Friday, June 10, 2011

[178] බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා !!!

ඔහු ගැන....




1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු ! 

ඒ කාලේ හරිම ලාබයි අදට වඩා..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...


2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...

සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න...


3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ.. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් සහෝ වෑටක් අදටත් නොතිබීමයි...



ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුනු කොට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න...ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න...


4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන්නෙක්.. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.


ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.


5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !!


අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න... 



6. ඔහුගේම ආයතනයක් වන සමාගම සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට , මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි... එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්... ඔහු කිසිදාක වසර පුරා රැස්වීම් , සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.


නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න...


7. ඔහු යටතේ සිටින විධායක් අධ්‍යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි..
1. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න
2. පලමු නීතිය අමතක නොකරන්න.


ඉලක්ක නිර්මාණය කොට දෙන්න... ඔවුන් ඉලක්කය කරා ගමන් කරනයුරු නිරීක්ෂණය කරන්න...


8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්.නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පොප් කෝන් හදා ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි..


ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය දෙයක්.. ඔබේ ජීවිතය ඔබ විඳින්න නිදහසේ...



9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි... 



10 ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...



ඔහු මේ අපූරු අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී.. ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කල මුදල ඩොලර් බිලියන 31ක්.. !


ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..


ණය කාඩ් පත් වලින් මිදෙන්න... ආයෝජනය කරන්න...
1. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න... මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!
2. සරල ජීවිතයක් ගත කරන්න.
3. අනුනට උවමනා දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.
4. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
5. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
6. ඔබේ ජීවිතය... ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...


ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත... ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි...


මේ සිටින්නේ , ලෝකයේ දෙවන සුපිරි ධනවතා  Warren Buffett !!!!!!  මටත් හිතෙනවා... ඔහු ධනවත් !!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය.... හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා.... 




53 comments:

  1. මෙයා ගැන කලිනුත් මේ කතා ටික අහල තියෙනවා. මම හිතන්නෙ මුදල් වල නියම වටිනාකම තේරුම්ගත්තු පුද්ගලයෙක්!

    ReplyDelete
  2. නිවැරදි දේ නිවැරදි කාලයට කල මනුස්සයෙක්..!

    ReplyDelete
  3. වොරන් බෆට්!! මම කැමතිම චරිතයක්.. youtube වල මෙයා ගැන documentary එකක් තියෙනව. හොයාගත්තොත් බලන්න පුලුවන්.

    ReplyDelete
  4. අනේ ඇත්තටම මේවාගේ මනුස්සයෙක් ගාවට ගිහිල්ලා .. අනේ බුදු සර් මට රුපියල් වලින් ලක්‍ෂයක් දෙන්න සර් කීවොත් ඒ වෙලාවෙම දීලා දායි නේද ..

    මම මේ නම අහලාවත් තිබුනේ නෑ .. ස්තූතියි මේ ලිපියට

    ReplyDelete
  5. ආදර්ශයට ගතයුතු බොහෝ දේ ඇත.

    ReplyDelete
  6. Great people behave greatly.
    Tnx ur post

    ReplyDelete
  7. අපූරුයි.. එතනින් එහාට කියන්න දෙයක් හිතෙන්නෙ නෑ :)

    ස්තූතී අක්කා!

    ReplyDelete
  8. සරල දිවියක් තුලින් ජීවිතේ සතුට ලබාගන්න හොද ආදර්ශමත් පුද්ගල චරිතයක්..
    මාත් කලින් දැනගෙන හිටියෙ නෑ මෙහෙම කෙනෙක් ගැන. බොහොම ස්තූතියි ලිපියට.. ඔබට ජය..!!

    ReplyDelete
  9. මේ තියෙන්නෙ එයා ගැන හදපු ෆිල්ම් එක

    http://topdocumentaryfilms.com/worlds-greatest-money-maker-warren-buffett/

    ReplyDelete
  10. අපි හුඟක් දෙනෙකුට ටිකක් අමතක වෙලා තියෙන සැබෑවටම වැදගත් දේවල් සමූහයක් අපට මතක් කරලා දෙන පුද්ගලයෙක් ගැන අපූරු ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
  11. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක්!!!

    ReplyDelete
  12. එක්කෙනෙක් ධනවත් වෙන්නේ තව කෙනෙක් දුප්පත් නිසයි!
    ආයෝජනයක ට හිමි රෙන්ට් එකට අමතරව ලාභය කියා දෙයක් තියෙන නිසයි, ඒක ගෙවන අයගේ මුදලින් ආයෝජකයා ධනවත් වෙන්නේ.

    ReplyDelete
  13. හිතන්න ගොඩාක් දේවල් කියලා දුන්නු ලිපියක්... ගොඩාක් ස්තුතියි මෙහෙම ඒවා ලියනවට

    ReplyDelete
  14. මෙයා මේ තැනට එන්න ඇත්තෙ මේ අරපිරිමැස්ම හින්දම වෙන්න ඇති. සෑහෙන වටින ලිපියක්.

    ReplyDelete
  15. මෙන්න පෝස්ට් හොන්ඩා පෝස්ට් එක වගේස මම කැමති ජාතියෙ එකක්

    ReplyDelete
  16. මම හිතුවෙ නෑ මේ පෝස්ට් එකට මෙතරම් ඉක්මන් ප්‍රතිචාර ලැබේවි කියලා.... හරිම සතුටුයි...

    සාර්ථක මිනිසුන්ව කියවනකොට හිතට දැනෙනවා හොඳ කික් එකක්...!!! ඊලඟට මම ලියන්න හිතන් ඉන්නේ අපි කවුරුත් දන්න විදුලි බල්බයෙ කතාව ගැන... නොදුටු පැත්ත.... !

    ප්‍රතිචාර සටහන් කර ගිය ඔබ හැමටම ගොඩාක් ස්තූතියි....

    වොරන් බෆට් ගැන තව කියවන්න කැමති අයට
    http://en.wikipedia.org/wiki/Warren_Buffett

    ReplyDelete
  17. වොරන් බුෆේ.............මෙතුමා පිළිබඳ දැක්වෙන විද්‍යුත් ලිපි ලැබිලා තියෙනවා. සමහර කාල වලදි මෙතුමා බිල්ගෙට්ස් මහත්තයාට වඩා ධනවත් වෙලාත් තිබෙනවා කියලා කියනවා

    ReplyDelete
  18. නම වොරන් බූෆේ කියලත් කියනවා සමහර අය බෆට් කියලත් කියනවා ඒක නං නොදනිමි. කොහොම වුනත් අගනා වටිනා ලිපියක් නංගෝ

    ReplyDelete
  19. වොර්න් බුෆේ කියන නම තමා හරි මම හිතන්නෙ. මෙතුමා 2008 වසරේ ධනවත්ම පුද්ගලයා. නමුත් දැන් 3න් වන තැන තමා ඉන්නේ.මේ වෙද්දි පළමු තැන සිටින්නේ කාලොස් ස්ලිම් නමැති මෙක්සිකානු ජාතික ව්‍යාපාරිකයෙක්.
    ඇත්තටම ගොඩක් වටින ලිපියක්...

    ReplyDelete
  20. ගොඩක් අය දනවත් වුනාම සල්ලි වලට කරන්න දෙයක් නැතුව වැරදි දේවල් කරන්න පෙලබෙනවා. ඒ වගේ අයට ගොඩක් හොඳ ආදර්ශයක් මේ පුද්ගලයා :)

    ReplyDelete
  21. මේ ලිපිය කලින් කොහේදී හෝ කියෙව්වා වගේ මතකයි. ඒත් ඔයා මේ ඒකට ඉදිරිපත් කරපු විදිහ ඒ ලිපිය කියෙව්වට වඩා හිතට වදිනවා. නියමයි නගේ සුපුරුදු පරිදි . . සමහර කරුනු වලදී ආපහු හැරෙන්න බැරි තරමක දුරකට ගිහින්. ඒත් මේ ක්‍රම හැකි තරම් පිලිපදින්න හිතට ගත්තා.

    ReplyDelete
  22. වටිනා ලිපියක් මිස්.. මේ දවස්වල මම පොඩ්ඩක් මාව වෙනස් කරගනිමින් ඉන්නෙ.. ඒකට උදව්වක් වේවි මේ ලිපියත්..

    ReplyDelete
  23. මේ සිංහල ලිපිය මගේ නිර්මාණයක් බව ඇත්ත. ඒත් මේ ලිපිය ලියවුනේ මට ලැබුනු ඉන්ග්‍රිසි විද්‍යුත් ලිපියක් දැකලා ඈති වුන ගැම්ම නිසා... මට හිතුනා ඒ විද්‍යුත් ලිපිය ලෑබුනු/නොලෑබුනු අය එක්ක ආයෙමත් මේ ලිපිය බෙදා හදා ගන්න... සාර්ථක මිනිස්සුන්ගෙ ජීවිත කියවද්දි හිතෙනව හිත ඈත්නම් මොනවද කරන්න බෑරි කියලා !!!!!!

    ReplyDelete
  24. හොන්ඩා එක වගේ නියමයි

    ReplyDelete
  25. ඔය කියන ලක්ෂන සෑහෙන්න තියෙනව ... එක දෙයක් හැර...

    ReplyDelete
  26. වටිනා ලිපියක්.. ඔබට ජය!

    ReplyDelete
  27. මමත් මේ වගේ කෙනෙක් වෙන්න උත්සහ කරනවා

    ReplyDelete
  28. thanks....... Hamoma Blog wala me wage wadagath awa danawanam kochchara deyakda wikara noda

    ReplyDelete
  29. @ ජීවිතේ මල්
    මේ ලිපියට හිට්ස් එන්න හේතුව වොරන් බුෆේ නෙමෙයි, බිල් ගේට්ස්.

    කොහොමද අයිරනි එක?

    මං නං මුලින් ආවේ මගේ බ්ලොග් රෝල හරහායි.

    මේ දෙවෙනි පාර ආවේ මං දාපු කමෙන්ට් එක හරහා ආපහු මට ට්‍රැෆික් ආවේ කොහොමද බලන්නයි.

    ReplyDelete
  30. @ කතන්දර

    නෑ... !!! 'පෑරදවීම' !!! ඒකයි හේතුව ... :-) මට හිතෙන හැටි :-)

    ප්‍රතිචාර ලියා මා දිරිමත් කල/කරන ඔබ හෑමට ස්තූතියි ....

    ප.ලි. වොරන් බුෆේ කියන්නේ තනි සුදු චරිතයක් නොවෙයි... ඒත් ඔහුගේ සාර්ථකත්වය පිටුපස ඒ තිබූ සරල බව පෑහෑදිලි 'රහසක්' වූ බව නම් කිය හෑකියි....

    ReplyDelete
  31. ඇතැම් ප්‍රතිචාරවල මෙම පුද්ගලයාගේ නමේ උචිචාඑණය ගැන ගැටළුවක් මතු වෙලා තිබුන නිසා ඒ ගැන යමක් කියන්න හිතුවා. 'Buffett' නම උචිචාරණය කරන්නේ 'බෆට්' ආකාරයෙන් මිසක් 'බුෆේ' ආකාරයෙන් නොවෙයි. (මෙම නමේ සහ 'buffet' වචනයේ උච්චාරණය අතර සම්බන්ධයක් නැහැ.) කැමති නම් පහත තියන සබැඳියට ගිහින් නිවැරදි උසුරුවට සවන් දෙන්න පුළුවන්.

    http://inogolo.com/query.php?qstr=warren+buffett&search=Search+Names

    ReplyDelete
  32. කල නිවෑරදි කිරීමට බොහොමත්ම ස්තූතීයි සුජීව !!!!!

    මේ පෝස්ට් එක හිතුවටත් වඩා ඔබ හෑම අතරට ගියා..... ඒ ගෑන ගොඩක් සන්තෝසයි.... මීලඟට ලියන්න හිතන් ඉන්නවා.... 999වතාවක් නොදෑල්වුනු විදුලි බල්බයේ බලාපොරොත්තුව ගෑන ...

    ජය!

    ReplyDelete
  33. වැදගත් වටිනා දෙයක්,ස්තුති ඔබට..

    ReplyDelete
  34. ගොඩක් හොද පෝස්ට් එකක්, අද තමා මේ බොලොග් එක හම්බ උනේ , වටින දේවල් ගොඩක් තියනව. හොද සාර්ථ්ක වැඩක්

    ReplyDelete
  35. මරු සැහෙන්න දේවල් තියනවා ගන්න ඒත් අපි හැමෝම අර වඳුරෝ ගෙවල් හදනවා වගේ වැඩ කරන්නේ නැ කිය කිය ඉන්නවා විතරයි..!

    ReplyDelete
  36. Bill Gates in second position this man is in third position http://www.forbes.com/wealth/billionaires/list

    ReplyDelete
  37. මේ ප්‍රතිචාර ලියුව හැමෝටම දෙන්න තවත් තෑග්ගක් මා සතුව තියනවා... ඔබට මම පොරොන්දුවක් වුනා.... බල්බයේ කතාව ගැන... මේන්න එය මම ඉටු කලා..
    http://sansaare.blogspot.com/2011/06/blog-post_25.html

    ReplyDelete
  38. වටිනා ලිපියක්. බොහොම අගෙයි. ඒ වගේම ගොඩක් ස්තුතියි මට පහුගිය දවස්වල ට්‍රැෆික් අරන් දුන්නාට

    ReplyDelete
  39. ෂා ෆට්ට ලිපියක් ....මම අදයි මේ Blog එකට අවේ...
    ජය වේවා..!!!

    ReplyDelete
  40. මගේ පොස්ට් එකට දාපු කොමෙන්‍ටුව ඔස්සේ තමයි මේ පැත්තට ආවේ!මට තාම හිතා ගන්න බෑ මෙච්චර ලස්සන අර්ථවත් බ්ලොග් එකක් මට මෙච්චර කල් මග ඇරුනේ කොහොමද කියලා.....මම් අර ඩඩබ්බර් ඉන්ටර්නැෂනල් කොලුවගේ කතාවත් කියෙව්වා!ගොඩක් ලස්සනයි!

    ReplyDelete
  41. ගොඩක් ආසාවෙන් කියවපු වැදගත් ලිපියක් සිස්....

    මන්දා ගේට්ස් මහත්තයට වඩා මා ඉතා තදින් වොරන් බෆට් මහත්මාව ප්‍රිය කළා...

    ReplyDelete
  42. ස්තූතියි යාලුවනේ ඔයාල හෑමෝටම..... මම මේ ලිපි ලියන අහින්සක අරමුන ඉටු වුනා කියලා හීනි සතුටක් එනවා මේ දිරිගන්වන සුලු වචන දෑක්කම...
    ස්තූතියි ~ :)

    ReplyDelete
  43. මම අදයි මේ පැත්තට ආවෙ.ගොඩක් වැදගත් කරුණු ගොඩක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදියට ලස්සනට ලියල තියෙනව.ගොඩක් ස්තුතියි

    ReplyDelete
  44. :) සතුටුයී. සාදරයෙන් පිලිගනිමි නෙට්වර්ක් එකට :)

    ReplyDelete
  45. කියවන්න හරිම ආසා හිතෙන, හිතට වැදෙන බ්ලොග් ලිපියක්. ඉතින් ජීවිතේ මල්ට ස්තූති නොකර කොහොමද... :)

    ReplyDelete
  46. උදය අයියා... ටිකක් පරක්කු වෙලා නමුත් ඔබට ස්තූතියි කියන්නම් දෑන් හරි. ස්තූතියි ඈගයුවාට

    ReplyDelete
  47. මෙන්න සැබෑ ලෙස ආදර්ශයට ගත යුතු මිනිස්සු

    ReplyDelete
  48. http://thunpathrata.blogspot.com/2012/02/blog-post_3492.html

    මේ බලන්න මිස්.. එහෙම්පිටින්ම කොපිය.. තිත් පවා ඒ විදියටම තියෙනවා..

    ReplyDelete
  49. akke godak wadagath lipiyak. me wage lipi godakma wadagath wenne desana sandaha kiyalai mama hithanne. manda wisala pirisakata meya danenna salaswanna puluwan nisa. godak pin.....budusaranai

    ReplyDelete
  50. සුපිරි ධනවතුන්ගේ ලිස්ට් එක මේ තියෙන්නේ.. දැන් නන් තුන් වෙන් තැන.. :) ලිපියට ස්තුති. ඒකේ ගොඩක් ආදර්ශ මට වැදගත් :)

    http://www.forbes.com/billionaires/

    ReplyDelete
  51. "ඔබේ ජීවිතය... ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න..."-සිරා කතාව

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->