Tuesday, April 13, 2010

ඔබෙත් ඔලුව අවුල් වෙද්දි චිත්ත ඒකාග්‍රතාව වැඩි වෙනවද?

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර... 5)
ඔලුව අවුල් වෙන්න වෙන්න , හිත පුදුමාකාර විදියට ඒකාත්මික වෙනව අමුතු දේවල් ලියන්න. සීග්‍රයෙන් අදහස් හිතට එනව....ඒ දේ ඔබට වෙලා නැද්ද? කවුරු හරි කෙනෙක් අපව පිස්සු වට්ටන තරම් යක්ෂාවේශව අප තුල නිදා සිටින යකාද කූද්දන්නට උත්සහ කරන විට, ඔබ අත් විඳ තිබෙනවද , කොහේවත් නැති පුදුමාකාර සංසුන් කමක්, සංයමයක්,පාලිත මනසක් එක පාරම ඇති වෙනව... ? විශාල වේගයක් පැන නැගෙද්දි හිතේ, හිත විසින්ම විසාල ප්‍රතිරෝධී බලවේගයක් අපව මෙහෙයවනව.. හරියට ලොකූ මුහුදු රලක් අපව ගිල ගන්නට වෙරලට හඹා එද්දි, ඊටත් විසාල රළක් විසින් පෙර දිව ආ රළ ගිල ගෙන මුහුදට ඇදගෙන යන්නා වගේ?

මට මේක ඔයාලත් විඳවල තියනවද කියන්න... ගොඩාක් ප්‍රශ්න තියන වෙලාවකට, ඔලුව පිස්සු වැටිල තියන වෙලාවකට , පුදුමාකාර එකාග්‍රතාවයක් ,  අරමුණකට වේගයෙන් යන කැපවුන ගතියක් ඇවිත් තියනවද කියන්න..මේක මම ගොඩක් අත් දැකල අත් විඳල තියන දෙයක්. සහ ගොඩාක් නොවෙන නමුත් සමහර අයගේ ජීවිත වල අහල තියෙන දෙයක්. මේ ලියන දේ සුරංගනා කතා සිදුවීමක් නෙමෙයි... සැබෑ ජීවිතයේ-මේ මහ පොලවේ සිටින මිනිසුන් අත් විඳි මනෝ භාවයක්......ජීවිතේ අඬා වැටි වැටී කඩා වැටි වැටි නොසිටිමින්, තමුන් තමුන්ගෙම හිතේ හයියෙන් ගොඩ ආපු සැබෑ චරිත අපට හමු වෙනවා දෙනෝ දාහක්...ඒත් ඒ අතරෙ හමු වෙන තවත් දෙනෝ දාහක් , මැසිවිලි කියන, ජීවිතේ අත් හරින, ජීවිතේ සුන් වූ යලි නිවැරදි කල නොහැකි යයි වගකීමෙන් පලා යන ජීවිත වෙනුවෙන් මේ දේ මේ බ්ලොග් අවකාශයේ ලියා තැබිය යුතු යැයි මට හිතුනා...


දෙමාපියන්ගේ, ස්වාමියාගේ, වද හිංසා, නොයෙක් ගැහැට කම් කටොලු මධ්‍යයේ , බොහෝ චිත්ත ධෛර්යයෙන් සිය අනාගතය වෙනුවෙන් අරමුණ කරා ඇදුනු චරිත මා දැක තියෙනවා.. ලෝකයම තමන්ට එරෙහි වෙමින් ලෝකයම තමාට ඇඟිල්ල  දික් කරන මොහොතක , කිව නොහැකි තරම් සංසුන් මනසින් මිනිසුන්ට, සමාජයට මුහුණ දෙන චරිත මා දැක තිබෙනවා. මහා ගිනි කන්දක් මෙන් අවමන් , නින්දා අපහාස , සමාජ දොර‍ටු පුපුරවමින් ගං වතුරක් සේ ගලා යනවිට , නිසොල්මන්ව කරබා ඉඳිමින්, නිසංසලේ ජීවිතය හෙමි හෙමින් ජය වෙත යොමු කරන චරිත මා දැක තිබෙනවා... මා කිසි සේත්ම බිඳුනු පෙම නිසා වස බිවු ජීවිත ගැන මෙහි කතා කරන්නැ නැහැ.. ජීවිතයේ යම් බිඳ වැටීමක් නිසා, ලෝකයටම අපවාද නගමින්, අත පය අකුලා ලෝකයට පලි පෙන්නන චරිත ගැන මෙහිදී එක අකුරක්වත් වැය කරන්නේ නැහැ.

මම මේක ලියුවෙ ඇයි කියල කෙනෙක් අහයි..එච්චරම බරක් මෙහි නැති වග සැබැයි...විභාගයක් නිසා දිවි නහ ගන්න, විභගෙට මූන දෙන්න බැරුව බොරු ලෙඩ ගන්න, විභාගයක ප්‍රතිපල නිසා වහ බොන, ගෙදර ප්‍රශ්න නිසා, පෙම් පලහිලවු නිසා අධ්‍යාපනය කඩා කප්පල් කර ගන්න හිත් වලට පොඩි පණිවිඩයක් දෙන්නයි මේක ලියුවේ.

ඔනෑම කෙනෙක්ගේ හිත ඇතුලේ මහා බලවේගයක් තියනවා. ඕනම කෙනෙක්ගෙ හිතක. ඒ විභවය අපට පාලනය කල හැකි දෙයක්.. එය පාලනය නොකර පරාජය වෙන්නේ අපේ ගැලවීමට..වගකීමෙන් මිදෙන්න..ඒත් අපිට උවමනාව තියනවනම්- මම අභියෝග කරනවා- අපිට පුලුවන් හිත හයිය ගන්න- එයින් දැඩි වී- ශක්තිමත්ව ප්‍රශ්නෙට මුහුන දෙන්න..මම පුන පුනා කියනවා.. එක එහෙමම තමයි කියලා.. කම්මැලියෝ මිස දුර්වලයෝ කියලා ජාතියක් ලෝකේ නැහැ. දුර්වලකම වාසියට හදාගත් දෙයක් විතරයි. ඔනෙම කෙනෙකුට ඔනෙම දෙයක් කරන්න පුලුවන් හිත හයිය තියනවනම්...


එක දෙයක්.සාම්ප්‍රදායික කතා වල එන  දුප්පත් දරුවො අල්ලට සීනි කාල කහට එක බීලා, ලාම්පු එලියෙන් පාඩම් කරලා ලෝකය ජයගත් කතා අපි එමට අහලා තියනවා. මම මේ ලියුව කතා වල එන එක්කෙනෙක්වත් ඒ domain එකේ නෙමෙයි.. මිනිස්සු කතාවට කියන "සැප" පරිසරයෙන් ආපු අයගේ කතා මේවා(සමාවෙන්න .කතා බොහෝ දුරට සංශෝධනය වුනා නැවත පෝස්ට් කිරීමේදී).. ඒත් ඒ අපිට පෙනෙන සැප පිටිපස්සේ තියන ඛෙදවාචකය කාටවත්ම නොපෙනෙන නිසාමයි ඒ domain එක ඇසුරු කොටගෙන මේ සිද්ධීන් ටික ලියුවේ..

මේ එකක්වත් සුරංගනා කතා නෙමෙයි.. මේ මහ පොලව උඩ දු‍ටු දේවල්... මේ නුදුරු කාලයේ- මා අවට පරිසරයේ...


මෙයට මා එක් කල යුතු පසුවදනක් තිබෙනවා මේ සංශෝධිත පෝස්ට් එකේ...එය සොඳුරු කතා කරුවෙකු මේ ලිපිය ගැන කල වැඩි දුර පැහැදිලි කිරීමක්,,,

අපි මනස අවුල් වූ, වියවුල් වූ, ලොකු ප්‍රශ්නයක් කඩා වැ‍ටුනු අවස්ථාවක සිරුර සහ මනස තුල පැන නගින ආවේග මුල් කොට ගෙන යම් යම් දෑ කරනව... සමහරු ඒ ආවේගය දැඩි ශක්තියක් බවට පරිවර්තනය කොට ගෙන , ආවේගයෙන් කඩා වැටීමේ හෝ ආවේගයෙන් විනාශයකට මෙහෙයවීමේ ආදීනව පසක් කොට ඒ විභවය නිවැරදි දිශාවකට මුදා හරිනවා... ඒත් සමහරු ඒ ආවේග වලින් නොසංසුන් වී එක්කෝ විනාශයකට තමාව මෙහෙයවනවා. එක්කෝ නිවැරදි, ඒ මොහොතේ විය යුතු දේ පැහැර හැරීමට එය හේතුවක් කොට ගන්නව. බහුතරයක් තුල තිබෙන්නේ විභවය නොතකා හරිමින් , කුසීතව හකුලා සිටින තත්ත්වය හෝ , විභවය තුල විනාශකාරී අනර්ථකාරී දෙයකට අවකාශය..එයයි නොවිය යුත්තේ. මා මේ ලිපියෙන් පසක් කරන්නට උත්සහ කලේ එය නොවිය යුතු බවයි... තමා තුල ඇති විභවය තමා හරි මානයට මුදා හල යුතුයි. එය ශක්තියක් මිස ආවේගයක අනර්ථකාරී ප්‍රතිපලයකට නොමෙහෙයවිය යුතුයි..එතැනයි අපේ බුද්ධිය, සංවිධිත මනස මනා මෙහෙයක් ඉ‍ටු කරන්නේ... එතැනයි අපි ශක්තිමත් මිනිසුන් වන්නේ....

අපේ හිත තුල තියන මේ විස්මයජනක හැකියාව හඳුනා ගන්න..එය ඇති බව අදහන්න... එය ශක්තිමත් බව .. එහි ශක්තිය තමාට අවැසි නම් පාලනය කල හැකි බව විස්වාස කරන්න පලමුවෙන්ම,,, ඊට අවනත වන්න... ගැ‍ටුම්කාරී මොහොතක , ඉන් මිදී හරි දිශාව සොයන්න... ආවේගයට ඔබව යටත් කරන්න ඉඩ දෙන්න එපා. ආවේගයේ වහලෙක් වෙන්න එපා..  ආවේගය සමග නොගැටී, සංසුන් මනසින් , මුදා හල නොහැකි වූ ආවේගය බුද්ධිමත් දෙයකට මුදා හරින්න.. ඔබේ ආවේගය එයින් අවම හානිදායී, අවම පසු තැවීමක් ඇති කරවන , අර්ථවත් ප්‍රතිපලයක් උදා කරාවි,,,,

ජීවිතේ මල්.මේ ලිපිය කලින් පල කල එකෙහිම සංශෝධනයක්. එහි ඇතම් දෑ ඉවත් කලා. ඒත් අමිල අදහස් දැක්වූ ආදරනීය බ්ලොග් සහෘදයින් ලියූ ප්‍රතිචාර පරෙස්සම් කොට තබා මම ඒවා මෙහි නැවැත පෝස්ට් කලා..ලියූ ඔබ හැම දෙනාටම ස්තූතියි,,,,

ලිවුවේ අපබ්‍රංසයක්ද මන්දා මේ කතාව... :-)

21 comments:

  1. හෙළයා said.....

    100,000% වාරයක් එකඟයි. පොඩි නිවැරදි කිරීමක් කරමුද ලිපියේ..?

    " ඈ " කියන එක වෙනුවට " ඔහු/ඈ " යන්න තිබුණා නම් වඩාත් හොඳයි. මොකද ගැහැණු වගේම පිරිමින්ටත් ඒ හැකියාව එහෙමම තියෙනවා.

    වැදගත් ලිපියක්...

    ReplyDelete
  2. loku said...

    මේ පැත්ත ලිවීම ගැන ස්තුතියි මල්ට.

    මේක අපි කවුරුත් යම් යම් අවස්ථාවල යම් යම් විදිවලින් අත්විඳින දෙයක්. මටත් හැරිල බලල අඳුනන්න පුළුවන් මොහොතවල් කීපයක් දකින්න පුළුවන්. විභාගම නෙවි, නමුත් කෙ​ණෙහෙන කෙනෙහිලි අවුල් කරනවා වෙනුවට හිත එක අතක තියාගෙන යන්න උදව් වුණු.

    වැදගත්ම පැත්ත සැප විඳින අයගේ සැප පසුපස තියෙන්නේ වාසනාවට වඩා කැපකිරීමය කියන එක පෙන්නලා දුන් එකයි.

    තුති

    ReplyDelete
  3. Ansh Lucky Sri Jay said.....

    මට මේ ලිපිය ගැන කියන්න වචන හොයා ගන්න බැහැ.
    අනර්ඝයි!

    ReplyDelete
  4. roshan said....

    මේ විදියෙ සිදුවීම් සිද්ද වුනාම ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලකන්නි කරගත් අයත් ඒ සිදුවීම්වලින් අඩපණ නොවී ජීවිතේ ජයගත් අයත් ඕන තරම් ඉන්නවා මිස්....
    ඔලුව අවුල් වුනාම ඒ ඔලුවම සමහර වෙලාවට උත්සාහ කරනවා ඒ අවුල විසඳා ගන්න. ඒ එම ප්‍රශ්ණය ගැනම ඔලුවේ සම්පූර්ණ ශක්තියම යොමු කරවමින්..
    නමුත් සමහර වෙලාවට ඒ ඔලුවම හරිම පුදුම විසඳුමක් ලබා දෙනවා. අවධානය ප්‍රශ්ණයට කිසිම අදාලත්වයක් නැති වෙනතකට යොමු කරවමින් ප්‍රශ්ණය ගැන අමතක කරවනවා. ඉතින් ප්‍රශ්ණයට විසඳුම ලැබෙන විට තමන්ගේ ජීවිතය විනාශ නොවී ආරක්ෂා වෙනවා. (ජීවිතයේ එක් පැතිකඩක තියෙන පසුබෑමක් ජීවිතයේ අනෙක් පැතිකඩට කිසිම බලපෑමක් නොවන ලෙස හැසිරවීමට මිනිස් මොළයට හා හිතට තියෙන්නෙ පුදුම හැකියාවක්)

    ReplyDelete
  5. ravaa said....

    මම මෙහෙම දෙයක් දැකලා තියනවා මනෝවිද්‍යා ව ගැන ලියවුන පොතක'
    අපෙ මනසෙ සවිඥානිකව තිබෙන කොටසට වඩා විශාල කොටසක් අවිඥානිකව තිබෙන බවත්.. එවායෙ තුල ඇති උපවිඥානික තල වල ඉතා වැදගත් බුද්ධිමය හැකියාව මෙහෙයවන අපූර්වත්වය නම්..කිසියම් කෙනෙකු ලොකු මානසික අසහනයකින් ඉන්නා විටදි එක් රැස් කරගන්නා සංකල්ප, තොරතුරු වලින් අවශ්‍ය වැදගත් කොටස ඉතාමත් ඉක්මනින් පැසවා ජීර්නය කර ගනි..මොලකාරයා බිහි වනුයෙ එවිටයි. මිනිසා විසින් තමුන්තුල ඇති කරගන්නා අසහනය ඔහුව තම අරමුණ කරා වෙගයෙන් තල්ලු කරනවා.

    මෙම පොත ලීලානන්ද ගාමාච්චිගෙ "මනසෙ මහිමය" යන පොතෙ මුල් පරිඡෙද කිපයක තිබෙන දෙයකි. මිට අවුරුදු 8 කට කලින් කියවු මෙම පොත. මම ප්‍රායොගිකව මා තුලින් අත්දැක තිබුනා. මෙ ලේඛකයගෙම තවත් පොතක් තමයි.

    ඔබ මෙතනදි පැවසු සිද්දීන් කිපය ගැන යමක් පැවසිය යුතුයි. අපි හැමොටම මානසිකව යම් යම් අඩු පාඩු තිබෙනවා.. මෙවා අපි අපෙ හදවත තුල හිරකරගෙන සිටිමෙදි සමහර විටක විශාල විනාශයකට අතවැනිමක් වැනිය. එවැනි විනාශයක් මා තවමත් මගෙ දැස් ඉදිරිපිට අත්දකිනවා.
    මෙවැනි අත්දැකිම් පොදුවෙ දෙපක්ශයම විදගන්නවා. නමුත් මනසෙ ඇති විවිධත්වය හෙතු කොට ගෙන එ එ කෙනාට ආවෙණික වු ප්‍රතිපළ තමයි අපිට දක්නට ඇත්තෙ.. බුදු දහාමෙ විස්තර කරන ආකාරයට මනසට, ශරිරයට අවශ්‍ය ආහාර නියමාකාරයෙන් ලැබෙනවනම් එවයෙ සමතුලිතතාවය රැකෙනවා.

    ReplyDelete
  6. punchisamanalee said....

    "ගොඩාක් ප්‍රශ්න තියන වෙලාවකට, ඔලුව පිස්සු වැටිල තියන වෙලාවකට , පුදුමාකාර එකාග්‍රතාවයක් , අරමුණකට වේගයෙන් යන කැපවුන ගතියක් ඇවිත් තියනවද කියන්න.."
    අනේ ඇයි නැත්තේ? සියලු සැප පහසුකම් තියෙද්දි උදාසීන වෙන සිත ප්‍රශ්න වලින් කෙනෙහෙලිකම් වලින් ලඟම ‍ඉදන් වල කපන අයගෙන් පෑරෙද්දී මහා බලවේගයකින් ඒ සේරම පරද්දන්න වැඩ කරනවා.... සමනලීට ජීවිතේ පුරාම ඒ අත්දැකීම තියෙනවා....

    ReplyDelete
  7. nadeesthoughts said....

    මම නම් ඕකට කියන්නෙ "ප්‍රොසෙසර් එක රත් වුනාම හොඳට වැඩකරනව" කියලයි.

    ReplyDelete
  8. දුකා said...

    මේවා සුරංගනා කතා නෙමේ කියලා මටත් 100% ක්ම විස්වාසයි.

    ඒ වගේම ඔයා කියන තමන් ඇතුලේ ජීවත් වන තමන් නොදන්නා ඒ මහා ශක්තිය ජීවිතේ විශාල පිපිරීමකට පස්සේ එලියට එන්නේ හරිම අපූරු විදිහට.

    පස්සේ කාලෙක ඒ ගැන හිතුවාම "මම කොහොමද ඒක ඒ වෙලාවේ කලේ" කියලා මටම පුදුමයි . . .. මම ඒක අත්විඳලා තියෙනවා. . .

    මම අවුරුදු 21දී පිච්චුනු වෙලාවේ මට මම ගැන ඇතිවුනු ආත්ම විස්වාසය නංගී ඔය කියන දේට මගේ ජීවිතෙන් දෙන්න පුලුවන් හොඳම උදාහරණේ තමයි . . .

    ReplyDelete
  9. දුකා said...

    ah ow helayaa kiwwa wage " ඈ " කියන එක වෙනුවට " ඔහු/ඈ " use karanna ona . . . .siraawata . . .

    ReplyDelete
  10. බූට් එකක් කියන්නෙ ජීවිතෙ අලුතින් ලියන්න ලැබෙන පත් ඉ‍රැවක් වගේ ........හැම දෙයක් ගැනම අලුතින් ගැබුරින් හිතන්න අපිව පොලබවනව

    ReplyDelete
  11. ඔයා ඔයාගෙ හිතයි, රුපයයි ගොඩක් ආරක්ෂා කරනවා... එකෙ වැරැද්දක් නැහැ.. මම මෙතන හිතයි,රුපයයි.. කිව්වෙ සාමන්‍ය තෙරුම එන දෙ නෙමෙ.. එත් මම ඔයාට මෙ වෙදිකාවෙ දි ආරධනා කරනවා ලැබෙන විසිල්, ලැබෙන හූ දෙකම එක විදියට බාර ගන්න කියලා..ඔයා ලියන්නෙ හැගීම් සම්බන්දව ඉතින් හැගීම් බර කෙනෙක් වෙන්න පුළුවන්.. නමුත් ලස්සන කියන්නෙ ලස්සනම විතරක් නෙමෙ.. එතන කැත පොඩ්ඩක් තියෙද්දි තවත් ලස්සනයි.. ඉතින් මම හිතන්නෙ ඔනැම අවස්තාවක මනස සමබරව පවත්වා ගැනිමට අපි පුරුදු විමයි ඉතාම වැදගත්දෙ...
    අපි වෙදිකාවක රඟද්දි එ නාට්‍ය බලන අය, අත්පුඩි ගහන්නෙ.. විසිල් ගහන්නෙ.., හූ කියන්නෙ එ වෙලාවෙමයි.. එකෙ තෘප්තිය අපි එ වෙලාවෙම විඳිනවා.. මම රඟපාලා තියනවා.. හැමදෙම විඳලා තියනව.. ඉතින් මම කැමති ඔයාට කියන්න... තමුන්ගෙ ශරිර කුඩුවෙ ඇතුලෙ ඉන්න මනුස්සයාව.. පිට ඉන්න මනුස්සයින්ගෙන් ආරක්ෂා කරන්න හොදම ක්‍රමය මනසයි.. වෙන කිසිම ක්‍රමයකින් කරත් තාවකාලික දෙයක් වෙනවා.

    ReplyDelete
  12. හෙලයෝ...ඔන්න මම ගොඩක් දෙවල් නිවැරදි කලා... කතාවත් පොඩ්ඩක් සංශෝදනය උනා.ඒකට සමාවෙන්න...ප්‍රතිචාරෙට ස්තූතියි...

    ලොකු... ඇත්ත.... හැමෝගේම ජීවිතේ මේ වගේ දේවල් තියනවා... ඇත්ත ..සැප පසුපස මහා කැපකිරීමක් තිබෙනවා,,, එය නම් සහතික ඇත්ත... දුක පසෙකලා දඩිව හිත තරකොට ගෙන ඉදිරියට යාම තමා ලොකුම කැප කිරීම...

    ANSH ඔබේ ප්‍රතිචාරෙට ස්තූතියි... දිගටම එන්න මේ පැත්තේ,,,,

    රොෂාන්... මම නම් හිතනවා ඔලුව අවුල් උනහම හොඳම දේ තම විවේකයක් ගනන් එක.. ආවේගයෙන් විසඳුම් හෙවීම හරිම භයානකයි සමහර වෙලාවට... ඔලුවේ තියන මහා හැකියාව ගැන ඔබ කී දේට මාත් එකඟයි..ප්‍රශ්නයෙන් හාත්පසින්ම වෙනතකට අපිව අරන් යනවා, මනස වෙනතකට යොදවමින්... පසුබෑමම අනෙත් අන්තයේ අපන්නරය බවට පත් වෙනවා එතකොට....

    රවා ..ඔබේ අදහස් ටික ඉතාම වටිනවා යාලුවේ.... එය ඉතා හොඳ ඌණ පූරනයක් කලා මේ ලිපියට... මනස ගැන ඔබ ලියූ දේ ගැන අපිට බොහෝ සේ සිතිය හැකියි... එහි විවිධත්වය වගේම එකිනෙකාට අනන්‍ය වූ ප්‍රතික්‍රියා ස්වභාවය විසින් මෙහෙයවනවා සිදුවීමක ගමන් දිශාව..ස්තූතියි..ඉතාමත් ස්තූතියි ඔබේ අදහස් වලට.... වෙහෙස මහන්සි වී පොතක උපුටනයක් දැක්වූවාට.....

    ReplyDelete
  13. ඔබ පොස්ට් එක නැවත ඉදිරිපත් කරපු එක ගැන මගෙ කිසි පැහැදිමක් නැහැ.. එ අත්දැකිම් කාගෙද,... කවුද එවා වින්දෙ... කියන එක ප්‍රශ්නයක් නොවෙයි.. කාට හරි ඇවිල්ලා මෙතන සටහනක් දාලා යන්න පුළුවන් ඔබව හැල්ලු වන අන්දමට.. නමුත් ඔබ එතනදි එයට මුහුන දෙන විදියට ඔබගෙ හදවතෙ ඇති සුන්දරත්වය ලොව දකිනවා.. එයටයි අපි ගෞරවය කරන්නෙ, ආදරෙ කරන්නෙ..., ඔබගෙ හදවතෙ ඉන්නා විරවරියව මම දුටුවා.. ඔබගෙ හදවතෙ ඉන්නා බියගුල්ලියවත් මම දුටුවා.. මතක තියාගන්න රංඩුවකදි, සර්පයෙකු මගින්, අනතුරකදි මෙ හැම අවස්තාවකදිම මනුස්සයෙකු මිය යැමට ගොඩාක් දුරට හෙතු වෙන්නෙ..බිය..බය වෙන්න එපා කෙනෙක් තුවාල කරන්න පිහියක් අරන් එද්දි හොදට බලන්න එයා පිහිය අල්ලන් එන විදිය..

    ReplyDelete
  14. සමනලී... මට හිතෙනව ගැහැනුන්ගේ ඒ ශක්තිය වැඩිද කියලත් ... අම්මෝ..දුකා, රවා,රොෂාන් etc...කස්ටිය අපිව පන්නයිද දන්නෙ නැහැ... හී...
    ඔව් සමනලී..ජීවිතයේ පුරාම මාත් මෙය අත් විඳ තිබෙනවා.. හැබයි මම ගොඩක් විඳල තියෙන්නේ , ආවේගයකට පසු කඩා වැටෙන, කලකිරෙන stage එකේදි මම නොහිතූ විදියට ශක්තිමත් වෙලා මුහුණ දෙන එකයි.. ආවේග ක්‍රියාත්මක වෙද්දි නම් මේ ජීවිතේ මල් කියන්නෙ ..කෙලින්ම ගිනි කන්දක් ... හී හී

    නදී... processor එක වැඩියෙන් රත් වුනොත් නම් පිච්චෙනව..නැද්ද?

    දුකා අයියා.... හරියට හරි.... පිපිරීම නම් වෙනව... ඇතුල් හිතත් පිපිරෙනවා. කඩන් වැටෙන්නෙ නැති උනාට... ඉන් පස්සෙ මහා සන්සුන් කමක් එක්ක ශක්තියක් එනව පුදුමාකාර විදියට දරා ගන්න... ම්ම්ම්ම්... දරුණු හානියක් උනහම, අපිට දන් හිතෙනකොට ඇඟ කිලිපොලා යනව නේද? ඒත් ඒකට මුහුන දුන්නු වෙලාවෙ නම් අපි යක්කු වගේ කඳුලක් උනත් නොහෙලා ඊට මුහුන දීල ඇති නේද?

    ඉන්දි
    බූට් විතරක් නෙමෙයි..සමහට ඊටත් වඩා කඩා වැටීම්, අහිමි වීම්, අසරණ වීම් ජීවිතේ තියනව. අත්දැකීමක් එක්ක අන්තවාදී නොවී , සිදුවූ දේ ගැඹුරින් හිතන්න අපි හැමෝටම පුලුවන් නම්..ගොඩාක් වටිනව ...

    රවා... ඔයා අදහස් කල හිත මා ‍රැකගත යුතුයි..මා වෙනුවෙන්..බොහෝ දෙනා වෙනුවෙන්... රූපය... ඔව්..මට වැටහෙනව... කැතකින් විනිස්මුක්ත ලස්සනක් මවන්න කාටවත් බැහැ. ඔබැ අදහස් ගොඩාක් ගැඹුරුයි... ස්තූතියි...

    ReplyDelete
  15. "සමනලී... මට හිතෙනව ගැහැනුන්ගේ ඒ ශක්තිය වැඩිද කියලත් ... අම්මෝ..දුකා, රවා,රොෂාන් etc...කස්ටිය අපිව පන්නයිද දන්නෙ නැහැ... හී... "
    ඒක ඇත්ත මිස්. කවුරු මොනවා කිව්වත් ගැහැණු අයගේ දරාගැනීමේ හැකියාව පිරිමි අයගේ දරාගැනීමේ හැකියාවට වඩා වැඩියි. ඒක තමයි ඒ අයට මව් පදවිය වගේ උතුම් පදවියක් ලබන්න හැකි වෙලා තියෙන්නෙ..

    ReplyDelete
  16. රවා..
    ඇත්ත.... යම් යම් අත්දැකීම් මා දිගහලේ වීරයෙක් මෙන්.. ඒත් මා බියගුල්ලියක වීමට තීරණය කලා.. මා වෙනුවෙන්..බොහෝ දෙනා වෙනුවෙන්.. එයට, මා මෙහි වටිනා ප්‍රතිචාර සටහන් කල ඔබ ඇතුලු සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා..අවංකවම.. එය මට කරන්නට සිදු වූවා... මා බියයි..ඔව්... බියයි... ගින්නක් බුර බුරා ඇවිලෙන කල, ‍රැකවරණ පතා බොහෝ දැඟලීමෙන්,දස අත දිව යාමෙන් ගිනි ඇවිලෙන ප්‍රමාණය වැඩියි..දැවෙන ප්‍රමානයත් වැඩියි. යම් කලක් කරබා හිස බා නිහඬව සිටීම තුලත් ලොකු විභවයක් නිර්මාණය වෙනවා.. එය ට කාලයයි මේ...ඒ විභවය හොඳ දිශාවකට මුදා හැරේවි.....

    ReplyDelete
  17. රොෂාන්
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් ...ඒක නම් ඇත්ත.... එය පිලිගැනීම ගැන මගේ ආචාරය..!

    ReplyDelete
  18. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් ...ඒක නම් ඇත්ත.... එය පිලිගැනීම ගැන මගේ ආචාරය..!
    හික්ස්..
    පිළිගන්න ඕන දේ (හරි දේ/ ඇත්ත ) පිළිගන්න එපැයි මිස්..

    ලිපිය සංශෝධනය කළ එක හොඳයි

    ReplyDelete
  19. මට හිතෙනව ගැහැනුන්ගේ ඒ ශක්තිය වැඩිද කියලත් ... අම්මෝ..දුකා, රවා,රොෂාන් etc...කස්ටිය අපිව පන්නයිද දන්නෙ නැහැ... හී... "

    මම බිගුවගෙ බ්ලොග් එකෙදි අනුරාධ මල්ලිත් එක්ක කතා කෙරුවා ඔය සම්බන්දව.. මම හිතන හැටියට ගැහැණියගෙ ලස්සනත්, පිරිමියගෙ ශක්තියයි දෙක එකතු වෙලා තමයි මෙ ලොකෙ මෙච්චර ලස්සන වෙන්නෙ.. එක නිසා මම කැමති නැහැ ගැහැනිය ශක්තිමත් කියලා පිරිමියා ලස්සනයි කියනවට, එක මගෙ පුද්ගලික හැගිම. ගොඩක් අය මෙ සම්බන්දව තර්ක කරන්නෙ හැගීම් උඩ..
    මතක තියාගන්න ජිවිතෙ මල්.... මිට මාස 4 කට විතර කලින් හිටපු ජිවිතෙ මල් කියන පුංචි ප්‍රාණියව මම දැක්කෙ මිට වඩා වෙනස් කෙනෙක් විදියට. අපි රඟපාන්න ඉගෙනගන්නෙත් වෙදිකාවෙ, මිනිස්සුන්ගෙ මුහුණෙ තියන හැගිම් දැකලා.. අපි සටන් කරන්න ඉගෙන ගන්නෙත් තවත් කෙනෙක් එක්ක සටන් කරලා..ඔයා ඔයගෙ වෘත්තිය ජිවිතෙදි බොහොම සක්‍රිය කෙනෙකු වශයෙන් මා දැක්කා. නමුත් අධ්‍යාත්මික ජිවිතෙදි ඔබෙ හිතට තවත් කෙනෙකුට ඇතුලට රිංගා තුවාල කල හැකි තැන් දෙක තුනක් ඔබෙ බ්ලොග් පොස්ට් කිපයකදි දැක්කා. කෙසෙ නමුත් අපි විවිධාකාර මිනිස්සුනෙ.. අපි අපෙ විවිධත්වය පිළිගතයුතුයි..

    ReplyDelete
  20. @රවා..
    රවා අයියේ.. මම නම් ඔන්න ශක්තිය ගැන ඔයාත් එක්ක කතා කරන්න එන්නෙ නෑ.. මොකද අපි කියන දේ / හිතන දේ අපිට සාපේක්ෂයි..

    ReplyDelete
  21. රවා
    ඔබට පිලිතුරක් ලියන්න පමා උනා.
    පිරිමිය සහ ගැහැනිය තුල ලස්සන සහ ශක්තිය විවිධ අනුපාත වලින් තියනවා කියලයි මම හිතන්නේ. ඒත් සමාජ සම්මත සහ කු‍ටුම්භය කියන දේ පැවැත්ම තීරණය වන සාධකයක් තමයි මේ ශක්තිය සහ ලස්සන ගැහැනිය , බෙදා හදා ගන්නා විදිය. ලස්සන පිරිමියෙක් යනු විහිලුවක්, බොලඳ කම පිරිමියෙකු ලෝකය ඉදිරියේ බෙදා ගත යුතුද? ගැහැනිය තුල රළු දැඩි ගති තියෙන කොට අපි කියනවා "පිරිමියෙක් වගේ" කියල..

    ඒත් රවා ඔබ මා කී දේ වරදවා වටහා ගෙන තියනවා. මම ශක්තිය කියන්නේ දැඩි කම නෙමෙයි. දරා ගැනීමේ හැකියාව. පිරිමියෙක් රළු උනාට , අමාරු අවස්ථා වලදී දරා ගැනීම අඩු සිද්දීන් මම දැක තිබෙනවා.. මගේ කතා වලට ගොඩක් කතා නායිකාවෝ ඉන්නේ මට ගොඩාක් ලං වී දුක කියන කතා නායකයන්ට වඩා නායිකාවන් වැඩි නිසා. එයයි මා අදහස් කලේ.

    ජීවිතේ මල්... කියන්නේ චරිතයක් වශයෙන් සංවේදී කෙනෙක්. මගේ ඇතුලාන්තය ගැනම මමම ප්‍රශ්න කරන , ඒත් ලෝකය දිහා විවෘතව බලන. මේ ඉතා කුඩා පැහැදිලි කිරීමක් විතරයි. විවිධාකාර මිනිස්සු අතරේ මාත් එක් ප්‍රාණියෙක් විතරයි...

    මා මෙසේ ලියන අරමුණ , මගේ දුක පහ කිරීම නම් නෙමෙයි. මා දකින දේ, මා සිතන දේ යම් පමණකට සමාජය තුලට ප්‍රේරණය කිරීමෙන් මා යම් පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා.. එයින් සසල වන එක් කෙනෙකු හෝ ජීවිතයට බිඳක් එක් කර ගනීවි යයි කියා. .. මම ඒ අරමුණ තුල ‍රැ‍ඳෙන්න කැමතියි.

    මිනිසුන් විවිධයි රවා. කිසිවකු කියන කරන කිසිම දෙයක් "හරි" "වැරදි' වශයෙන් ගොඩවල් ගසන්නට බැහැ. ඒ නිසා අන් අයගේ දේ මම විවේචනයක් නැහැ. නමුත් මම මා තුලට එබී හැම තිස්සෙම උත්තර හොයනව මා කල දේ "සුදුසුද"? කියා... "හරිද?" , "වැරදිද?" නෙමෙයි....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->