ගීතය
Showing posts with label මා පෙම් බැඳි ගීයක් ගැන. Show all posts
Showing posts with label මා පෙම් බැඳි ගීයක් ගැන. Show all posts
Saturday, May 21, 2016
[331] අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු, කවදද දෙදණ නමන්නේ ?
ගීතය
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
මා පෙම් බැඳි ගීයක් ගැන
Tuesday, May 17, 2016
[330] මල් පිපිලා.. සාදු කියන්න මැණිකේ...
මල් පිපිලා
එදා වගෙම , බලන්න මැණිකේ
බමරු ඇදෙනවා
සුලඟට සතර දිගන්තේ
තරහ නොගෙන
සාදු සාදු කියන්න මැණිකේ
එදා අපට
පෙම්වත් සඳ , අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී
ගියමග , මෙදා උන් බැඳී
යන සඳ
තරහ නොගන්ටයි
කෝඩුකාර
පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
එදා අපෙ හීන
මාලිග මෙදා උන් තනා ගත් සඳ
තරහ නොගන්ටයි...
මැණිකේ..
බලන්න මේ පන්සල් බිමට ඇදෙන පියගැට පෙළ දිගට තියන මල් ... එදා වගෙම අදත් මල් පිපී කොයිතරම්
සුන්දරද ? සුලං සමග දසත ඇදෙන සුවඳ සොයාගෙන , අර බලන්න බඹරු එන ලස්සන ! එපා මැණිකේ ඉරිසියා
කරන්නට, එපා තරහා ගන්නට. අපටත් තිබුනා නොවැ ඔහොම කාලයක් ! 'සාදු සාදු' කියා පිපෙන මල් වලටත් මල් රොන් ගන්නට එන බඹරුන්ටත් සෙත්
පතන්න සොඳුරිය ...
මතකද ,
අප කොයි තරම් සඳ පහන
යට හිඳ පෙම් බස් දෙඩුවාද? දැන් ඉතින් අප මහලුයි. සඳ
නම් තාම තරුණයි , ඒ එදා සඳමයි. බලන්න හඳ මෝරන ලස්සන !
ඒ සඳ පහන යට පෙම්බස් දොඩන තරුණ දූ පුතුන්
දිහා එපා වපරැහින් බලන්න ඔහොම. එදා අප අත්
පටලගෙන ආදරයෙන් ඇවිද ගිය පෙම් මග, අද අපේ දූ දරුවන් ඇවිද යනු ඇති. එපා රෝස පරොස්
වන්නට. දයාවෙන් උන් දකින්න මැණිකේ, අමනාප ගන්නට එපා මා සොඳුරිය ....
සුරතල්
පෙම් බස් , කෙලි කවට සිනා දඟ කම් දැන් අයිති ඔවුන්ගේ
ලෝකයටයි. මැණිකේ අපි දැන් වයසයි... රාත්‍රිය ඔවුන්ටයි. මේ අපේ දූ දරුවන් පෙම් කරන
යුගයයි. මැණිකේ ඇත්ත අපිටත් තිබ්බා ලස්සන හීන මාලිග, අපිත් දුටුවා ලොකු ලොකු හීන.
මට දුකයි , නුඹේ හැම හීනයක්ම මට සැබෑ කරන්නට බැරිවුනා , ඇත්තයි ... ඒත් අද අපේ
පොඩි එවුන්වත් ඒ හීන ඉටු කර ගත්තාවේ මැණිකේ.. උන් ඒ මාලිගා තනා ගත්තාවේ. තරහ
ගන්නෙපා , ඉරිසියා කරන්නත් එපා , අපි දැන් වයසයි සොදුරී.. අපි උන් දිහා
උපේක්ෂාවෙන් බලා ඉඳිමු. උන්ට සෙත් පතමු.
.....
එදා තමන් විඳි
ආලවන්ත යුග දිවියෙහි කඩ ඉම් පසු කොට දැන් ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ මහලු වියපත්
යුවලක් පන්සල් පියගැට පෙළක් හෙමි හෙමින් නගිනායුරු මගේ මනෝ පථයෙහි දර්ශනය වෙයි.
සිය වීයපත් ප්‍රියාදරියට , ඒ ගැන තරහ
නොගන්නැයි මහත් සෙනෙහෙන් ආලයෙන් වටහා දෙන මහලු ස්වාමියෙකු මට මැවී පෙනෙයි. ආලයෙන්
බැඳුනු සුවහසක් පෙම්වත් තරුණන් දෙස මහත් වූ උපේක්ෂාව, මුදිතාව පෙරදැරිව බලා සිටින
ඒ මහලු බෝසත් තාත්තා මේ කියන්නේ ජීවිතයේ යථාර්තය නොවේද ?
සුනිල්
එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ මේ දුලබ පද පෙලට මුසුව , මේ විනිවිද දකින්නේ ජීවිතයයි.
යථාර්තයයි.
ගීය ගයන්නේ : සුනිල් එදිරිසිංහ ( ගීය අහන්න )
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
මා පෙම් බැඳි ගීයක් ගැන
Sunday, January 03, 2016
[327] තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි
සිරස සුපර් ස්ටාර් බැලුවෙමි. අහම්බෙන් කණ වැකුනු මේ වටිනා ගීතය , මට බ්ලොග් එකක් ඇති බවද , එයට මොකුත් ලඟකදී නොලියූ බවද සිහිපත් කරන ලදී..
මේ නම් එසේ මෙසේ වචන ටිකක් නොවේ. සාමාන්‍ය සිතීමේ මානයෙන් එහා ගිය සිතුවිල්ලකි. සුනිල් ආරියරත්නයන්ට හැර වෙනෙකෙකුට නම් , මෙබඳු වචන වෙඩි උණ්ඩ බිහි කරන්ට නොහැක්කේය . මීට දශකයකට එහා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය පලුදු කල දරුණුතම ව්‍යසනයෙහි ලෙහෙසියෙන් නොසිතෙන පැතිකඩක් නොවේද මේ ?
උතුරේත් දකුනේත් වෛරය වපුරමින් , පවුල් ගණනාවකගේ ජීවිත පුරන් කරමින් ඔඩු දිවූ බිහිසුණු යුද්ධයෙන් අනාථ වූයේ ඔවුනොවුන්ගේ නෑ සිය මිතුරන් පමණක් නොවේ . මිය ගියේ තරුණ ජීවිත නොවේ , රටේ නිර්මාණශීලි තාරුණ්‍යයයි . අබ්බගාත වූයේ දහසක් කුටුම්භ අභිමුඛයෙහි දුර්මුඛ වූ අහිංසක ගැහැණුන්ගේ අනාගතයයි. ආදරයෙන් පරාජය වූ , ආදරයෙහි පිරිමි මුහුණත අතුරුදහන් කරන ලද , ආදරයට හද විවර කොටගෙන සිට දුර්මුඛ වූ දහසක් ගැහැණුන්ගේ ශෝකාලාපය , කෝපාවේගය ලිවීමට මෙයට වඩා වදන් නොමැත්තේය .
රටක ජීවනාලිය ළමා පරපුර යයි අපි උදම් අනමු. එම රටෙහි අනාගත ශක්තිය බිහි වන්නේ ඒ ළමා පරපුර උස්මහත් වූ කල්හිය. උස්මහත් වූ තරුණ තරුණියන් රට රකින්නට ගොස් වෙඩි කැවාහුය. අබ්බගාත වුවාහුය . අනාත හා අවතැන් වුවාහුය . ඉතිරි අවූවන්ගෙන් අඩක් සුනාමියට බිලි වූවාහුය. තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ , ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ.
මේ සියලු අතෝරයන් දෙස බලා සිටිමින් වියපත් වන තාරුණ්‍යය සිහි කරමින් නොයිඳුල් තරුණියෝ දින දසුනට සාප කරති. දරු මුණුබුරන් සමග තනිවූ ගැහැණු පිරිමි රැකවරණයෙන් සිස් වූ නිවස්නෙහි සිය කනවැන්දුම් සුසුම් පා කර හරිති. උතුරේත් දකුණේත් තරුණන් මරා දැමූ පවුකාරයින් කවරහුද ?
ඒ 'තෙපි' නොවේද පවුකාරයිනි ????
ගීය ගයන්නේ : ප්‍රදීපා ධර්මදාස
ගිය ලිව්වේ : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගිය අහන්න
සොයා දියවු
සොයා දියවු මට සරණක්
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී උතුරේදී ,
මරදැමූයේ
තෙපි නොවේද පවු කාරයිනී
නීල වරල මතු වන නර කෙස් ගනිමි
බාල සුවඳ ආලේපන ගෙන උලමී
දෙතන එරෙන කිරි දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ - පවුකාරයිනි
මැලවෙයි නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
හදෙහි නැගෙන ගිනි , කඳුලින් ඉවසමි
තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි
මේ නම් එසේ මෙසේ වචන ටිකක් නොවේ. සාමාන්‍ය සිතීමේ මානයෙන් එහා ගිය සිතුවිල්ලකි. සුනිල් ආරියරත්නයන්ට හැර වෙනෙකෙකුට නම් , මෙබඳු වචන වෙඩි උණ්ඩ බිහි කරන්ට නොහැක්කේය . මීට දශකයකට එහා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය පලුදු කල දරුණුතම ව්‍යසනයෙහි ලෙහෙසියෙන් නොසිතෙන පැතිකඩක් නොවේද මේ ?
උතුරේත් දකුනේත් වෛරය වපුරමින් , පවුල් ගණනාවකගේ ජීවිත පුරන් කරමින් ඔඩු දිවූ බිහිසුණු යුද්ධයෙන් අනාථ වූයේ ඔවුනොවුන්ගේ නෑ සිය මිතුරන් පමණක් නොවේ . මිය ගියේ තරුණ ජීවිත නොවේ , රටේ නිර්මාණශීලි තාරුණ්‍යයයි . අබ්බගාත වූයේ දහසක් කුටුම්භ අභිමුඛයෙහි දුර්මුඛ වූ අහිංසක ගැහැණුන්ගේ අනාගතයයි. ආදරයෙන් පරාජය වූ , ආදරයෙහි පිරිමි මුහුණත අතුරුදහන් කරන ලද , ආදරයට හද විවර කොටගෙන සිට දුර්මුඛ වූ දහසක් ගැහැණුන්ගේ ශෝකාලාපය , කෝපාවේගය ලිවීමට මෙයට වඩා වදන් නොමැත්තේය .
රටක ජීවනාලිය ළමා පරපුර යයි අපි උදම් අනමු. එම රටෙහි අනාගත ශක්තිය බිහි වන්නේ ඒ ළමා පරපුර උස්මහත් වූ කල්හිය. උස්මහත් වූ තරුණ තරුණියන් රට රකින්නට ගොස් වෙඩි කැවාහුය. අබ්බගාත වුවාහුය . අනාත හා අවතැන් වුවාහුය . ඉතිරි අවූවන්ගෙන් අඩක් සුනාමියට බිලි වූවාහුය. තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ , ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ.
මේ සියලු අතෝරයන් දෙස බලා සිටිමින් වියපත් වන තාරුණ්‍යය සිහි කරමින් නොයිඳුල් තරුණියෝ දින දසුනට සාප කරති. දරු මුණුබුරන් සමග තනිවූ ගැහැණු පිරිමි රැකවරණයෙන් සිස් වූ නිවස්නෙහි සිය කනවැන්දුම් සුසුම් පා කර හරිති. උතුරේත් දකුණේත් තරුණන් මරා දැමූ පවුකාරයින් කවරහුද ?
ඒ 'තෙපි' නොවේද පවුකාරයිනි ????
ගීය ගයන්නේ : ප්‍රදීපා ධර්මදාස
ගිය ලිව්වේ : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගිය අහන්න
මේ ගැනයි මේ ලිපිය..
මා පෙම් බැඳි ගීයක් ගැන
Wednesday, October 21, 2015
[322] කඳුළු පාරුවකින් එතෙර වෙමි
රතු අහස සිය
තිමිර සලු පොරවාගෙන නින්දට හරි බරි ගැසෙන සන්ධ්‍යාවයි. ඈත ගම් දනවු වල කැදලි සොයා පියාඹන කිරල . වවුල් සහ කාක නාදය අහස වසා වෙලා
ගනිද්දී ගං ඉවුර පමණක් නිසංසලය . කණට ඇහෙන නෑහෙන ගානට ගඟබඩ නිසංසලය බිඳ දමා
කැලැත්තෙන කුඩා ජල තරඟ සමග හැප්පෙන පාලම් පාරුවක් ගඟ ඉවුරේ නතරව සිටී . එහි
කොණෙක ඇණ බා හිඳ ගෙන , ලහි ලහියේ ගොඩ නැගෙන පාලම් බඳ දෙස මහලු තොටියකු හිස් බැල්මෙන් බලා සිටී.
මලානික ලන්තෑරුම්
එලියෙන් මඳ පමණට පලවා හරින අන්ධකාරය, මුළුමනින්ම දුරින් දුරු කොට දැවැන්ත නියෝන් බුබුලු වැල් පාලම් කණු වල නොබෝ දිනකින් එල්ලෙනු ඇත. ලන්තෑරුමට
, පාලම් පාරුවට සහ
තොටියාට සැඳෑ සමය එලඹ තිබේ . ගඟ දිය දෙබෑකොට අහස උසට පැන නැඟුනු කොන්ක්‍රීට්
කුලුනෙහි ලැග , අහස ගැබෙහි තරු සමග දොඩමලු වන්නට කුරුළු කොබෙයියන්ට නිනව් නැතුවා
සේය. ගඟ දියට නැමී ගත් තුරු අගිස්සක පැද්දෙමින්, සුළඟ ගහකොළ මෙන්ම පාරු පිහිටෙන්
එගොඩ මෙගොඩ වන ගම්බද සිරික්කි මුහුණු දකින්නට කුරුළු කොබෙයියන්ට වැඩි කල් ඉතිරිව
නැති සෙයකි. කොන්ක්‍රීට් දුහුවිල්ලෙන්
වෙහෙස පත් තොටියාගේ හැඬුමකට සමාන පාරු කවි ගී හඬ පාලම් මෝලේ කුලු ගෙඩි පහරින් දවස
තිස්සේ යටපත් වෙයි. ගහකොලටත් ගඟ ඉවුරටත් ඉසුඹුවක් ලැබෙන රාත්‍රිය දැන් නිහඬය .
කාලය විසින්
බොහෝ වෙනස් කම් ගහකොළ සතා සීපාවුන්ට පමණක් නොව මිනිසාටද සිදු කොට තිබේ. සොබාදහමේ
නියමයන්ට එකඟව හීන් සීරුවේ ඇදෙන පාරුවක මන්දගාමී වේගය, හැල්මේ දුවන නූතන මිනිසුන්ට
නොගැලපීම අරුමයක් නොවේ . කාලය විසින් කොල පැහැය
උදුරා ගෙන අලු පාට කොන්ක්‍රීට් පැහැය ඒ ඒ තැන්හි පින්තාරු කොට තිබේ.
කිසිවෙකුත් එගොඩ මෙගොඩ
වන්නට තබා සුව දුක් අසන්නටවත් ගොඩ නොවෙන හුදකලා පාලම් පාරුව දිරාපත් වන වේගයටත් වඩා
වේගයෙන් , තොටියාගේ කුඩා ගෙපැලෙහි අඹු දරුවන්ගේ ජීවිත මහලු වෙයි. උන්ගේ බඩගින්න
දෙස බලා හිඳින්නට පාලම මතින් ජීවිතය සොයා දුවයන පුහුදුන් මිනිසුනට කාලය ඉතිරිව නැත.
ජීවිත කාලය පුරාවට තම මෙහෙය නිසි සේ ඉටු කළ ගෞරවාන්විත පුරවැසියෙකුට හිමි රතු
විල්ලුද පලස් ඔහුට හිමි නැත. සුසිනිඳු සේද සළු වෙනුවට ඒ දුප්පත් ගෙපැලෙහි අනියත හෙටක
සෝ සුසුම් පටල ජිවිතයට සිතල ගෙනෙනු ඇත.
මෙගොඩ සිට සුසුම් ලන්නන් අනල්පය. සොබා දහමෙහි හද
ගැස්මට අනුනාද වන තාලයට මහා පොළවෙහි ඇවිද යන්නට ඉවසීමක් ඇත්තේ එහෙමත් කෙනෙකුටය. එහෙයින්ම
එතෙර වන්නන් අල්පය. තොටියාණෙනි, ජීවිතය අද එක ඉවුරක නතරව ඇතද නුඹ එතෙරව සිටී.
කවුරුවත් නැහැ
- කවුරුවත් නැහැ
එගොඩට යන්නට -
එගොඩට යන්නට...
ඉරගල වැටිලා -
ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා -
පාරුව ඇතුලට
ලංතෑරුම කෝ
ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ
කවුරුවත් නැ...
දවසින් දවසම
පාලම හැදුනා
පාලම් මොලෙන්
හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ
කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න
ගිහින්...
කවුරුවත් නැ
කවුරුවත් නැ....
දෑතේ අතැගිලි
හබලට ගෙවුනා
ගෙනියන්නට
බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම
ගිය බර අද දවසේ
මට හිනැහීගෙන
යනවා රහසේ
කවුරුවත් නැ
කවුරුවත් නැ....
මේ ගැනයි මේ ලිපිය..
මා පෙම් බැඳි ගීයක් ගැන
Saturday, September 06, 2014
[311] සුදු ඇඳගත් සඳ
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට
ඒ ගං ඉවුරට ...
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද ?
එය මා දන්නේ නැත
නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට ..
සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි.
හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි. අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී.
එහෙත් , එක් දිනෙක,
සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද ? උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද? නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .
හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී. එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද?
'Love you' ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ, අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත.
'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න'
සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි. ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද?
' වහින්න වගේ නේද ? ඇයි ඒ ?' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය .
මෙදින පවසමි ,
සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.
නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය.
තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද? ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ.
සිතුම් සුලඟක ඇමිණී
හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ...
රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු රැසින් මත් විනි
මල් සර විතෙන් විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි ...
සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි
යලි අහසෙ සඳ උපනි..
මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....
සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....
වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද?
අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද ? වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත.
බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත !
අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය.
ප.ලි
සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය.
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
මා පෙම් බැඳි ගීයක් ගැන
Tuesday, August 20, 2013
[294] එය ආදරයක්ද?
ආදරය කරන දෙන්නෙක් නම් එක්කෙනෙක් අනෙකාගෙන් ආදරේදැයි ඇසිය යුතුවේ. ඊට අනෙකා කැමැති නම් පමණක් සම්බන්ධයක් හට ගනී. ඒ සම්බන්ධයෙහි මූලික කරුණ නම් දෙන්නාට දෙන්නා ආදරෙන් විස්වාසයෙන් කල් ගෙවීමයි. ලියුම් (දැන් කාලේ නම් එස් එම් එස් හා ඊමේල්) හුවමාරු වීමයි. ඔයා කෑවාද බීවාද ඇසීමයි.
මේ අපි මීට වසර දහ දොළහකට පෙර ආලය නිර්වචන කළ අයුරු නොවේද?
කාලය බොහෝ වෙනස් වී තිබේ. බොහෝ කුනු කහළ ගොඩවල් පිරී නොතිබූ හිස් මනස තුල සහ ජීවත් වූ සීමිත ලෝකයක අපට ආලය මෙපමනක්මැයිහැඟීම අරුමයක් නොවේ.
ආදරය කෙසේ වෙතුදු, බැඳීම් නම් පුදුමාකර වග, ඇසුරු කරන නේක විධ මිනිසුන්ගේ ජීවිත වෙත එබී බැලීමේදී විෂය වෙයි.
"එයාටයි මටයි ආදරේ කියලා ගිවිස ගත්තු දෙයක් තිබ්බෙ නැහැ. ඒත් අපි දෙන්නාට අපි දෙන්නා නැතිව බැරි ගතියක් දැනෙන්නට වුනා. දැක්කෙ නැති උනාට , කතා කලේ නැති උනාට මතක් වෙද්දී, හිත හිර වෙලා වගෙ හුස්ම ගන්න අමාරුයි වගෙ තවමත් දැනෙනවා. "
හිතවතුනි ආදරයේ සෙවණැලිද තිබෙන , විටෙක කොහෙත්ම ආදරයක් නොවෙතැයි සිතෙන ඒ අන්දරයට මා දෙන නම කුමක්ද?
"මම එයාගෙන් ඈතට වෙල පුලුවන් තරම් හිටියා. ඒත් එයා අතෑරියෙ නැහැ. මම අවනත වෙනකල්ම හිත ඇදගන්න කතා බහ, කවි ජීවිතේ පිරෙන්නට වුනා. . මටත් නොදැනීම මගෙ හැඟීම් ටික ටික එයාට අවනත වෙන හැටි මට දැනුනා. ටික ටික එයාගෙ බලපෑම් වලට මම ලං වුනා. කාලය ඉගිලුනා. කාලයත් එක්ක අපි ගොඩක් ලං වෙද්දි එයාගේ හිතේ තියන ආදරනීය ගතිය යට යන්නත් හැඩි දැඩි පිරිමි උවමනාවල් මතු වෙන්නත් ගත්තේ මගේ බලාපොරොත්තු සුන් කරමින්. ඒ එක්කම මම සෑහෙන්න අන්ද මන්ද උනා. මේ මොකක්ද ? ආදරයද ? එහෙම නැති නම් එයාගේ ජීවිතේ තියෙන්නේ කායික උවමනාවල් විතරක්ද? හැමදාමත් එයා කිව්වෙ ඔයා හොඳ කෙනෙක්ව බඳින්න ඕනි කියන එක. එතකොට මම රණ්ඩු කලා , ඇයි ඔයා මට ආදරේ නැද්ද කියලා. 'මගුලක් අහනවා. තමුසෙ මහ ඊරියෙක් ඕයි" හැමදාමත් එහෙම කතාව ඉවර වුනා. ඉතින් මට තවත් මේ වික්ෂිප්තය දරන්න බැරි නිසා මම ඈතට ගියා."
හිතවතුනි . මට කියන්න , මේ බැඳුමට ආදරය හෝ වෙනත් නමක් මට දිය හැකිද හිතට එකඟව ?
"මම එයාට ආදරේද නැද්ද කියන්න මම දන්නෑ. ඒත් මට එයා මතක් වෙන ගානේ දුකයි. මොකක්දෝ ඈතට යන්න බැරි ගතියක් හිතට දැනෙන්නේ මහ වේදනාවක් එක්ක. මතක් වෙද්දි ඇඬෙනවා. ඒත් කායික ආකර්ෂණයක් තියා අතින් අල්ලනවත් උවමනාවක් මට දැනෙන්නෙ නැහැ. එයාටත් එහෙමමයි. අපි දෙන්න දකින වෙලාවක් ඇතිනම් කරන්නේ අඬන එක. ඒත් අපිටම ඒකෙ තේරුම කියගන්න තේරෙන්නෙ නැහැ. අදටත් මට ඒ උගුර හිරකරන හැඟීම දැනෙනවා. ඇයි කියන්න දන්නෙ නැහැ."
ආදරය කායික බැඳීමකින් තොරව දුර යා නොහැකැයි සිතන මනසකට මේ කතාන්තරය පෙනෙන්නේ නිකම් හිතේ ඇතිවූ මුලාවක් ලෙසින් විය හැකිය. එහෙත් ඉන් දැනෙන වේදනාව කෙතෙක්දැයි දන්නේ හැඟීම් පාරන මෙබඳු ආකර්ෂණයක් විඳ ඇත්නම් පමනි. හිතවතුනි මා එයට ආදරයකැයි කීවාට වරදක් නැතිද?
"මට එයා ගැන මොකුත්ම ආදරයක් බැඳීමක් තිබ්බෙ නැහැ. ඒක විවිධත්වයක් හොයා යාමේ ආසාවක් විතරයි. ඇත්තටම එයා මගෙ ෆැන්ටසියකවත් එයින් පස්සෙ නැහැ. එයාටත් එහෙමයි. ඒක ඇත්තටම හිරවෙලා ගෙවිච්චි එකාකාරී ජීවිත වලින් මිදෙන්න හොයා ගත්තු කාටවත් හානියක් නැති පුංචි උත්තරයක්ම විතරමයි. අද මම එයා කොහෙද කියලවත් දන්නෙ නැහැ."
පින්වතුනි. මේ පුන් පොහෝ දින මා මේ උධෘතයෙහි අගය ධන හෝ සෘණ කිසිදු අගයකට නතු කල නොහේ. කවදා කොතැන කාට වැරදුනිද? සාධාරණත්වයක් ඇතැයි හැඟෙන ඇතැම් මොහොතක , වැරදී ඇත්තේ අපටදැයි සැක සිතෙන තරමටම ආදරයකින් තොර බැඳීම් නමැති උභතෝකෝටිකයෙන් සිත ආකූල වෙයි.
ඉකිගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන..... මගේම ආදරයක් තිබුනා.....
හීනෙන් හිනැහි තුන්යම මා රවටා
හීනෙන් හිනැහි තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කළුවරෙම යලි සොයනා
මට මගේ නොවන ..... මගේම ආදරයක් තිබුනා.....
රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කදුළු වගුරුවනා
මට මගේ නොවන...... මගේම ආදරයක් තිබුනා.....
බැඳීම් දුකකි. මානසික බැඳුම් එයිනුත් භයානකම දුකය. කායික බැඳුමකින් කෙළවර වී එකිනෙකාගෙන් කෘත පූර්වකව සමුගැනීමේ සදාචාරය හෝ සාධාරණත්වය කතා කිරීම මට අයිති දෙයක් නොවේ. එහෙත් ආදරයම යැයි වචනෙන් කියා ගත නොහැකි , රෑ නින්දෙන් සිහිවෙන , උපදිද්දී මිය යද්දී දහස් වර හමූවූවාට හෝ නොලැබුනාට පසු තැවෙන වේදනාකාරී බැඳුම් රැසක මතක අප කාගේත් සිත් අස්සේ තවමත් නිදා නොනිදා සැරිසරන බව නොරහසකි.
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්
මෙලොව හැරයා නොහැකි බැඳුමක් නැත්තේය. ජීවිතයේ මේ මොහොතෙන් එපිට මතු යම් මොහොතක යා යුත්තේමය. එහෙත් වචනයෙන් කිසිදා කියා නිම කළ නොහැකි හැඟුම් සමුදායක් සමග දිවා රෑ , යන එක කොතැනත් ගනුදෙනු කරන මතකයන් සුවයකට වඩා වේදනා සහගතම වෙයි. මතකයෙන් නොයන්නේ එබඳුම වූ සාංසාරික වශයෙන් ඉවර නොවූ ගනුදෙනු යැයි සිතෙයි.
ජීවිතය සමග පොර බැදිය යුතු නොවේ. ජීවිතයට යා යුතු ඕනෑම මගක යන්නට දී නිහඬ විය හැකි නොවෙයි. එහෙත් මතකයත් සමග ආකූල නොවී ජීවත් වනු උදෙසා , මරණයත් සමගද සිනහා විය හැක්කේය. මතකය්න් ලුහුබැඳ එද්දී පලා යනු වෙනුවට සඳට වෙඩි තබා මරණයත් සමග සිනහා විය හැකි වේනම් ... සියලු බැඳුම් අතැර වන ගත නොවූ , හිපි හදවතකට තවමත් ගහකොළටත් මහපොළවටත් එයින් මතුකොට හදට දුන් සියලු රිදුම් කෙරෙහිත් පෙරලා ආලය කළ හැක්කේය.
ලුහුබඳින්න මා ..ලුහුබඳින්න
අවි තුඩකට බෑ මතකය නසන්න ..
රාත්‍රියට ඇහැ තියන්න
හඳට ඕන නැහැ ලියන්න
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
අඳුර එක්ක හිනා වෙන්න
කුරුල්ලෙකුට පියාඹන්න
ඕනැ වෙයිද කියා දෙන්න?
ඔබට ඕනේ මරණය නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
මිය යන විටදී හිනාවෙන්න
අවි තුඩකට බෑ මතකය නසන්න ..
රාත්‍රියට ඇහැ තියන්න
හඳට ඕන නැහැ ලියන්න
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
අඳුර එක්ක හිනා වෙන්න
කුරුල්ලෙකුට පියාඹන්න
ඕනැ වෙයිද කියා දෙන්න?
ඔබට ඕනේ මරණය නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
මිය යන විටදී හිනාවෙන්න
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
මා පෙම් බැඳි ගීයක් ගැන
Friday, June 14, 2013
[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි..
ආදරය ගැන මා ලියූ අටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දුටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ලියන්නන්ය. මට එය පිහිටා නැති සෙයකි. ඒ පිලිබඳව දුකකුත් නැති
ආදරයම හම ගැසූ මල් විය ඉක්ම යද්දී වෙනත් වෙනත් දෑ පිලිබඳ සිත් පහළ වෙයි.උදාහරණයක් කිවහොත් කුඩා බිලිඳුන් දකිද්දී වෙනදාට වඩා හද පැහැර ගනියි. ඊට හේතුව ජීවිතයේ එක් එක් යුගයන්හි අපේ ආධ්‍යාශයන් විය හැකිය. ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වෙද්දි අලුත් පිටුවක අලුත් කතන්දර ලියවෙයි. බිලිඳු මුහුණක් සමගම ලඟ ලඟ කාලයේ ලැබුනු සොඳුරු ඇසි දිසි මතක තවත් පෝස්‍ටුවක් ලියන්නට බල කර සිටියි
.කුඩා බිලිඳෙකු උපදින්නේ මවකගේ ගැබෙනි. එහෙත් පියවරු මුවින් නොබැණ ඉවසන දහදුක එසේ මෙසේ නොවේ. මවකගේ දුකෙහි, වේදනාවෙහි අවසාන ප්‍රතිපල ගලා බස්නා පහළම තැනත් තාත්තාය. හෙවත් අම්මාට තරහ යද්දී අම්මාට ඒ තරහ පිට කරන්නට ඉන්නේත් තාත්තාය. ඒ අවු අස්සේ ඒ තාත්තා දරු පැටියන්ට රජා වගේ ඉන්නත් ඕනේය. තාත්තාට ලොකු පවුලක් හදා වඩා ගැනීම එසේ මෙසේ බරක් නම් නොවේ.ඒ බරට උර දෙන මේ සොඳුරු තාත්තා දෙස විනාඩි 7ක් බලා සිටීම බොහෝ වටී.
බෙදා හදා ගත හැකි වටිනා කියන බොහෝ දෑ මෙන්ම , කුනු කරෝළ තරම් ගඳ ගසන අසීමිතව කුණු රසය දනවන ෆේස් බුක් අප්ඩේට්ස් අතරෙහි,මේ දුටු වීඩියෝව බෙදා හදා නොගැනීම තරම් නොවේ.
කුඩා බිලිඳෙකුගේ මුව පොඩිත්තක මැවෙන සිනහවට පොදු භාෂාවක් තිබේ.... අඬද්දී ඇඹුල් වන්නේ එකම ආරටය. කිරි බී බඩ පිරෙද්දී හිනා වෙන්න කොට බිලිඳු ඇස් වල තියෙන්නේ එක ආලෝකයකිනි. කුඩා බිලිඳියකගේ දෑස් වල අම්මාගේ සෙවණැලි වැතිර තිබෙයි. ආදරය උගත හැකි නම් , කුඩා දරුවෙකු දෙස බලා හිඳීමම සෑහෙයි.
උපන්දා පටන් දරුවන් ගෙනෙන්නේ සතුටම නොවේ. කර දඬු උස් මහත් වෙද්දි මල් වාගේ උන් පොඩි එවුවන්ගේ හිත් ගස් ගල් වාගේ වෙන්නට ගනී. එතෙක් වෙර විරියෙන් හදා වඩා , දිදුලන පහනකට උපමා කළ අපේ අම්මා , අපේ තාත්තාට මෙහෙම ගයන්නටත් ඇති.අපේ තාත්තාට අම්මෙකුත් , සිය ලේ මසින් හැදූ දරු කැලත ගැනත් සිය හදවතට මෙවන්ම හැඟුම් දැනෙන්නට ඇති.
ඇතැම් පවුල් සංස්ථාවන්හි අම්මා තාත්තා බැඳ තබන එකම හුය දරුවා පමණක්ම වී තිබෙයි. එහෙත් ඇතැම් පවුල් සංස්ථාවන් තුල දරුමල්ලන් නොමැතිවම වුවද සුන්දරත්වය රැඳී තිබෙයි.
දරු සිඟිත්තෙකුගේ කිරි සුවඳ ගැවසෙන ගෙබිම තුල මෙතෙක් කල් සිය පෙම්බරියව හුන් ඇය 'දරුවන්ගේ අම්මා' ලෙසින් අබිසෙස් ලබන්නීය. දරුවන්ගේ තාත්තා ට තවදුරටත් 'ඈ' ගැහැණියක පමණක් නොව තමාටද මවු විය හැකි තරම් උසස් තැනෙක බව දැනෙන්නේය. සිය දරුමල්ලන්ගේ සුව බර ජීවිතය වෙනුවෙන් වෙහෙසන තාත්තාගේ , අනාගත සිහින ඉටුකර දෙන්නී අම්මාය. ඇයට හිමි එබඳු තැන් හිදී ඈ වෙනුවෙන් මේ ගයන්නේ ආදරනීය තාත්තාය.
ආදරයට භාෂාවක් නැතිය. ආදරයට තාරුණ්‍යයෙන් ඔබ්බෙහි අනාගතයක් නැතැයි සිතීම නොවටී. ආදරය උපදින්නේ අන්‍යයන් දෙස බොහෝ ආදරයෙන් මෙතෙක් කල් බැලූ දෑසකමැයි සිතෙයි. අන්‍යයන් කෙරෙන් තමන් වෙනස් වන්නේ තමන් කිසිසේත් නොවටිනා නිසා යයි හීනමානයෙන් පෙලෙන්නවුන්ට ආදරය තමන් කොතෙක් වටිනා මිනිසෙකු බවට පත් කරනු ඇතැයි සිතන්නට මේ ඇසිදිරි රාමු තුනම සෑහෙයි.
ගීත දෙකම බෙදා හදාගෙන , සිය සිඟිති පැටවුනුත් පැටවුන්ගේ අම්මාත් කෙරෙහි මහත් හැඟුමෙන් යුතුව , ඒ පිලිබඳව ලියන්නැයි නිකමට වාගේ මතක් කළ වැම්පයර් තුමාට ස්තූතිය.......
ආදරයම හම ගැසූ මල් විය ඉක්ම යද්දී වෙනත් වෙනත් දෑ පිලිබඳ සිත් පහළ වෙයි.උදාහරණයක් කිවහොත් කුඩා බිලිඳුන් දකිද්දී වෙනදාට වඩා හද පැහැර ගනියි. ඊට හේතුව ජීවිතයේ එක් එක් යුගයන්හි අපේ ආධ්‍යාශයන් විය හැකිය. ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වෙද්දි අලුත් පිටුවක අලුත් කතන්දර ලියවෙයි. බිලිඳු මුහුණක් සමගම ලඟ ලඟ කාලයේ ලැබුනු සොඳුරු ඇසි දිසි මතක තවත් පෝස්‍ටුවක් ලියන්නට බල කර සිටියි
~'~
.කුඩා බිලිඳෙකු උපදින්නේ මවකගේ ගැබෙනි. එහෙත් පියවරු මුවින් නොබැණ ඉවසන දහදුක එසේ මෙසේ නොවේ. මවකගේ දුකෙහි, වේදනාවෙහි අවසාන ප්‍රතිපල ගලා බස්නා පහළම තැනත් තාත්තාය. හෙවත් අම්මාට තරහ යද්දී අම්මාට ඒ තරහ පිට කරන්නට ඉන්නේත් තාත්තාය. ඒ අවු අස්සේ ඒ තාත්තා දරු පැටියන්ට රජා වගේ ඉන්නත් ඕනේය. තාත්තාට ලොකු පවුලක් හදා වඩා ගැනීම එසේ මෙසේ බරක් නම් නොවේ.ඒ බරට උර දෙන මේ සොඳුරු තාත්තා දෙස විනාඩි 7ක් බලා සිටීම බොහෝ වටී.
බලන්න.........
බෙදා හදා ගත හැකි වටිනා කියන බොහෝ දෑ මෙන්ම , කුනු කරෝළ තරම් ගඳ ගසන අසීමිතව කුණු රසය දනවන ෆේස් බුක් අප්ඩේට්ස් අතරෙහි,මේ දුටු වීඩියෝව බෙදා හදා නොගැනීම තරම් නොවේ.
කුඩා බිලිඳෙකුගේ මුව පොඩිත්තක මැවෙන සිනහවට පොදු භාෂාවක් තිබේ.... අඬද්දී ඇඹුල් වන්නේ එකම ආරටය. කිරි බී බඩ පිරෙද්දී හිනා වෙන්න කොට බිලිඳු ඇස් වල තියෙන්නේ එක ආලෝකයකිනි. කුඩා බිලිඳියකගේ දෑස් වල අම්මාගේ සෙවණැලි වැතිර තිබෙයි. ආදරය උගත හැකි නම් , කුඩා දරුවෙකු දෙස බලා හිඳීමම සෑහෙයි.
උපන්දා පටන් දරුවන් ගෙනෙන්නේ සතුටම නොවේ. කර දඬු උස් මහත් වෙද්දි මල් වාගේ උන් පොඩි එවුවන්ගේ හිත් ගස් ගල් වාගේ වෙන්නට ගනී. එතෙක් වෙර විරියෙන් හදා වඩා , දිදුලන පහනකට උපමා කළ අපේ අම්මා , අපේ තාත්තාට මෙහෙම ගයන්නටත් ඇති.අපේ තාත්තාට අම්මෙකුත් , සිය ලේ මසින් හැදූ දරු කැලත ගැනත් සිය හදවතට මෙවන්ම හැඟුම් දැනෙන්නට ඇති.
විමනේ දිනිඳු මගේ
ඔබවේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ
ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ -තරුව ඔබය සදා
පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ
මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ගණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ -තරුව ඔබය සදා
ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නගන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ
ඇතැම් පවුල් සංස්ථාවන්හි අම්මා තාත්තා බැඳ තබන එකම හුය දරුවා පමණක්ම වී තිබෙයි. එහෙත් ඇතැම් පවුල් සංස්ථාවන් තුල දරුමල්ලන් නොමැතිවම වුවද සුන්දරත්වය රැඳී තිබෙයි.
දරු සිඟිත්තෙකුගේ කිරි සුවඳ ගැවසෙන ගෙබිම තුල මෙතෙක් කල් සිය පෙම්බරියව හුන් ඇය 'දරුවන්ගේ අම්මා' ලෙසින් අබිසෙස් ලබන්නීය. දරුවන්ගේ තාත්තා ට තවදුරටත් 'ඈ' ගැහැණියක පමණක් නොව තමාටද මවු විය හැකි තරම් උසස් තැනෙක බව දැනෙන්නේය. සිය දරුමල්ලන්ගේ සුව බර ජීවිතය වෙනුවෙන් වෙහෙසන තාත්තාගේ , අනාගත සිහින ඉටුකර දෙන්නී අම්මාය. ඇයට හිමි එබඳු තැන් හිදී ඈ වෙනුවෙන් මේ ගයන්නේ ආදරනීය තාත්තාය.
සඳ රේඛාවෙන් බසින ලියේ - නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා - විජයිඳු පායට වඩින ලියේ
බුදුගුණලකරින් , මංගල සුතුරින් පිරුවාණා කවි සිලෝ කියා
ආසිරිවාදය කළ මැන පුතු හට සරසවි දැහැනින් තිලක තියා
සුදම් සභාගේ මුල් පෙළ හිඳිනා හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහණේ සිරස තියා
ආදරයට භාෂාවක් නැතිය. ආදරයට තාරුණ්‍යයෙන් ඔබ්බෙහි අනාගතයක් නැතැයි සිතීම නොවටී. ආදරය උපදින්නේ අන්‍යයන් දෙස බොහෝ ආදරයෙන් මෙතෙක් කල් බැලූ දෑසකමැයි සිතෙයි. අන්‍යයන් කෙරෙන් තමන් වෙනස් වන්නේ තමන් කිසිසේත් නොවටිනා නිසා යයි හීනමානයෙන් පෙලෙන්නවුන්ට ආදරය තමන් කොතෙක් වටිනා මිනිසෙකු බවට පත් කරනු ඇතැයි සිතන්නට මේ ඇසිදිරි රාමු තුනම සෑහෙයි.
ගීත දෙකම බෙදා හදාගෙන , සිය සිඟිති පැටවුනුත් පැටවුන්ගේ අම්මාත් කෙරෙහි මහත් හැඟුමෙන් යුතුව , ඒ පිලිබඳව ලියන්නැයි නිකමට වාගේ මතක් කළ වැම්පයර් තුමාට ස්තූතිය.......
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
මා පෙම් බැඳි ගීයක් ගැන
Monday, May 20, 2013
[290] දයාබර මාලතී..
~ දයාබර මාලතී..
මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දුටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ?
ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට නම්. පොඩි එකී හරි ලස්සනයි, වෙලාවට අම්මාට වගෙ ලොකු කන් දෙකක් නැති වෙයි. (තවමත් මේ වගෙ කතා වලට ඉස්සර තරම්ම තරහ යනවද මාලතී?)
මගෙ චූටි දූත් දැන් වසයි. එයාගෙ අයිය ඊටත් වසයි. මම වගෙම තමයි. බලන්න මාලතී අපි වයසට ගිහින් නේද? මේ මැසෙජ් එකට උඩින් මට අපි දෙන්නගෙ චැට් හිස්ට්‍රිය පේනවා මාලතී. මෙයිට අවුරුදු 7කට උඩදි ලියපු අකුරු කියවනකොට මොකක්දෝ හුරු වගෙම නුහුරු ගතියක් දැනෙන්නෙ අපි කාලෙත් එක්ක වයසට ගිහින් නිසයි නේද ?
අනේ අනිච්චං මුහුණු පොතෙන් දවසක මුණ ගැහිච්චි නාදුනන , පස්සෙ මගේ හතර වෙනි පෙම්වතී වෙච්චි...අඩුවෙන් කතා කරන , වැඩියෙන් තරහ පෙන්නන මගෙ බකුසු පරණ පෙම්වතී...
පද්මී හරි හොඳ එකී. මේ චැට් විසික්කන්න කියන්නෙත් නැහැ. මාත් එක්කම කියවනවා වෙලාවකට. ඒත් මම හරි මාලතීගෙ මහත්තයා -ජගත් හරි අපෙ ගෑනුන්ට අතීතෙ ලඟ තියන් ඉන්න ඉඩ දෙන්නෙ නැහැ නේද මාලතී? පිරිමි එහෙමමයි. හරි ඉරිසියා කාරයින්...
අනේ අපිත් ආදරේ කලානේ මාලතී. අද මෙහෙම පෑනෙ මිතුරෙක් වගෙ මම ලියන්නෙ මගෙ හතර වෙනි පෙම්වතීටනේ මාලතී. ඒත් මට හරි සතුටුයි .. මගෙ අතින් ගිලිහිලා නුඹ වැටුනෙ ලස්සන සරුසාර තුරු ගොමුවකටනෙ මාලතී. මට හරි සැනසීමයි.. (පොඩ්ඩක් ඉරිසියයි).
මාත් හොඳින් මාලතී. ඒ කාලෙ දැක්ක සූටික්කන් ප්‍රේමයට වඩා ජීවිතේ හරි වෙනස් නේද මාලතී? පද්මියි පොඩි උන් දෙන්නයි එක්ක ඉන්න මේ හෙවණ මට හරි නිවනයි. ඔයාත් ඒ වගේම නිවනක් දකින එකට සතුටුයි මල් මාලතී..
ඕලු නෙලුම් මානෙල් මල් අස්සෙ , පිපිල හිටිය මාලතී ,අතීතෙට අපි ආදරේ නොකලට වෛර කරන්නෝනි නැහැනෙ නේද මාලතී..හතුරො නොවී දෙන්න දෙමාල්ලෝ එක්ක මෙහෙම ආයෙත් දකින්න ආසයි මාලතී.කැත හිතෙන් නෙවේ, නිවාඩු වෙලාවක පොඩි පැට්ටයි ජගතුයි එක්ක ඇවිත් යන්න මාලතී.
ප.ලි. මේ ගීතය ඔයාට (ඉස්සර) මගෙ වෙලා හිටිය - මාලතී....
~
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාලයේ වැලිතලාවේ
සබඳකම් සැඟවුනාවේ..
අතරමග සුණු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ...
ජය !
මීට ,
ඉස්සර ඔයාට ගොඩක් රිද්දුව
ඒත් දැන් තලත්තෑනි , හොඳ ,
නාරද
-------------------------------
පසු සටහන : ආලෙන් වෙලී සිට බිඳීම අනාදරයෙන් තොර බැඳීමක් වූ මෙලොව මා දන්නා එකම එක දෙ'යුවලටත් , එබඳු ආදරවන්තයින්ටත් පුදමි මේ ගීය (කරුණාරත්න දිවුල්ගනේ)
ගීය හඳුන්වා දුන් වැම්පයර් තුමාට විශේෂ ස්තූතිය :)
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
මා පෙම් බැඳි ගීයක් ගැන,
විරහව ද? විරවීම ද?
Saturday, February 09, 2013
[286] බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාව...
සෘජු දඟකාර බැල්මක්... දෙවියන්ගේ ප්‍රතිමාවක අඩු මොනවාද ?
ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. සංවරියකගේ අවිහිංසක බැල්මක් එක් ඉරිසියා ගිනි පුපුරකින් ගිනි කන්දක්වී හාත්පස දවාලිය හැකිය..
එකමිතියක් නැති ගැහැණියක හරියට බහුරූපේක්ෂකයක් වැනියයි මා කීවේ එහෙයිනි. ගැහැණියට ඇත්තේ ඩුවලිටියකි. පිරිමින්ගේ පෘතග්ජන හදවත් ඔකඳ වන්නේ අඳුරු , සොඳුරු , වියරු එමෙන්ම නුහුරු මේ කී විවිධ ගැහැණු අරුමැසියන් කෙරෙහිය.
මේ තරම් ප්‍රතිපත්ති විරහිත වෙනස්වන සුලු ගෑනු චරිත ඔක්කෝම එක පෙලට තබා වෙඩි තැබිය යුතු වන්නේ පිරිමි හිත් මේ තරම් අවතැන් කිරීමේ පාපයටය.
කිසිදු කමකට නැති බහුරූපේක්ෂකයක් පවා සොඳුරුකම නිසාවෙන් පිරිමි දෑතකින් ඉවත විසි නොවෙයි. සිත පුදුම කරන අරුම මෝස්තර අහිමි දුප්පත් පිරිමි ජනතාවට විටෙක එබීගත් වන දකින බහුරූ රටාව නෙතඳුනකි.
පිරිමි හිතට නම් මොකද? පතන්නට දෙවියන් දිවැසින් මැවූ ප්‍රතිමා ඇත්තේය. ඒ හොර හිතට ගොඩක් නිර්ණායක ඇත්තේය.
පිරිමි සිත් අවතැන් කොට , කවියන්ගේ රස සීමා අසරණ කරන , සැබෑ ගැහැණුන්ට සමාවක් කොහිද?
රතු නලඟන සිය ආලිංගනයෙන් සිහින මත ආලේප තවරයි. විටෙක අවිහිංසක සංවරියකද, සරාගී නලඟනකද , ඇවිලෙන කොටි දෙනකද , සෙනෙහෙබර මව් දෙවඟනකද පිරිමි සිතෙහි වරින් වර උද්දීපනය වන චිත්ත රූප තුල සිටිනු ඇත.
ගැහැණියකගේ සිතක පිරිමි වේශයක් මෙසේ රඟ දෙන්නේද? කිසියම් ගැහැණියක විසින් නොබියව එම චිත්ත රූපය දැක, වදන් මත ගලපා ගැහැණු හඬකින් පිරිමින් උදෙසා ගැයිය යුතු යැයි හිත කියයි.
බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාවට දෙවියන් දිවැසින් එබඳු පිරිමි ප්‍රතිමාවක්ද නෙලා දිය යුතු නොවේද?
~~
සුහදිනියේ සඟවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
පුන් සඳ එලියේ ඔබ නම් - සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා........
හීනෙන් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........
වාත්තු කර ඇති දේහ තලාවට - හේත්තු වෙන්න ද සෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට - සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කළ
අරුමැසියයි මෙලොවේ........
වීණා බඳ වට කැරකෙන වරලස - අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ - මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත - අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......
~~
මේ ගැනයි මේ ලිපිය..
මා පෙම් බැඳි ගීයක් ගැන
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->








