංගීත කණ්ඩායමේ සාමාජිකාවක්. Hotel Transyvania චිත්‍රපටයේ “Im in love with a Monster” කියන මගේ ප්‍රියතම සින්දුව කියන්නෙත් මේ කියන 5th Harmony සංගීත කණ්ඩායම තමයි J



Phoebe Robinson – ඇමෙරිකානු හාස්‍ය රංග ශිල්පිනියක් , පොත් කතුවරියක්



Aly Raisman - ඇමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්, නිරූපණ ශිල්පිනියක් , ඔලිම්පික් ක්‍රීඩා නියෝජනය කල ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම් නායිකාවක් , ඇය ඇඳන් ඉන්න ටි ෂට් එකේ පින්තාරු කල "Always Speak Your Truth". වදන ඔබ දුටුවද ?



Sarah Silverman - හාස්‍ය රංග ශිල්පිනියක් - නිකම්ම රංග ශිල්පිනියක් නොවෙයි , වර්ගවාදය , ලිංග භේදය , ලිංගිකත්වය සිය රංග මාතෘකාවන් වශයෙන් නිරුපනය කරන ශිල්පිනියක්. ඒ විතරක් නොවෙයි ඇය පොත් රචිකාවක්



Gal Gadot - මේ නම නම් අහල ඇති නේද - ඇය ඉශ්‍රයල ජාතික නිරුපිකාවක් වගේම නිලියක් . 2004 Miss Israyel වුනෙත් ඇය තමයි



Lilly Singh - ඉන්දියානු සම්භවයක් ඇති , කැනඩා ජාතික යුටිබ් ශිල්පිනියක්, හාස්‍ය චරිත නිරූපණ ශිල්පිනියක් , රුපවාහිනී නිවේදිකාවක් . Superwoman නමින් හැඳින්වෙන්නෙත් ඇය ම තමයි . ඒ විතරක් නෙමෙයි 2017 නිව්යෝක් අදායම් වාර්තා තැබූ How to be a Bawse: A Guide to Conquering Life නම් පොත ලියුවෙත් ඇය ම තමයි ලෙහෙසි නැහැ නේද .මේ ඔක්කොම කරනේ තවමත් 31 වියැති ඇයයි .



Amani Al-Khatahtbeh - ඇය තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසයිකාවක් වගේම , පොත් රචිකාවියක්. ඉස්ලාම් ජාතික කාන්තාවන් වෙනුවෙන් හඬ නගන ඇය Forbes 30 Under 30 අතරටද තේරී ඉන්න කාන්තාවක්.



Trace Lysette- ඇය ඇමෙරිකානු ජාතික නිලියක්. ඇගේ විශේෂත්වය තමයි , ඇය ලිංග විපර්යාසයකට ලක්වූ කාන්තාවක් වීම සහ ඇය ලිංග විපර්යාස වලට භාජනය වූ කාන්තාවන් අතරින් ප්‍රථම වරට ටෙලිවිශනයේ එසේ නොවන චරිතයක් රඟ පෑම



Tiffany Haddish- The Last Black Unicorn නමින් පොතකුත් ලියා ඇති ඇය නිරුපිකාවක් , නිලියක් වගේම ගායිකාවක්.



Angy Rivera  - ඇය කොලොම්බියාවේ ඉපදුනු , ඇමෙරිකාවට පැමිණි නීති විරෝධී සන්ක්‍රමනිකයෙක්. ඇය Ask Angy නමින් කොලමක් පවත්වා ගෙන යන්නේ මෙවන් නීති විරෝධී සංක්‍රමණික පිරිස් වෙනුවෙන් හඬක් නැගීමටයි. ඇයගේ ජිවිත කතාව අලලා “Don’t Tell Anyone” නමින් චිත්‍රපටයක්ද නිපදවා තිබෙනවා. මෙම වීඩියෝවේ ඇය ඇගේ ක්‍රියාකාරී එකමුතුවේ, “ Undocumented Unafraid Unapologetic” යනුවෙන් පින්තාරු කල , නිල ටි ෂටය හැඳ  සිටිනවා ඔබ දකින්න ඇති. ඒ විතරක් නෙවෙයි , ගායක Levine ද ඇය සමග එවන් ටි ශටයක් හැඳ ඉන්නවා



Franchesca Ramsey - රංග ශුල්පීයක් , යුටියුබ් තරුවක් , ක්‍රියාකාරිනියක් , ජාතිවාදය පිටුදැකීම වෙනුවෙන් නොබියව කතා කරන ක්‍රියාකාරිනියක්



Millie Bobby Brown, - ටයිම් මැගසිනය මගින් නම් කල ලාබාලතම ලෝකයේ influencers වාර්තාව හිමි ඇය ඉංගිරිසි නිලියක්.Unicef  තානාපතිවරියක් හැටියටත් ඇය කටයුතු කරනවා



Ellen DeGeneres - ඇය ඇමෙරිකානු ටෙලිවිශනයේ නිලියක් , නිවේදිකාවක්, නිෂ්පාදකවරියක් 



Jennifer Lopez - ජෙනිෆර් අක්කා ගැන නම් නොදන්නේ කවුද ? ඒ නිසා සරලවම මෙහෙම කියා නවතින්නම් - ලතින් ඇමෙරිකානු නිලියන් අතරින් ලොව වැඩිම මිලක් අය කරන නිළිය ඇයයි



Chloe Kim - ඇමෙරිකානු හිම මත ලිස්සා යන ක්‍රීඩිකාවක් . 2018 වන විතත් 18 වියැති ඇය , එම වසරේ සිසිර ඔලිම්පික් උළෙලේ , එම ඉසව්වේ රන් පදක්කම් ලභිනියයි. ලාබාලතම රන් පදක්කම් ලභිනියගේ ලෝක වාර්තාවටද හිමි කම් කියන්නේ ඇයයි



Alex Morgan - ඇමෙරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරන සොකර් ක්‍රීඩිකාවක්.



Mary J. Blige-  ඇය ඇමෙරිකානු ගායිකාවක් , ගීත රචිකාවක් , නිලියක් වගේම , සුභ සාධන ක්‍රියාකාරිනියක්



Beanie Feldstein- ඇමෙරිකානු නිලියක් . ඇය වඩාත් ජනප්‍රිය වුනේ Neighbours- 2 ටෙලිවිෂන් කතා මාලාව නිසයි.




Jackie Fielder- ඇය ඇමෙරිකානු ජාතික ක්‍රියාකාරිනියක් . උතුරු ඩැකෝටා වේ තෙල් පිරිපහදුවෙන් සිදුවන ජල හානිය පිලිබඳ විරෝදය පෑම් වෙනුවෙන් ඉතා ක්‍රියාකාරී දායකත්වයක් දුන් කාන්තාවක් . "Divest, Water is Life" නම පින්තාරු කල ටිෂටයෙන් කියවෙන්නේ ඇගේ එම දායකත්වයයි.



Danica Patrick-  ඇය වෘත්තීය කර රේසින් වරියක් , ඇය ඇමෙරිකානු ඉතිහාසයේ එම අංශයෙන් දක්ෂතම වෘත්තියවේදියෙක් වශයෙන් නම රැඳු කෙනෙක් . කාන්තාවක් විසින් ජය ගත් එකම ඉන්ඩිකා Indica  රේසින් තරඟය සටහන් වන්නේත් ඇය ඉදිරියෙන් .



Ilhan Omar - ඇය 36 වියැති , සෝමාලි - ඇමෙරිකානු තරුණියක්. දේශපාලන නායිකාවක්. මිනේසොටා ප්‍රාන්තයේ පස් වෙනි දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රථම සුදු ජාතික නොවන කාන්තාවයි .
Elizabeth Banks - ඇමෙරිකානු ගත කතුවරියක් , රංග ශිල්පිනියක් , අද්යක්ෂවරියක් සහ  චිත්‍රපට නිෂ්පාදිකාවක්



Ashley Graham - ඇය ඇමෙරිකානු නිරුපිකාවක් , සිහින් සිරුරක් නැති නමුත් ජනප්‍රිය සාර්ථක නිරුපිකාවක් වශයෙන් ප්‍රකට චරිතයක්. ඇය ලෝකයේ ඉහලම තලයේ සන්නාම වෙනුවෙන් මෙන්ම ඉහලම තලයේ සඟරා වෙන්වෙන් පෙනීසිටි සාර්ථක කාන්තාවක්



Rita Ora - බ්‍රිතාන්‍ය ජාතික ගීත ගායිකාවක් , රචිකාවක් සහ රංග ශිල්පිනියක්



Levine's wife Behati Prinsloo and their daughter Dusty Rose.-  ඇය තමයි අපේ සුපිරි ගායකයාගේ ප්රියම්භිකාව - ඒත් ඇයත් ලේසි පහසු කෙනෙක් නෙවි - ඇමෙරිකානු සුපිරි නිරූපණ ශිල්පිනියක් - නමිබියානු සම්භවය ඇති ඇය වික්ටෝරිය සික්රට් fashion  show එක  නව (9)  වරක් නියෝජනය කල කෙනෙක්




ගීතයට රැප්  එකක් සපයන Cardi ගැනත් කතා නොකලොත් එක අඩුවක් . 1992  උපන් ඇය නිලියක් , ගායිකාවක් වගේම බොහෝ සම්මානයන්ට පාත්‍ර  වූ ටෙලිවිෂන් තරුවක්.



ඉතින් ....
කියන්න වෙන්නේ Not just a Pretty Face කියල නේද J ගීයට  වැඩ ගිය දැනුමක් වින්දනයක් මට ලැබුනේ මේ ගියේ වීඩියෝවේ  තොරතුරු සොයා ගැනීමෙන් කිව්වොත් නිවැරදියි.

තව දෙයක්. 2019 ජුලි මාසය වෙද්දී යුටියුබයේ වැඩියෙන්ම නැරඹු වීඩියෝව වශයෙන් සටහන් වන මෙම , සරල රුප පෙළ සහිත සුන්දර ගීතය , බිලියන 2.3 ක් තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක් දින ගන්නෙත් එය පසුපස ඇති ගැඹුරු පණිවිඩ කන්දරාව  නිසා බවයි මට සිතෙන්නේ.

මෙම බහුරුපෙක්ෂක ගැහැණු පරම්පරාව දකින විට මට තවදුරටත් සිතෙන්නේ , ගැහැණුන්ගේ හැකියාවන් විවිධ සහ විෂම බවත් , හැම  ගැහැණියකගේ ඇතුලතම සමනලයකු මෙන් විචිත්‍රවත් චරිත කන්දරාවක් , දස්කම් කන්දරාවක් වෙසෙන බවත් , තටු විහිදන්නට බිය මිසක කිසිවත් තමන්ව නොනවතන බවයි.

දවස අවසානයේ , ගියේ ගායක Levaine පෙන්වන අයුරෙන්, පිරිමියෙක් වටේ කොතරම් සමනලුන් නැටුවත් , එහි විචිත්‍රත්වය අගයන්නට හැකි පිරිමියෙකු තුල වුව , අවංක කම පිලිබඳ සුන්දරත්වය ශේෂ වන්නේ , සිය පවුලට , බිරිඳට දරුවනට දක්වන අවංක අව්‍යාජ ප්‍රේමයේ බවත් නොවේද ?

වීඩියෝව අවසානයේ ඔහු ඒ වැළඳ ගන්නේ සැබෑ ජිවිතයේ ඔහුගේ සුන්දර බිරිඳ සහ කුඩා දුවනියයි . <3



මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->